Wednesday, February 27, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): හලාල් සහතිකය - එක්වරම එය බාරගත නොහැකි බව රජය පවසයි

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail හලාල් සහතිකය - එක්වරම එය බාරගත නොහැකි බව රජය පවසයි
Feb 27th 2013, 12:31


සමස්ත ලංකා උලමා සංවිධානය හලාල් සහතිකය ලබාදීම රජයට පැවරීමට සූදානම් බව පැවසූවද එක්වරම එය බාරගත නොහැකි බව රජය පවසයි.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා පැවසූයේ එය සිදුකල හැක්කේ නිසි අධ්‍යනයකින් හා දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්කිරීමෙන් අනතුරුව බවයි.

කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍යය හමුවකට එක්වූ සමස්ත ලංකා උලමා සංවිධානයේ හලාල් සහතික අංශයේ ප්‍රධානී මුර්ෂිඩ් මුලාෆර් මහතා පැවසූයේ, පවතින විවාද සම්පන්න තත්ත්වය හේතුවෙන් හලාල් සහතිකය නිකුත් කිරීමේ වගකීම රජයට පැවරීමට සූදානම් බවයි.

එමෙන්ම රජය විසින් එම වගකීම බාරගන්නා තෙක් සමස්ත ලංකා උලමා සභාව විසින් එම වගකීම ඉටුකරගෙන යන බවත්,
හලාල් සහතිකය තම නිෂ්පාදනවලින් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඉල්ලූම් කර ඇත්තේ එක් ආයතනයක් පමණක් බවත් මුලාෆර් මහතා පැවසීය.

http://mirror.lk/sinhala/news/6339-m-k-d-s-gunawardena

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment