Tuesday, August 21, 2012

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අල් කුර්ආනයේ කතුවරයා කවුද? (1)

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail අල් කුර්ආනයේ කතුවරයා කවුද? (1)
Aug 22nd 2012, 06:19

හදුන්වාදීම
ශුද්ධවූ අල් කුර්ආනයේ කතුවරයා කවුද? මෙම විෂය පිලිබදව, ඕරියන්ටලිස්ට් යනුවෙන් හැදින්වන, පෙරදිග පිළිබද විශේෂ දැනුම ලත් යුරෝපානු විද්වතුන් ලෙස ඉදිරිපත්වූ පිරිස, නොයෙක් තර්ක ඉදිරිපත් කළෝය. එහෙත්, කුර්ආනයට සහ මුහම්මද් ( සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම් ) තුමාට එරෙහිව අදහස් ඉදිරිපත් කිරීමේදී, මෙම යුරෝපානු විද්වතුන් අතර තරගයක් පමණක් නොව එක්තරා සමගියක්ද තිබුණි. කුර්ආනයේ  කතුවරයා පිළිබදව ඔවුන් ඉදිරිපත් කළ ප්‍රධාන සිද්ධාන්ත පිලිබදව අපක්ෂපාති හා අවදානම් සහිත සමාලෝචනයක් කිරීමට, කොටස් වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පොරොත්තුවෙමු. මෙම ක්‍රියාවෙහිලා යුක්ති සහගත තර්ක, ඓතිහාසික සාක්ෂි, පාඨ  පිළිබද විමර්ශන සහ නවීන විද්‍යාත්මක තොරතුරු උපයෝගී කරන්නට අදහස් කරමු.
අරාබියේ මක්කා නගරයේ හයවන ශත වර්ෂයේ උපන් මුහම්මද් ( සල් ) නම් කෙනෙකු විසින් ශු,කුර්ආනය ප්‍රථම වරට පාරායන කරනු ලැබූ බව සියෙළු දෙනාම එකගවන කරුණකි. ශු.කුර්ආනයේ කතුවරයා ගැන විවිධ සංකල්ප ඉදිරිපත් කරන විද්වතුන්, ප්‍රධාන වශයෙන් පිල් තුනකට අයත්වේ.
1. මුහම්මද් ( සල් ) තුමා එහි කතුවරයා යයි එක පිලක් තර්ක කරයි.
2. මුහම්මද් ( සල් ) තුමා ශු.කුර්ආනයේ සැබෑ කතුවරයා නොවෙන බවද, තව මිනිසෙකු ගෙන් හෝ කිහිප දෙනෙකු ගෙන් එතුමා එය ඉගෙන ගත් බවද තව පිරිසක් පවසයි.
3. ශු.කුර්ආනයට මානව කතුවරයෙක් නොමැති බවද, එය දෙවියන් වහන්සේ විසින් මිනිසාට හෙළිදරව් කරනු ලැබූ බවද තෙවන පිරිස පවසයි.
නවීන දැනුම සහ අපක්ෂපාතිව තීරණයක් ගැනීමේ භුක්ති විදීමේ හේතුන් මත, ශු.කුර්ආනය අල්ලාහ් ගෙන් හෙළිදරව් කරනු ලැබූ බව අවංකව පිළිගෙන ඉස්ලාමයට පිවිසෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පැවතීමද, එයින් විශාල පිරිසක් බටහිර රටවලින් උසස් අධ්‍යාපනය ලත් ය බවද මෙහිදී    කැපී පෙනෙන ලක්ෂණය වේ.   (ඉතිරි කොටස ළඟදීම බලාපොරොත්තු වන්න) 

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Saturday, August 11, 2012

මුස්ලිම් කාන්තාව




ස්ත්‍රීන්

මිනිසා බිහිවීමට ස්ත්‍රීයක් අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රථම ස්ත්‍රීය බිහිවුයේ පිරිමියෙකුගෙනි. එනම් ආදම් (අලෙයි) තුමාගේ ඉල ඇටයෙන් ප්‍රථම ස්ත්‍රීය වන අවිව (රලි) තුමියව බිහිකරන ලදී. ඉන්පසු සෑම මිනිසකුම  ස්ත්‍රීය න්ගෙන්ම බිහිවන්නෝය. 

අල්ලාහු තආලා ස්ත්‍රීන් හා පුරුශයින්ව එක සමානව බලන්නේය. ඔවුන්ගෙන් උසස්වන්නේ "තක්වා" නැමැති දේව බිය භක්තිය ඇති අයයි. නමුත් අද පිරිමියා ස්ත්‍රීය තම කෙලි බඩුවක් ලෙස සිතා නොයෙකුත් වදවේදනාවලට ලක්කරයි. සමහරු ස්ත්‍රීය යනු දුෂ්ට බලවේග යයිද ඔවුන් පවුලට අවමානය ගෙනදෙන අය වශයෙන්ද සලකයි.

මෙයට අවුරුදු 1500 කට පෙර අරාබියේද  මෙයටත් වඩා දරුණු ආකාරයට ස්ත්‍රීන්ගේ උරුමයන් කප්පාදුකර ඔවුන්ට පහත නීච ආකාරයට වදදෙනු දක්නට ලැබුණි. ස්ත්‍රීයට වඩා ඔවුන්ට ඔවුන්ගේ අශ්වයා උසස් විය. සමහර ගෝත්‍රිකයින් ගැහැණු දරුවන්ව පණපිටින් වැලලුහ. පිරිමියකුට ඕනෑ තරම් සංඛයාවක් විවාහ කරගෙනීමට හෝ සුරතලියන් ලෙස තබාගැනීමට පුළුවන් විය. ඉස්ලාමියිය ආධිපත්‍ය යටතට ලෝකය පත්වෙත්ම, ස්ත්‍රීන්ගේ තත්වය යහපත් වන්නට විය.

වර්ථමාන ලොව පවා විද්වතෙකු ලෙස සලකනග‍්‍රීකවරුන්ගේ ප‍්‍රබලතම විද්වත් මතවාදියකු වන සොක්රටීස් නැමැත්තාගේ කාන්තාව පිලිබදව අදහස වුයේ
කාන්තාවන් සිටීම ලෝව පරිහාණියට ප‍්‍රබල හේතුකාරකයක් වේ. තවද කාන්තාව යනු විෂ ගසකට සමාන පිරිසකි. එම ගසේ භාහිර ස්වරුපය අලංකාර වේ. නමුත් එහි පලය බට්ටිත්තන් කෑ විගසම එම බට්ටිත්තන් මියයති.

ග‍්‍රීකවරුන් එසේ තීරණය කරද්දී ඊට දෙවැනි නොවී රෝමාවරුන් ද කාන්තාව සම්බන්ධයෙන් විවිධ තීරණ හා අදහස් සමාජ හමුවේ ප‍්‍රකාශ කරන ලදී. එහි වැදගත්ම කාරණය වන්නේ ඔවුන් කාන්තාව පණ නැති වස්තුවක්” ලෙස සලකනු ලැබීමයි. එදා රෝමාවරුන්ගේ සමාජයේ කාන්තාවට කිසිදු ගෞරවයක් හෝ සැලකිල්ලක් හිමි නොවී පැවතුණි. මොවුන් කාන්තාව පණ නැති භාණඩයක් ලෙස සැලකූ නිසා එම සමාජයේ කාන්තාවන්ට රත් කරන ලද තෙල් ශරීරයේ වැක්කිරීම වැනි මිලෙච්ච දඩුවම් පවා කාන්තාවන්ට පමුණුවන ලදී. එසේම කාන්තාව හිංසනයට ලක්කිරීම එම සමාජයේ විනෝදාංශයක්ව පැවතුණි. එය කොතරම් කුරිරු ද යයි පවසනවා නම්කාන්තාවක් අශ්වයකුගේ වලිගයේ බැද එම අශ්වයන් වේගයෙන් දුවවමින් එම කාන්තාවට හිංසනයන් සිදුකරමින් එය බලා විනෝද වීම එම සමාජයේ පිරිමීන්ගේ විනෝදාංශයක් වූ බව ඉතිහාසයේ සදහන් වේ.

කාන්තාව සම්බන්ධයෙන් එදා ලෝක ප‍්‍රතිචාරය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා අප අසැල්වාසී ඉන්දීයාව කෙරෙහි අවදානය යොමු කලේ නම්ඔවුන් කාන්තාව සම්බන්ධයෙන් දැක්වු ප‍්‍රතිචාරයත් ඉහත සදහන් රටවල් දැක්වු ප‍්‍රතිචාරයන්ට දෙවැනි නොවීය. විටෙක ඉන්දියාව ලොව අනිකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටී බව පැවසිය හැක. එනම් සතිපූජාව” නමින් තම ස්වාමියා මියගිය පසු එම මෘතදේහය ආදාහනය කරන මොහොතේ ඔහුගේ බිරිද ද එම ගින්නෙහිම පණපිටින් ආදාහනය කරන සිරිතක් එම සමාජයේ පැවතුණි. එනම් තම ස්වාමියාගෙන් තොර ලොවක් ඇයට සිතීමේ පවා අයිතියක් නොපැවතුණි.

අද දියුණුයැයි කියාගන්නා යුරෝපය හා ඇමෙරිකාව වැනි රටවල් ස්ත්‍රීයව  වැළඳ භාණ්ඩයක් ලෙස සලකා ඔවුන්ව ප්‍රදර්ශනය කර මුදල් උපයයි. ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයවන ආකාරයට ඔවුන්ව මුල්‍යකරණයකර අන්ත අසරණ තත්වයකට පත්කර ඇත. ඔවුන්ගේ ආරක්ෂාවට හා සෙනහසට සිටිය යුතු පියා, සහෝදරයා හෝ ස්වාමි පුරුෂයා ඔවුන්ලවා මුදල් උපාය ගන්න තරමට පහත් තත්වයකට පත්ව ඇත.  මෙම රටවල්වල මෑතක වනතුරුත් ඔවුන්ගේ අයතිවාසිකම්වලට වැටකොළු දමා වසා තබන ලදී. ඔවුන්ගේ නමින් වස්තූන රැස්කිරීම හෝ පාලනය කිරීම තහනම් කර තිබුණි.  

කාන්තා සංවිධාන මහමගට බැස සටන් වැදී තම උරුමයන් ලබගැනීමට වෙහෙසවුහ. ජීවිත පරිත්‍යාග කළහ. මෙයට ප්‍රධාන හේතු වශයෙන් අප දකින්නේ පිරිමියා විසින් නීති රීති සම්පාදනය කර පිරිමි ආධිපත්‍යයට ඔවුන්ව නතු කිරීමයි.

නමුත් ඉස්ලාම් ධර්මයට මෙයට හාත්පසින්ම වෙනස් ස්වරුපයක් ගනී. ස්ත්‍රීන් හා පුරුෂයන් ඔවුන්ගේ ශාරීරික හා මානසික ස්වභාවය අනුව ඔවුනොවුන්ට ආවේනිකවූ නිදහසක් ඉස්ලාමය පිරිනමා ඔවුනොවුන්ගේ අයිතිවාසිකම්, වගකීම් හා යුතුකම් මානව පැහැදිලි කර දී තිබේ.

ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලාඇය අගෞරවයට පත් නොකරඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වාඇය පෝෂණය කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේය” යනුවෙන් නබි (සල්) ප‍්‍රකාශ කළහ. ග‍්‍රන්ථය : අහ්මද්

දියණියන් තිදෙනෙකු සිටඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම්ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක්‍ෂාව සපයනු ඇත” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. ග‍්‍රන්ථය : බුහාරි

අධ්‍යාපනය ලබා දීමහොද (යහපත් අරුතක් ඇති) නමකින් ඇමතිමයොවුන් වියට පත්වූ විට විවාහ කරදීම සියළු පියවරුන්ට තමන්ගේ ගැහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි. ග‍්‍රන්ථය : බුහාරි.

තවද කාන්තාවන්ගේ ස්වභාවය අනුව ඔවුන් ඉතා සියුම් ගතිපැවතුම් ඇති සුන්දර මැවීමකි. ඔවුන්ට කළහැකි දේ හා කලනොහැකිදේද තිබේ.  ඒ අනුව ඔවුන්ට ඉස්ලාම් ක්‍රියාකිරීමට ඉඩ ප්‍රශ ලබාදී තිබෙන අතර සෑම ඉගෙන්වීමක්ම ඔවුන්ගේ යහපතට ආරක්ෂාවට පාදක වෙයි.

දෙවියන් ශුද්ධ අල්-කුර්ආනයේ 4:1 වාක්‍යයෙන් ගැහැණු පිරිමි දෙපාර්ශවයම එකම ආත්මයකින් මවන ලදී. ඔවුන්ගේ දුබලතා සමහරක් හේතුකොට ගෙන ඇති කළ වෙනස්කම් හැරෙන්න වෙන කිසිවක් නැත. ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීමට හා ලබා ගැනීමට දෙපාර්ශවයටම අයිතියක් ඇත. අයිතිවාසිකම් ලබාදීමේදී අල්ලාහ් ගැන බියෙන් කටයුතු කරන්නැයි තදින් ප‍්‍රකාශ කර තිබියදී කාන්තාවන්ගේ පමණක් සමහර අයිතිවාසිකම් උදුරාගනු ලබන්නේ මන්දදෙවියන් විසින් ඔවුන්ට ලබාදුන් අයිතිය උදුරා ගැනීමට අපට ඇති අයිතිය කුමක්ද?

ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති අයිතීන් සමහරක්
* විවාහයකදී මනමාලියගේ කැමැත්ත
* දික්කසාද වීමට පුර්ණ අයතිය
* මව, පියා, සහෝදරයා, පුත්‍රයා හැ ස්වාමිපුරුෂයාගේ අභාවයෙන් පසු වාස්තුවැල අයිතිය.
* තම දේපල තමා කැමැති ආකාරයට පරිහරණය කිරීම.
* අධ්‍යාපනය ලබා තම හැකියාවන්  ප්‍රගුණ කිරීම.
* අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.

ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති ආරක්ෂාවන් සමහරක්
* බාලවියේ දෙමව්පියන්ගේ ආරක්ෂාව.
* විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගේ ආරක්ෂාව.
* අනාත දැරියන්ට ඉස්ලාමියය රජයේ ආරක්ෂාව.

පුරුෂ වුවද ස්ත‍්‍රී වුවද (මෙම දහම) විශ්වාස කර හොද ක‍්‍රියාවන් කරන්නෝද ඔවුන් ස්වර්ගයට ඇතුල් වන්නෝය. ඔවුනට ස්වල්ප ප‍්‍රමාණයකින් හෝ අසාධාරණයන් සිදු නොකරන්නේය. ශුද්ධ වු අල්කුර්ආනය 4-124

යහපත් ක‍්‍රියාවන් කරන කෙනෙකුට ස්ත‍්‍රීය වේවා පුරුෂයා වේවා සැබෑ ව්ශ්වාසවන්තද වේ නම් එවැන්නාට අප මෙලොවේදී ඉතා යහපත් ජීවිතයක් සකස් කර දෙන්නෙමු. එලොවේ දී ඔවුන් ඔවුන්ගේ ශ‍්‍රමයට ප‍්‍රතිපල ලබා දී මේදී ඔවුන් කල ප‍්‍රමාණයට වඩා හොද ප‍්‍රථිපල ලබා දෙන්නෙමු. ශුද්ධ වු අල්කුර්ආනය 16:97

ස්තී‍්‍රය හා පුරුෂයා එකිනෙකාගේ ඌනපූරක ලෙස ඉස්ලාම් සලකයි.
ඔවුන්ගේ ප‍්‍රාර්ථනයට සවන්දුන් ඔවුන්ගේ ස්වාමියා කීවේය. ඔබලාගෙන් ස්තී‍්‍රය හෝ වේවා පුරුෂයා හෝ වේවා කිසිවකුගේ යහකම්වලට යහපත් ප‍්‍රථීපල නොදී මා අපතේ නොයවන්නෙමි. ඔබලා එකින් එකා අනෙකා මත රැඳීසිටින්නෙහිය. ශුද්ධ වු අල්කුර්ආනය 3:195

මේ ආකාරයට දෙවියන් ඉදිරියේ තීරණාත්මක සාධකය වන්නේ ලිංග භේදය නොව ඇයගේ හෝ ඔහුගේ අවනතභාවය හා විශ්වාසණියත්වය බව ඉස්ලාම් අවධාරණය කිරීම තුල ඉස්ලාම් කාන්තාවට ඇයගේ අපේක්‍ෂිත සීමාවට වඩා බොහෝ දෑ ලබාදී ඇති බව පැහැදිලිය. මෙහි සුවිශේෂි කාරණය වන්නේ ලොව සෑම සමයක්ම කාන්තාවගේ ආගමික අයිතිය පවා අහිමි කරද්දී ඉස්ලාම් ඇයගේ ආගමික අයිතිය පමණක් නොවේ ලෞකික ජීවිතයේ ඇයට අවශ්‍ය සියළුම ආකාරයේ වරප‍්‍රසාදයන් නොඅඩුව ලබාදෙන්නේ ඇයගේ කිසිදු ආකාරයක මැදිහත්වීමක් හෝ ආයාචනයකින් තොරවය.