Tuesday, February 12, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): මුස්ලිම් ජනතාවත් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් වැඩකළා

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
මුස්ලිම් ජනතාවත් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් වැඩකළා
Feb 12th 2013, 11:34


මුස්ලිම් ජනතාවත් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් වැඩකළා
ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ට ඉතා දීර්ඝ ප්‍රෞඪ ඉතිහාසයක් ඇතැයි ද බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීම සඳහා මුස්ලිම් නායකයන් ඉටුකළ සේවාව ඉතිහාසයේ නො මැකෙන අයුරින් සනිටුහන් වී ඇතැයි ද සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සම්මේලනයේ මහනුවර ශාඛාවේ සභාපති  මව්ලවි ෂායික් ෆාෂල් අර් රහුමාන් කොළඹ දී පැවැසී ය.
නිදහස ලබා ගැනීමෙන් පසුව වුව ද මේ දක්වා ම මුස්ලිම් නායකයන් හා එම ජනතාව කටයුතු කර ඇත්තේ මාතෘභූමියේ උන්නතිය හා සමඟිය වෙනුවෙන් බව කවුරුත් දන්නා කරුණක් යැයි ද මව්ලව් රහුමාන් ප‍්‍රකාශ කළේ ය.
මව්ලව් තුමා මෙසේ ද පැවැසීය.
'මුස්ලිම්වරුන්ට එරෙහිව අද විවිධ චෝදනා මතවාද පැතිර යමින් පවතිනවා. මෙය වසර 1200ක් තිස්සේ අප සෙසු ජාතීන් හා පවත්වාගෙන ආ සහජීවනය බිඳ දැමීමට එක්තරා කණ්ඩායමක් ගෙන යන ද්වේශසහගත පදනම් විරහිත ක‍්‍රියාවක් බව ද පළමු කොට කිව යුතු යි.
තිස්වසරක බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් මාතෘභූමිය රැකගැනීමේ අරගලයේ දී විශේෂයෙන් ම උතුරු නැෙඟනහිර පළාත්වල මුස්ලිම් ජනයා අති මහත් ලෙස පීඩාවට පත්වූ අතර ජීවිත හා භෞතික සම්පත් විශාල ලෙස අහිමි කරගනු ලැබුවා.
පශ්චාත් යුද සමයේ රටට එරෙහිව ජාත්‍යන්තරයෙන් මතුවූ නිමක් නැති කුමන්ත‍්‍රණ පරාජය කිරීමට ද මුස්ලිම් සමාජය ලබාදුන් දායකත්වය අති විශාලයි.
පසුගිය ජිනීවා සමුළුවේ මුස්ලිම් රාජ්‍යයන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ නායකයන් ජිනීවා නගරයේ දින ගණන් රැඳී සිට පූර්ණ කැපවීමෙන් කටයුතු කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මුස්ලිම් රාජ්‍යයන්ගේ ඡුන්දය පවා ලබාගැනීමට හැකිවුණු බව ද අප අමතක නො කළ යුතුයි.
අප සම්මේලනය මඟින් සමාජ සහජීවනය පිළිබඳ ව මුස්ලිම් ජනයා දැනුවත් කිරීම පිණිස නිල ලේඛනයක් සකසා ඔවුන් අතට පත් කර තිබෙනවා.
අපගේ මතය වන්නේ සියලූ ගැටලූ නිරාකරණය කරගත යුත්තේ අදාළ පාර්ශවකරුවන් අතර පවතින සුහදතාවය හා අවබෝධය පදනම් කරගත් සංවාදයක් තුළින් පමණක් බවයි.
ජන සමූහයක් ලෙස ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරුන් ආගමික හෝ ජාතික ගැටලූ ඇති කරන්නට කිසිවිටෙකත් කටයුතු නො කරන බව ද කිව යුතුයි.

http://lankacnews.com/sinhala/news/90293/

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment