Monday, February 18, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අල් කුර්ආනයේ කතුවරයා කවුද? (3)

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail අල් කුර්ආනයේ කතුවරයා කවුද? (3)
Feb 18th 2013, 15:10

3. ලෞකික සමිපත් එතුමාගේ අරමුණද?
පළමු කොටස    :
http://islaamaya.blogspot.com/2012/08/1.html
දෙවැනි කොටස :
http://islaamaya.blogspot.com/2013/02/2.html

ඉතාමත් පහසු මාවත, කාගේත් ඇල්ම බව සමහරුන්ගේ තර්කයයි. ඒ අනුව, කුර්ආනය අල්ලාහ් ගෙන් පහළවූ බව මුහම්මද් ( සල් ) තුමා පැවසුවේ විශාල ලාභයක අපේක්ෂාවෙන් යයි සමහරු සිතති. යථාර්ථයේ සාක්ෂි හා එම අදහස කිසිසේත් සසේදෙන්නේ නැත. නබිත්වය ලබන්නට පෙර මුහම්මද් ( සල් ) තුමාගේ ආර්ථික තත්වය යහපත් එකක්වූ බව කුරුත් දනිති. විසිපස් වන වියෙහිදී, ධනවත් ව්‍යාපාරික කාන්තාවක් වන කදිජා ( රැලි අල්ලාහු  අන්හා ) තුමිය හා විවාහවී අගහිගකමින් තොරව එතුමා ජිවත්වුහ. වසර පහලවකට පසුව, නබිවරයෙකු ලෙස එතුමාගේ ජිවිතයේ ආර්ථිකය හා සැප සම්පත් ගැන ඊර්ශ්‍යවිමට කිසිදු හේතුවක් නොවිය. 

මුහම්මද් ( සල් ) තුමාගේ බිරිදක් වන ආයිෂා ( රලි ) තුමිය, නිවසේ උයන්නට කිසිදු ආහාරයක් නොමැති හේතුවෙන්, සමහරවිට මාසයක් දෙකක් ලිප පත්තු නොකළ යයි පැවසු බව වාර්තාවේ. එවැනි දිනවල පවුලේ අය, රටඉදි සහ ජලයෙන් කුස පුරවා ගත්හ. සමහර අවස්ථාවලදී, මදීනවාසින් සපයන එළු කිරිද බිමට ලැබිණි. ( මුලාශ්‍රය, ඉමාම් නවවිගේ රියාද් අස් සාලිහීන් ග්‍රන්ථය. )

" පැරණි මුලශ්‍රයෙන් ලැබුණු තොරතුරු අනුව මුහම්මද්ගේ ජීවිතය " යන කෘතියෙහි, මාර්ටින් ලිංස් නම් විද්වතෙක් මෙසේ ලියයි. " නබිවරයා සහ එතුමාගේ පවුලේ අය, ඉතාමත් සකසුරුවමින් ජිවත්වුහ. ( යුදෙව්වරුන් පාලනය කල උතුරු අරාබියේ ) කඃයිබර් පළාත අත්පත් කරගන්නට පෙර, කුස පිරෙන රටඉදි කෑමට ගෙදර අය දැන නොසිටියහ. දවසින් දවස වැඩිවන පවුලේ සමාජිකයන් ජීවත්වූ දිළිදුකමේ සැබෑ ස්වරූපය එයයි. එතුමාගේ බිරියන් ඉතාමත් අත්‍යවශ්‍යදේ පමණක් එතුමාගෙන් ඉල්ලා සිටි අතර, සමහර විට එය පවා දීමට එතුමාට නොහැකිවුණි. "

මෙම තත්වය, තාවකාලික කැපවීමක් නොව, එම පවුල ඇලුම් කළ ජිවන රටාවදවේ. මුහම්මද් (සල්) තුමා කැමතිවුයේ නම්, රජෙක් ලෙස ජීවත්විය හැකි අවස්ථාවක, එතුමා ජීවත්වූ තත්ත්වය වුයේ එයයි. ඇත්ත වශයෙන්ම එතුමාගේ බිරියන් සමහරු, මදීනා වාසින් සැප සම්පත්ව සිටියදී තමන් පමණක් එවැනි දිළිදුකමේ දිගින් දිගට ජීවත්වීම ගැන අසතුටු ප්‍රකාශ කරන්නටවුහ.
මෙම අසහනය ගැන නබිවරයා කනස්සලට පත්ව සිටිනවිට, අල්ලාහ් හෝ නැතහොත් තාවකාලික ලෝකයේ අලංකාරය යන දෙකෙන් එකක් තෝරාගනු මැනවි, යනුවෙන් එතුමාගේ බිරියන්ට දන්වන ලෙස අණ කර කුර්ආන් වැකි පහළවිය.

" අහෝ නබි තුමනි! ඔබේ මෙලොව ජිවිතයද, එහි අලංකාරය කැමැත්තාහු නම් එනු, මම ඔබට පරිභෝගයක් සපයා ඔබ ගෞරවයෙන් මුදවන්නෙමි යයි ඔබගේ බිරියන්ට කියනු.

" ඔබ අල්ලාහුද ඔහුගේ රසුල්වරයද, අන්තිම නිවාසයද කැමැත්තාහු නම්, ඇත්තෙන්ම අල්ලාහ් ඔබගෙන් යහකම් කරන්නවුන්ට මහත්වූ ඵල විපාක පිළියෙළ කර තබා ඇත්තේය. " කුර්ආන් 33: 28 සහ 29 වැකි.

නබි ( සල් ) තුමාගේ නිවසේ, එතුමාගේ කාමරය ගැන උමාර් ( රලි ) මෙසේ පවසයි. " එතුමාගේ කාමරයේ හම් කැබලි තුනක් සහ මුල්ලක බාර්ලි සුවල්පයක් තිබෙනු දුටුවෙමි. තවත් අවට බැලු නමුත්, වෙන කිසිවක් නොතිබුණි. මම අඩන්නට පටන් ගත්තෙමි. " ඔබ අඩන්නේ අයි? "  දැයි එතුමා මගෙන් ඇසුහ. නබි ( සල් ) තුමනි, මම නොඅඩමින් සිටින්නේ කෙසේද? ඔබ තුමාගේ සිරුර මත තිබෙන පැදුරේ ලකුණු මට පෙනෙනවා.එමෙන්ම මෙම කාමරයේ තිබෙන සියළුදේ මට පෙනෙනවා. නබි ( සල් ) තුමනි, අල්ලාහ් අපට වැඩි වැඩියෙන් ආහාර දෙන ලෙස යාච්ඥා කරනු මැනවි. දේව විස්වාසය නොමැතිව, අල්ලාහ්ට නොව තම රජවරුන් වන කෙයිසර් සහ කොස්රොස් වරුන්ට නැමදුම් කරන රෝමානු හා පර්සියානු ජාතීන් ඇළදොළ ගලන උයනේ ජිවත් වනවිට, අල්ලාහ් විසින් තෝරා, පිළිගත් වහලාවන නබිවරයා දරුණු දිළිදුකමේ ජිවත්වන්නට සිදුවී ඇත. " යයි පැවසුවෙමි. කොට්ටයක ඇලවී මම මේ ආකාරයෙන් කථා කිරීම අසු නබි ( සල් ) තුමා, නැගිට වාඩිවී, " යා උමර්, මේ කරණය ගැන ඔබ තවමත් සැක කරන්නේද? මතු ජිවිතයේ සැප පහසුව, මේ ලොවේ සැප පහසුවට වඩා බොහෝ උසස්ය. දේව විශ්වාසය නොමැති අය, සියළු හොද දැයින් මේලොවේ සතුටුවන විට, අපහට ඒවා අනිත් ලොවේ  ලැබෙනු ඇත. " යනුවෙන් කිවේය. එවිට මම " අල්ලාහ්ගේ නබි ( සල් ) තුමනි, මා වෙනුවෙන් අල්ලාහ් ගෙන් සමාව යදින්න. සැබවින්ම මං කර ඇත්තේ වැරැද්දක්. " යනුවෙන් කීවෙමි. ( මාර්ටින් ලිංස්ගේ කෘතියෙන්. )

ආයිෂා ( රලි ) තුමියගේ නිවසෙහි, නබි ( සල් ) තුමාගේ ඇදේ ඇතිරිලි ගැන කෙනෙක් එතුමියගෙන් විමසුවේය. ' ඉදිගසේ පොතු පිරුණු හමකි. ( උරයකි ) ' යයි එතුමිය පිළිතුරු දුන්නාය. 
එතුමාගේ බිරියක් වන හෆ්සා ( රලි ) තුමියට මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළ විට, එතුමිය මෙසේ පැවසුවාය. "  දෙකට නැමූ හන රෙදි කෑල්ලකි. එතුමාට පහසුවනු පිණිස, වරක් එම හන රෙද්ද, හතරට නවා එතුමාගේ ඇඳ මත දැමුවෙමි. පසු දින පාන්දර, " ඊයේ රාත්‍රී ඔබ ඇඳට දැම්මෙ කුමක්දැ? " යි එතුමා විමසුවේය. " ඒ හණ රෙදි කෑල්ලම වෙනද මෙන් නොව, හතරට නමුවෙමි. " යනුවෙන් පිළිතුරු දුන්නෙමි. එවිට " කලින් කළ ආකාරයටම තියන්න. මගේ තහජ්ජුද් ( මධ්‍යම රාත්‍රි ) නැමදුමට අමතර සහනයෙන් බාධාවක් සිදුවෙනවා. " යනුවෙන් මට කිවේය.
මුහම්මද් ( සල් ) තුමාගේ දිළිදුකම, සිය කැමැත්තෙන් තෝරා ගත එකක් බව මෙහිදී පෙන්වා දිය යුතුවෙයි. එතුමාට ත්‍යාග වශයෙන් යමක් ලැබුණේ නම්, ඒවා සියල්ල දුප්පත් ජනතාවට බෙදා දුන් අතර, කිසිවක් තම අවශ්‍යතාවයට නොගත්හ. වරක් ෆිදාක් පළාතේ ප්‍රධානියා ඔටුවෝ හතර දෙනෙක් මත පටවාගත් බඩු පොදි ලැබුණද, ඒවා සියල්ල බෙදා හැරියහ. එතුමා අවසාන හුස්ම හෙලු මොහොතේ, එතුමා සතුව එක තඹ කාසියක් වුවද නොතිබුනි. එතුමා සතුව දීනාර් හතක තිබුණද, ඒවා තමා ළග ඉතිරිවනු ඇතෙයි බියවී, සිය සිය මරණයට දින කිහිපකයට පෙර, දුගීන්ට එය බෙදා දුන්හ. විශිෂ්ට ලෙස ජය ලබා සිටිය එතුමා, මරණාසන්න මොහොත වනවිට ණය බරවී සිටියහ. එතුමාගේ පලිහ පවා, ණයක් සදහා මදීනාවේ යුදෙව් ජාතිකයෙකු ලග, උකස් කර තිබුණු බව වාර්තාවක සදහන්වනවා.

නබිත්වය ලැබීමෙන් පසු, තම මරණය දක්වා මුහම්මද් ( සල් ) තුමා ඉතාමත් සකසුරුවමින් සහිත ජිවිතයක් ගත කළ බව පවසන වාර්තා බොහෝමයක් ඇත. එතුමා ලෞකික සම්පත් රස කරන්නට අදහස් කළ බවට නගන චෝදනාව, ඉතිහාසයේ යථාර්තය හා කිසිසේත් නොසැසදේ. නව කතෝලික විශ්වකෝෂයේ  9 වන වෙළුමේ පිටු අංක 1001 මෙසේ පවසයි. " මුහම්මද් ( සල් ) තුමාගේ ආගමික විප්ලවයට තුඩු දුන්නේ ආර්ථික ලාභය බව චෝදනා නගන්නට සමහරු ඉදිරිපත්වුහ. එහෙත්, කවුරුත් දන්නා යතාර්ථය හා එම කථාව කිසිසේත් එකග නොවේ. "

පළමු කොටස    : http://islaamaya.blogspot.com/2012/08/1.html
දෙවැනි කොටස : http://islaamaya.blogspot.com/2013/02/2.html


You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment