Tuesday, February 19, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): විපක්‍ෂ නායකගේ ප්‍රකාශ ලැව් ගිනි පැතිරවීමක්‌ වගේ

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
විපක්‍ෂ නායකගේ ප්‍රකාශ ලැව් ගිනි පැතිරවීමක්‌ වගේ
Feb 20th 2013, 05:47



විපක්‍ෂ නායකගේ ප්‍රකාශ ලැව් ගිනි පැතිරවීමක්‌ වගේ
- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

සුළු සිද්ධීන් හාරා අවුස්‌සමින් විපක්‍ෂ නායකවරයා විසින් කරනු ලබන ප්‍රකාශ ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවා දැමීමට නොව ඒවා ලැව් ගිනි මෙන් පැතිරවීමට උපයෝගී වන බව සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්‌ථාවර නියෝග යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සභානායකවරයා මෙසේද කීය.

විපක්‍ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින ස්‌ථාවර නියෝග 23/2 යටතේ නගා ඇති ප්‍රශ්නයට පදනම් වී ඇත්තේ මා විසින් මෙම ගරු සභාවේදී 2013 පෙබරවාරි මස 07 වන දින ලබා දෙන ලද පිළිතුරු මතයි. විපක්‍ෂ නායකවරයා විසින් 2013 පෙබරවාරි මස 06 වන දින මතු කරන ලද ප්‍රශ්නය සම්බන්ධයෙන් විස්‌තරාත්මක පිළිතුරක්‌ මා 2013 පෙබරවාරි මස 07 වන දින මෙම ගරු සභාවේදී ලබා දුන් අතර එතුමාගේ ප්‍රකාශයේ සඳහන් පහත දැක්‌වෙන ඡේදය කරුණු විකෘති කොට දැක්‌වීමක්‌ බවත් එම ඡේදයට අදාළව පහරදීම කර ඇත්තේ කුමන ස්‌ථානයන්හි පිහිටි කුමන මුස්‌ලිම් දේවස්‌ථානයන්ටද යන්නත් එසේ පහර දුන්නේ යෑයි කියනු ලබන දින වකවානු මොනවාද යන්නත්, ඉදිරිපත් කරන ලෙස මා එතුමාට අභියෝග කළ බව සත්‍යයකි. එතුමා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ මුස්‌ලිම් දේවස්‌ථාන 10 කට පහරදීම් කර ඇති බවය. එහෙයින් මාගේ අභියෝග භාර ගනිමින් එතුමා කළ යුතුව තිබුණේ මෙම ප්‍රකාශයේදී එකී මුස්‌ලිම් දේවස්‌ථාන නම් කිරීමත් සිද්ධීන් සිදුවූයේ නම් එසේ සිදුවූ දිනයන් ඉදිරිපත් කිරීමත්ය.

එහෙත් ඒ වෙනුවට විපක්‍ෂ නායකවරයා කර ඇත්තේ ප්‍රශ්නයෙන් ලිස්‌සා යැමක්‌ පමණකි. ඔහුගේ අද දින ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ 2012 ජුලි මස 26 වන දින සුඩර් ඔලි නම් පුවත්පතෙහි වාර්තා කර ඇතැයි කියන ඉඟුරුවත්ත පල්ලියට භික්‍ෂූන් වහන්සේලා බලෙන් ඇතුළු වූයේ යෑයි කියන සිද්ධිය හා අඹන්පොළ පල්ලියට පිරිසක්‌ බලහත්කාරයෙන් ඇතුළු වූයේ යෑයි කියන සිද්ධියත් 2012 අප්‍රේල් 14 වන දින ටී. එම්. බදුර්දීන් නමැත්තකු විසින් ජනාධිපතිතුමා වෙත යවන ලදැයි කියන ලිපියක සඳහන් අක්‍රම් පල්ලියේ සිද්ධියක්‌ වූයේ යෑයි කියන කරුණු පමණකි. එතුමා තමන්ගේ මුල් ප්‍රකාශයේ සඳහන් කරන ලද පල්ලි දහයකට පහර දීම පිළිබඳ විස්‌තර හා දින වකවානු ලබාදී නෑ. එසේ ලබාදී නැත්තේ එවැනි සිද්ධීන් සිදු නොවූ නිසා බව නිගමනය කළ හැක.

එහෙයින්, මා මෙම ගරු සභාවට රජය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ස්‌ථාවරය නිවැරැදි බව නැවතත් කියා සිටිමි.

අන්තවාදීන් විසින් ජාතික හා ආගමික සමගිය විනාශ කිරීම සඳහා ගෙන යනු ලබන ක්‍රියාවන් පිළිබඳව විමසිලිව විමර්ශනය කොට ඒවා මැඩලීම සඳහා අවශ්‍ය වාතාවරණය සකස්‌ කිරීමත් මේ පිළිබඳ සෑම ජන කොටසක්‌ම දැනුවත් කොට ආගමික හා ජාතික සමගියේ වැදගත්කම ජනතාවට ඒත්තු ගැන්වීම රජයේ මෙන්ම විපක්‍ෂයේද කාර්යභාරය වේ. එහෙත් විපක්‍ෂ නායකතුමා නැවත නැවතත්, සුළු සිද්ධීන් හාරා අවුස්‌සා අසත්‍ය පුවත්පත් වාර්තා මත කරනු ලබන මෙවැනි ප්‍රකාශයන් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවා දැමීම සඳහා නොව ඒවා ලැව් ගින්නක්‌ මෙන් පැතිරවීම සඳහා උපයෝගී වන බව කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ජනාධිපතිතුමා හා රජයේ මැති ඇමැතිවරුන්ගේ පූර්ණ සහයෝගය හා කැපවීම මතත්, ගරුතර මහා සංඝරත්නය හා සියලු ආගම්වලට අයත් ගෞරවණීය පූජකතුමන්ලාගේ හා ආගමික නායකයන්ගේ බලවත් අධිෂ්ඨානය හා ක්‍රියාශීලීත්වය මතත්, පොලිස්‌ දෙපාර්තමේන්තුවේ බලවත් පරිශ්‍රමය මතත්, ජාතිවාදී හා ආගම්වාදී ක්‍රියාවන් පැතිර යැමට ඉඩ නොදී මුල් අවස්‌ථාවේදීම ඒවා යටපත් කර දැමීමට හැකිවීම ජනතා ජයග්‍රහණයකි. ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් කෝලාහල මතු නොවන ලෙස ඉවසිල්ලෙන් හා ඥනාන්විතව කටයුතු කිරීමේ වගකීම රජයට මෙන්ම විපක්‍ෂයටද ඇති බව පෙන්වා දෙන අතර මේ සඳහා විපක්‍ෂය ලබා දෙන සහයෝගය රජයට ලබාදෙන සහයෝගයක්‌ නොව මාතෘ භූමියට කරන වගකීමක්‌ හා යුතුකමක්‌ වනු ඇත.


http://www.divaina.com/2013/02/20/news29.html

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment