Tuesday, April 30, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ආදරයේ උල්පත වූ අම්මා

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ආදරයේ උල්පත වූ අම්මා
Apr 30th 2013, 08:52

රක්‌ත වර්ණ රුධිර දහරාවෝ ශ්වේත වර්ණ ක්‌ෂීර දහරාවක්‌ බවට පත් වුණේ අප කෙරෙහි උනුන්ගේ හදවත් තුළ ඇති වුණා වූ සෙනෙහස හේතු කොට ගෙනමය. මේ මුළු විශ්වයම නිර්මාණය වී ඇත්තේද ඇගේ කිරිවල බල මහිමයෙන්මය. ඒ කිරි රසවත්ය. ඒ කිරි නැවුම්ය. එමතුද නොව ඒ කිරිවලින් වහනය වන්නේ ද නැවුම් වූ සුවඳක්‌මය. ඉදින්, කවර හෝ තැනැත්තෙකු ඒ කිරි සුවඳට පරිභව කිරීමට සැරසෙන්නේ නම්.........? නිසැකවම පැවසිය හැක. කුමක්‌ද ඒ ..........? ඒ අනෙකක්‌ නොව ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමය උපදින්නෙ........ " යන්නයි.


"වෙහෙරක්‌ වගේ පින් දුන් කෙනෙක්‌
දෙවොලක්‌ වගේ දුක්‌ ඇසූ කෙනෙක්‌
කුඹුරක්‌ වගේ බත් දුන් කෙනෙක්‌
වේ නම් ලොවේ........
නුඹයි අපෙ අම්මේ............."

කරුණාරත්න දිවුල්ගනේ නම්වන හෘද සංවේදී කලාකරුවාණන් විසින් අපූර්ව ලෙස ගයනු ලබන ඒ ගීයේ මිහිරියාව ඔබ මඳකට මුත් අත් විඳ තිබෙනවා ඇතැයි සිතමි. සැබැවින්ම, ඒ ගීය කොතරම් නම් හෘද සංවේදී වූ එකක්‌ද......? ඒ ගීතයේ ඇත්තාවූ මධුර මනෝහර හඬට ඔබ මොහොතකට මුත් සවන් යොමු කර බලන්න. සත්තකින්ම, ඒ ගීතය අප සවනත වැකෙද්දී අපේ අම්මලා පිළිබඳව අපූර්ව වූ සිත්තම් පෙළක්‌ අප දෙනෙත් ඉදිරිපිට මැවී මැවී පෙනෙනවා නොවේද? ඉදින් එසේනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඒ ගීතය වනාහී මවු ගුණයේ අසිරිය අපූර්ව ලෙස චිත්‍රණය කළ එකක්‌මැයි කීම කෙලෙසක නම් අතිශයෝක්‌තියක්‌ වේවිද......?

අම්මා යනු කවුරුන්ද...? සැබැවින්ම අම්මා යනු ආදරයේ උල්පතම නොවේද? ආදරයේ උල්පත වූ අම්මා යෑයි සඳහන් කරමින් ගීපද රචකයෝ ගීත ලියා ඇත්තේ යම් අර්ථයක්‌ සහ අරමුණක්‌ද පෙරදැරි කරගෙනමය. දසමසක්‌ අපිව කුස තුළ හොවාගෙන අම්මාවරු මොනතරම් නම් දුක්‌ වේදනා කන්දරාවක්‌ උසුලන්නට ඇත්ද? අම්මාවරු ඒ සා විසල් දුක්‌ වේදනා කන්දරාවක්‌ ඉසිලුවේ අපි වෙනුවෙන්මය. කොපමණ වේදනාකාරී වුවද කොපමණ කටුක වුවද ඒ සියලු වේදනාකාරී සහ කටුක අත්දැකීම් ගැන ඇබින්දකුදු මුවින් නොබැන ඉවසා වදාරාගෙන සිටියේද අපි වෙනුවෙන් නොවේද. අප ඇගේ කුස තුළ වැඩෙද්දී තරහා සහගත සිතුවිල්ලක්‌ සිතට පැන නැගුණහොත් එය ඉතා ආයාසයෙන් යට පත් කර ගැනීමට ඕ කටයුතු කළාය. ඇත්තෙන්ම ඇය එම වකවානුව තුළදී පය උස්‌සා හයියෙන් අඩියක්‌වත් නොතැබුවාය. එමතුද නොව දළදා මාලිගාවට ගොස්‌ මල් පහන් පූජාකොට ඉනුත් නොනැවතී පන්සලේ බෝ මැඬටද ගොස්‌ පිහිටාශිර්වාදය ලබා ගන්නට ඇත්තේ හෙට දින මෙලොව එළිය දකින්නට පෙරුම් පුරන්නාවු අපි ගැන සුබ සිහින දකිමින්ම විය නොහැකිද?

"ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා
ඒ හිරු එළියෙන් නැණමල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා......."

ගමට හිරු උදාවන්නේ බොහෝ වේලාවක්‌ ගතවීමෙන් ඉනික්‌බිතිය. එහෙත් ඒ හිරු මඬලට පෙරාතුව අම්මා නමැති හිරු මඬල අවදි වී මුළු නිවහනම ආලෝකවත් කරන්නීය. කුස්‌සියේ කටයුතුවලින්ම සිය දෛනික රාජකාරී අරඹන ඕ ස්‌වාමියා හා දරුවන් නිදියහන මතට වී සොඳුරු සිහින දකිමින් සිටියදීම ඔවුන් වෙනුවෙන් අහර පිසින්නට සැරසෙන්නීය. නිවසේ ආර්ථික කටයුතුවලට උරදෙමින් "කඩයප්පන්" තනන්නට සැරසෙන්නීය. කඩයප්පන් තනා ලැබෙන සොච්චම් මුදල වුවමනා කළමනාකරණය කොට නිවසේ අඩු ලුහුඬුකම් පිරිමසාලන්නට ඕ සමත් වන්නීය. ඉනුත් නොනවතින ඕ දූවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද අරමුදල් යොදවන්නීය. අම්මාගේ දැතේ සවියෙන් නැණ මල් පොඩි පිපෙන්නේ එලෙසිනි. ඉදින් එහෙව් අම්මාවරුන්ගේ දෙපා අපි උදේ හවස නමැද වැන්දද එහි ඇති වරදක්‌ නැතැයි කවුරු කවුරුත් එක හඬින්ම පවසනු නොඅනුමානය.

අතීතයේදී අම්මලා අපි වෙනුවෙන් දුක්‌ වේදනා ඉසිලුවේ යම් සේද වර්තමානය තුළදීද දරුවන් වෙනුවෙන් අම්මලා විඳින්නාවූ දුක්‌වේදනා කන්දරාව මෙතෙකැයි කියා කෙලෙසක නම් පමණ කරන්නද? කර බෙල්ල දිගු වන විට ඇතැම් දරුවෝ අම්මලා කියන දේවල් තඹ සතයකට මායිම් නොකර කටයුතු කළද අපේ අම්මලා නම් කවරදාකවත් දරුවන් කෙරෙහි අහිතකින් කටයුතු කරන්නේ නැත. ඔවුන් සෑම මොහොතකදීම දරුවන්ට යහපත පතති. ඔවුනගේ මතු දියුණුව පතති. දරුවෝ වෙනුවෙන්ම නැහුණු ආදරණීය අම්මාවරුන්ට ඉනික්‌බිති සිදුවන්නේ දරුවන්ගේ දරුවන් වෙනුවෙන්ද නහින්නටය. එහෙත් ඒවා කරදරයෑයි කියා බැහැරලන්නට අම්මාවරු සුදානම්ද, කොහෙත්ම නැත. සියල්ල උපේක්‍ෂාවෙන් විඳ දරා ගන්නා ඔවුහු තම මුණුපුරු මිණිපිරියන්ද රැක බලා ගනිමින් පිනක්‌ දහමක්‌ කිරීම සඳහා මිඩංගු කිරීමට ඇති ජීවිතයේ සැÄ සමයද දරුවන් වෙනුවෙන්ම කැප කරනු ලබන්නේය.

මඳකට සිතා බලනු මැන එවන් අම්මාවරු වනාහී ගෙදර බුදුන් යන වදනට සැබෑම අර්ථයක්‌ එක්‌ කරන්නෝ නොවේද? ඔව් එය නම් එසේමය. ඉදින් එසේ නම් ඒ අම්මාවරුන්ට කළ ගුණ සැලකීමට අපේ දරුවෝ පෙළ ගැසිය යුත්තේ කවරාකාරයෙන්ද? සාම කුමාරයාගේ කතාව කවුරු කවුරුත් දන්නවා ඇතැයි මම සිතමි. කුමක්‌ද සාම කුමරාගේ කතාව. එකල්හී දඹදිව සාම නම් කුමාරයෙක්‌ විසුවේය. මේ සාම කුමරාගේ දෙමවුපියන් අන්ධ අයවලුන්ය. මේ සාම කුමරා වූ කලී සතුන්ට කරුණාව දැක්‌වූ කුමාරයෙකි. කුමාරයාගේ යහළුවෝ වූයේද අන් කවුරුන් හෝ නොව වන සිවුපාවුන්මය. දිනක්‌ එනුවර රජු දඩයමේ යන අතරතුරේදී මුව පොව්වෙකුට හී පහරක්‌ එල්ල කළේය. එහෙත් එය සාම කුමාරයාට වැදුණු අතර එකෙණෙහිම ඔහු සිහි මුර්ජා විය. අනේ මගේ දෙමවුපියෝ ඔහුට කියවුණේ එපමණකි. රජු වහ වහා දිවැවිත් කරුණු විචාලීමට කටයුතු කළේය. එවිට සාම කුමරා දුන් පිළිතුරට අනුව ඔහුගේ දෙමාපියන් අන්ධ අයවලුන් බව සහ ඒ අන්ධ දෙමාපියන්ට සැලකීමට සිටින එකම කෙනා සාම කුමාරයා පමණක්‌ම බවත් තේරුම්ගත් රජු ඊතලය ඉවත්කොට ඔහු සුවපත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කළේය. සත්‍ය වශයෙන්ම, මවුපියන්ට සැලකීම වනාහී උතුම් ගුණාංගයක්‌ම බැව් කියන්නට ගෙන හැර පෑ හැකි හොඳම උදාහරණයකි ඉහතින් සඳහන් කළාවු සාම කුමරාගේ කථා වස්‌තුව.

හැරී බලමු මඳකට අපි වර්තමානය දෙසට. සැබැවින්ම බුදුන් ළඟට අපගේ දුක දන්නාවූ අපේ අම්මාවරු කෙරෙහි අපරිමිත දයාබරත්වයක්‌ තම හද තුළ දරාගෙන උනුන්ට උවටැන් කිරීමට පෙළ ගැසෙන්නට සාම කුමාරවරුද අද දවසේ නොසිටිතියි අපි කියන්නේ කෙලෙසකද? මම හො¹කාරයෙන්ම දන්නා එක්‌ කතාවක්‌ මෙහිලා සඳහම් කරමි.

(අදාළ මුලාශ්‍රවලින් නොවිමසා සැබෑ නම් ගම් සඳහන් කිරීම සදාචාරාත්මක නැතැයි හැඟෙන හෙයින් එසේ සිදු නොකරමි.) මේ අම්මා සහ පුතු අතර තිබුණේද පුදුමාකාර බැඳීමකි. ඒ පුතු පවුලේ බාලම පුතුය. වැඩිහිටි දරුවෝ සියලු දෙනාම ආවාහ විවාහ වී නිවසින් පිටමං වූවායින් අනතුරුව වයෝවෘද්ධ අම්මා සහ බාල පුතු පමණක්‌ නිවසේ තනිවිය. මේ පුතුටද පවුල් පන්සල් වී සෙස්‌සන් මෙන් තමන්ගේ පාඩුවේ වැඩක්‌ බලාගෙන සිටීමේ හැකියාව කොතෙක්‌ නම් තිබුණද?

ඔහු ඊට වඩා වෙනස්‌ මගක්‌ අනුගමනය කළේය. හෙතෙම තම මුල් දිවියම මෑණියන් උදෙසා කැප කළේය. කළ රැකියාවට පවා සමු දී නිවෙස වෙත පැමිණෙන්නට ඔහු අදහස්‌ කළේ අන් යමක්‌ නිසා නොව අම්මාව රැක බලා ගැනීම අන් සියල්ලටම වඩා වැදගත් බැව් ඒ පුතු තරයේම ඇදහු හෙයින්ම විය හැකිය.

ඔහු හැකි උපරිමයෙන්ම තම මවට සැලකුවේය. කිසිදු දෙයකින් අඩුවක්‌ පාඩුවක්‌ සිදුවන්නට ඉඩ නොතැබුවේය. සියල්ල අවසන මීට වසර එක හමාරකට පමණ ඉහතදී ඒ අම්මා මිය පරලොව ගියේය. දැන් අර පුතු තම නිවහනට වී හුදෙකලාවේ කාලය ගත කරයි. සැබැවින්ම ඔහුගේ ජීවිතයේ හොඳම කාලය මේ වන විට ගෙවී ගොස්‌ හමාරය. ඒ අනෙකක්‌ නිසා නොව අම්මාට සැලකීමේ අරමුණින්ම අන් සියලු දේ දෙවැනි තැන්හිලා සැලකීමට ඔහු කටයුතු කළ හෙයිනි. එහෙත්, ඒ පුතුට අහිමි වූ දේවල් ගැන තඹ සතයක තරම් හෝ දුකක්‌ නැත. මවට සැලකීමට ලැබුණු ඉඩහසරම දිවියේ සොඳුරුතම කාල පරිච්ඡේදයකැයි සිතා සතුටු සිතින් කාලය ගත කරන්නේය.

සැබෑ සෙනෙහසකින් යුක්‌තව අම්මාවරු රකින්නා වූ දරුවන් පිළිබඳ කතා එපරිදිය. එහෙත්, එවන් කතා අතර මෙහෙව් කුරිරු දරුවන් ගැනද අසන්නට සිදුව ඇත්තේ කවර අභාග්‍යයක්‌ නිසාදැයි යන්න සැබැවින්ම අපට නම් නොතේරේ. අප පවසන මේ මව නමින් පතිරණලාගේ මේරි මැටිල්ඩාය. ඕ පනස්‌ දෙහැවිරිදි (52) ය. ඕ අන්ධය. ඇයට 2011 වර්ෂයේ නොවැම්බර් මස එක්‌තරා සති අන්තයකදී යක්‌කල තිත්තලපිටිගොඩ ප්‍රදේශයේදී අතරමං වීමට සිදුවූවාය. අහෝ.....ෘ ඒ කවරක්‌ හේතු කොට ගෙනද?..... වත්තල එෙŒරමුල්ලේ සිට අප ඉහතින් සඳහන් කළ ප්‍රදේශයට පැමිණ අතරමංවූ ඇයට ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක්‌ එක්‌ව ආහාර පානාදියෙන්ද සංග්‍රහකොට තිබුණු අතර, ඇයට එබඳු ඉරණමකට මුහුණ පෑමට සිදු වූයේ ඇයි දැයි අපි නැවතත් විමසමූ. ඇයට ඒ ඉරණම අත් කර දුන්නේ අන් කවරෙකු හෝ නොව ඇගේම දියණියයි. පදිංචියට ගෙයක්‌ සොයාගෙන යන බවට මුසාවක්‌ පවසා තම අම්මාව රැගෙන ගොස්‌ මහ මග අතරමං කර පලාගිය එවන් දියණිවරුන්ට සැබැවින්ම අප ඉහතින් සඳහන් කළා වු සාම කුමාරවරු හමුවේ උරුම වන්නේ කවර නම් ස්‌ථානයක්‌ද..... එය ගැඹුරින් විමසා බැලිය යුතු පැනයකි.

ඇත්තෙන්ම, එවැන්නක්‌ කිරීමට තරම් ඒ දියණිය සැහැසි වන්නට ඇත්තේ කිම......? ඒ මව තමන් වෙනුවෙන් හරි හැටි යුතුකම් ඉටු නොකළ නිසාදැයි යන්න අපි නොදනිමු. නොඑසේ නම් ඒ අම්මාගේ අන්ධභාවය දියණියට නොරිස්‌සූ නිසාද යන්නද අපි නොදනිමු. ඒ කවරක්‌ වුවද ඇය සිදු කොට ඇත්තේ මිනිසත්කමට නම් කිසිසේත්ම තරම් නොවැන්නකැයි අපි එක හෙළාම කියමු. අනේ ඇත්තටම ඒ අම්මා මහ මග තනිකර දමා අර කුරිරු දියණිය පසු නොබලාම යන්නට ගිය සැටි. මේ කියෑවෙන්නේ අනෙකක්‌ නොව හෘද සාක්‍ෂියක්‌ නැති මිනිසුන්ගෙන් පිරි සමාජයක ෙ€දවාචකයම නොවේද? හෘද සාක්‌ෂියක්‌ කියා දෙයක්‌ මඳකට හෝ තිබුණා නම් අඩුම තරමින් තමන් කළ වරද ගැන පසුතැවිලි වන්නට හෝ ඕ කටයුතු කරනු නොඅනුමාන බැව් අපේ නම් විශ්වාසයයි.

අප දැන් කියන්නට යන කතාවද 2011 වර්ෂයේ නොවැම්බර් මස එක්‌තරා සති අන්තයකදී සිදු වූවකි. මහනුවර මීගම්මනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි බිසෝ මැණිකේ (72) නමැති කාන්තාවකට සිය පියවුරක තුවාලයක්‌ද සහිතව මහනුවර මහරෝහලට ඇතුළත් වීමට සිදු වුණි. ඒ ඇයි........? හේතුව අනෙකක්‌ නොව ඇගේම පුතු පදමට සූර්වී පැමිණ ඇගේ ගෙලෙන් අල්ලා මල් කපන පිහියකින් එක්‌ පියයුරක්‌ කපා බරපතළ ලෙස තුවාල සිදු කිරීම හේතු කොට ගෙනය. එලෙස තුවාල කිරීමට හේතුව වී ඇත්තේ අනෙකක්‌ නොව මව හා පුතු අතර කලක පටන් පැවැති ඉඩම් ආරවුලකි.

බිම් අඟලට, වැට මායිමට අඬදබර කර නොගන්නා මෙන් පුංචි සන්දියේ පටන්ම තම පුතුට ඉගැන්වූ ඒ මවට සියල්ල කෙළවර පුතු අතින්ම ඉඩම් ආරවුලක්‌ හේතු කොට ගෙන මෙබඳු ඉරණමකට මුහුණ පෑමට සිදුවීම කවර නම් අභාග්‍යයක්‌ ද........? සැබැවින්ම, එය කවර ෙ€දයක්‌ද යන්න පැවසීම මට නම් උගහටය. කෙසේ වතුදු අපි විමසන්නේ මෙපමණකි. අම්මා කෙනකු යනු නිකන්ම නිකන් ඇට, මස්‌, ලේ, නහර ගොඩක්‌ නොව මිල කළ නොහැකි මහා ගුණ සමුදායකින් හෙබි මානව දයාවේ අපූර්වතම ප්‍රතිමූර්තියකි. ඉදින්, එහෙව් අම්මා කෙනකුගෙන් පළිගනු තබා පළි ගැනීමට සිතීමත් මොනතරම් නම් පාපයක්‌ ද.....? දසමසක්‌ අපිව කුස තුළ හෙවාගෙන ඉසිලු වූ දුක්‌ වේදනා කන්දරාව වෙනුවෙන් හෝ අම්මාවරු අරභයා අපි ඉවසිය යුතුව තිබෙනවා නොවේද?

රක්‌ත වර්ණ රුධිර දහරාවෝ ශ්වේත වර්ණ ක්‌ෂීර දහරාවක්‌ බවට පත් වුණේ අප කෙරෙහි උනුන්ගේ හදවත් තුළ ඇති වුණා වූ සෙනෙහස හේතු කොට ගෙනමය. මේ මුළු විශ්වයම නිර්මාණය වී ඇත්තේද ඇගේ කිරිවල බල මහිමයෙන්මය. ඒ කිරි රසවත්ය. ඒ කිරි නැවුම්ය. එමතුද නොව ඒ කිරිවලින් වහනය වන්නේ ද නැවුම් වූ සුවඳක්‌මය. ඉදින්, කවර හෝ තැනැත්තෙකු ඒ කිරි සුවඳට පරිභව කිරීමට සැරසෙන්නේ නම්.........? නිසැකවම පැවසිය හැක. කුමක්‌ද ඒ ..........? ඒ අනෙකක්‌ නොව ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමය උපදින්නෙ........ " යන්නයි.
අමිල දොළපිහිල්ල

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): තමන්ට ලැබෙන දේවලට වඩා රටට ලබා දිය හැකි දේ ගැන සිතිය යුතුයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail තමන්ට ලැබෙන දේවලට වඩා රටට ලබා දිය හැකි දේ ගැන සිතිය යුතුයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක
Apr 30th 2013, 08:48


ආසියාවේ උසම හිටි බුදු පිළිමයට මුල්ගල තැබීමේ උත්සවය
විල්සන් විඡේරත්න - ඉත්තෑපාන

ඕනෑම රටක ධනපතියන් අතුරින්, දානපතියන් වන්නේ සුළු පිරිසක්‌ බවත්, තම පෞද්ගලික ධනයෙන් විශාල මුදල් ප්‍රමාණයක්‌ වැය කරමින් ආසියාවේ උසම හිටි බුදු පිළිම වහන්සේ ඉදිකර රටට සුවිශාල සේවයක්‌ සිදු කිරීමට බලාපොරොත්තු වන ජගත් පින්නගොඩවිතාන මහතා ද එවැනි දුර්ලභ ගනයේ දානපතියෙක්‌ යෑයිද, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ මහත්මිය එසේ සඳහන් කළේ ජගත් පින්නගොඩවිතාන පදනමේ පූර්ණ දායකත්වයෙන් හා බටමුල්ල කන්ද විහාරාධිපති මතුගම මහානාම හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්, මතුගම බටමුල්ලකන්ද බෞද්ධ මධ්‍යස්‌ථාන කඳු මුදුනේ රු. ලක්‍ෂ 900 ක වියදමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 135 ක්‌ උස අවුකන බුදුපිළිම වහන්සේගේ අනුරුව වෙනුවෙන් මුල්ගල තැබීමෙන් අනතුරුව පැවැති උත්සව සභාවේදීය.

කෝට්‌ටේ නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් මෙම උත්සව සභාවේ මුලසුන හෙබවූහ.

මතුගම ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ හිටපු සභාපති හා දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රන්දොඹේ සුමනාලෝක හිමිපාණන් පිරිස පංචශීලයෙහි පිහිටුවූහ.

මතුගම ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ සභාපති හා කැකුලන්දල පතිරාජ පරිවේනාධිපති යටදොළවත්තේ චන්ද්‍රසිරි හිමිපාණන් මෙහිදී විශේෂ අනුශාසනාවක්‌ සිදු කළහ.

එහිදී තවදුරටත් අදහස්‌ දක්‌වමින් හිටපු ජනාධිපතිනිය මෙසේද කීවාය.

මෙවැනි පුණ්‍යකර්මයක්‌ සිදුකිරීම තුළින් බෞද්ධයන්ගේ ආගමික ප්‍රබෝධය වැඩි වීමටද හේතු වෙනවා.

එමෙන්ම කලාවන් අතුරින් ප්‍රතිමා නිර්මාණය කිරීම ඉතාම දුෂ්කර කාර්යයක්‌ යෑයිද නිවැරැදි නොවන අන්දමින් ඉදිකර ඇති සමහර ජාතික නායකයන්ගේ ප්‍රතිමා දැකීමෙන් එය පැහැදිලි වන බවද ඇය කීවාය.

එමෙන්ම මා මෙම ස්‌ථානයට පැමිණියේ දේශපාලනඥයකු ලෙසින් නොවේ. ඒ නිසා දේශපාලනය ගැන මා මෙහිදී කථා කරන්නේ නැහැ.

ශ්‍රී ලංකාව සිංහල, බෞද්ධයන්ට අයිති බවට සමහර නායකයන් හැඳින්වුවත් එහි කිසිම සත්‍යතාවක්‌ නැහැ. එබැවින් සිංහල මුස්‌ලිම්, දෙමළ ආදී විවිධ ජාතීන් සමගියෙන් හා සමාදානයෙන් ජීවත්වීමට කටයුතු කළ යුතුයි.

එබැවින් ජනතාව සතු යුතුකම් හා වගකීම් නිසියාකාරව ඉටු කර ජාති, ආගම් හා කුළ භේදවලින් තොරව සමගියෙන් ජීවත්වීමට අධිෂ්ඨාන කරගත යුතු යෑයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පදනමේ අධ්‍යක්‍ෂ පැල්පොල විපස්‌සිS, මාදුළුවාවේ සෝභිත යන හිමිවරුන්ද මෙහිදී අනුශාසනා පැවැත්වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග, අජිත් පෙරේරා, පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය, මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්. ජී. ලියනාරච්චි යන මහත්වරු ද මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර, දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කීර්ති පෙරේරා, මතුගම ප්‍රාදේශීය ලේකම් මහේෂිකා ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.



චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය සභාව අමතන අයුරු හා දානපති ජගත් පින්නගොඩ මහතා ඇතුළු පිරිස හිටි පිළිමයට මුල්ගල තැබීමට සූදානම් වන අයුරු

ඡායාරූප - විල්සන් විඡේරත්න ඉත්තෑපාන


Divaina.com
 

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Monday, April 29, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): Pictures: ‘Hate Has No Place In Sri Lanka’ Marched Through Colombo

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
Pictures: 'Hate Has No Place In Sri Lanka' Marched Through Colombo
Apr 29th 2013, 09:02


Pictures: 'Hate Has No Place In Sri Lanka' Marched Through Colombo

About 500 people have marched through the centre of the Sri Lankan capital, Colombo, protesting against a recent wave of ethnic hatred which has seen hardline Buddhists targeting the Muslim minority, the BBC's Charles Haviland reports.
A movement to show that moderates are strong & united against hate and are committed to promote understanding about the strengths of diversity & unity.
Given the recent spate of hate speech and the marginalization of minority communities in general, a voluntary movement of concerned Sri Lankans from various institutions, professions and industries are organizing a series of nonpartisan, non-violent awareness campaigns and rallies against racist actions and hate-speech in Sri Lanka.
Photo Lakna Paranamanna
Photo captured form BBC Video ;

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Sunday, April 28, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ලංකාවේ මුස්ලිම් වරුන්ට නායකයෙක් නැද්ද?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail ලංකාවේ මුස්ලිම් වරුන්ට නායකයෙක් නැද්ද?
Apr 29th 2013, 06:14


රටක ජීවත් වන ජනතාව ලෙස රටේ සිටින ජනවර්ග වලට වෙන වෙනම නායකත්වයන් අවශ්‍ය නැත. නමුත් ඒ ඒ ජනවර්ග වලට රටේ පොදු නායකත්වයෙන් කෙනහිලිකම් සිදුවෙනවා නම් ඒ ඒ ජනතාව තමන්ට අනන්‍ය වු නායකයන් පත්කර ගත්තාට වරදක් නොමැති බව මගේ අදහසයි. රට තුල සංවර්ධනය සෑම පලාතටම සමතුලිතව ගලා යා යුතුය. නීතිය සහ සාමයද සෑම ජනවර්ගයකටම එක හා සමාන විය යුතුය. කිසියම් පුද්ගලයෙකුට තමන් මහජාතියට අයත් නොවන නිසා අසාධාරණ තත්වයක් හට ගන්නේ නම් එහිදී සුළු ජාතිකයන් ලෙස තමන්ට අනන්‍ය වු නායකයන් පත්කරගෙන තම අයිතිවාසිකම් දිනා ගන්නවා හැර අන් මගක් නොමැත. නමුත් ප්‍රශ්නය වන්සේ ලංකාවේ පවතින වත්මන් මුස්ලිම් නායකත්වය සැබෑ ලෙසින්ම මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න දෙස බලනවාද? යන්නයි.

අද අප ඒ ගැන මුස්ලිම් නායකයන්ගෙන් විමසන කල ඔවුන් පවසන්නේ මේ රජය මුස්ලිම් වරුන්ට දැඩිලෙස අසාධාරණ කම් කළද මේ අවස්ථාවේ දේශපාලනිකව රජය සමග සිටිය යුතු බවයි. නමුත් ඔවුන් ඉතාම දීන ලෙස රජය සමග සිටීමෙන් අත්කරගෙන තිබෙන්නේ කුමක්ද? අද මුස්ලිම් නායකයන් මෙන්ම මුස්ලිම් ජනතාවට කෙනහිලිකම් කරන අය සිටින්නේද රජයේ පාර්ශවයේ නොවේද? ඒ අය මුස්ලිම් නායකයන්ට වඩා ආන්ඩු පක්ෂය තුල ප්‍රබලව සිටිනවා නොවේද? මුස්ලිම් නායකයන් රජය සමග සිටිනවා නම් ඔවුන්ට එම ආගම්බේධකාරීන් ආන්ඩු පක්ෂය තුල දුබල කිරීමේ හැකියාවක් තිබිය යුතුය. එසේ නැතිනම් රජය සමග සිටීමේ ප්‍රයෝජනයක් නැති බව මගේ අදහසයි.

අද මුස්ලිම් කොංග්‍රසයේ නායකයන් රජය සමග සිටින්නේ දේශපාලනික උපක්‍රමයක් නිසාද? නැත. රවුෆ් හකීම් මහතා රජය සමග සිටින්නේ අතාවුල්ලා සහ හිස්බුල්ලා නිසා බව මගේ අදහසයි. අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක දෙකෙහි හිස්බුල්ලා සහ අතාවුල්ලාගේ බලය මැඩීමට නම් මුස්ලිම් කොංග්‍රසයද රජයට හේත්තු වී සිටිය යුතු බව ඔවුන් සිතනවා විය හැක. මෙහිදී අවශ්‍යව තිබෙන්නේ කෙසේ හෝ බලය රැක ගැනීමද? නැතිනම් ඉදිරියට විත් මුස්ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට සැබෑ ලෙස ඉදිරිපත් වීමද? මුස්ලිම් ජනතාව මුස්ලිම් කොංග්‍රසයෙන් බලාපොරොත්තු වෙන්නේ ඇමති ධූර දැරීමද? නැති නම් මුස්ලිම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමද? මේ නායකයන්ට මුස්ලිම් ජනතාව වෙනුවෙන් සිය අමාත්‍ය ධූර පිළිකෙව් කිරීමට බැරි ඇයි?

මෙහිදී රජයට එරෙහි වීම යනු රනිල් වික්‍රමසිංහ සමග සංධාන ගැසීමද නොවන බව මුස්ලිම් නායකයන් මෙන්ම මුස්ලිම් ජනතාවද වටහා ගත යුතුය. පසුගිය කාලවකවානුව තුල රනිල් වික්‍රමසිංහ මහතාද රඟපෑවේ දෙබිඩි චරිතයකි. ඔහුද නැගී ආ සිංහල බෞද්ධ ජාතිවාදී රැල්ල හමුවේ මුණිවත රකින ලදී. අවශ්‍යම අවස්ථා වලදී ඔහුද මුස්ලිම් වරුන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට කලේ කර ඇරීම සහ තම ජාම බේරා ගැනීමයි. එමනිසා තමන් මුස්ලිම් ජනතාවගේ නායකයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පවසන ප්‍රකාශය ඔහුගේ තවත් දේශපාලනික දෙබිඩි කථාවක් පමණි. හලාල් ප්‍රශ්නය තුල ඔහුට අවශ්‍ය වුයේ මුස්ලිම් ජනතාවගේ ආගමික නායකත්නවය වන ජමියතුල් උලමා සංවිධානය තම දේශපාලන අතකොළුවක් කර ගැනීමටයි. එසේ කළ නොහැකි වු කල ඔහු ජමියතුල් උලමා සංවිධානයටද පහර දෙන ලදී. ආන්ඩු බලය ලැබී අන්තවාදීන් මෙලෙස මුස්ලිම් නායකයන් පෙලන කල විපක්ෂ නායකයාද ලංකාවේ මුස්ලිම් ආගමික නායකත්වයට පහර ගැසූ බව අප අමතක කළ යුතු නැත. 

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසටද? මැදමුලන දෙසටද?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසටද? මැදමුලන දෙසටද?
Apr 28th 2013, 11:24


මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසටද? ජනාධිපති දෙසටද? රනිල් පරශ්න කරයි.


රටේ ඉන්නා මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසට හරීඩ්? නැත්නම් ජනාධිපති වෙතට හැරී වඳිනවාද ? යයි විපක්ෂ නායක රනිල් වික්‍රම සිංහ මහතා අද ප්‍රශ්න කළේය. මොහු මේ ප්‍රකාශය කලේ මේ දවස් වල උතුරේ සංචාරයේ යෙදන අතර තුරේ අද උදේ මන්නාරම නගරයේ පැවැත්වුණු ඒ ජා ප පාක්ෂිකයන්ගේ රැස්වීමක් අමතමිනි.


රටේ ඉන්න ආණ්ඩුවේ මුස්ලිම් නායකයෝ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් බන්දේසියක දාලා ජනාධිපතිට භාර දීලා තියෙනවා. අපේ රටේ සුලුජතින් දෙකක් ඉන්නවා. දෙමල සහ මුස්ලිම්. දෙමල මිනිස්සුන්ට ප්‍රශ්නයක් නම් පාර්ලිමේන්තුවේදී සම්බන්ධන් නැගිටලා කතා කරනවා. මුස්ලිම් මිනිසුන්ට ප්‍රශ්නයක් නම් මම නැගිටලා කතාකරනවා. මට උදව් කරන්න එක මුස්ලිම් නායකයෙක් කතා කරන්නේ නැහැ. එතකොට මට උදව් කරන්න කතා කරන්නේ සම්බන්ධන් විතරයි. මේ මුස්ලිම් නායකයන් කොයි පැත්තට හැරිලද වඳින්නේ? ජනාධිපතිගේ පැත්තටද? යනුවෙන් විපක්ෂ නායකයා ප්‍රශ්න කළේය. 








ඔබේ අදහස් අපට ලියන්න.................................. 

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Saturday, April 27, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): බොදු බල සේනාව ප්‍රශ්න කරන බෞද්ධයන්

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail බොදු බල සේනාව ප්‍රශ්න කරන බෞද්ධයන්
Apr 28th 2013, 06:00


භික්ෂු කිරම විමලජෝති සහ දිලන්ත විතානගේ මහතාට යොමු කල විවෘත ලිපියක් 'බොදු බල සේනාව ප්‍රශ්න කරන බෞද්ධයන්' යන නමින් පවත්වාගෙන යන මුහුණු පොත් පිටුවේපලවිය. මෙය එම ලිපියේ සිංහල පරිවර්තනයයි.

ගරු කටයුතු මහතුනි,

ඔබ තුමන්ලා පිළිගන්නන්, ඔබ තුමන්ලා ප්‍රතික්ෂේප කරන්නන් සහ ඔබ තුමන්ලා ප්‍රශ්න කරන්නන් සිටිනු ඇති බව ඔබලා විසින් පිලිගෙන ඇත. එනමුත්, ඔබලාගේ කතාව සහ ක්‍රියා කලාපය ප්‍රශ්න කරන්නන් සතුරන් ලෙස හුවා දැක්වීමට බෞද්ධ ඔබ ඉක්මන් වී ඇත. ප්‍රශ්න කරන්නන් සිංහල-බෞද්ධයන් නම් ඔවුන්ව ද්‍රෝහීන් ලෙස ඔබලා නම් කරති. බුදු දහමේ සැබෑ ඉගෙන්වීම් පිළිපදින, මෙත්තා-ක්ෂාන්ති වැනි බුදු දහමේ හරයන් ක්‍රියාවට නගන පුදගලයන් ඔබගේ සංවිධානය තුල සිටිත්වා ලෙස අප ප්‍රර්ථනා කරන අතර සිය වැරදි පිළිගෙන තමන්ගේ ක්‍රියාකලාපය නිවැරදි කර ගැනීමේ හැකියාව ඔබට ඇතැයි සිතමු.

අද බුරුමයේ සිදුවන දෑ දකිමු. බුරුමය තුල සිදුවන ප්‍රචණ්ඩකාරිත්වයට මග පෑදු සාධක අද ලංකාවේද දක්නට ලැබෙන බව ඔබ තුමන්ලාට වුව පෙනී යනු ඇත. එම සාධක නම් මෙසේය:

1. සමාජයේ සහ අන්තර්ජාලයේ ප්‍රසිද්ධියේම ඉස්ලාම් දහම අදහන්නන්ව අසාධාරණ ලෙස විවේචනය කිරීම

2. මුස්ලිම් කඩ වලින් භාණ්ඩ නොගන්නා ලෙස බෞද්ධයන්ට දැන්වීම

3. බෞද්ධයන්ට මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට බලපෑම් කිරීම්

4. මුසල්මානුවන් සමග නෑකම් ඇති බෞද්ධයන් හැල්ලු කිරීම

5. මුස්ලිම් වෙළද ස්ථාන සහ පල්ලි වලට පහර එල්ල කිරීම

6. මේ අසාධාරණයන්ට එරෙහිව කතා කරන්නන්ට පහර ගැසීම

ගරු කටයුතු මහතුනි, ප්‍රචණ්ඩකාරිත්වයට මග පාදන මේ සාධක අප පනස් ගණන්
වල සහ අසූව දශකයේ දුටුවෙමු. බෞද්ධ නායකයන් නිසි සෝදිසියෙන් කටයුතු නොකළහොත් නොබෝ කලකින්ම ලංකාවේ නැවතත් දීර්ඝ කාලීන ජනවාර්ගික අරගලයක් ඇති වනු ඇත. අහිංසක ජීවිත දහස් ගනනක් විනාශ වීම හැරුන විට එයින් ලංකාවට සහ බුද්ධාගමට කැළලක්ද වනු ඇත.

ඔබ තුමන්ලා කිසිදු ප්‍රචණ්ඩකාරී කටයුත්තකට සහබාගි නොවන බව පැවසුවත්, එම ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුවූයේ ඔබ සංවිධානයේ සාමාජිකයන් විසින්, පහසුවෙන් පෙළඹවිය හැකි සිංහල යෞව්වනයන් අතර ඉදිරිපත් කල ජාතිවාදය ඇවිලෙන කතාවන් නිසා බව පෙනී යයි. සිංහල යෞව්වනයන් නැඟුටුවීම සඳහා ඔබලා භාවිතා කරන්නේ බුද්ධියට ආමන්ත්‍රනය කිරීම හෝ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වැනි බුදුන්ගේ ඉගැන්වීම් හෝ නොවේ. ඒ සඳහා ඔබලා උපයෝගී කරගෙන ඇත්තේ සිංහලයන් සමග වසර දහස් ගණනක් ජීවත් වූ, වෙහෙස වූ, දිවි දුන් සුළු ජාතියක් සතුරන් ලෙස හුවා දක්වීමෙන්ය. කතාකිරීමේ අයිතිය ඇති බව සැබෑය. නමුත් එම කතාව සුළු ජාතියකට බරක් වීම වැරදිය. ලංකාව තුල මුස්ලිම් අන්තවාදී කොටස් ඇති බව සැබෑය. නමුත් එම ප්‍රශ්නය විසඳීම සඳහා බුදුන් පෙන්වාදුන් මාර්ගය වෙනස්ය.

මහත්වරුනි, මෑත කාලයේ සිදුවූ සියලු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වුයේ ඔබ සංවිධානයේ භික්ෂූන් කල කතාවක් පදනම් කරගෙනය. මෙම කරුණින් ගම්‍ය වන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීමට හේතු සාධකය වන්නේ ඔබ සංවිධානයේ භික්ෂූන්ගේ ද්වේෂ ජනක කතාව බවයි.

ඔබ තුමන්ලා මහනුවරදී කල කතාවෙන්ද මේ බව ගම්‍ය වේ. "සිංහල ජනතාව එක්සත් කලේ හලාල්" බව එහිදී ඔබලා ප්‍රකාශ කල අතර, ඇතැම් සිංහල තරුණයන් මුහුණු පොතේ කරන කාර්තව්‍යයන් ගැනද ඔබලා පැසසුමට ලක් කලෝය. නමුත් ඔබලාට සහය දක්වන්නාවූ

මුහුණු පොතේ පිටු තුල තිබෙන්නේ ධර්මය හෝ බෞද්ධ සංස්කෘතිය නොව මුස්ලිම් විරෝධයයි. ඔබආට සහය දක්වන, සිංහලයන් දහසකගේ "Like" ලැබුන, මුහුණු පොතේ තිබෙන "සිංහල බෞද්ධයා (Sinhala Buddhist)" සහ " ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ කවුන්සිලය(International Council Buddhists Sri Lanka)" වැනි පිටු මෙයට උදාහරණයන්ය. එම පිටු වල ප්‍රතිචාර මුස්ලිම්-විරෝධී ද්වේශයෙන් සහ නින්දිත වචන වලින් පිරී තිබේ.

බෞද්ධයෙකුට දානය කල හැකි උතුම්ම දානයන්ගෙන් එකකි අභය දානය. එනම් සතුරු උපද්‍රව යනාදී බියෙන් නිදහස් කිරීම. මෛත්‍රියෙන් අර්ථවත් වූ පංච සීලය බෞද්ධයන් රකින්නේ මෙනිසයි. නමුත් ඔබලාගේ සංවිධානය දැන් කරන්නේ එම හරයන් පසෙකලා බුද්ධාගම විකෘති කිරීමයි. ඔබ මෙය වටහාගෙන නැතිනම් මොහොතක් මේ ගැන මෙනෙහි කරනමෙන් ඉල්ලා සිටිමු.

සියලු දේ අනිත්‍යයි. එය 'සිංහල' යන්නටද අදාලය. සංසාරයෙන් එතෙර විය හැක්කේ සෝවාන් වූවන් හට පමණයි. මිනිසුන් ධර්මයේ සරණ යන්නේ සංසාරයෙන් මිදීමටය. මිනිසුම් හට එම ධර්මය උගන්වන්න. අපාගත වීමට හේතු වන වෛරයෙන් ඔවුන්ගේ සිත් නොකෙලසන්න. ඔබ එසේ කරන තුරු අපි බෞද්ධයන් ලෙස, සිංහල-බෞද්ධයන් ලෙස ඔබලාව ප්‍රශ්න කරන්නෙමු. එසේම මෙම මුහුණු පත් පිටුව වසා දැමිය හැකි දිනයක් බලාපොරොත්තු වන්නෙමු.


-බොදු බල සේනාව ප්‍රශ්න කරන බෞද්ධයන්

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Thursday, April 25, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද?
Apr 26th 2013, 06:20


ඉටිපන්දමක් අතින් ගත්
ඉටිපන්දමක් අතින් ගත්
වෛරය, හාත්පස අරා සිටී. යෝනිසෝ මනසිකාරයේ එළි දැල්විය යුතු අවුරුදු සමය මැද්දේ එහි සපුරා ප‍්‍රතිවිරෝධය රජ කිරීම කණගාටුව දනවන විකාරයකි. සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සංගීත ප‍්‍රසංගයක් අවසානයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙමළ වතු කම්කරුවන් පිරිසක් සිංහල ගැමියන් සමග කෝලාහලයට පැටලූණේ පසුගිය සතියේ ය. එහි සිටි යම් සිංහල තරුණ පිරිසක් දෙමළ තරුණියන්ට නොමනා උසුළුවිසුළු කිරීමත්, එම දෙමළ තරුණියන්ගේ හිතවත් දෙමළ තරුණයන් පිරිසක් ඉන් කෝපයට පත්වීමත් මෙම ගැටුමට තුඩුදී ඇති බව කියැවේ.

දේශපාලනික-ආගමික නඩවලින් ඇවිස්සෙන ආක්‍රෝශ පරිභව

මෙය, පමණට වඩා දිග්ගැස්සුණු විනෝදය හේතුවෙන් හටගන්නා තාවකාලික ගැටුමකින් අවසන් වන්නට තිබුණි. එහෙත් එය ඊට වඩා ලොකු ප‍්‍රශ්නයක් දක්වා ඔඩුදිව්වේය. කාලයක් තිස්සේ ජන කොටස් අතර යටින් පැසවමින් තිබූ ආතතීන් මේ සිද්ධිය හරහා මතුපිටට පැමිණීම නිසා, මේ සුළු ආරාවුලට සම්බන්ධ වූ තවත් ගම්වාසීහූ, දෙමළ වතු කම්කරුවන් ජීවත් වූ ගෙවල්වලට ගල් ගැසූහ. කෙසේ වෙතත්, පළාතේ ප‍්‍රජා වැඩිහිටියන්ගේ මැදිහත් වීමෙන් තත්ත්වය සමනය කර ගැනුණත්, දෙපිරිස අතර කෝලාහලයට පාර කැපූ අවිශ්වාසය තවමත් එහි ඉතිරිව තිබේ.

මේ රටේ ජීවත් වන විවිධ ප‍්‍රජාවන් අතර පසුගිය මාස කිහිපයේ හටගත් ගැටුම්කාරී සිදුවීම් තුළින් කරලියට පැමිණි අන්තර්-වාර්ගික ආතතීන් තුළ දක්නට ලැබුණු අශෝභන ස්වභාවය මේ සිද්ධිය මගින් යළි සිහිපත් කරවන ලදි. ආගමික වේශයෙන් පසු ගිය කාලයේ මොරදුන් ආගමික කල්ලිවල දරුණු ජාතිවාදී ආක්‍රෝශ පරිභවවලට මේ රටේ දෙමළ සහ මුස්ලිම් ජාතීන් ගොදුරු වූ බව අපි දනිමු. එවැනි ව්‍යාපාරවලට කිසි බාධාවකින් තොරව කටයුතු කිරීමේ නිදහස මේ ආණ්ඩුව මගින් පවරා ඇති තත්ත්වය තුළ, ස්වාභාවිකවම, සාමාන්‍ය ගැටුමක් වුවත් කායික ප‍්‍රහාරයන් දක්වා වර්ධනය වීමට තුඩුදෙන්නේය.

ඉටිපන්දම් අතින් ගත් සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම


බොදුබල සේනාවේ මුස්ලිම්-විරෝධී ආරෝවට එරෙහිව මේ රටේ පුරවැසියන් පිරිසක් පසුගිය දවසක හැව්ලොක් ටවුමේ අවිහිංසක විරෝධතාවක් දියත් කළ අවස්ථාවේ ඔවුන්ට එරෙහිව බොදුබල සේනා පිරිස් හැසිරුණු ප‍්‍රචණ්ඩකාරී වාතාවරණය, මේ රටේ අද පවතින වෛරයේ තරමත්, එසේ වෛරය වපුරන්නන්ට පොලීසියෙන් ලැබුණු අවිචාරවත් සහයෝගයේ තරමත් මනාව පෙන්නුම් කෙරුණි. එම ඛේදනීය තත්ත්වය කෝලමක් බවට පත්කරමින් පොලීසිය නතර වුණේ, ද්වේෂ සහගත කෑකෝගැසීම් හරහා රටේ දණ්ඩනීති සංග‍්‍රහය උල්ලංඝණය කළ අයවළුන් වෙනුවට සාමකාමීව ඉටිපන්දම් අතින් ගත් විරෝධතාකරුවන්ව අත්අඩංගුවට ගැනීමෙනි. මේ රට පත්ව ඇති තත්ත්වය එය ද? උලූප්පා ප‍්‍රදර්ශනය කෙරෙන සාමයේ යාමයක අපට හිමිවන්නේ එය ද?

ආණ්ඩුවේ සහ එහි සහචරයන්ගේ මතයට පමණක් නිදහස සැලසෙන ප‍්‍රතිපත්තිය, ව්‍යාජ හේතූන් මත සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම තුළින් නිරාවරණය වීම, අළුත් දෙයක් නොවේ. අතුරුදහන් වුවන්ගේ පවුල්වල සාමාජිකයන්, දූෂණයට එරෙහිව හඩ නගන වෘත්තීය සමිති ක‍්‍රියාධරයන් සහ සිය ඉඩකඩම් හිතුවක්කාරීව අත්පත් කර ගැනීම්වලට විරෝධය පාමීන් සාමකාමීව හඩ නගන ගැමියන්ට එරෙහිව පවා පොලීසිය මෙසේ හැසිරෙනු අප අත්දැක තිබේ.

මෙවැනි සිදුවීම්වලට අදාළ නීතිමය තත්ත්වය ඉතා පැහැදිළි ය. සාමකාමී විරෝධතාකරුවෙකු නීතිය උල්ලංඝණය කෙළේ යැයි තර්ජනයට ලක්වීමට නීතියෙන් ඉඩක් නැත. නීතිය හා සාමයට බාධා පැමිණවිණැ යි කරන පොලීසියේ දියාරු තර්ජන නීතියට අනුකූල නැත.

විරෝධය පෑමට ඇති අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මක අනිවාර්ය අංගයකි

විරුද්ධ පක්ෂ දේශපාලඥයෙකු වශයෙන් සිටියදී ඉතා ඝෝෂාකාරී අන්දමින් එකී අයිතිය අභ්‍යාස කළ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ තරම් ඒ ගැන දන්නා කෙනෙකු තවත් නැත. විරුද්ධ පක්ෂයේ සිටියදී ඔහු නායකත්වය දුන් 'ජන ඝෝෂා' ව්‍යාපාරය තහනම් කරන්නැ යි ඉල්ලා පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසික වැදගත්කමකින් යුක්තයි. එදා පැවති ආණ්ඩුවේ ක‍්‍රියාදාමයන් සහ ප‍්‍රතිපත්තිවලට විරුද්ධව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ කිහිපයක් මගින්'ජන ඝෝෂා' ව්‍යාපාරය දියත් කෙරුණි.

එදා මේ විරෝධතාකරුවන්ට පහර දුනි. කඳුළු ගෑස් ප‍්‍රහාරයන්ට ලක්කෙරුණි. පොලීසියේ මේ ක‍්‍රියාවන් හෙළාදකිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එදා මතක් කර දුන් පාඩම ඉතා ප‍්‍රකට ය: ''ආණ්ඩුවලට හෝ දේශපාලන පක්ෂවලටත්, ඒවායේ ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙලටත් සහාය දැක්වීමට හෝ විරෝධය පෑමට ඇති අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මූලික අංගයකි. භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස උදුරා ගැනීම, සකල සිවිල් සහ දේශපාලනික ආයතනික ව්‍යුහයේ අරටුව වන නිදහස සහ සාධාරණත්වය පිළිබඳ මූලික ප‍්‍රතිපත්ති උල්ලංඝණය කිරීමකි.''(අමරතුංග එදිරිව සිරිමල් සහ වෙනත් අය (1993) 1 ශ‍්‍රී එල්.ආර්. 264).

ගතවූ දශක ගණනාව තිස්සේ ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වර්ධනය කෙරුණු මේ ප්‍රෞඪ නෛතික ප‍්‍රමිතීන් අද වන විට සුළෙඟ් ගසාගෙන ගොස් ඇති සෙයකි. දැන් ඒවා, මෘග යථාර්ථයක් මගින් අශික්ෂිත අන්දමින් හෑල්ලූවට ලක්කොට ඇති නෛතික න්‍යායන් පමණි. ඊට අඩුත් නැත, වැඩිත් නැත. රටේ අගවිනිසුරුවරියව මන්ත‍්‍රීවරුන් ඉදිරියට කැඳවා නිහීන සේ අපහාසයට ලක්කළ හැකි රටක, දැල්වූ ඉටිපන්දමක් අතින් ගෙන සාමකාමී විරෝධයක නියැලෙන සාමාන්‍ය පුරවැසියෙකුට ඇති ආරක්ෂාව කුමක් ද? එය ඇත්තෙන්ම, අනුකම්පා දනවන පැනයකි.

විසම්මුතියේ අභීත හඬවල්

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවේ සාමකාමී විරෝධතා යටපත් කිරීම් සහ ඒවා අවමානයට ලක්කිරීම් ගැන දැනුවත්ව සිටින අපට, දැන් සිදුවෙමින් පවතින දේවල් පිළිගැනීමට පුලූවන් කමක් නැත. මේ අතර, අන්තර්ජාල අවකාශය හරහා මේ මර්දනයට එරෙහිව හඩ නංවන පිරිස් වැඩි වෙමින් තිබීම ප‍්‍රශංසා කටයුතු ය. තමන්ට හෝ තම පවුලේ කාටවත් හිරිහැරයක් නැති තාක් කල් එවැනි සිදුවීම් ගැන අහක බලාගෙන සිටින අයට මෙය ප‍්‍රශ්නයක් නොවේ.

එහෙත්, ආගමික සහ ජාතික ලැව්ගින්නක බියකරු සේයාවන් සහිත පරිසරයක කිසිවෙකුට ආරක්ෂාවක් පිළිබඳ සහතිකයක් නැතිව තිබිය දී, කැස්බෑවන් සේ අප අතර සිටින්නන් අවදි විය යුතු කාලය එළැඹ තිබේ. අප අවට පැතිරෙන වෛරයේ ගිනිසිළු දෙස නොබලා සිටීම දැන්වත් නතර කිරීමට මේ කාලයයි. මාර්ටින් ලූතර් කිං වරක් මෙසේ කීවේය: ''අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඩව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.'' අපේක්ෂා භංගත්වයෙන් පිරි මේ අසාමාන්‍ය යුගයේ දී ඔහුගේ ඒ වික‍්‍රමාන්විත වචනවලට අප සාවධානව සවන්දිය යුත්තේය.


කිෂාලි පින්තු ජයවර්ධන

2013 අපේ‍්‍රල් 21 වැනි දා 'සන්ඬේ ටයිම්ස්' පුවත්පතේ පළවූ What Protection Does a Protester Holding a Candle have? ලිපියේ සිංහල පරිවර්තනය 'යහපාලනය ලංකා' අනුග‍්‍රහයෙනි.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ආයිෂා තුමියගේ විවාහය පිලිබඳ විග්‍රහයක් part 2

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ආයිෂා තුමියගේ විවාහය පිලිබඳ විග්‍රහයක් part 2
Apr 25th 2013, 22:02


බ්‍රහ්මචාරී: මෛථුන සංසර්ගය නොකරන; බ්‍රහ්මචර්යා සම්පන්නවූ; බඹසර රක්ෂා කරණ (බෞද්ධ ශබ්ද කෝෂය 1128 වැනි පිටුව)
තරඟකාරීව තමන්ගේ ශිල්ප දක්වමින් යශෝධරා ඇතුළු හතලිස් දහසක අන්තඃපුර ස්ත්‍රීන් දිනාගත්තේ අනගාරික, බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නට නම් මෙම සියළු ව්‍යායාම යන්හි ඇති අර්ථ ශුන්‍ය හා බොළඳ භාවය වටහා ගැනීමට අපහසු තාවයක් ඇති වේයැයි කිසිවෙකුටවත් කිවහැකිද?
1. අග මෙහෙසියවූ යශෝධරාවන් හා සම අයිතිවාසිකම් අහිමි හතලිස් දහසක අන්තඃපුර කුමාරිකාවන්ගේ තත්වය කුමක්ද? අනගාරික හා බ්‍රහ්මචාරී නොවුවද එක් අයෙකුට කෙසේනම් හතලිස් දහසක අන්තඃපුර කුමාරිකාවන්ගේ කායික හා මානසික අවශ්‍යතාවයන් සපුරා ලීමට හැකිවන්නේද? කාන්තා අයිතිවාසිකම් පිළිබඳව නුතනයේ කටයුතු කරන්නෙකුට මෙය අති භයානක ලෙස මුලික අයිතිවාසිකම් නීතීන් උල්ලංඝනය කිරීමක් ලෙස හුවා දක්වන්නට ඉඩකඩ තිබෙනවා නොවේද?
2. නාභිය පිරිමැදීමෙන් ගර්භාෂයෙහි කලලයක් බිහි කිරීම ගැන සඳහන් කරණ විට විද්‍යාව හා තාක්ෂනය අතින් ඉතා දියුණු නුතනයේ මෙය හාස්‍ය ජනක සුරංගනා කථාවක් ලෙස සලකා ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තියෙනවා නොවේද? ඔබම සිතා බලන්න.
නාභිය පිරිමැදීමෙන් දරු උපතක් ඇති කරවන්නට හැකියැ'යි උගන්වන බෞද්ධ ග්‍රන්ථයන්හි අඩංගු මෙයට සම්බන්ධ කරුණු කිහිපයක්ද ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරුන්ට දම් දෙසීම සඳහා භික්ෂුවක් නම් කරණ ලෙස බුදුන් වහන්සේ වෙත ගොස් ඉල්ලීමක් කරන්නට රජතුමා ඉදිරිපත්වීම පිලිබඳ විස්තර පුජාවලියෙහි සඳහන් ආකාරය විමසා බලමු. අසීමිත බහු ස්ත්‍රී සේවනයක්වූ මෙම තත්වය තුල එම බිසෝ වරුන් පිළිබඳව තහනමක් හෝ එහි නොහොබිනා භාවය ගැන කිසිම බුද්ධ දේශනයක් පුජාවලියෙහි හෝ මුළු ත්‍රිපිටකය තුල හෝ දක්නට නොමැතිවීම අපට කියාපාන්නේ කුමක්ද? ඒ පිළිබඳව නිහැඬියාව රකිමින් 500 ක් බිසෝවරුන්ට දම් දෙසීමට දේශකයෙකු නම් කිරීමෙන් මෙම බහු ස්ත්‍රී සේවනය අනුමත කිරීමක් බුදුන් වහන්සේ විසින් කර ඇති බව නොපෙනේද?
"ඒ වේලෙහි රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා 'තොප හැමදෙනාට බණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි. කවර මහ තෙරකෙනකුන් වහන්සේ අතින් බණ අසනු කමතියාදැ'යි විචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත්වූ භාග්‍ය ඇතිසේක. සියළු ස්ත්‍රී පුරුෂයෝම ඔහු කෙරෙහි ප්‍රේම අතියාහුමය; තවද මධුරවූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලොභය ඇතියවුන් හෙයින් අනික් බසක් නොකියා එසේ වී නම් අපගේ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කැමතියම් හැයි කීහ. එවේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ 'ස්වාමීනි, මාගේ අන්තඃපුර වාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කමතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියනු පරිද්දෙන් අනුදැන වදාළ මැනව'යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වනසේ දැක, 'මහරජ! තෝ නම් වට තැටියක්සේ, මඩෙහි ඉඳුවාලු කීලයක්සේ කැමති පිටකට නමාගත හැකිහ්ය. ආනන්දයෝ නම් සොවාංහ, ඒ බව දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වවු. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්නට සුදුස්සහ, තොම සිහිපත් ඇති වව'යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා 'ආනන්දය! මේ කොසලයාගේ අන්තඃපුරයට දවස් පතා ගොස් බණ කියව'යි වදාළ සේක. එතැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝ වරුන්ට දවස් පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවන සේක. මෙසේ කාලයක් බණ වදාලකළ ඒ පන්සියයක් බිසෝ වරු උන් වහන්සේගේ මධුරවූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුණාවූ ඇතින්නන්සේ චිත්‍රලතා වෙනෙහි ලොභීවූ දෙවඟනන් සේ සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ.
ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
  1. ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නා ලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
  2. පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
  3. පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
  4. පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
  5. පුරුෂයන් පලන් මල් සුවඳ  පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
  6. පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
  7. පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන් උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
  8. මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
  9. පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.
මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනං         
ඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතු

නවභෙ'තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යි
යනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් 'නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය'යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ'යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්‍ෂමා කරවා 'නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ'යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ." (පුජාවලිය – 422/424 වැනි පිටු).
ඉහත කරුණු කෙරෙහි විග්‍රහයක යෙදෙන්නට තරම් බොළඳ භාවයක් අප හට නොමැති හෙයින් විසි එක් වැනි සියවසේ ජීවත්වන ඔබටම මේ ගැන නිගමනයකට එන්නට ඉඩහැර බුදුදහමේ ස්ත්‍රීන් පිළිබඳව උගන්වන තවත් මාතෘකාවක් දෙසට යොමුවන්නට කැමැත්තෙමු.
ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ "බුදු දහමේ පැන විසඳුම් – තෙවන කොටස" යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
"24 – ප්‍රශ්නය: පිරිමින්ව හා ස්ත්‍රීන්ව ඉපදීමට හේතුවන කාර්ම පහදා දෙන්න"
"පිළිතුර: මෙයට පෙර අප විසින් සම්පාදිත මුල් කොටස් වලදී මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව මාගේ මතක යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ සත්ව ලෝකයෙහි සෙසු සත්ව වර්ගයා මෙන්ම සංසාරික සත්ව විශේෂයෙකි.
නමුත් මිනිස් ජීවිත සුගති ආත්ම  භාවයකි. එයින් කියනුයේ යම් කාමාවචර කුශල කර්මයක විපාකයකින් සුගතියක උපන්නෙකි. සංසාර ජීවිත වලදී අප විසින් කරන ලද කුශලා කුශල කර්මයන්හි විපාක ඉදිරිපත්වී පුනර්භවය ලබාදෙයි. පිරිමි ආත්ම භාවයක් ලැබීමට හේතුවනුයේ ද මහා කාමාවචර විපාක සිතකි. කාන්තා ආත්ම භාවයකටද හේතු වනුයේ මහා කාමාවචාර විපාක සිතකි. නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සිය දහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුක විඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ." (105 වැනි පිටුව).
මේ සම්බන්ධව අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත "කර්මය හා විපාකය – 1"  යන ග්‍රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
"කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී, නපුංසකව උපදී, තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවද පරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ" (9-10 පිටු).
ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් මතුවන සාධක කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට කැමැත්තෙමු.
1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිපලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙර භවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ. මෙය මාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද? මනුෂ්‍ය ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයේම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙම මතය තුලින් පළුදු කර ඇත. තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද? ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේ කෙසේද යන්න මහත් ගැටළුවක් වී ඇත.
2. පිරිමි හා ස්ත්‍රී උත්පත්ති අතරේ ඉතා කිට්ටු ප්‍රතිශතයක් පවතින අතර යුද්ධ, අනතුරු ආදිය නිසා පිරිමි ජනගහණ ප්‍රතිශතය සුළු වශයෙන් අඩුවුවද එය සමාජ අර්බුදයක් ඇති කරවන තත්වයට තවම පත්වී නොමැත. ලංකාවේ පැවති අවාසනාවන්ත යුද්ධයෙන් පිරිමින් ඉතා විශාල ප්‍රමාණයක් මිය යෑම හේතුවෙන් පිරිමි ප්‍රතිශතය පහත වැටී ස්ත්‍රී ප්‍රතිශතය ඉහල ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙවැනිම තත්වයක් යුද්ධයෙන් පීඩා විඳි රටවල්වල දක්නට තිබිණ. නමුත් සමස්තයක් වශයෙන් ස්ත්‍රී පිරිමි උත්පත්ති නිගමනය කරන බාහිර සාධක නිරතුරුවම බලපාන තත්වයක් ඇත්තේ නම් ස්ත්‍රී පුරුෂ උත්පත්ති සමතුලිත තාවයේ ඉතා භයානක අර්බුදයක් දැනටම මතු වී තිබිය යුතුය. ඉහත සඳහන් බෞද්ධ කර්ම විපාක සංකල්පය සත්‍යයක් ලෙස අප පිලිගන්නේනම් ස්ත්‍රී උත්පත්තියේ ඉතා බරපතල වර්ධනයක් සමස්තයක් වශයෙන් දක්නට තිබිය යුතුය. අද බොහෝ රටවල්වල සදාචාරය ඉතා සීඝ්‍ර ලෙස පිරිහෙන තත්වයක් මතුවී ඇති අතර ලිංගික අපචාරයේ යෙදීම ඉතාමත්ම සාධාරණ සිදුවීමක් බවට පත්වී ඇත. මේ සම්බන්ධව ඇති බෞද්ධ සංකල්පය සත්‍යය නම් ලිංගික අපචාරයේ යෙදෙන පිරිමි පාර්ශවය උත්පත්ති කිහිපයකදීම ස්ත්‍රී භවය ඇතිව ඉපදිය යුතු වන අතර එසේ ලිංගික අපචාරයේ යෙදෙන ස්ත්‍රී පාර්ශවය සදා උපදින්නේ ස්ත්‍රී භවයක් ඇතිවය. මෙය කෙතරම් සමාජ යතාර්ථයට පටහැනි එකක්ද යන්න බව පිළිගැනීමට ඔබට කිසිම අපහසු තාවයක් ඇතැයි නොසිතන්නෙමු. මෙම සංකල්පයේ ඇති භයානක දුර්වලතාවයන් හේතුකොට ගෙන සසරේ සැරිසැරීම හෙවත් භවයෙන් භවයට උත්පත්ති ලැබීම (නිවන් දකිනා තුරු) පිළිබඳව ඇති බෞද්ධ සංකල්පයේද අඩිතාලම දෙදරීමකට ලක් වන බව ඔබට පෙනෙන්නට ඇතැයි විශ්වාස කරන්නෙමු. මුලික සංකල්පයේ අනු සංකල්ප අවිද්‍යාත්මක වනවිට මුලික සංකල්පය සහතික වශයෙන්ම අවිද්‍යාත්මක වන බව අමුතුවෙන් කිව යුතු නැත. බුදු දහමේ කර්මය හා පුනර්භව සංකල්පය හාස්‍යයට ලක් කරවන තවත් අනු සංකල්පයක් පහතින් විස්තර කර ඇත්තෙමු.
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ "අභිධර්මයේ මුලික කරුණු" නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
 "සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.
"තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොති

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති" යිවිනයෙහි ද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ." (135 වැනි පිටුව)
කම්ම නියාමය සුරංගනා කතාවක් බවට පත් කරවන මෙවැනි තොරතුරු අපට කියා පාන්නේ කුමක්ද? අන්ධ භක්තිය අත හැර සත්‍ය සොයන්නට උත්සාහයක යෙදෙන්නට ඇති අවශ්‍යතාවය නොවේද? ස්ත්‍රීන් සම්බන්ධ බෞද්ධ ඉගැන්වීමෙහි අඩංගු තවත් කරුණක් පහතින් විස්තර කරන්නට කැමැත්තෙමු.
භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීමට ප්‍රජාපති ගෝතමී ඇතුළු පන්සියයක් බිසෝවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ ආනන්ද මහා තෙරුන්ගේ මැදිහත්වීමෙන් අවසානයේදී ඒ සඳහා අවසරය ලබා දෙන ලදී. නමුත් භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීම පිණිස පනවනු ලැබූ ගරු ධර්මයන් (කොන්දේසී) අට ස්ත්‍රීත්වය හා මාතෘත්වය පිළිබඳව කළ නිග්‍රහයක් ලෙස නොසලකා හරින්නට ඉතා අපහසුය.  ඒ පිළිබඳව ඇති විස්තර විමසා බලමු.
"ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලා දකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක. එය කවරහ ද යත්:
1. සියක් වස්ව ගියාවූ මෙහෙනින්නක්වී නමුත් මාගේ සස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ළදරුවූ මහන කෙනෙකුන්ටත් දුරදී දැකම හුනස්නෙන් නැගී පෙර ගමන්කොට වැඳ පුදා ගෞරව කළ මැනව. මේ එක් ධර්මයෙක.
2. තවද භික්ෂුනී විසින් තමන්ගේ කැමැත්ත පරිදි ගිය ගිය තැන්හි වාසය කළ නොහැක්ක. මාගේ භික්ෂුන් වසන්නාවූ ජනපද යෙක එක් වරු ගොසින් වැඳ පුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීපවූ මෙහෙණ  වරෙකම වාසය කළ මැනව. මෙය එක් ධර්මයෙක.
3. තවද දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ෂුන් කරා එළඹ 'ස්වාමීනි, පෞෂත (පසළොස්වක) දිනය කවරේද? භික්ෂුනීන්ට අවවාද දුන මැනවැ' යි ආරාධනා කළ මැනව. මෙයි දු භික්ෂුනීන්ගේ එක් ධර්මයෙකි.
4. තවද, වස් අවසානයෙහි උභතො සංඝයා කෙරෙහිම වස් පැවරුව මනාමය. මෙයිදු එක් ධර්මයෙකි.
5. අවතින් නැගී සිටිනු කැමැති මෙහෙනක් දෙපෝයක් උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරීම.
6. උපසම්පදා කැමැති මෙහෙනක් කාරනා හයක් හික්මී උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලැබීම.
7. තවද කිසියම් කාරනයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආක්‍රෝශ පරිභවයක් නොකළ මනාමය. මෙයිදු එක් ධර්මයෙක.
8. තවද, භික්ෂුනීන් විසින් මාගේ භික්ෂුන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂුන් විසින් භික්ෂුනීන්ට අවවාද කළ මනාමය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගෙන මනාමය. එයිදු එක් ධර්මයෙක.
මේ ගරුවු ධර්මයෝ අටදෙන නම් මාගේ සසුන් වන් මාතුගාමයන් (ස්ත්‍රීන්) විසින් දිවි පමණින් ඒකාන්ත කොට රක්ෂා කළ මනාවූ ගුණධර්ම යැ'යි වදාළ සේක" (පුජාවලිය – 556-557 පිටු)
අෂ්ට ගරු ධර්මයන් පැනවීමට පෙර ස්ත්‍රීන් පිළිබඳව සඳහන් කොට ඇති කරුණු ගැන අමුතුවෙන් අප විසින් කිසිවක් පැවසිය යුතුව ඇතැයි නොසිතන්නෙමු. ධර්මයන් අටද ස්ත්‍රී වර්ගයා කෙරෙහි ඉතා පහත් හා අපහාසාත්මක හැඟීම් දනවන්නක් බව ඔබටද ඉතා හොඳින් පැහැදිලිව අවබෝධ කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු. භික්ෂුන්ට හා භික්ෂුනීන්ට බලපාන නීති රීති දෙස බලන විටද එකම ඇවතට පනවා ඇති ශික්ෂා පද යන්ද භික්ෂුවට හා භික්ෂුනියට වෙනස් ආකාරයෙන් සකසා ඇති ආකාරය ඉතාමත්ම පැහැදිලි ව දක්නට තිබේ. මෙයට පෙර සාකච්ඡා කල කරුණුද එකතුව සලකා බලන විට ඉතා පැහැදිලිව පෙනෙන වැදගත්ම සාධකය නම් බෞද්ධ ඉගැන්වීම් තුල ස්ත්‍රියගේ අයිතිවාසිකම් හා ගෞරවය පුරුෂයෙකුගේ අයිතිවාසිකම් හා ගෞරවයට  සමාන වන අයුරින් සකස් වී නොතිබෙන බවයි. මෙය පැහැදිලිවල පුරුෂෝත්තම සමාජ යක ලක්ෂණයන් බව අමුතුවෙන් කිව යුතුයි කියා නොසිතන්නෙමු. භික්ෂු භික්ෂුනීන්ට අයත් ශික්ෂා පද අතුරින් කාය සංසර්ග නම්වූ සංඝාදීශේෂ ඇවත භික්ෂුවකට සංඝාදීශේෂ ඇවතකි. භික්ෂුනීන්ට එම වැරදම පාරාජිකාපත්තියකි. භික්ෂුවකට පාරාජිකාපත්ති සතරකි. භික්ෂුනියකට පාරාජිකාපත්ති අටකි. භික්ෂුවකට සංඝාදීශේෂ 13 කි. භික්ෂුනියකට දහ හතකි. මෙම කරුණු දෙස බැලු විටද පෙනීයන්නේ භික්ෂුවකට වඩා භික්ෂුනියකගේ නීති පද්ධතිය ඉතා දැඩි හා යුක්තිය පදනම්වූ ඉගැන්වීමක කරුණු ලෙස විග්‍රහ කිරීම දුෂ්කර බවය.
ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසින් රචිත "කාන්තාව හා බුදු සමය" යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු.
"ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය…… ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්,  පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි. ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත" (36 හා 37 වැනි පිටු).
පන්සීය පනස් ජාතක පොත සිංහල බෞද්ධ සමාජයට සාරධර්ම උගන්වන ප්‍රධාන මුලාශ්‍රයන්ගෙන් එකක් ලෙස සලකන්නට සිදුවී ඇත්තේ ධර්ම දේශනාවක් ජාතක කථා උපමාවකින් තොරව සිදුනොවන තත්වයට නුතනයෙදී පත්වී ඇති නිසාය. වෙසක් හා පොසොන් තොරන් වලිනුත් විදහා දක්වන්නේ ජාතක පොතේ කථා වස්තුවකි. මෙතරම් බෞද්ධ සමාජයට සමීපතාවයක් ඇති ග්‍රන්තයක ස්ත්‍රිය හුවා දක්වන ආකාරය සැබැවින්ම ඉතා අසාධාරණ හා අයුක්ති සහගත එකක් බව වීම අන්ත කනගාටු දායක තත්වයකි.
එක් දහමකට අසත්‍ය තොරතුරු යොදාගනිමින් මඩ ගසන විට තමන්ට ද එහි ඵලය බුක්ති විඳින්නට සිදුවන බව යථාර්තයකි. නමුත් අසත්‍ය තොරතුරු අප ප්‍රයෝජනය ගෙන නොමැත. අප ඉදිරිපත් කොට ඇත්තේ නිවැරදි මුලාශ්‍රයන් ගෙන් උපුටා ගත් සත්‍යය තොරතුරු පමණි.
ආයිෂා තුමියට මඩ ගැසීම නැවත්  වූ විගස මෙම ලිපිය ඉවත් කිරීමට අපි නියත වශයෙන්ම කටයුතු කරන්නෙමු. අල් කුරානයේ 6 වන පරිච්චේදයේ 108 වැනි වාක්‍යයෙන් උගන්වන්නේ කිසිම දහමකට අපහාස නොකරන ලෙසය. වෙබ් අඩවි විශාල ප්‍රමාණයක හා මුහුණු පොතේ දැනට ඉස්ලාමයට, නබිතුමාට, දෙවිඳුන්ට කරන්නාවූ අපහාසයන් කරුණාකර නවත් වන්න. මෙය සැමට යහපතක් වනු නොඅනුමාන

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ආයිෂා තුමියගේ විවාහය පිලිබඳ විග්‍රහයක් Part 1

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ආයිෂා තුමියගේ විවාහය පිලිබඳ විග්‍රහයක් Part 1
Apr 25th 2013, 22:02


දිනමිණ 2011 ක්වූ අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා
අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ
දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශවල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනාවලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිලිබඳ අවධානය යොමුකර මෙලෙස විවාහ වීමේ වයස්  සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි. අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශවවල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකිවූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහවීමේ ඉඩ ප්‍රස්ථා අහුරා ඇතැයි ද ඒ මහතා කීය.
උඩරට විවාහ හා දික්කසාද නීතිය.
උඩරට නීතිය අදාලවන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදුවන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියාපදිංචි කල හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි.  මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල්පනත කීප වතාවක් සංශෝධනය කර ඇත. උඩරට නීතිය අනුව විවාහවීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැණු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය. (උපුටා ගැනීම "උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය" – නීතිඥ ආනන්ද එන්. තිලකරත්න)
අද අපට විශේෂයෙන්ම වෙබ් අඩවි මගින් ඉස්ලාමය සමච්චලයට හා විවේචනයට ලක්කිරීමේ දැවැන්ත වැඩ සටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දක්නට ලැබේ. වාසනාවකට මෙන් මෙම වෛර ක්‍රියාවලියේ යෙදී සිටින්නන්ට ඉස්ලාමය පිළිබඳව හෝ බුදු දහම පිළිබඳව හෝ ගැඹුරු දැනුමක් ඇති බව දක්නට නොමැත. ඉස්ලාමයට එරෙහි කිතුනු වන්ගේ වෙබ් අඩවි වලින් කරුණු සොරා ගෙන ගිරවුන් මෙන් සිංහලෙන් ඉදිරිපත් කොට එමගින් ආත්ම තෘප්තියක් ඔවුන් ලබනවා විය හැක. මෙම මානසික විකෘත භාවයෙන් පෙලෙන උදවියගේ රෝගී තත්වය මනෝ චිකිත්සාවේ හඳුන්වන්නේ "Sadism" යනුවෙනුයි. මෙම වචනයට ශබ්දකෝෂ යෙහි යොදා ඇති සිංහල වචනය වන්නේ "පරපීඩාකාමිත්වය" යනුවෙනුයි. ඔවුන්ගේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අන් අයට පීඩාවක් ඇති කොට ආත්ම තෘප්තියක් ලැබීමයි. ඔවුන් ඉස්ලාමයට එරෙහිව ඉදිරිපත්කරන කරුණු මෙන්ම උපයෝගී කරගන්නා අසභ්‍ය භාෂා විලාසය ද ඔවුන් ගේ රෝගී තත්වය වඩාත් හොඳින් සනාථ කරවන්නකි. මෙම අවාසනාවන්ත හා රෝගී පිරිස පිලිබඳ කවි සංකල්පනාවක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
ලිඳක්  බොරවේද  බොල්   පිනි      බෑවාට
කන්දක් පාත්වේද  බලුකුක්කෙක් බිරුවාට
සඳේ කැළුම් අඩුවේද වලාවකින්  වැසුනාට
ඇත්ත නැත්ත වේවිද බේගල් ඇද   බෑවාට
ආයිෂා තුමියගේ (දෙවිඳුන්ගේ ආශීර්වාදය එතුමිය කෙරෙහි අත්වේවා) විවාහය පිළිබඳව ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මගින් දැනට කරගෙන යන්නාවූ ඉතා පහත් ප්‍රචාරය ගැන අප බොහෝ සේ මවිතයටත් කනස්සල්ලටත් පත්ව ඇත්තෙමු. අපගේ බලවත්ම කණගාටුවට හේතුව මෙම ප්‍රචාර ගෙනයන්නේ බුදු දහමේ නාමයෙන් වීම නිසාය. ඉස්ලාමීය විවාහයක් නීත්‍යානුකුල වීමට අවශ්‍යය කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.
1. මනමාලිය වැඩිවියට පත්වී සිටිය යුතුය
2. මනමාලියගේ පුර්ණ කැමැත්ත කිසිම බලපෑමකින් තොරව තිබිය  යුතුය
3. මනමාලයා විසින් මහර් නම්වූ විවාහ තෑග්ගක් මනමාලියට දිය යුතුය
4. මනමාලියගේ පියා හෝ නීත්‍යානුකුල භාරකරුවෙකු සිටිය යුතුය.
5. විවාහය ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු අතර සාක්ෂි කරුවන් දෙදෙනෙකු සිටිය යුතුය.
මෙහිදී විවාදයට ලක්වී ඇත්තේ ආයිෂා තුමියගේ විවාහය සිදුවන විට ඇගේ වයසයි. මෙම වයස පිළිබඳවද මත කිහිපයක් ඇත්තේය. කෙසේ නමුත් ඉස්ලාමයට පහර ගසන්නන්ගේ ස්ථාවරයේ සිට මෙම කරුණ සාකච්චා කරන්නට කැමැත්තෙමි. අරාබි ගැහැණු දරුවන් වයස 9 හෝ 10 වනවිට වැඩිවියට පත්වීම ස්වභාවික වන අතර එම වයස වනවිට ඔවුන් හොඳින් වැඩුණු කාන්තාවකගේ පෙනුමකින් යුක්ත වන්නේය. මා අවුරුදු විස්සක් මැද පෙරදිග පාසැලක රැකියාව කළ අයෙකු වන නිසා මෙහි සත්‍යතාවය හොඳින් දන්නා අයෙකු වන්නෙමි. (ඉස්ලාමයේ විවේචකයින් පවසන පරිදි) අවුරුදු 9 දී වැඩිවියට පත්වුනාට පසුවයි මෙම විවාහය නිශ්චිත වශයෙන්ම සිදුවී ඇත්තේ. මෙහි ඇති ගැටළුව කුමක්ද කියා අසන්නට කැමැත්තෙමු. මෙම විවාහය පිළිබඳව නබිතුමාගේ (එතුමාට දෙවිඳුන්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) යුගයේ කිසිවෙක්, මුස්ලිම් හෝ ඉස්ලාමයේ හතුරන් විසින් හෝ විරුද්ධ මත ප්‍රකාශ කර ඇත්තේදැයි කරුණාකර සොයා බලන්න. සියලු විවේචන මතුවී ඇත්තේ 20 වැනි හා 21 වැනි සියවසේ ඉස්ලාම් විරෝදීන්ගෙන් පමණි. මේ පිළිබඳව පහතින් ඉදිරිපත් කරන කරුණට කරුණාකර පිළිතුරු සපයන්න.
සිද්ධාර්ථ බෝසතුන් හා යශෝධරා දේවිය අතර විවාහය සිදුවන්නේ ඔවුන් දෙදෙනාටම වයස 16 ක් ව තිබියදීය. දිනමිණ පුවත්පතින් උපුටා දක්වා ඇති ප්‍රවෘතිය අනුව නුතනයේ අවුරුදු 16 දී විවාහ වන්නන්ට ලැබෙන දඬුවම කුමක්ද කියා එහි පැහැදිලිව සඳහන්වී ඇත. කරුණාකර එම ප්‍රවෘතිය නැවත කියවා බලන්න. අවුරුදු 2600 කට පෙර වයස 16 දී විවාහ වීම සාමාන්‍ය දෙයක් වූ හෙයින් බෞද්ධ හෝ බෞද්ධ විරෝදී අයෙකු හෝ මෙම විවාහය විවේචනය කරන්නට ඉදිරිපත්වී නොමැති බවයි අපගේ මතය වන්නේ. අවුරුදු 2600 කට  පෙර සිදුවීමකට 20 වන සියවසේ නීති අදාලකොට කතාකරන්නේ නම් එය සාධාරණ පිළිවෙතක් විය නොහැක. ආයිෂා තුමියගේ විවාහය විවේචනය කරන්නන්ට මෙය තේරුම ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? ඔවුන්ගේ තර්කයෙන් කතා කරන්නේ නම් දිනමිණ ප්‍රවෘතියේ දඬුවම සිද්ධාර්ථ බෝසතුන්ට හා යශෝධරා ට කැප දෙයක් ලෙස යමෙක් තර්ක කළහොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ කුමක්ද? එමනිසා වෛරය පදනම් කරගෙන ආගමික නායකයින්ට මඩ ගසන්නට ඉදිරිපත් වන්නේ ඉහත පැහැදිලි කලාක් මෙන් Sadism ("පරපීඩාකාමිත්වය") නමැති මානසික රෝගයෙන් පෙලෙන්නන් පමණි. එතරම් දුර දිග නොගොස් ඔබගේ මුත්තා, කිත්තා, කිරිකිත්තා විවාහ වනවිට ඔවුන්ගේ මනාලියන්ගේ වයස කුමක්ද කියා කරුණාකර සොයා බලන්න. 20 වැනි හා 21 වැනි සියවසේ ක්‍රියාත්මක උඩරට සිංහල නීතිය අනුව විවාහය සඳහා කාන්තාවකගේ නීත්‍යානුකුල වයස අවුරුදු 12 බව ඉහතින් උපුටා දැක්වූ කොටසේ පැහැදිලිව දක්වා ඇත. ලාංකීය ගැහැණු ළමයෙක් සාමාන්‍ය වශයෙන් වැඩිවියට පැමිණෙන වයස පදනම් කරගෙනයි මෙම වයස අවුරුදු 12 තීරණය කරන්නට ඇත්තේ යැයි කිසිම සැකයක් නොමැත.
එක් ආගමික නායකයෙකුගේ විවාහ ජීවිතය දෙස පදනම් විරහිතව මඩ ගසන්නට සුදානම් වනවිට තමාගේ ආගමික නායකයාගේ විවාහ ජීවිතය පිළිබඳව ආගමික හා ඉතිහාස ග්‍රන්ථයන් ගෙන් කරුණු උපුටා දැක්වීම වැළක්විය හැක්කක් නොවේ.
උපන් විගසත් පස් මසක බිලිඳෙකුව සිටියදීත් අදහා ගත නොහැකි අයුරින් ප්‍රාතිහාර්ය ජනක ක්‍රියාවල යෙදෙමින් තමන් නියත වශයෙන්ම බුද්ධත්වයට පිවිසෙන බව සැමටම අඟවා තිබියදීත් සිද්ධාර්ථ බෝසතාණෝ විවාහ බන්ධනයට පිවිසීම අදහා ගත නොහැකි ඵෙතිහාසික සිදුවීමක් බව දැක්විය යුතුව ඇත. මේ සම්බන්ධව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවන්ගේ "බුද්ධ චරිතය" පොතෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
"කම් සැපෙහි දොස් අනන්තය. කළහ වෛර ශෝක නානාවිධ දුක් කරදර ඇති වීමට කම් සැපත මුල්වේ. කම් සැප බියකරුය. කෑ කෙනෙහි දිවි නසන විෂ ඵලපත්‍ර බඳුය. ගිනි ජාලාවක්‌ බඳුය. කඩු මුණතක් බඳුය. මට කම් සැපත කෙරෙහි කිසිම ආශාවක් නැත. ස්ත්‍රීන් මැද විසීම මට රිසි නොවේ. වනයකට වී ධ්‍යාන සමාධී සැපයෙන් වසන්නට ඇතොත් මැනව", මෙසේ සිතා "මගේ අදහස පියාණන්ට දන්වා කිසි සේත් වන වාසයට යන්නට නම් අවසර ගත නොහැක්ක. එබැවින් ඔවුනට කළ නොහැකි දැයක් ලියා දන්වමී'යි සිතුහ" (24 වැනි පිටුව).
සිද්ධාර්ථ බෝසතාණෝ තම ලිපියේ අඩංගු කළ අනාගත බිරිඳගේ ගුණ සමුදාය මිහිපිට ඇති අයෙකුගෙන් සොයාගත නොහැකි ආකාරයේ ලැයිස්තුවකි. මෙයින් බෝසතාණෝ අපේක්ෂා කලේ විවාහයෙන් ඈත්වී සිටීමට මඟකි. නමුත් තම මවගේ සොහොයුරෙකුවූ සුප්‍රබුද්ධ රජුගේ හා තම පියාගේ සොයුරියකවූ පමිතා දේවියගේ දියනියවූ යශෝධරාවෝ සිද්ධාර්ථ බෝසතාණන්ගේ සියළු අපේක්ෂාවන්ට අනුකුලව ඉන්නා බව පැවසීමෙන් මෙම විවාහයට එකඟ වීමට සිද්ධාර්තයන්ට සිදුවූ බව විවිධ බෞද්ධ ලේඛකයින් කරුණු දක්වා ඇත.
විවාහයෙන් ඉවත්වී සිටීමට සිද්ධාර්තයන්ට ලැබුණ ස්වර්ණමය අවස්ථාව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමියෝ විග්‍රහ කරන්නේ පහත සඳහන් අයුරිනි.
"යශෝධරාවන්ගේ පිය රජ ශුද්ධෝදන මහ රජුට පිළිතුරු එවනුයේ 'ආර්යය, ඔබේ පුත් කුමරු රජගෙහිම සිවුමැලි ව වැඩුණේය. සිප් සතර දන්නෙකුට මිස නොදන්නෙකුට අපේ කන්‍යාවෝ නොදිය යුතුය යන්න අපේ කුල ධර්මයෙකි. ඔබේ පුතා කිසිත් නොදනී. කඩු දුනු ආදිය පිළිබඳව වූ ශිල්ප රජකුමරුවන් විසින් උගත යුතුය. ඒ කිසිත් නොදන්නා ඔබේ පුතුට කෙසේ නම් මා දුව දෙන්නෙම් දැ'යි කියා එවීය." (27 වැනි පිටුව).
ඉහත පිළිතුරට සිද්ධාර්ථ බෝසතාණෝ නිහඬ වුවා නම් විවාහය ගැටළුවකින් තොරව මඟ හැරී යෑමට හොඳ හැටි ඉඩ තිබුණි. නමුත් සිද්ධාර්ථ කුමාරයාගේ පිලිතුර වූ "ශිල්ප දන්නවුන් රැස් කරවන්න. මම ශිල්ප දක්වන්නෙමි." (27 වැනි පිටුව) යන්න සැබැවින්ම ඔහුට විවාහය සඳහාවූ කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙස ඕනෑම මධ්‍යස්ථ අයෙකු පිළිගනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මෙම මතයට පටහැනි අදහසක් මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි තම "ධර්ම විනිශ්චය" ග්‍රන්ථයේ දක්වා ඇත.
"භාර්යාවක් සරණ පාවා ගත් කෙනෙකු පැවිදි වුවහොත් භාර්යාව අසරණ වන බැවින් සාමාන්‍ය ලෝක තත්ත්වය අනුව සිතන්නෙකුට මතු පැවිදි වන සිද්ධාර්ථ කුමාරයන් යශෝධරාව සරණ කර ගැනීම වරදක් ලෙස පෙනෙනු ඇත. යශෝධරාව සරණ කර ගැනීම ශුද්ධෝදන රජතුමාගේ යෙදවීමෙන් සිදු වූවාක් මිස සිද්ධාර්ත කුමාරයන් විසින් යොදා ගන්නා ලද්දක නොවේ." (223 වැනි පිටුව).
යුද්ධ හා මිනිස් ඝාතනයන්ට හේතු සාධක වන සටන් ශිල්ප ඇතුළුව තම හැකියාවන් පෙන්වීමට ස්වේච්ඡාවෙන්ම සිද්ධාර්ථ බෝසතාණන් ඉදිරිපත්වීමෙන් මෙය ශුද්ධෝදන රජුගේ බලපෑමෙන් සිදුවූ විවාහයක් ලෙස උගත් මහා නායක හාමුදුරුවන් පෙන්වීමට දරණ උත්සාහය සාවධ්‍යය එකක් බව ඔබට පෙනෙනු ඇත.
සිද්ධාර්ථ බෝසතාණන්ගේ විවාහය පිළිබඳව "පුජාවලියේ" සඳහන් කරුණු වලින් බිඳක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
"තවද සරභඞ්ග ජාතකයෙහි (475 වැනි ජාතකය) බ්‍රහ්මදත්ත රජහට ධනුශිල්ප දැක්වූ පරිද්දෙන්ම; ශර පවුරුය, අක්ෂණ වෙධිය, ශබ්ද වෙධිය, වාල වෙධිය, ශර වෙධිය, ගොඩ විදමනය, දියෙහි විදමනය, ආකාශ විදමනය, දුර විදමනය, ආසන්න විදමනය, යපට විදමනය, තඹපට විදමනය, පිදුරු බිසී විදමනය, වැලි බිසී විදමනය, මී හං විදමනය, උදළු තැටි විදමනය, දිඹුල් පෝරු පියා පෝරු විදමනය, යනාදීවූ නොඑක් ධනුශ්ශිල්ප දක්වා මහත්වූ බල පරාක්‍රම පෑ මුළු ලෝ විශ්මයට පත් කළ දෑය. මේ වික්‍රම දැක සන්තෝෂවූ නෑයෝ තමන් තමන් දු වරුන් සරසා සතලිස් දහසක ශාක්‍ය කුමරියන් අන්තඃපුර කොට පාවා දුන්හ. මෙසේ මාගේ බෝධිසත්ත්වයෝ යශෝධරා දේවීන් ප්‍රධානවු මේ සතලිස් දහසක ස්ත්‍රීන් පිරිවරා මානික්‍ය ශෝභාවෙන් දිලිසෙන්නාවූ කනක ප්‍රාසාද බඳුවූ පිය රජහු කරවා දුන් තුන් ප්‍රසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මදහසලැසි බැල්මෙන් පින පිනා මහත්වූ රාජ්‍යශ්‍රී සම්පත් විඳිනා සඳ, ඒ බෝසතාණෝ එක් දවසක උයන් කෙළි කෙළිනා කැමතිව රථාචාර්යයා කැඳවා මඟුල් රථය සරහා ලවයි කී දෑය." (151-152 පිටු).
විවාහයට අකැමැතිව, එය මඟ හැරීමට උපක්‍රම සොයමින් වනගතව ධ්‍යානලාභීව කටයුතු කිරීමට අපේක්ෂා කළ අයෙකු ලෙස සිද්ධාර්ථ බෝසතානන්ව තම ග්‍රන්ථයේ හඳුන්වා දෙන්නට ආනන්ද මෛත්‍රිය මහා නා හිමියන් කටයුතු කලද සැබැවින්ම බෝසතාණන් යසෝධරාව තම උත්සාහයෙන් දැක්වූ ශිල්ප මගින් විවාහ කර ගැනීමට කටයුතු කර ඇති අතර වාර්තාවක් ලෙස සැලකිය හැකි හතලිස් දහසක අන්තඃපුරයක්ද ඇතිකරගෙන ගත කළ ජීවිතයේ ස්වභාවය පුජාවලියේ සඳහන් කර ඇති ආකාරය කියවන විට ඔබේත් අපගේත් සිත් සතන්හි ඇතිවන හැඟීම් මෙහි විස්තර කර දැක්වීමට අවශ්‍යතාවයක් නොමැති බව විශ්වාස කරන්නෙමු.
සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ මෙම ක්‍රියාව බුදු දහමේ එක් පිරිමියෙකුට අසීමිත ලෙස ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීමට ඇති අයිතිය ලෙස ඕනෑම අයෙකුට විග්‍රහ කළ හැක. මෙය බුද්ධත්වයට පෙර වුවක් ලෙස යමෙකුට අසාර්ථක තර්කයක යෙදෙන්නට ඉඩ ඇත. බුද්ධත්වයෙන් සිදුවන්නේ ගිහි ගෙය අත හැර යෑමක් මිස ගිහි ගෙයි විසීම නොවන බව අප සැවොම හොඳින් දන්නා කරුණකි. බුද්ධත්වයෙන් පසු බහු විවාහය තහනම් කරන කිසිම උපදේශයක් හෝ නීතියක් මුළු ත්‍රිපිටකය තුලම නොමැත. බහු විවාහය පිළිබඳව බුද්ධත්වයෙන් පසු නිහඬතාවය රැකීම එය අනුමත කිරීමක් ලෙස අනිවාර්යයෙන්ම පිළිගැනීමට සිදුවන කරුණකි. මේ පිළිබඳව ඇති බුද්ධ කාලීන සිදුවීම් ඉදිරියේදී විමසා බලමු.
සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ විවාහය පිළිබඳව "ථුපවංශය" ඉදිරිපත් කරණ කරුණු කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.
"…….බෝධිසත්වයෝ හී දණ්ඩෙන් විද දක්වන මණ්ඩප මාලිගා කරණ කොට ගෙන දිව්‍යපුරය දක්වන්නාක් වැනි; සරයෙන් කළ හිනිපෙති පංක්ති කරණකොට ගෙන දෙව්ලොවට නැඟෙන්ට මාර්ග දක්වන්නාක් වැනි; හීයෙන් නොයෙක් ධනුශ් ශිල්ප පා මේඝ පටලයෙන් වැසී ගිය දිශා ඇති රාත්‍රියේ ඝනාන්ධකාරයෙහි සතර ගවුවෙකින් ඈත අස්වලෙක්හි බටුපලක් බැඳ එලවා විදින හීතල සොභාවෙන් එකාලොකකොට නැවත විදි හීයකින් අස්වල නොකපා මැදින් පලා හීය බිම සඟවා විද්‍යා ලෝකයෙහි විද්‍යාමාන සියළු ශිල්ප දක්වා සතුටුවූ රජදරුවන් දුන් සතලිස් දහසක රාජ කුමාරිවරුන් හා හැම දෙනාට නායකවු යශෝධරා දේවීන් ඇතුළු වූ එක්ලක්ෂ සයානු දහසක් පුර ස්ත්‍රීන් සහිතව රජ පැමිණ එකුන් තිස් අවුරුද්දක් ගිහිගෙයි වැස…." (36 වැනි පිටුව).
ථුපවංශයේ 40,000 ක අන්තඃපුර රාජ කුමාරිකාවරුන්ට අමතරව සම්පුර්ණ ස්ත්‍රී සංඛ්‍යාව එක්ලක්ෂ අනු හය දහසක් බව දක්වයි. මෙම සීමාවෙන් තොරවූ ස්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව සාකච්ඡාව පසෙක තබා සිද්ධාර්ථ-යසෝධරා විවාහයෙන් පසු තත්වය විග්‍රහ කරණ ඉතා අපුර්ව සිදුවීම් අන්තර්ගත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් ඉදිරිපත් කිරීම් කෙරෙහි අවධානය යොමු කරමු.
"සිද්ධාර්ථ කුමාරයාත් යශෝධරාවත් වසන මාලිගාව සුද්ධෝදන රජුගේ මෙහෙයවීමෙන් නිරතුරු පැවැත්වෙන නෘත්‍ය ගීත ආදියෙන් හැමදාම මගුල් ගෙයක සිරි දැරීය. කෙතරම් සිරි සම්පත් පිරිවැරුනත් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේත් යශෝධරා දේවීන් වහන්සේගේත් රජගෙහි ජීවිතය උත්සව භූමියක ඉන්නා තපස්වියකුගේත් තපස්විනියකගේත් ජීවිත බඳු විය. ඔහු ලොව තතු සලකා බලනුවෝ එළැඹ සිටි සිහියෙන් කල් යැවුහ. යම්කිසි දවසෙක ගිහිගෙය හැර යා යුතුය, අනගාරික ජීවිතයක් ගතකලයුතුය, යනු දෙදෙනාගේම අදහස විය. තවුසන් මෙන් දිවි ගත කළ ඔවුනට බොහෝ කලක් යන තුරුත් දරුවෙකු නොලැබිණ. යශෝධරාවන් කුස දරුවෙකු පිළිසිඳ ගන්නේ බෝසතාණන්ට අටවිසි වැනි අවුරුද්දෙදීය. බෝසතාණන් වහන්සේත් යශෝධරාවත් මහත්සේත් බ්‍රහ්මචාරීව වුසුහයිද දරුවෙකු නැතිකමේ පාඩුව කියමින් පිය රජුන් කුඩා මෑණියනුත් කරණ කන්නලව්ව නිසා බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ මතයයි. හෙළ දිව විසු ලක්මිණි පහනේ සංස්කාරක අභිධර්මික ධර්මරත්න පඬිතුමා මේ මතය දරුවෙකි." (බුද්ධ චරිතය – 30 වැනි පිටුව – පාද සටහන්ද ඇතුලත්ව).
ඉහත ප්‍රකාශනය හා අනිකුත් කරුණු විසඳුම් නැති ගැටළු රාශියක් මතු කරන්නේය.
1. සිද්ධාර්ථ බෝසතාණන්ගේ හා යශෝධරාවන්ගේ විවාහය සිදුවන්නේ දෙදෙනාටම 16 වැනි විය ලැබූ විටය. නුතනයේ නීති රීති තුලින් මෙම විවාහය දකින අයෙකුට මෙය නීති විරෝධී විවාහයක් ලෙස හුවා දැක්වීමට ඉඩකඩ ඇත. අප මේ මතය නොදැරුවත්, ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව නුතනයේ  කතාකරන අයෙකුට මෙය ළමා අපචාරයක් ලෙසත් විග්‍රහ කරන්නට අවස්ථාවක් ඇත. අවුරුදු 16 යනු, තරුණියක නීතියෙන් විවාහවීමට අවශ්‍ය වයසට වඩා බොහෝ අඩු හෙයින් මෙම මතයට එන්නට ඔවුන් උත්සාහ දැරිය හැක. මෙවන් ගැටළු මතුවන්නේ පෙර සංස්කෘතීන්වල ක්‍රියාකාරකම් ගැන නුතන නීති රීති හා මතයන් මත විග්‍රහ ඉදිරිපත් කරන්නට යාමෙනි. මෙය උඩරට විවාහ නීතියට අදාළ කර බලනවිට නම් ගැටළුවක් මතු නොවේ. නමුත් මෙම නීතිය බිහිවන්නේ 20 වන සියවසේ වීම අප අමතක නොකළ යුතු සාධකයකි.
2. ආනන්ද මෛත්‍රිය මහානාහිමියන් සිද්ධාර්ථ-යශෝධරා විවාහය විග්‍රහ කරන්නට යොදා ඇති පදයන්හි ශබ්ද කෝෂ අර්ථයන් පළමුව විමසා බලමු.
අනගාරික: ගිහිගෙයින් නික්ම සිටින; ගෙදරක් නොමැති; ගිහිගෙය හැර දැමු; පැවිදි. (බෞද්ධ ශබ්ද කෝෂය 79 වැනි පිටුව).

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions