Sunday, May 5, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): පොලිසිය ත්‍රස්ත නීතිය ය‍ටතේ මුස්ලිම් දේශපාලන නායකයා අත් අඩංගුවට ගැනීම – කේ. රත්නායක විසිනි

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
පොලිසිය ත්‍රස්ත නීතිය ය‍ටතේ මුස්ලිම් දේශපාලන නායකයා අත් අඩංගුවට ගැනීම – කේ. රත්නායක විසිනි
May 5th 2013, 11:44

අසාත් සාලි


ශ්‍රී ලංකා පොලිසියේ කොලඹ අපරාධ විමර්ශන ඒකකය විසින් මුස්ලිම්-දෙමල ජාතික සන්ධානයේ නායක අසාද් සාලි, ත්‍රස්තවාදය වැලක්වීමේ පනතේ නීති ය‍ටතේ මැයි 2 දා අත් අඩංගුවට ගත්තේ ය. ඔහුට විරුද්ධ ව ඇති පැමිනිලි ඔස්සේ සාලිගෙන් ප්‍රශ්න කර ගෙන යන බව පොලිසිය ප්‍රකාශ කර ඇතත් රඳවා ගැනීමේ නියෝග යටතේ ඔහු රඳවා ගෙන සිටි‍න්නේ දැයි පැහැදිලි නැත. 

ආරක්ෂක අමාත්‍යාංශයේ උසි ගැන්වීම යටතේ කර ඇති මෙම අත්අඩංගුවට ගැනීම රාජපක්ෂ ආන්ඩුව ගෙනයන දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ අලුත් ම සිද්ධිය යි. ආන්ඩුව මෙම අත්අඩංගුවට ගැනීම මගින් මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කන්ඩායම් ගෙනයන ප්‍රකෝපකරනයන්ට තල්ලුව දී ඇත.

කොලඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නියෝජ්‍ය පුරපතිවරයෙක් ලෙස කටයුතු කල සාලි පසු ව රාජපක්ෂගේ පාලක සභාගයට මාරු විය. යලිත් කොලඹ නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස් වී ආන්ඩුවට සහයෝගය දීම නතර කල ඔහු, මුස්ලිම්-දෙමල ජාතික සන්ධානය පිහිටුවා ගත්තේ, මුස්ලිම් ජනයාට කෙනෙහිලිකම් කිරීම ගැන ආන්ඩුව විවේචනය කරමිනි. තමන් අත්අඩංගුවට ගැනීමට යන බව දැනගෙන සාලි සති කිහිපයක් ම පොලිසිය මඟ හැරියේ ය. බ්‍රහස්පතින්දා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ, කොලඹ කොලොන්නාවේ සිය දියනියගේ නිවසේ සිටිය දී ය.

ආරක්ෂක අමාත්‍යාශයේ ප්‍රකාශක ලක්ෂ්මන් හුලුගල්ල ජනමාධ්‍යයට සඳහන් කලේ, සාලි අත්අඩංගුවට ගන්නා ලද්දේ, "ආන්ඩුවට විරුද්ධ ව උද්ඝෝෂනය කිරීමේ මුවාවෙන් ජනවාර්ගික හා ආගමික එකමුතුවට හානි කිරීමේ ඉලක්කය ඇතිව මහජනයා උසි ගැන්වීම" නිසා බව යි. හුලුගල්ලේ වත් ආරක්ෂ අමාත්‍යාංශය වත් එම චෝදනා සනාථ කරන කිසිදු සාක්ෂ්‍යයක් ඉදිරිපත් කර නැත.

මෙම බොරු හේතු දැක්වීම් නො ව, මුස්ලිම්-දෙමල ජාතික සන්ධානයේ නායකයා අත්අඩංගුවට ගැනීමට ආසන්නත ම ‍හේතුව වුයේ, බොදු බල සේනා (බොබසේ) ඇතුලු බෞද්ධ අන්තවාදී කන්ඩායම් මුස්ලිම් ජනයා එල්ල කරමින් ගෙන යන ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට ආන්ඩුවේ පිටුබලය ලබා දීම පිලිබඳව, සාලි, එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් ට මාර්තු මාසයේ මුල ලිපියක් ලිවීම යි. ආගමික හා වාර්ගික පදනම් මත වෙනස්කම් කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයන් ආන්ඩුව විසින් උල්ලංඝනය කරනු ලැබ ඇතැ යි චෝදනා කල එම ලිපිය, "ආගමික විශ්වාසයන් දරා සිටීමට ඇති අයිතිය හා නිදහස රැකදීමේ සියලු පියවර ගන්නා ලෙස" මහලේකම්ගෙන් ඉල්ලා තිබුනි.

බෙදුම්වාදී එල්ටීටීඊ (දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය)ට එරෙහි මිලිටරි මෙහෙයුමේ දී සිදුකල යුද අපරාධ පිලිබඳව දැනටමත් ජාත්‍යන්තර ව විවේචනයට ලක්ව සිටින ආන්ඩුව සාලිගේ ලිපිය නිසා කෝපාවිෂ්ඨ වී ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳව එක්සත් ජනපදය ඉදිරිපත් කල යෝජනාව ඡන්දයට ගත් මාර්තු 21 ‍දින, විභාගයක් සඳහා කොලඹ අපරාධ විමර්ශන ඒකකයට පැමිනෙන ලෙස සාලිට නියම කර තිබින.

තමන්ට එරෙහිව පොලිසියට එක් පැමිනිල්ලක් කර ඇත්තේ, ජනාධිපතිගේ ආගමික කටයුතු පිලිබඳ උපදේශකයා බව සාලි සඳහන් කර ඇත. එම පැමිනිල්ලේ සඳහන් කර ඇත්තේ, වෙනස්කම් කිරීමට එරෙහිව නැගී සිටින ලෙස රැස්වීමක දී සාලි මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටි බව යි. තමා එවැනි ප්‍රකාශයක් නොකල බව ද, එම වාර්තාව වැරැදි බව ද සාලි කියා ඇත.

රාජපක්ෂ ආන්ඩුවට බොබසේ සමඟ සමීප සබඳකම් ඇත. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගාල්ලේ බොබසේ විසින් තනා ඇති බෞද්ධ නායකත්ව ශාස්ත්‍රාලය විවෘත කලේ මෑතක දී ය. බොබසේට සම්බන්ධ බෞද්ධ භික්ෂූන් කිහිපදෙනෙකු ද ඇතුලු මැර කන්ඩායමක් මාර්තු මාසයේ දී මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ ඇඟලුම් ගබඩාවක් වැනසූ අවස්ථාවේ, ඊට සම්බන්ධ වීම නිසා අත්අඩංගුවට ගත් මැරයින් කොක්කෙන් ගලවා හැරීමට ආන්ඩුවේ ලොක්කන් තිරයෙන් පිටුපස ක්‍රියාත්මක විය. මැරයින් අපරාධය සිදුකලත් ඔවුන්ට විරැද්ධව නඩුවක් ගෙන යාම ඉල්ලා අස්කරගැනීමට උසාවිය පොලිසියට අවසර දුන්නේ ය.

සාලි මුස්ලිම් ජනයා උසි ගැන්වූයේ යැයි චෝදනා කරන ආන්ඩුව, අනෙක් අතින් සුලු ආගමික කන්ඩායම්වලට විරද්ධ ව ප්‍රචන්ඩ ක්‍රියා ගෙන යන බෞද්ධ අන්තවාදීන්ට නිදැල්ලේ ක්‍රියාත්මක වීමට ඉඩ දී ඇත. 2009 මැයි සිට 2013 ජනවාරි දක්වා කාලය තුල අඩු ම ගනනේ, ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගමික ස්ථාන 65කට මෙම මැරයින් පහර දී ඇත්තේ, පොලිසිය බලා සිටිය දී ය. පොලිසිය අත්අඩංගුවට ගැනීමක් සිදුකල විරල අවස්ථාවක දී, භික්ෂූන් ඇතුලු කන්ඩායම් පැමින පොලිසියෙන් එකී සැකකරුවන් මුදවා ගෙන ගොස් ඇත.

තමන් මුස්ලිම් පල්ලිවලට පහර දී ඇතැ යි කියන බැවින්, සාලි උසාවිය ඉදිරියට පමුනුවන බවට බොබසේ තර්ජනය කර ඇත. බොබසේ ඇඟ බේරා ගන්නේ, පල්ලිවලට පහරදීම තමන්ගේ වැඩක් නො ව, වෙනත් අයගේ වැඩ බව කියා සිටිමිනි. සාලි අත්අඩංගුවට ගත් සැනින් ප්‍රීතිය පලකරමින් එම කන්ඩායම්වල වෙබ් අඩවි ඔහු අපහාසයට ලක්කරන දැන්වීම් පලකර තිබින.

ආන්ඩුවට සුදුහුනු ගාමින් ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කර තිබුනේ, "ජනාධිපතිතුමාගේ පාලන කාලය තුල කිසිදු ජනවාර්ගික හෝ ආගමික නොසන්සුන්කම් වාර්තා වී නොමැති" බව යි. ඔහු මේ පචය ඇද බා ඇත්තේ, දස දහස් සංඛ්‍යාත දෙමල සිවිල් වැසියන් ඝාතනය කෙරුනු ලේ වැකි යුද්ධයක් රාජපක්ෂ ආන්ඩුව විසින් දියත් කල පසු ය. එල්ටීටීඊ ය පරාජය කිරීමෙන් පසු, යුද ජයග්‍රහන උන්මාදයක් මුදාහල රාජපක්ෂ මේ වන විට එල්ටීටීඊය යලි පන ගැන්වෙමින් සිටින්නේ යැයි භීතියක් වපුරමින් ක්‍රියා කරයි. එතැනින් නො නැවතී විෂකුරු ලෙස සිංහල ‍බෞද්ධ අන්තවාදී කන්ඩායම් හරහා මුස්ලිම්විරෝධී ප්‍රචන්ඩ ක්‍රියාවලට උඩගෙඩි දීම සිදු වෙයි.

සාලි අත්අඩංගුවට ගැනීමෙන් රාජපක්ෂ ආන්ඩුව කර ඇති අනතුරු ඇඟවීම නම්, තමන්ට එරෙහි මොන ම විරුද්ධත්වයකටවත් ඉඩ නො දෙන බව යි. බොරු වම්මුන්ගේ පිටුබලය ලබන වෘත්තීය සමිති හා නිල විරුද්ධ පක්ෂ කම්කරු පන්තිය අරගලයට ඒම වලක්වා ගෙන සිටියත්, තමන් වාඩි වී සිටින්නේ සමාජ පිපිරීමක කාල බෝම්බයක් උඩ බව රාජපක්ෂ පාලනය හොඳින් දනී. ආන්ඩුවේ සැබෑ ඉලක්කය කම්කරු පන්තිය යි. කම්කරු පන්තිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ලවන ප්‍රහාරයන්ගෙන් මතු වී ඇති අනතුරු ඇඟවීම තේරුම් ගෙන ඊට මුහුන දීමට සූදානම් විය යුතු ය.



යුක්තිය වෙබ්අඩවිය

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment