Sunday, February 3, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): මුස්ලිම් ජනතාව ‘නිකරුනේ විවේචනය කරන්න එපා’

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
මුස්ලිම් ජනතාව 'නිකරුනේ විවේචනය කරන්න එපා'
Feb 3rd 2013, 16:33


මුස්ලිම් ජනතාව 'නිකරුනේ විවේචනය කරන්න එපා'

by 

අපෙන් NEWS



මුස්ලිම් ජනතාව කිසිදු අවස්ථාවක රටට ද්‍රෝහී වී නැති බව පවසන මුස්ලිම් නායකයෝ, විශේෂයෙන්ම රහසිගත ජිහාඩ් සංවිධානයක් පිළිබඳව පළ වන ප්‍රචාරයන් ද තරයේ ප්‍රතික්ෂේප කරති.
nmameen
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන්, අවබෝධයකින් තොරව මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය විවේචනය නොකරන මෙන් ශ්‍රී ලංකාවාසීන් ගෙන් ඉල්ලීමක් කළේය.

"මුස්ලිම්වරු ඇයි මේ රටේ ජිහාඩ් කළ යුත්තේ? අපි මේ රටේ වෙන කොටසක් ඉල්ලන්නේ නෑ. කොහෙවත් එහෙම සංවිධානයක් තියනවා නම් අපි ඉල්ලා සිටිනවා, මේ රටේ දක්ෂ ආරක්ෂක ව්‍යුහයක් තියනවා, ඒ අයට සොයාගන්න පුළුවන්," යනුවෙන් ද එන් එම් අමීන් සභාපතිවරයා සඳහන් කළේය.

අන්තවාදීන්

මුස්ලිම් ප්‍රජාව අතර අන්තවාදීන් සිටින්නේ නම් ඔවුන්ට දඬුවම් පැමිණවීම පිළිබඳව තම සංවිධානයේ කිසිදු විරෝධයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
වෙළඳපොළට නිකුත් කෙරෙන මස් වලට හලාල් සහතිකය නිකුත් කිරීම මගින් ජමියතුල් උලමා සභාව විශාල ආදායමක් උපයා ගන්නා බවට එල්ල වන චෝදනා ද මුස්ලිම් නායකයෝ ප්‍රතික්ෂේප කළහ.
එම සහතිකය නිකුත් කිරීම කිසිදු ආකාරයක ව්‍යාපාරයක් නොවන බව අවධාරණය කළ ජනාධිපති නීතිඥ අලි ශබ්රි, එය හුදෙක්ම මුස්ලිම් ජනතාව වෙනුවෙන් සැපයෙන සේවාවක් බව ද පැවසීය.
මුස්ලිම් ජනතාවට එරෙහිව රට තුලින් මතුවෙමින් තිබෙන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම් වස් ආණ්ඩුව ගෙන තිබෙන පියවර පිළිබඳව සෑහීමකට පත්වන බව ද මුස්ලිම් නායකයෝ පැවසූහ.
අල් කයිඩා සහ තාලිබාන් සංවිධාන ශ්‍රී ලංකාවේ තහනම් කළ හොත්, රටේ මුස්ලිම් ජනතාවට හිරිහැර කිරීම සඳහා එම නීති යොදාගැනීමේ අවදානමක් පවතින බව ද ශ්‍රී ලංකා මුස්ලිම් නායකයෝ පවසති.
ජනාධිපති නීතිඥ එම් එම් සුහයිර් එම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ඇතැම් බෞද්ධ සංවිධාන මගින් කලක් මුළුල්ලේ ගෙන යන ප්‍රචාරවලට ප්‍රතිචාරය පළ කිරීම පිණිස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
http://apennews.com/
From:bbc

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment