Thursday, February 28, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ලංකා ජමියතුල් උලමාවද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හා එක්වේ!

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ලංකා ජමියතුල් උලමාවද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හා එක්වේ!
Feb 28th 2013, 10:14


ලංකා ජමියතුල් උලමාවද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හා එක්වේ!

අයි.එන්. මොහොමඩ් මිෆ්ලාල්
අයි.එන්. මොහොමඩ් මිෆ්ලාල්
ආගමික අන්තවාදීන් විසින් හලාල් සලකුණට සහ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව කටයුතු කරද්දී මුස්ලිම් සමාජයද තමන් සමග යැයි ජනතාව නොමග යැවීමට ලංකා ජමියතුල් උලමා සංවිධානය නමින් ප්‍රකාශ නිකුත් කරන්නට විය. මෙමගින් ඔවුන් අරුත් ගන්වන්නට උත්සාහ දැරුවේ මුස්ලිම් සමාජය දෙකඩ වු බවට ජනතාව නොමග යැවීමයි. කෙසේ වුවද දැන් එකී ලංකා ජමියතුල් උලමා සංගමයද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට සහය පලකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. මේ එම මාධ්‍ය නිවේදනයයි.

මාධ්‍යය නිවේදනයයි
210-1/5, කෙලින් වීදිය, කොළඹ 11, යන ලිපිනය සහිත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය පහත සඳහන් නිවේදනය මගින් ලංකා වාසී මුස්ලිම් හා මුස්ලිම් නොවන සියළු ජනයා වෙත ඉතා ගෞරව පුර්වකව දන්වා සිටින වග නම්:

1.      මෙම නිවේදනයේ අඩංගු සියළු කරුණු ලංකා ජම්මියතුල් උලමා සංවිධානයේ සියල්ලන්ගේ ඒකමතික තීරණයන් බව පළමු කොට දන්වා සිටින්නට කැමැත්තෙමු.

2.     ලංකා ජම්මියතුල් උලමා  නමින් ක්‍රියාකාරීවූ මෙම සංවිධානය මෙම නිවේදනයේ දින සිට තමන්ගේ සියළු ක්‍රියාකාරකම් නවතා,  සමස්ත ලංකා ජම්මියතුල් උලමා (All Ceylon Jammiyathul Ulama) සංවිධානය සමග පුර්ණ සහයෝගයෙන් කටයුතු කරන්නට තීන්දු කර ඇත. ලංකා ජම්මියතුල් උලමා සංවිධානය මෙම නිවේදනයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කොට අවලංගු කර ඇති අතර අපගේ සංවිධානය වෙත සහයෝගය හා අනුග්‍රහය දැක්වූ සියල්ලන්ට මෙමගින් අවංක ස්තුතිය ප්‍රකාශ කර සිටින අතර මින් ඉදිරියට අංක 211, ඔරාබි පාෂා වීදිය  කොළඹ 10, යන ලිපිනයේ පිහිටා ඇති සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය  වෙත පුර්ණ සහයෝගය හා අනුග්‍රහයන් ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

3.     ලංකා ජම්මියතුල් උලමා නමින් මින් ඉදිරියට කිසිම මාධ්‍යය හෝ අන් කිසිම ආකාරයක නිවේදනයන් හෝ අදහස් දැක්වීමක් කරන්නට බලයක් හෝ අයිතියක් කිසිවෙකුටත් නොමැති බව මෙමගින් දන්වා සිටින්නෙමු. එසේ කිරීමෙන් වැලකී සිටින ලෙසත් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. එසේ යමෙක් කරයි නම් එය බලවත් වරදක් බවත් දන්වා සිටින්නෙමු.

4.     අප විසින් මෙයට පෙර නිකුත් කරන ලද සියළු නිවේදනයන් හා ප්‍රකාශනයන් මෙම නිවේදනය මගින් අවලංගු කරන අතර එම නිවේදනයන් හා ප්‍රකාශනයන් හි අඩංගු වූ කරුණු  පුර්ණ ලෙස හෝ කොටසක් වශයෙන් හෝ මින් ඉදිරියට කිසිවෙකු විසින් කිසිම ආකාරයක මාධ්‍යය මගින් හෝ අන් කිසිම ආකාරයකින් හෝ උපුටා දැක්වීමෙන් වැළකී සිටින ලෙස මෙමගින් ඉල්ලා සිටින්නෙමු. එසේ කිරීම  බලවත් වරදක් බවත් දන්වා සිටින්නට කැමැත්තෙමු.

5.     ඉතා සුළු හේතු මත ආගමික පදනමකින් සංවිධාන හදනවාට වඩා වර්තමානයේ මුස්ලිම් ප්‍රජාවටත් ශ්‍රී ලංකා වාසී සියළු ජනතාවටත් අත්‍යාවශ්‍ය වී ඇත්තේ වාර්ගික පදනමකින් එකිනෙකා සමග දුරස්ථ නොවී තම තමන්ගේ අනන්‍යතාවය සුරක්ෂිත කර ගනිමින් පොදු ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමයි. මෙම කර්තව්‍ය සාක්ෂාත් කර ගැනීමේදී මුස්ලිම් පාර්ශවයෙන් අති මහත් මෙහෙවරක නියැලී සිටින සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය වෙත සියළු මුස්ලිම් වරුන්ගේ පුර්ණ සහයෝගය ලබා දීම ආගමික මෙන්ම සමාජයීය වගකීමක් හා යුතුකමක් ලෙස අපි සලකන්නෙමු. මෙරට බහුතර සිංහල බෞද්ධ  ජනයා  සමගත් අන් සියළු ශ්‍රී ලංකා වාසි සියළු ජනයා සමගත් සුහදත්වයේ හා සහෝදරත්වයේ බැමි ශක්තිමත් කොට සැමට සාමයෙන් හා සෞභාග්‍යයෙන් සපිරි රටක් ගොඩ නගා ගැනීමට අත්වැල් බැඳ ගැනීම ශ්‍රී ලංකා වාසි සියල්ලන්ගේ වගකීම ලෙසත් සලකන්නෙමු.  


අයි.එන්. මොහොමඩ් මිෆ්ලාල්
ලේකම්
ලංකා ජමියතුල් උලමා සංවිධානය


සංස්කාරක සටහන:
ලාංකීය මුස්ලිම් සමාජය දෙකඩ කරන්නට වෙරදැරු රුදුරු බලවේග වල කුමන්ත්‍රණ ව්‍යර්ථ කළ අල්ලාහ්ට අපගේ සියළුම ප්‍රශංසාව හිමිය.  
- See more at: http://www.anvermanatunga.com/2013/02/27/lanka-jamiyathul-ulama-sinhala/#more-3407

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment