| ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka) | | ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka | |
| බුද්ධ ප්‍රතිමාවට තහනමක් ඉරානය පනවා නැතැයි එම රජය කියයි Feb 21st 2013, 06:36 2013 පෙබරවාරි 20 02.10 p.m
බුද්ධ ප්‍රතිමා අලෙවිය සහ ප්‍රදර්ශනය තහනම් කිරීමට ඉරාන රජය තීරණය කර ඇති බවට පළ වූ ජනමාධ්‍ය වාර්ථාවන් හී කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉරාන රජයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මෙවැනි වාර්ථා පළවීම පිළිබඳ තමා දැඩි ලෙස කණගාටුවට පත්වන බවත්, මෙම අසත්‍ය වාර්ථා තුළින් ලොව පුරා ජනතාව නොමග ගොස් ඇති බවත් ඉරාන රජයේ සංස්කෘතික දෙපාර්තමේන්තු කාර්යාලයේ ලේකම් සහීඩ් ජාබර් අන්සාරි මහතා ජනමාධ්‍ය වෙත අද (20) ප්‍රකාශ කළ බව ශ්‍රි ලංකාවේ ඉරාන තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. රේගු නීති උල්ලංඝනය කරමින් නීති විරෝධි ලෙස ඉරානයට ගෙන එන සංස්කෘතික හා පෞරාණික වටිනාකමින් යුක්ත බුදු පිළිම ඇතුළු පෞරාණික භාණ්ඩ අත්අඩංගුවට ගන්නා ලෙස පමණක් තමා නියෝග කළ බවත්, මෙම නියෝගය වැරැදි ලෙස ජනමාධ්‍ය ඔස්සේ වාර්ථා වී ඇති බවත් අන්සාරි මහතා අවධාරණය කර ඇත. කිසිදු ආගමකට එරෙහිව ඉරානය කිසිදාක කටයුතු නොකරන බවත් ඒ මහතා පවසයි.පැතුම් වික්‍රමරත්න
| |
| |
No comments:
Post a Comment