Monday, May 6, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අසාත් සාලි රැඳවුම තුලින් මුස්ලිම් ජනතාව තුල ආන්ඩුව අප්‍රසාදයට

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail අසාත් සාලි රැඳවුම තුලින් මුස්ලිම් ජනතාව තුල ආන්ඩුව අප්‍රසාදයට
May 7th 2013, 06:06


අසාද් සාලි මහතා ජාත්‍යන්තර මට්ටමින් සිදුකර ඇති ප්‍රකාශයක් ඇතුළු ‍චෝදනා 18ක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරන බවද සාලි මහතාට විරුද්ධව විශාල මූල්‍ය වංචාවක් ගැනද චෝදනා ඇතැයි ද ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.

කොළඹදී 2013 මැයි 06 පැවති මාධ්‍ය හමුවක දී ඔහු ඒ බව සඳහන් කළේය. එම පැමිණිලි 18 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමෙන් පසු ඔහු නිදහස් කිරීමට පියවර ගනු ඇති බව හුළුගල්ල මහතා එහිදී පවසා ඇත. රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින අසාද් සාලී මහතා දැන් සාමාන්‍ය පරිදි ආහාර ගන්නා බැවින් ඔහුගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව ඔහු සඳහන් කර ඇත.

සාලි මහතා විසින් තමිල්නාඩුවේ චෙන්නායි නගරයට ගොස් රටට එරෙහිව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරන බව හෙතෙම පැවසීය. රටට විරුද්ධව තවත් රටකට ගිහින් එසේ ප්‍රකාශ කිරීම යුක්ති සහගත නොවන බවත්, මුස්ලිම් ජනතාව කවදාවත් මේ ර‍ට පාවාදෙන ප්‍රකාශ කරන්න යැයි කිසිවිටෙකත් පවසා නැති බවත් හුළුගල්ල මහතා කීවේය. එම ප්‍රකාශය මේ රටේ මුස්ලිම් ජනතාවට කළ අපහාසයක් යැයි ද ඔහු පවසා ඇත.

ලක්ෂ්මන් හුළුගල්ල මහතාට හදිසියේ මුස්ලිම් ජනතාවට අසාත් සාලි මහතා විසින් අපහාස කිරීමක් ගැන කැක්කුමක් ආවේ කෙසේදැයි යන්න මවිතය දනවන කරුණකි. පසුගිය කාලවකවානුව තුල මුස්ලිම් ජනතාවට සහ ලංකාවේ මුස්ලිම් නායකත්වයට තොග පිටින් බොදු බල සේනාව සහ ජාතික හෙළ උරුමයට අයත් ආගම්බේධකාරීන් අපහාස කරන විට හුළුගල්ල මහතා සිටියේ කොහේද? ඔවුන්ව අත්අඩංගුවට ගත්තාද?

නමුත් අත් අඩංගුවේ පසුවන අසාත් සාලි මහතා උපවාසය හමාර කළ බවට රජය කළ ප්‍රකාශය පවුලේ ඥාතීහු තරයේ ප්‍රතික්ෂේප කරති. ඊයේ අසාද් සාලි ගේ දියණිය අමීනා සාලි රෝහලට ගොස් පැමිණි විගස බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඔහුගේ සෞඛ්‍ය තත්වය ඉතා දුර්වල මට්ටමේ පැවති අතර තවමත් උපවාසය නතර කර නොමැති බවයි.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලනික කාර්යයන් සඳහා භාවිත කළහොත් එය ශ්‍රී ලංකාවේ පැවැත්මට ඉතා බරපතල තර්ජනයක් වනු ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසා ඇත. ලංකා රජය විසින් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන් හෙළා දකින බව සඳහන් කරමින් එම කොමිසම නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

එය පෞද්ගලික නිදහසට මෙන් ම නීතියේ ආධිපත්‍යයට ද පටහැනි බව එම නිවේදනයේ සඳහන්ය. ව්‍යවස්ථාවට අනුව, අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකුට එම අත්අඩංගුවට ගැනීමට හේතුව දැනුම් දිය යුතු බව ද එහි දැක්වේ. ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ,  අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා ද අසාත් සාලි මහතා අත්අඩංගුවට ගැනීම දැඩිව විවේචනය කර ඇති බවය. මේ අතර, අසාද් සාලි මහතා නිදහස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ, සෞඛ්‍ය කරුණු මත අසාද් සාලි මහතා නිදහස් කිරීමට අවධානය යොමු කරන ලෙසය.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය සහ ත්‍රස්තවාදය වැළැක්විමේ පනතේ 2, 1 ඌ වගන්තිය යටතේ වන වැරදි සම්බන්ධයෙන් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සදහන් කළේ, විවිධ ජන‍කොටස් හා ආගමික කොටස් අතර එදිරිවාදිකම් හා අසමගිය ඇති කරන ආකාරයේ ප්‍රකාශ කිරීම මෙන්ම, ශ්‍රී ලංකා ආණ්ඩුවට විරෝධය දැක්වෙන ආකාරයේ හැඟීම් ඇවිස්සෙන ප්‍රකාශ කිරීම අදාළ චෝදනා අතර වන බවය.

කෙසේ වෙතත් ඉහත ප්‍රකාශ වලින් අපට සනාථ වන්නේ රජය විසින් අසාත් සාලි මහතාට ආගම් අතර බේධය ඇතිකරන ප්‍රකාශ කළා යැයි සහ එමගින් මුස්ලිම් වරුන්ට අපහාස කළා යැයි මතවාදයක් ඇති කිරීමට දුර්වල උත්සාහයක නිරත වන බවයි. මෙමගින් රජය උත්සාහ කරන්නේ ආන්ඩුවට එරෙහිව නැගී එන මුස්ලිම් විරෝධය සමනය කරගැනීමයි. නමුත් දමිල මාධ්‍ය තුල සහ වෙබ්අඩවි වල දැක්වෙන පුවත් වලින් පැවසෙන්නේ මෙය ආරක්ෂක ලේකම් වරයා විසින් කරන ලද පුද්ගලික පලිගැනීමක් බවයි. ලංකාවේ මුස්ලිම් ජනතාව තුල දැන් ආන්ඩුව කෙරෙහි දැඩි අප්‍රසාදයක් මතුවෙමින් පවතින අතර මෙයට සෘජුවම වගකිව යුත්තේ ආරක්ෂක ලේකම් වරයා බව ඔවුන්ගේ අදහසයි.



සකස් කිරීම මිරර් වෙබ්අඩවිය ඇසුරිණි

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment