Friday, April 19, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): යුද්ධයෙන් කවුරුවත් දිනුවෙ නෑ, අපි ඔක්කොම පරාදයි

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
යුද්ධයෙන් කවුරුවත් දිනුවෙ නෑ, අපි ඔක්කොම පරාදයි
Apr 19th 2013, 12:57



යුද්ධයෙන් කවුරුවත් දිනුවෙ නෑ, අපි ඔක්කොම පරාදයිජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා වන කතිකාවත ඉදිරියට ගෙන යායුතු බවත්, එය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නො දෙන ලෙසත් දකුණු පළාත් සභා මන්ත‍්‍රී බද්දේගම සමිත හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මෙම අදහස් පළකළේ සර්වජන සහෘද සංසදයේ දෙවැනි වාර්ෂික රැස්වීම මාතර සමූපකාර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ය.

වැඩිදුරටත් අදහස් පළකළ උන්වහන්සේ,

'මිනිසා කියන සත්ත්වයාට හරි වේගයෙන් හැමදෙයක් ම අමතක වෙලා යනවා. ඒ නිසා ආයේ මුල ඉඳන් පටන් ගන්නවා. අවුරුදු 30ක යුද්ධයක් අවසන් වුණා පමණයි. ඒ කාලය තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා බියෙන් ජීවත් වුණේ. ඒ බිය නැවත මේ සමාජයට ගේන්න එපා, ඒකයි අපේ ඉල්ලීම. මේ වෙනකොට අපේ එක් ජන කොටසක් බියෙන් ඉන්නවා අපිට ගහයි ද කියලා. කොයිවෙලේ ලේ වැගිරීමක් වෙයි ද කියලා. මේ වගේ තේරුම්ගන්න බැරි මානසිකත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ බියෙන් කවුරුහරි සතුටක් ලබනවනම් ඔහු මානසික රෝගියෙක්' යැයි පැවසූහ.

තවදුරටත් අදහස් පළකළ සමිත හිමියෝ,

'කැනඩාවෙ රේඩියෝ සාකච්ඡවක දී මගෙන් අහනවා යුද්ධයෙන් කවුද ජයග‍්‍රහණයකළේ කියල. මම කිවුවා, අපි කවුරුවත් දිනුවෙ නෑ. යුද්ධයෙන් අපි ඔක්කොම පරාදයි කියලා. අවුරුදු 30ක් යුද්ධයෙන් අපි ඔක්කොම පරාදයි. වටිනා ජීවිත, දේපළ, දරුවන්ගේ අනාගතය මේ ඔක්කොම අපි නැතිකරගත්තා, එය යළිත් වෙන්න ඉඩදිය යුතු නැහැ. අප එයට සාකච්ඡවකින් හා සම්මුතියකින් විසඳුමක් සොයා යා යුතුයි' යනුවෙන් ද පැවැසූහ.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment