Wednesday, February 20, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): හලාල් වාර්තාව මසකින් කැබිනෙට්ටුවට

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
හලාල් වාර්තාව මසකින් කැබිනෙට්ටුවට
Feb 20th 2013, 08:41


හලාල් වාර්තාව මසකින් කැබිනෙට්ටුවට LAKBIMA NEWS PAPER 20/02/2013

HalaalLogoහලාල් ගැටලුව සම්බන්ධයෙන් ජමයිතුල්උලමා සංවිධානය සහ බොදුබල සේනා සංවිධානය මෙන්ම හලාල් ලාංඡනය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් හමුවී සාකච්ඡා කොට මාසයක් තුළ ඇමැති මණ්ඩලයට වාර්තාවක් සැපයීමට මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පක්ෂ නායක කමිටුව ඊයේ (19) තීරණය කර ඇත. සියලු පාර්ශ්ව කැඳවා වෙන් වෙන් වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ඇමැති මණ්ඩලය පත් කළ ආණ්ඩුවේ පක්ෂ නායක කමිටුව තීරණය කර තිබේ.
‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා මෙම කමිටුවේ සභාපති වන අතර ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක කමිටුව රැස්විණි. මෙම රැස්වීමට ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, ඩිව් ගුණසේකර, ඇමැතිවරුන් වන රිසාද් බදියුදින්, විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක, ඒ.එල්.එම්. අතාවුල්ලා, වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු සහභාගි වී ඇත.
මෙහිදී රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ හලාල් ප්‍රශ්නයෙන් ආගමික සහජීවනයට හානියක් වේ නම් ඒ ගැටුම නැවැත්වීමේ වගකීමක් මෙම කමිටුවට ඇති බවයි.
ඩිව් ගුණසේකර මහතා හලාල් ප්‍රශ්න ඇතිවූයේ කෙසේදැයි කළ විමසුමට පිළිතුරු දෙමින් ෆවුසි මහතා ප්‍රකාශ කර ඇත්තේ වසර 10ක සිට මෙරට හලාල් ක්‍රියාත්මක වූ බවයි. හලාල් සහතිකය නැතිනම් විදේශයන්ට භාණ්ඩ යැවීමට ව්‍යාපාරිකයන්ට නොහැකි බවත්, හලාල් ලාංඡනය සිංහල, දෙමළ ව්‍යාපාරිකයන් ලබාගතහොත් ඔවුන්ගේ භාණ්ඩ මුස්ලිම් ජනතාව ලබා ගන්නා බවත් ෆවුසි ඇමැතිවරයා කියා ඇත.
එහිදී ඇමැති විමල් වීරවංශ කියා ඇත්තේ, රට වැසියන් ඉවසීමෙන් මේ සංවේදී කාරණය දෙස බැලිය යුතු බවයි. එසේම හලාල් සහතිකය ලත් භාණ්ඩ මුස්ලිම් ජනතාව ලබා ගත්තද අනෙක් පැත්තෙන් ආගමික ප්‍රමිතීන් අන්‍යාගමිකයන් මත බලෙන් පැටවීම සාධාරණ නොවන බවද ඇමැතිවරයා පවසා ඇත.
උලමා සංවිධානය පිහිටුවා ඇති පනත යටතේ ඔවුනට ආගමික ලාංඡනයක් පාරිභෝගික භාණ්ඩවලට නිකුත් කිරීමේ නීතිමය බලයක් නැති බවද ඇමැතිවරයා කියා තිබේ. පාඨලි චම්පික රණවක මහතා හලාල් සහතිකය බලෙන් පැටවිය නොහැකි බවත් තීන්තවලට පවා හලාල් ගත යුතු තත්ත්වයක් උද්ගතව ඇති බවත් ප්‍රකාශ කර තිබේ. අනතුරුව අදහස් දැක්වූ රාවුෆ් හකීම් මහතා ඉතිහාසයේ සිට හලාල් සහතිකය තිබෙන නිසා මුස්ලිම් අපට රිදෙන ලෙස මේ ප්‍රශ්නය දෙස නොබලන්නැයි ඉල්ලීමක් කර තිබේ. ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා ඇත්තේ පාරිභෝගික අධිකාරියේ බලතල උලමා සංවිධානයට බලෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවයි. අවසානයේ සියලු පාර්ශ්ව කැඳවා මසක් තුළ මේ කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත.
ලසන්ත වීරකුලසූරිය
http://www.lakbima.lk/news/index.php

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment