Thursday, February 7, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ඇත්තටම කව්ද මේ මුහම්මද්??

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail ඇත්තටම කව්ද මේ මුහම්මද්??
Feb 7th 2013, 17:26


ඇත්තටම කව්ද මේ මුහම්මද්??

  
ආගම් හා දර්ශන නොවන්නට මේ ලෝකය මහා දරුණු තැනක් බවට පත් වන්නේ ය. එසේ නො වුයේ නම්; මිනිස් සංහතිය මේ වනවිටත් විනාශ වී තිබෙන්නට පුළුවන. සෑම ආගමක ම අර්ථය මිනිසා ශිෂ්ට සම්පන්න කිරීම ය. මිනිස් සමූහයාගේ සහජීවනය මතු කොට ජීවිතයේ පරමාර්ථ ඔවුනට කියා දීම ය. ලෝක සමාජය විසින් අදටත් පිළිගනු ලබන හා අදහනු ලබන පුරාණ ආගම් කිහිපයක් තිබේ. බුදු දහම, ක්‍රිස්තියානි දහම, හින්දු දහම හා ඉස්ලාම් දහම ඒ අතර ප්‍රධාන වේ. ඒ අතර ඉස්ලාම් දහමේ දේව පුත්‍රයා වූ නබීනායකතුමාගේ අනුස්මරණ දිනය අදට යෙදී තිබේ.

අරාබිකරයේ ශුෂ්ක කාන්තාර අතර දිවි ගෙවූ ගෝත්‍රික ජනයා ශිෂ්ට සම්පන්න කිරීම සඳහා භාවිත වූ ප්‍රධාන ආගම ඉස්ලාම් ය. එම දර්ශනය ඇතුළත් ශ්‍රේ්ෂ්ඨ ග්‍රන්ථය අල් කුරානය ලෙස හැඳින් වේ. කුරානයේ ඇති දේව භාෂිතයන් ද, නබීතුමාගේ ජීවන ආදර්ශයන් ද ඉස්ලාම් දහමේ හරය ලෙස ගත හැකි ය. සාමය, සමාදානය, සමානාත්මතාව, සහජීවනය හා පාපයෙන් වැළකීම ඉස්ලාම් දහමේ පදනම ය. නූතන ලෝකයට අවශ්‍ය සාමය හා සහජීවනයට ඉස්ලාම් දහමෙන් ලද හැකි පාඩම් ඉමහත් ය. අද දිනය ඒවා ස්මරණය කිරීමට කදිම අවස්ථාව සේ ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ රිසානාගේ සිද්ධියත් සමඟ ඉස්ලාම් දහම දෙස වපරැසින් බලන්නටත්, අරාබි රාජ්‍යයන් කෙරෙහි යම් විරෝධතාවක් දක්වන්නටත් මෙරට සමහරු පෙලඹුණහ. මෙය වැරැදි අවබෝධයක් මත ඇති වූ වැරැදි අවබෝධයෙකි. ෂරියා නීතිය අපට හෝ සෞදියේ රජතුමාට හෝ අමෙරිකාවේ ජනාධිපතිට හෝ වෙනස් කළ හැකි දෙයක් නො වේ. එම නීති පැළපදියම් වී ඇත්තේ දරුණු සමාජයක් ශිෂ්ට සම්පන්න කිරීම සඳහා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ය. එදා අරාබියේ ගෝත්‍රික සමාජ, ස්ත්‍රී දූෂණවලින්, මිනීමැරීම්වලින්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් කොල්ලකෑමෙන් පෙරමුණේ සිටියේ ය. එබඳු සමාජයක් යහපත් කිරීම සඳහා දරදඬු නීති ක්‍රියාත්මක කළ යුතු ව තිබිණි.

පුරාණ අරාබි ගෝත්‍රික ජනයා ස්ත්‍රීන් පහත් කොට සැලකූහ. උපදින ගැහැනු දරුවෝ උපන් ගෙයිම මරා වළ දැමූ හ. මේ ගෝත්‍රික සමාජයේ පිරිමි දිනපතා ම මත්පැන් පානය කළහ. පිස්සුවෙන් ජීවත් වූහ. වෙළෙඳාමේ දී බොරු කළහ. පළමු මිනිසා දෙවන මිනිසාගේ සතුරා විය. ඔව්හු එකිනෙකා තිරිසනුන් මෙන් මරා ගත්හ. එබඳු සමාජයක් ශිෂ්ටත්වය කරා ගෙන ගියේ නබීතුමාගේ ඉගැන්වීම් ය. ෂරියා නීතිය බිහිවූයේ ද එම ඉගැන්වීම් ගුරුකොට ගෙන ය. නබීනායකතුමෝ අරාබියේ උසස් ම ගෝත්‍රයක් වූ කුෙරෙෂී කුලයෙහි උපන් හ. ජීවිතයේ බොහෝ යස-ඉසුරු ප්‍රතික්ෂේප කළ එතුමෝ පොදු ජනයාගේ යහපත උදෙසා සිය ජීවිතය කැප කළහ.

ඉස්ලාම් අදහන පුද්ගලයා ශිෂ්ට මනුෂ්‍යයෙකි. ඔහු අනෙකාට සලකනුයේ සහෝදරයකුට මෙනි. මුළු මහත් මිනිස් වර්ගයාම එක සමානය යනු නබීතුමාගේ ඉගැන්වීමකි. ශ්‍රී ලංකාව හා අරාබිය අතර දේශපාලන සම්බන්ධයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. අපේ පුරාණ රජවරු මුස්ලිම් ජාතිකයෝ කැටුව විවිධ ගනුදෙනු පැවැත්වූහ. රජුගෙන් ගම්වර ලද මුස්ලිම් ජාතිකයෝ මෙරටෙහි විසූහ. රජුට විවිධාකාරයෙන් සහයෝගය දැක් වූ මුස්ලිම් ජාතිකයෝ ශ්‍රී ලංකාවේ දියුණුව හා චිරස්ථිතිය නිරන්තරයෙන් ප්‍රාර්ථනා කළ හ. අදත් එම තත්ත්වය එලෙසම පවතී. බටහිර යුරෝපයට වඩා පෙරදිග ශ්‍රී ලංකාව වැනි රටවලට ආදරය කිරීම ඉස්ලාම් භක්තිකයාගේ සිරිත වේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අරාබි රටවලින් ලැබෙන අනුබලය ඉමහත් ය. විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරාබි රටවලින් ලැබෙන ආධාර හා ණය සුළු පටු නැත. තෙල් ගනුදෙනුවල දී මෙන් ම තේ ගනුදෙනුවල දී ද ශ්‍රී ලංකාවට ප්‍රමුඛ තැනක් ලබාදීම අරාබි රටවල සිරිත වේ. ලෝක මානව හිමිකම් සමුළුවේ දී අරාබි රටවල සහාය බොහෝ විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඔව්හු ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව මහ ඉහළින්සලකති. ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන සැලැකීමේ දී ද අරාබි රටවල් දක්වන සහයෝගය බලවත් ය. ඛනිජ තෙල් සහිත ධනවත් රාජ්‍යයන් ශ්‍රී ලංකාවට හිතවත් වීම අප ලැබූ භාග්‍යයක් කොට සැලැකිය හැකිය.
දේශපාලන වශයෙන් සලකන විට ද ආර්ථික වශයෙන් සලකන විට ද අරාබි රටවල් අපට ඉතා වැදගත් ය. ඒ හැරුණු කොට ශ්‍රී ලංකාව හා අරාබි රටවල් අතර ඓතිහාසික සම්බන්ධයක් ද තිබේ. එය ගොඩනැඟී ඇත්තේ වෙළෙඳාම, දේශපාලනය හා ආගම මුල්කරගෙන ය. ඉස්ලාම් අදහන විශාල පිරිසක් මෙරට පුරවැසියෝ වෙති. ඔව්හු දීර්ඝ කාලයක පටන් මෙරටෙහි සහජීවනයෙන් කල් යවති. අපගේ නිදහස් සටනට උරදුන් විරුවෝ අතර ද මුස්ලිම් ජාතිකයෝ විශාල පිරිසක් ද උන්හ.

මේ සියලු කරුණුවලින් සනාථ වන්නේ කිසිදු භේදයකින් තොරව අප සියලු දෙනා සාමූහිකව ජීවත්විය යුතු බව ය. නබීනායකතුමාගේ ඉගැන්වීම ද එය ම වේ. දැන්-දැන් පුංචි-පුංචි විරසක හා විභේදන මතු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. සමහරු මූලධර්මවාදී අදහස් දරමින් ජාතීන් අතර හා ආගම් අතර භේදයක් ඇති කිරීමට වෑයම් කරති. මේ අය එක්කෝ මානසික රෝගීහූ ‍ෙවති. නැතහොත් කාගේ හෝ අනුකාරකයෝ වෙති. ශ්‍රී ලංකාව මෙබඳු දේශපාලන ප්‍රශ්නයක් නිසා දීර්ඝ කාලයක් තිස්සේ පීඩනයට පත් වූ රාජ්‍යයෙකි. එහි ප්‍රතිඵලය ලෙස දසක තුනක බලවත් ත්‍රස්තවාදයකට මුහුණ දෙන්නට අපට සිදුවිණි. මුලධර්මවාදීන්ගේ නො මනා ක්‍රියා නිසා ත්‍රස්තවාදය උග්‍රවිය. යුද්ධය බරපතළ විය. එය දේශපාලන පාඩමක් ලෙස ගන්නට තව ම අප පුරුදු වී නැත.

මැදපෙරදිග ගෘහ සේවය තුළ විවිධ දුෂ්කරතා තිබෙන්නට පුළුවන. ඒවා විධිමත් කළ යුතු ය. එහෙත් රටට ලැබෙන විශාල විදේශ විනිමයක් ප්‍රතික්ෂේප කොට අරාබි රටවල් ද අමනාප කර ගැනීමට උත්සුක වීම බුද්ධිමත් තීන්දුවක් නො වේ. රිසානාගේ මරණයෙන් පසු ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් පිළිබඳ ප්‍රශ්නයක් මතු වී තිබේ. මෙරට සමාජය තුළ ඒ සම්බන්ධයෙන් ඇත්තේ බලවත් විරෝධයකි. සිදුවිය යුත්තේ විධිමත්ක්‍රමවේදයක් සකස් කොට ගෘහ සේවිකාවන් අරාබි රටවලට ඒ මඟින් යැවීම විනා අපේ අවස්ථාවන් අහිමි කර ගැනීම නො වේ. ඒ රටවල් සමඟ අමනාප වීම කොහොමටත් යහපත් දෙයක් නො වේ.

නබීනායකතුමාගේ ඉගැන්වීම් සිහිපත් කළ යුතු වැදගත් ම දිනය අද බව අමුතුවෙන් කිව යුතු නො වේ. එතුමාගේ ප්‍රධාන ඉගැන්වීම වන්නේ අප මුලින් ද සඳහන් කළ පරිදි සාමය, සමාදානය හා සහජීවනය පැතිරවීම ය. සෑම මනුෂ්‍යයා ම එක සමාන යැයි නබීතුමා කියා ඇත. මෙය ඉස්ලාම් භක්තිකයාට පමණක් නො ව අන්‍යාගමිකයනට ද ඉතා වැදගත් ඉගැන්වීමකි. මූලධර්මවාදයට කත් අදින කෙනකුට මිස බුද්ධිමත් හා සාධාරණ තැනැත්තකුටනබීනායක ඉගැන්වීම්වල අයහපතක් දකින්නට පුළුවන්කමක් නැත. නබීනායකතුමන් කියන ලෙස සාමය හා සහජීවනය ලෝකය පුරා පැතිරේවා! ලෝකය එක යායක් බවට පත් වේවා!

මුස්ලිම් වොච් හි පලවූ ලිපියකි.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): හලාල් රටේ නීතියක් නොවේ සහතිකය දීම පෞද්ගලික ආයතනයකට දී තිබෙන්නේ ඇයි?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
හලාල් රටේ නීතියක් නොවේ සහතිකය දීම පෞද්ගලික ආයතනයකට දී තිබෙන්නේ ඇයි?
Feb 7th 2013, 07:51

Lakbima Online
රනිල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
2013 පෙබරවාරි 07 12:01 a.m
RANIL-PATH--new-o-kහලාල් යනු රටේ නීතියක් නොවන නිසා ප්‍රමිති සහතිකයක් දීමේ අයිතිය ප්‍රමිති ආයතනයෙන් නොකර පෞද්ගලික ආයතනයකට දී තිබෙන්නේ මන්දැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ආණ්ඩුවෙන්විමසා සිටියේය.
හලාල් සහතිකය කිසිදු ව්‍යාපාරයක් මත බලෙන් පැටවිය නොහැකි බවත් එය ස්වේච්ඡාවෙන් තීරණය කළ යුතු කරුණක් බවත් විපක්ෂ නායකවරයා කීවේය. රටේ නීතිය කඩ කිරීමට බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි කිසිදු ආගමිකයකුට නොහැකි බවද පෙන්වා දුන්නේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකරයා මේ බව සඳහන් කළේය. හලාල් සහතිකය නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රටේ ගැටලුවක් මතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
හලාල් සහතිකය කිසිවෙකු විසින් බලයෙන් පටවන්නේ නම් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් රජය විසින් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා පෞද්ගලික සංවිධානයකට හලාල් සහතිකය නිකුත් කිරීමට ආණ්ඩුව ඉඩදී තිබෙන්නේ මන්දැයි විමසා සිටියේය.
මෙවැනි සහතිකයක් නිකුත් කළ යුත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හරහා බවද විපක්ෂ නායකවරයා පැවසීය. පසුගියදා මුස්ලිම් නායකයින් තමා හමුවූ බවත් සියලු පාර්ශ්වවලට සාධාරණයක් ඉටු වන ලෙස මෙය විසඳා ගැනීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මුස්ලිම් නායකයින් සහ මුස්ලිම් ප්‍රජාව සමග සාකච්ඡා කර මෙම තත්ත්වය විසඳා ගැනීමට රජය අසමත් වන්නේ මන්දැයිද ඔහු විමසා සිටියේය. ජමයිතුල් උලමා සංවිධානයට හලාල් සහතිකය නිකුත් කිරිමේ බලයක් පනතේ කිසිදු තැනක නැතැයිද පැවසු විපක්ෂ නායකවරයා ඔවුන්ගේ වබේ අඩවිය නිරීක්ෂණය කිරීමෙන්ද ඒ බව පැහැදිලි වන්නේයැයිද පැවසීය.
නීති විද්‍යාල ප්‍රවේශයේද සැක සංකා මතුව ඇතැයිද එහිදී වරදක් වූ බවට තියෙන මතය හේතුවෙන් මේ පිළිබඳව රජය පරීක්ෂණයක් කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
අද රටෙ නිර්මාණය වෙමින් පවතින්නේ අන්තවාදි හා ආගම්වාදි බලවේගයන්ට හිස එසවීමට ඉඩකඩ සලස්වන පරිසරයක් බවත් ආණ්ඩුවේ යම් යම් කොටස් මෙවැනි බලවේග සමග සමීපව හා ක්‍රියාකාරීව කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
එවැනි ප්‍රචණ්ඩකාර සිදුවීම් කිසිවක් නැතැයි පසුගිය 21 දා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරද්දී කුලියාපිටිය නගරයේ මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වූ බවද වික්‍රමසිංහ මහතා කීය.
මෙම ප්‍රහායට ආණ්ඩු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වුවන්, ආණ්ඩුවේ නිල වාහන භාවිතා කරන පුද්ගලයින් සිටි බව ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ යැයිද හෙතෙම පැවසීය. සියලු ජනවර්ගයා අතර සංහිඳියාව, සහජීවනය සහ විශ්වාසය තහවුරු කිරීමේ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ නිරිදේශ දැනටමත් ආණ්ඩුව සතුව පවතින්නේයැයිද ඔහු කීවේය.
එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම තුළ මෙම අර්බුද මෙන්ම රටට බලපාන තවත් ප්‍රශ්න ගණනාවක් විසඳා ගැනීමට අවකාශය සැලසෙන බවත් කල් මැරීමේ උපාය මාර්ගයක් ලෙස තේරිම් කාරක සභාවක් පත් කරන්නේ නම් එමගින් සිද්ධ වන්නේ රට තව තවත් අනතුරුදායක තත්ත්වයට පත්වීම බවද කීය.
විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (07) දිනයේ ආණ්ඩුවේ පිළිතුර දෙන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
 ලසන්ත වීරකුලසූරිය,රමේෂ්  වරල්ලෙගම

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Wednesday, February 6, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): දේශයේ සැබෑ මිතුරන් හඳුනා ගනිමු!

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
දේශයේ සැබෑ මිතුරන් හඳුනා ගනිමු!
Feb 6th 2013, 09:46


ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට විරුද්ධව යම් යම් මතවාදද මුස්ලිම් රටවල් විරෝධී යම් යම් මතවාදද මේ දිනවල පැන නැගෙමින් පවතී. සැබවින්ම එය එසේ විය යුතුද?මේ සඳහා පළමුව සලකා බැලිය යුතු වන්නේ ශ්‍රී ලංකාවට වඩාත්ම හිතවත් මිතුරන් සිටින්නේද? සිටින්නේ නම් ඒ කවර රටවල්ද යන්නයි.

සැබෑ විපතකදී යුරෝපය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරන් ලෙස ඉදිරියට නොආ බව අද වන විට ඔප්පු වී තිබේ. 1970 ට පෙර යුරෝපිය රටවල් ශ්‍රී ලංකාවේ ආරක්ෂකයන් බවට පත්ව සිටියද මෑත කාලීන වර්ධනයත් සමග එය කලාපීය මුස්ලිම් රටවල් කරා මාරු වී තිබේ.

1947 පාකිස්තානය බිහි වූ දා සිට පාකිස්ථානය අපේ මිතුරු රටකි. ඇත දිග හැර  වියදම් කරන හිතවතෙකි. ඉරානය, ලිබියාව, සෞදී අරාබිය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මැදපෙරදිග බහුතරයක් වූ සෙසු රටවල් ඒ හිත මිතුරු ලයිස්තුවේ මුලටම වේ.

ප්‍රභාකරන්ගේ දමිල ඊලාම් විමුක්ති කොටි සංවිධානය ඊලාම් සටන අරඹා රට දෙකඩ කරන  ව්‍යාපාරය උච්ච මට්ටමට පත් කල පසු ශ්‍රී ලංකාවේ උදව්වට ආවේ මෙම මුස්ලිම් රාජ්‍ය පෙළයි.

හැත්තෑ ගණන්වල ඇරඹි රට බෙදන ඊලාම් ව්‍යාපාරය ඔවුන්ගේ පැත්තෙන් බිහිසුණු හා සාර්ථක මට්ටමට ගෙනගියේ ප්‍රභාකරන් විසිනි. එතෙක් යම් තරමකට හෝ වාමාංශික මුහුණුවරක් ගත් කුට්ටුමනී, උමා මහේෂ්වරන්, ආදීන් පැත්තකට කර සටන අතට ගත් ප්‍රභාකරන්  මේ පොලව ලේ ගංගාවක ගිල්වද්දී දමිල ඊලාම් න්‍යායවාදීන් උත්සහ කලේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම් ප්‍රජාවද සටනේ පංගුකාරයන් කර ගැනීමටය. එහෙත් මුස්ලිම්වරුන් කිසිදු අවස්ථාවක බෙදුම්වාදී උවමනාවන් පසුපස ගියේ නැත. යම් යම් පුද්ගලයන් එල්.එල්.ටී.ටී.ඊ හිතවාදීන්ව සිටියා වුවද බහුතර මුස්ලිම් ජනතාවද මුස්ලිම් ආගමික නායකයන්ද ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා හමුදාව සමග මිත්‍රත්වයෙන් යුතුව කටයුතු කළහ. ඔවුන්ද තම පොදු සතුරා ලෙස සැලකුවේ ඊලාම් ත්‍රස්තවාදයයි.
1970 තරම් ඈත කාලය වන විට ඉන්දියාව ඊළාම් සංවිධානවල ප්‍රධාන ආරක්ෂකයා වී තිබු අතර අප සමග තිබු හමුදා සම්බන්ධතා ටිකෙන් ටික ඈත් කරමින් පැවතින. ඒ වන විට ඉන්දියාවේ කොටි පුහුණු කදවුරු 12ක් තිබු අතර නවීන මෝටාර්, මැෂින් තුවක්කු ආදියෙන් සන්නන්ධ වූ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ අපේ ආරක්ෂක හමුදා යම් පීඩනයකට හසු වෙමින් තිබිණි. මේ අවස්ථාවේ අපේ උදව්වට ආවේ පාකිස්ථානයයි.

ජනරාල් සියා උල් හක් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ ඇති වෙමින් තිබු තත්වය පිළිබද සැබෑ තත්වය දැක බලා ගත්තේය. අනතුරුව ජනරාල්වරයා එවකට පාකිස්ථාන යුධ හමුදාවේ විශේෂ බලකා ප්‍රධානි බ්‍රගේඩියර් තාරික් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු  යුතු විශේෂ හමුදා කණ්ඩායමක් මෙරටට එව්වේ අපේ හමුදාව පුහුණු කිරීම සදහාය. අනුරාධපුර සාලියපුර කදවුරේදී පාකිස්ථාන හමුදා ප්‍රධානීහු අපේ හමුදාව සදහා පුහුණුවීම ආරම්භ කලහ. මෙම පුහුණුව ලබා දුන්නේ අපේ හමුදාවේ නිලධාරින් නොවන සෙසු නිලයන්ට වීම විශේෂත්වයක් වෙයි.

එයට හේතුව ඒ වන විට අපේ නිලධාරීන්ට මිස සෙබළුන්ට විදේශ පුහුණුව ලැබෙන ක්‍රමවේදයක් නොතිබීමයි. ජේෂ්ඨතම හමුදා නිලධාරීහු කිහිප දෙනෙක් බ්‍රිතාන්‍යයේ යේ සන්ධර්ස්ට් ආරක්ෂක පීඨයේද තවත් පිරිසක් ඉන්දියාවේද පුහුණුව ලැබුහ. එහෙත් නැග එන ගරිල්ලා ත්‍රස්තවාදයට එරෙහිව කාලීන යුද උපක්‍රම ඉගැන්වීම් මේවායේ සිදු නොවීය.

බ්‍රිගේඩියර් තාරික් අසිස් ජනරාල් සීයාගේ සමීපතමයෙකු වූ අතර අසීස්ට අන දුන්නේ සෘජුවම පාකිස්ථාන ජනාධිපතිවරයාය. එවකට ශ්‍රී ලංකා හමුදාවට ආගන්තුක වූ මෝටර් හා රොකට් ලෝන්චර් පාකිස්ථානයෙන් ගෙනවීත් මෙම පුහුණුව ලබා දීමට තරම් රටවල් දෙකේ මිත්‍රත්වය ශක්තිමත් වී තිබිණි. පුරා මාස තුනක් බ්‍රගේඩියර්වරයා හා කණ්ඩායම ලංකාවේ නැවතී මෙසේ අපේ හමුදාවට පුහුණුව දුන්හ. ඉන්පසු මෙම පුහුණුව පාකිස්තානයේදී ලබා දීම සිදු කෙරිණි. හමුදා උපකරණද, අවි ආයුධද, පාකිස්ථාන අයි.එස්.අයි. රහස් ඔත්තු සේවයේ තොරතුරු හුවමාරුවද දිගින් දිගටම අපේ රටට ලැබිණි. පාකිස්ථාන හමුදා නායකයෝ ඊලාම් ත්‍රස්තවාදී අරගලය පුරාම ලංකාවේ සමීප මිතුරන්ව සිටියහ. 1985 දී ඉන්දියාව අපේ හමුදාවට ලබා දුන් පුහුණුව සම්පුර්ණයෙන් නතර කල පසු නිලධාරීන් සහ සෙබළුන් පුහුණු කිරීමේ තනි බර පාකිස්ථානය අතට ගත්තේය. එයට බංගලාදේශයද හවුල් විය. 1987න් පසු ඉන්දියාව යලි අපේ හමුදාවේ කණ්ඩායම් කිහිපයක් පුහුණු කිරීම ඇරඹිය.

විටින් විට වෙනස් වන කලාපිය දේශපාලන තත්වයන් හමුවේ වුවද පාකිස්ථානයත් බංගලාදේශයත් ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වය අත හැරියේ නැත.

අලිමංකඩ යුද හමුදා කදවුර බිද වැටී කොටි ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු බලය පලාලි යුද හමුදා හදවත වෙත විහිදෙන්නට පටන් ගත් 2000 අඳුරු සමයේදී අපේ ආරක්ෂාවට ආවේ පාකිස්ථානයයි. දෙරටේ රාජ්‍ය නයක හා හමුදා නායකයන්ගේ ක්ෂණික දුරකථන සංවාද මත පාකිස්ථාන ගුවන් යානා කිහිපයක් කොළඹ බලා පියාසර කළේය. ඒවායේ තිබුනේ හොදම ජංගම ප්‍රහාරක බලයවූ මල්ටි බැරල් රොකට් විදින යන්ත්‍රයයි. එම මල්ටි බැරල් රොකට් ලෝන්චර් ඒ වන විට පාකිස්ථාන හමුදා කඳවුරු වලින් එකතු කරගෙන කොළඹට ගෙන එන ලදී.

ඒවා ක්ෂත්‍රයේ පහර දෙමින් තිබු ඒවා විය. මෙමගින් ප්‍රභාකරන් නොසිතු ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී  ලංකා හමුදාවට පුළුවන් වූ අතර මල්ටි බැරල් යන්ත්‍ර ක්‍රියාත්මක කලේද පාකිස්ථාන සෙබළුන්ය. චෙකොස්ලෝවකියාවෙන් ඇනවුම් කර තිබු මල්ටි බැරල් යන්ත්‍ර මෙරටට ගෙන එන තුරු මෙම ගිනි බලය යොදා ගනිමින් ප්‍රභාකරන්ගේ යාපනය අල්ලා ගැනීමේ සිහිනය බොද කරලීමට හැකි විය.

ජනරාල් පර්වේස් මුෂාරෆ් පාකිස්ථාන ජනාධිපති ධුරයට පත් වූ විට දෙරට අතර සම්බන්ධතා අතිශය ශක්තිමත් විය. ජනරාල් ශ්‍රී ලාල් වීරසුරිය මුෂාරෆ් ජානධිපති සමග බ්‍රිතාන්‍ය නැෂනල් ඩිෆෙන්ස් කොලේජ්හි එකට අධ්‍යාපනය ලැබීම සලකා එවක රජය ශ්‍රී ලාල් වීරසුරිය විශ්‍රාම ගිය පසු පාකිස්ථාන මහා කොමසාරිස් ලෙස පත් කළේය. ඔහුට හිතවත්කම් මත තවත් බොහෝ දේ කල හැකි විය.

මාවිල්ආරු සොරොව්ව වසා ප්‍රභාකරන් තම අන්තිම ගමන යාමට සැලසුම් කල අවස්ථාවේ අපේ පිහිටට ආවේද පාකිස්ථානයයි. මහා ප්‍රහාරයකට සරිලන කාලතුවක්කු උණ්ඩ හා මල්ටි බැරල් උණ්ඩ සිය දහස් ගණන් පිරවූ නැව් විශාල ප්‍රමාණයක් පාකිස්ථානයෙන් මෙරටට එව්වේ ආයුධ සදහා මුදල් පසුව ලබා ගැනීමේ පදනමිනි. එම මුදල් අදටත් ගෙවනවා විය යුතුය. පාකිස්ථාන ආයුධ සහය නොතිබුනේ නම් මාවිල්ආරු සොරොව්ව මුදා ගෙන මුලතිව් දක්වා එතරම් ඉක්මනින් යාමට නොහැකි වනු ඇත. පාකිස්ථානය මෙම මහා මානුෂිය මෙහෙයුම් පිටුපස දැවැන්ත කාර්යභාරයක් කළේය. ඊලාම් ත්‍රස්තවාදී අරගලය මැඩලන ශ්‍රී ලංකා රාජ්‍යයේ සමස්ත අරගලය පුරාම පාකිස්ථානය දැවැන්ත සෙවනැල්ලක්ව නැගී සිටියේය. ශ්‍රී ලංකාවේ සාමකාමී ජනතාව තම නිදහස දිනා දුන් රණවිරුවන්ගේ අරගලයට දායක වූ මෙම  මුස්ලිම් රාජ්‍ය පන්තියට සදාකාලිකවම ගරු බුහුමන් කල යුත්තෝය. කිට්ටුම අසල්වැසියා පිටුපාද්දී උදව්වට ආවෝ ඔවුහු වෙති.

1984-85 සහ 86 ඊලාම් ත්‍රස්තවාදය නැගෙනහිර පළාතේ පතුරුවා හැරීමට ඊලාම් සංවිධාන උත්සහ කල කාලය විය. එම කාලයේ නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී සාමාජිකයන් හා උතුරේ සාමාජිකයන් අතර බරපතල සමාජීය වෙනස්කම් තිබිණි. මුස්ලිම් ජනයාගෙන් තම ශක්තිය වැඩි කර ගැනීමට එල්.එල්.ටී.ටී.ඊය උත්සාහ දැරුවද නැගෙනහිර මුස්ලිම්වරු එසේ නොගියහ. අවසානයේ මුස්ලිම් නම් යොදවා ත්‍රස්ත නායකයන් පත් කර එව්වද ඔවුන් දමිල බව පසුව හෙළිදරව් විය. අම්පාර දිස්ත්‍රික්කයේ පානම සිට පොතුවිල්, අක්කරපත්තුව, කාරතිව්, කල්මුනේ, කාතන්කුඩි, වාලච්චේන යන ප්‍රදේශ දක්වාම බහුතර ගම්බිම් මුස්ලිම් ප්‍රදේශ විය. මෙම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ ක්‍රියා සිදු නොවූ අතර බිම් බෝම්බ පහරදීම් ආදිය බහුලව සිදු නොවීය. කාත්තන්කුඩි මුස්ලිම් වැසියන්ට 1986 දි යුද හමුදාව තුවක්කු පවා සැපයුවේ ඔවුන්ගේ ආරක්ෂාවටය. මේ පිරිස තම ගම්බිම් සතුරාගෙන් රැක ගත්හ. සිංහල ගම්මානවල ආරක්ෂාවට තුවක්කු සැපයීම ආරම්භ වුයේත් මේ කාලයේය. මඩකලපුවේ සිංහල ගම්මාන නොවුයෙන් යුද හමුදා කදවුරු අලුතෙන් ඇතිවුයේ මේ ගම්මාන වලය.

1990 දි දෙවැනි ඊලාම් අරගලය ඇතිවීමෙන් පසු එල්.ටී.ටී.ඊය මෙම මුස්ලිම් ගම්මානවලට පහර දුන්නේය. තමන්ට නැගෙනහිර ශක්තිමත් වීමට ඉඩ නොලැබුණේ මොවුන් නිසා බව එල්.ටී.ටී.ඊය තේරුම් ගෙන තිබිණි. කාතන්කුඩි පල්ලියේ යාඥා කල බැතිමතුන්ට පහර දී 147 ක් අලන්චිපොඨාන, 69ක්ද පල්ලියගොඩැල්ල 171ක්ද යන ලෙස මහා සංහාර සිදු වුයේ මුස්ලිම් ජනතාව ශ්‍රී  ලංකාවේ ඒකීය රාජ්‍යයට සහයෝගය දැක්වූ නිසාය. මෙම ගම්මාන නොතිබුනේ නම් ඊලාම් අරගලය ඇරඹෙනු ඇත්තේ පොළොන්නරුවේ සිටය. පොළොන්නරුවට දිඹුලාගල අසරණ සරණ සරණංකර නාහිමියන් අයෝමය පලිහක් වුවා සේම මෙකී මුස්ලිම් ගම්මානද නැගෙනහිර රැක ගැනීම පිණිස ශ්‍රී ලංකා රජයට අයෝමය පලිහක් විය. අදටද මුස්ලිම්වරු විශාල පිරිසක් ත්‍රිවිධ හමුදාවේ සේවය කරති. රට වෙනුවෙන් දිවි දුන් උත්තුංග ශ්‍රී ලංකා පුත්‍රයන් අතර මුස්ලිම්වරුද විශාල පිරිසක් වෙති. මුලතිව් කදවුර බේරා ගැනීම සදහා වික්‍රමාන්විතව සටන් වැද මිය ගිය එවකට 1 වැනි විශේෂ බලකා ප්‍රධානි කර්නල් ෆස්ලි ලෆීර්, බුද්ධි අංශයේ මේජර් තුවාන් මුතාලිෆ් ආදීහු ඒ දීර්ඝ ලැයිස්තුව සරසති. එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සාමාජික ලයිස්තුවේ මෙවෙනි නම්ගම් විරලය. එක්කෝ ඇත්තෙම නැත.

එහෙත් ඇතැම් මුස්ලිම් දේශපාලකයන් සතුරාගේ පැත්ත ගෙන ජාතිබේදය වැපිරූ බව ජනතාවට මතකය. කල යුත්තේ ඔව්න් හදුනාගෙන හුදෙකලා කිරීම මිස සමස්ත මුස්ලිම් ජනතාවට පහර දීම නොවේ.

දැන් යුද්ධය අවසන්ව තිබේ. සාමකාමිව තමන්ගේ පාඩුවේ ජීවත් වන සිංහල දෙමල මුස්ලිම් තුන් වර්ගයාටම තවත් බිහිසුණු යුද සමයක් අවශ්‍ය  නොවනු ඇත. ඒ සදහා සියලුම ජනවර්ගවල පටු අරමුණු ඉවත් කර ගැනීමට කාලය උදා වී තිබේ.


රංග පෙම්කිත්
සතියේ කතාව
ඉරිදා ලංකාදීප 2013 පෙබරවාරි 03 ඉරිදා

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Sunday, February 3, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): මුස්ලිම් ජනතාව ‘නිකරුනේ විවේචනය කරන්න එපා’

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
මුස්ලිම් ජනතාව 'නිකරුනේ විවේචනය කරන්න එපා'
Feb 3rd 2013, 16:33


මුස්ලිම් ජනතාව 'නිකරුනේ විවේචනය කරන්න එපා'

by 

අපෙන් NEWS



මුස්ලිම් ජනතාව කිසිදු අවස්ථාවක රටට ද්‍රෝහී වී නැති බව පවසන මුස්ලිම් නායකයෝ, විශේෂයෙන්ම රහසිගත ජිහාඩ් සංවිධානයක් පිළිබඳව පළ වන ප්‍රචාරයන් ද තරයේ ප්‍රතික්ෂේප කරති.
nmameen
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන්, අවබෝධයකින් තොරව මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය විවේචනය නොකරන මෙන් ශ්‍රී ලංකාවාසීන් ගෙන් ඉල්ලීමක් කළේය.

"මුස්ලිම්වරු ඇයි මේ රටේ ජිහාඩ් කළ යුත්තේ? අපි මේ රටේ වෙන කොටසක් ඉල්ලන්නේ නෑ. කොහෙවත් එහෙම සංවිධානයක් තියනවා නම් අපි ඉල්ලා සිටිනවා, මේ රටේ දක්ෂ ආරක්ෂක ව්‍යුහයක් තියනවා, ඒ අයට සොයාගන්න පුළුවන්," යනුවෙන් ද එන් එම් අමීන් සභාපතිවරයා සඳහන් කළේය.

අන්තවාදීන්

මුස්ලිම් ප්‍රජාව අතර අන්තවාදීන් සිටින්නේ නම් ඔවුන්ට දඬුවම් පැමිණවීම පිළිබඳව තම සංවිධානයේ කිසිදු විරෝධයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
වෙළඳපොළට නිකුත් කෙරෙන මස් වලට හලාල් සහතිකය නිකුත් කිරීම මගින් ජමියතුල් උලමා සභාව විශාල ආදායමක් උපයා ගන්නා බවට එල්ල වන චෝදනා ද මුස්ලිම් නායකයෝ ප්‍රතික්ෂේප කළහ.
එම සහතිකය නිකුත් කිරීම කිසිදු ආකාරයක ව්‍යාපාරයක් නොවන බව අවධාරණය කළ ජනාධිපති නීතිඥ අලි ශබ්රි, එය හුදෙක්ම මුස්ලිම් ජනතාව වෙනුවෙන් සැපයෙන සේවාවක් බව ද පැවසීය.
මුස්ලිම් ජනතාවට එරෙහිව රට තුලින් මතුවෙමින් තිබෙන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම් වස් ආණ්ඩුව ගෙන තිබෙන පියවර පිළිබඳව සෑහීමකට පත්වන බව ද මුස්ලිම් නායකයෝ පැවසූහ.
අල් කයිඩා සහ තාලිබාන් සංවිධාන ශ්‍රී ලංකාවේ තහනම් කළ හොත්, රටේ මුස්ලිම් ජනතාවට හිරිහැර කිරීම සඳහා එම නීති යොදාගැනීමේ අවදානමක් පවතින බව ද ශ්‍රී ලංකා මුස්ලිම් නායකයෝ පවසති.
ජනාධිපති නීතිඥ එම් එම් සුහයිර් එම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ඇතැම් බෞද්ධ සංවිධාන මගින් කලක් මුළුල්ලේ ගෙන යන ප්‍රචාරවලට ප්‍රතිචාරය පළ කිරීම පිණිස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
http://apennews.com/
From:bbc

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): මේ තරගකාරී සමාජ ක්‍රමය කාම ලෝකයකට අතවැනීමක්‌!

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
මේ තරගකාරී සමාජ ක්‍රමය කාම ලෝකයකට අතවැනීමක්‌!
Feb 3rd 2013, 10:59




විද්වත් හමුව
මේ තරගකාරී සමාජ ක්‍රමය
කාම ලෝකයකට අතවැනීමක්‌!

- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර

වර්තමානයේ අපේ රටේ කාම අපරාධ සහ නොයෙක්‌ අපරාධ පිළිබඳව වෙන කවරදාටවත් වඩා අසන්නට දකින්නට කියවන්නට ලැබෙනවා. ලංකාවේ මෑත ඉතිහාසය තුළ මෙවැනි විශේෂතාවක්‌ දැකිය හැකි මෙම සමාජ පසුබිම සමාජ විද්‍යාත්මකව ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

අප හැම කෙනෙක්‌ම මේ කාලෙ සිදුවන අපරාධ, කාමුක ක්‍රියාවන්, ලිංගික අපරාධ ආදිය ගැන කතා කරනවා. කම්පා වෙනවා. ඒත් ඒවා සිදුවන මේ කාලයේ කිසියම් සුවිශේෂත්වයක්‌ තිබේද කියා හිතන්නේ නැහැ. අපට පෙනෙන අපරාධ තරමටම මේ "කාලය" ත් වැදගත් නිරීක්‍ෂණයට ලක්‌විය යුතු බවයි මා හිතන්නේ. ඇත්තෙන්ම මේ කාලච්ඡේදය දීර්ඝ කාලයක්‌ ලංකාවේ සමාජයට කුරිරු සාපයක්‌ව තිබූ යුද්ධයේ භෞතික මුහුණුවර අවපාත වූ කාලයක්‌. පශ්චාත් යුද සමයක්‌. යුද්ධයක්‌ වසර තිහක්‌ තරම් දිගු කාලයක්‌ තිස්‌සේ පැවතුණ රටක සමාජ ආර්ථික දේශපාලන සංස්‌කෘතික කඩාවැටීම් අනිවාර්යය ලක්‍ෂණයක්‌. යුද්ධය නිමා වූ පශ්චාත්a යුද සමයක සිදු විය යුතු මූලිකම දෙය තමා එම කඩා වැටීමට බඳුන්වූ සමාජය ප්‍රතිසංස්‌කරණය කිරීම. දැන් අප සිටින යුගය එසේ සමාජ ප්‍රතිසංස්‌කරණ යුගයක්‌. යුද්ධය නිමාවී වසර හතරක්‌ පමණ ගෙවී ගිය සමාජ සංස්‌කෘතික ආර්ථික ප්‍රතිසංස්‌කරණයකට සුදුසු සමාජ පසුබිමක්‌ ඇති යුගයක්‌. මේ යුගය තුළයි අපි අත් දකින්නේ ස්‌ත්‍රී දූෂණ, ලිංගික අපචාර, ගෘහස්‌ත ප්‍රචණ්‌ඩත්වය, ළමා ලිංගික හිසංන සහ පොදුවේ අපරාධවල ශීඝ්‍ර වැඩීමක්‌. සමාජය ප්‍රතිසංස්‌කරණ වැඩපිළිවෙළක්‌ වේගයෙන් සිදු වනවා කියන මේ යුගය තුළයි මේ වාගෙ ශෝචනීය තත්ත්වයක්‌ අපි අත්දකින්නේ.

ඔබ කියන්නේ මෙම පශ්චාත්a යුද සමය තුළ සමාජය නැවත පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක්‌ නොමැතිවීම මේ තත්ත්වයට හේතුවක්‌ බවද?

ඇත්තෙන්ම ඔව්. යුද්ධයෙන් බරපතළ ලෙස ගිලන් වූ මේ සමාජය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍යයි.

සමාජ සංස්‌කෘතික අවශ්‍යතා රාශියක්‌ තියෙනවා. අද හඳුනාගෙන තියෙන්නේ හුදු භෞතික ඉදිකිරීම්, මහාමාර්ග පාලම් දැවැන්ත කොන්ක්‍රීට්‌ ඉදිකිරීම් ආදියෙන් පිරුන කෘත්‍රිම සංවර්ධනයක්‌ කළ යුතුයි කියන අදහස පමණයි. උතුරු ප්‍රදේශයේ පමණක්‌ නොව මුළු රටේම තත්ත්වය මේකයි. යුද්ධයෙන් ගිලන් වූ සමාජය සුබවාදී කිරීමට ඊට වඩා ජනතාවගේ සිත් සතන්වලට සම්බන්ධ වූ, ඔවුන්ගේ ජන ජීවිතයට එක එල්ලේම බලපාන පවුල කියන මූලිකම ඒකකයට තදින්ම දැනෙන සුධාරක වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. දුප්පත්කම වේගයෙන් පැතිරෙන කොට තම අවශ්‍යතා ඉටු කර ගැනීමට භාණ්‌ඩ මිලදී ගැනීමේ ක්‍රයා ශක්‌තියෙන් පිරිහුණු විශාල පිරිසක්‌ ඉන්න කොට හොරකම, වංචාව, ප්‍රචණ්‌ඩත්වය පැතිර යනවා. ඒ වගේම මිනිසුන්ට තමා කවුද කියන එක අමතක වන මහා කලකිරීම්, ඉච්ඡා භංගත්වය, අසාධාරණය වැනි දේ පේනවා. ඒ සමගම තමා බැඳී සිටින පවුල වැනි ආයතනවලින් ගිලිහෙමින් හුදකලා චරිත බවට පත්වන ප්‍රවණතාවක්‌ පේනවා. ස්‌ත්‍රී දූෂණ, කාම අපරාධ, ආදියට සම්බන්ධ වූ අයගේ ජීවිත දිහා බලන විට මේක පැහැදිලියි.

අපරාධ හා කාම අපරාධ හැමදාමත් අපේ රටේ අසන්න දකින්න ලැබුණා. ඒ කාලවලත් ඔය කියන සමාජ ලක්‍ෂණ අඩු වැඩි වශයෙන් තිබුණා නේද?

අපරාධ ගත්තත්, කාම අපරාධ, ගත්තත් අද ඒ පිළිබඳ දැවැන්ත රැල්ලක්‌ ඇතැයි පේනවා. ඒත් මේ තත්ත්වය ටිකක්‌ විග්‍රහාත්මකව බැලිය යුතු දෙයක්‌. මා හිතනවා අපරාධවල අති මහත් වැඩිවීමක්‌ තිබෙනවා කියනවට වඩා අපරාධ සමාජගත වන වේගයේ විශාල වර්ධනයක්‌ දකින්න පුළුවන් කියා. ඉන් අදහස්‌ වන්නේ නැහැ අපරාධ අඩුයි කියා. පොලිස්‌ අපරාධ අංශයේ වෙබ් අඩවිය තමා අපිට අපරාධවල අලුත්ම පුවත දැනගන්න තියෙන පහසුම මාධ්‍යය. එයට අනුව 2009 වසරට වඩා 2010 වනවිට හා 2011 වනවිට අපරාධවල ශීඝ්‍ර වැඩි වීමක්‌ පෙනෙනවා. 2011 න් පසුව දත්ත ක්‍රමානුකූලව වෙබ් අඩවිවල නැති වුණත් පොලිස්‌ වාර්තා බලන විට පේනවා 2011- 12 කාලවල අපරාධ රැල්ල වර්ණවත් කරමින් ලිංගික - කාමුක අපරාධවල වැඩිවීම, ළමා අපරාධ වැඩිවීම, එකම ප්‍රදේශවල අඛණ්‌ඩව අපරාධ රැල්ලක්‌ පැතිර යැම. මේ ප්‍රවනතාව සාමාන්‍ය අපරාධ සිදුවීම ඉක්‌මවා සිතිය යුතු තත්ත්වයක්‌.

අපරාධ හා ලිංගික අපරාධ ඇයි මෙහෙම වැඩි වුණේ?

මූලිකව අද අපේ රටේ දැකිය හැකි දැඩි දේශපාලනීකරණ ක්‍රියාවලියතA ඒ එක්‌කම තියෙන දේශපාලන ප්‍රචණ්‌aඩත්වයත් එකට බැඳිල තියෙනවා. අද මේ රටේ හැම ආයතනයක්‌ම සේවාවක්‌ම දැඩි දේශපාලනීකරණය වූ තත්ත්වයකයි පවතින්නේ. සම්භාවනීය තනතුරු සියල්ලම අද මේ ප්‍රවනතාවට ගොදුරු වෙලා ඉවරයි. මෙතැන සිදුවන්නේ එකම මතවාදයක්‌ පමණක්‌ පැවතිය යුතුය යන අදහස. එකම රටක්‌ එකම හඬක්‌ කියා අප ඒ දරදඬු ඒකපාක්‍ෂික මතවාදයට ජාතික තත්ත්වයක්‌ දෙන්න හදනවා. මෙහෙම වෙනකොට එම මතවාදයට අනුගතවන්න බැරි විශාල පිරිසක්‌ වෛරයෙන්, ක්‍රෝධයෙන් පීඩනයට පත් වීම ස්‌වභාවිකයි. ඒ එක්‌කම මනාප මැතිවරණ ක්‍රමයන්ගේ පැවැත්ම සඳහා නාගරික පාදඩ අනාථ පංතිය හා ලුම්පන් පංතියේ සහාය අවශ්‍යම වෙනවා. ඒ එක්‌කම හිංසනය අපරාධ ගලා එනවා. එතකොට ප්‍රචණ්‌ඩත්වය පිටුපස දේශපාලන හස්‌තය අනිවාර්යයෙන්ම පේනවා.

ඔබ කියන්නේ රටේ විධිමත් හා අවිධිමත් සමාජ පාලනය බිඳ වැටී ඇති බවද?

ඔව්, ඒක අද අපි මේ කතා කරන ව්‍යසනයට අවශ්‍ය සංස්‌කෘතික පසුබිම නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන් නීතිය හා නීතියේ ආධිපත්‍යය වැදගත්. සමාජ පාලනයට පොලිසිය, නීතිය, උසාවිය වැනි ආයතනවල ස්‌වාධීන ක්‍රියාකාරීත්වය අවශ්‍යමයි. අද මේ සියල්ල බිඳ වැටී නැද්ද? දේශපාලන බලපුළුවන්කාරකම් නිසා අපරාධ යටපත් වී යනවා. නීතිය ක්‍රියාත්මක වන ආයතන කෙරෙහි ඇති සමාජ විශ්වාසය බිඳවැටීම මේ සමඟ සිදු වෙනවා. දැන් බලන්න, අපි දැක්‌කා ප්‍රධාන පාසල් දෙකක ළමුන් එළියට පැන ගල් මුල්වලින් විදුහල්පතිවරුන්ට පහරදී ඔවුන්ගේ රථ විනාශ කරන ආකාරය. මේ දර්ශනය තුළින් අපට කියන්නේ මොකක්‌ද? රටේ නීතිය බිඳ වැටීම නේද? එම නීතියට ගරු නොකිරීමේ ෙ€දවාචකය අද පාසල් සමාජය තෙක්‌ පැමිණ තිබෙනවා නේද?

ලිංගික අපරාධවල සමාජ පසුබිම ඔබ දකින්නේ කෙසේද?

ලිංගික ආශාවන්ගෙන් පිරුණ සමාජ වපසරිය නූතනයේ වයස්‌ තරාතිරමකින් තොරව තරුණයාගේ සිට මහල්ලා දක්‌වා පුළුල් වී තිබෙනවා. මෙයට මූලික හේතුව ලිංගිකත්වය සම්බන්ධව පවතින සමාජ ප්‍රතිමාන, ධර්මතා, විශ්වාස, ආකල්ප ආදියෙහි පැවැති වලංගුතාවය අද හීන වී පැවතීමයි. මිනිසුqන්ට ලිංගික ජීවිතය කියන එක පිළිබඳව ඇති ආශාව දියුණු තියුණු වෙන්න අද පවුල කියන ආයතනයේ කඩාවැටීම බලපාල තියෙනවා. මිනිසුන් ඒ නිසාම පවුල තුළ හුදකලා වූ ස්‌වරූපයක්‌ තියෙනවා. අනිත් පැත්තෙන් බිඳුණු පවුල් නිර්මාණය වීමත් වැඩිවෙලා තියෙනවා. පවුල කියන සාම්ප්‍රදායික ආකෘතිය තුළ තමන් හිරවී සිටිනවා කියන තැනට අද බොහෝ දෙනෙක්‌ පත් වෙලා. පවුලෙන් පරිබාහිරව ආදරය සෙනෙහස වැනි චිත්තවේගී දේවල් හොයාගෙන යැමේ අවශ්‍යතාව ඇති පිරිස විශාල ලෙස වැඩිවෙලා. ඉලෙක්‌ට්‍රොනික විද්යුත් මාධ්‍යවල මිතුරු සමාජ දිහා බලන විට මේ තත්ත්වය හොඳටම පැහැදිලියි. කාගෙන් හෝ රැකවරණයක්‌ ලිංගික සතුටක්‌ ලබා ගැනීමේ ප්‍රවනතා අද වේගයෙන් වැඩිවෙලා තියෙනවා.

ලිංගික අධ්‍යාපනය සහ මිශ්‍ර පාසල් වැනි දේ කාම අපරාධ අතර ගැලපීමක්‌ ඇතිකරන්න යොදා ගන්න බැරිද?

මා එය පිළිගන්නේ නැහැ. ලිංගික අධ්‍යාපනය පාසල් මට්‌ටමේ සිට ලබා දීමෙන් කාම අපරාධ අඩුවේය කියා හිතන්න බැහැ. ලිංගික අධ්‍යාපනයකින් දෙන්නේ ජීව විද්‍යාත්මක දැනුමක්‌. කාම ලෝකය කියන්නේ එයට වඩා විස්‌තාරණය වූ එකක්‌. ඒක තේරුම් ගන්නේ පුද්ගලයාගේ පෞරුෂය සහ පෞරුෂ ගති අනුවයි. පෞරුෂය සකස්‌ වන්නේ ඉගෙන ගන්නා දෙයින්ම නොවේ. සංසාරික පුරුදුත්a ඊට බලපානවා. අනික ලංකාව වැනි රටක ගම්බද පාසල්වල දැකිය හැක්‌කේ ඇමරිකාව වැනි රටවල ගම්බද පාසල් නෙවෙයි. ආගම පාසල් දරුවන්ගේ ගම්වල තවමත් ප්‍රධාන සමාජ පාලන උපක්‍රමයක්‌. ලැඡ්ජාව බය වැනි දේවල් නිසා තවමත් පාසල්වල විනය සදාචාරාත්මක කාරණාවල ස්‌ථාවර බවක්‌ තියෙනවා. ලිංගික අධ්‍යාපනය උගන්වන්න එබඳු සමාජ පසුබිමක අමාරුයි. එහෙම ඉගැන්නුවා කියා විභාගවලට යොමු වුණ අධ්‍යාපන ක්‍රමයක්‌ තියෙන රටක දරුවන්ගේ ජීවිතවලට බලපෑමක්‌ ලැබේ යෑයි හිතන්න බැහැ.

පුද්ගලයාට තමා තේරුම්ගත හැකි, මනුස්‌සකම තේරුම් ගත හැකි වටපිටාවක්‌ පාසලින් නිර්මාණය කිරීමයි වැදගත්. මිශ්‍ර පාසල්වල ඉගෙනුම ලැබීම කාම අපරාධවලට පෙළැඹීම අඩුවීමක්‌ කියා කියන එකත් මා පිළිගන්නේ නැහැ. ස්‌වාභාවික වරණ න්‍යාය කියන මානව විද්‍යාවේ තියෙන න්‍යායකින් උගන්වනවා දිගුකලක්‌ ලේ නෑයන් සමගම සිටීමෙන් ලිංගික උත්කර්ෂණය ඔවුන් අතර ඇතිවන බව. නමුත් අද එම අදහස ප්‍රතික්‍ෂේප වී තිබෙනවා.

අද පවතින ලිංගික අපචාර සමග පවුලේ බිඳවැටීම වගේම නාගරීකරණය, ගම් අතහැර නගර කරා යැම වැනි කාරණා මෙයට බලපාන්නේ කොහොමද?

අද තියෙන්නේ දුවන සමාජයක්‌. ලොකු තරගයකින් දිව යන සමාජයක්‌. අධ්‍යාපනය අද හරියට මිල අධික භාණ්‌ඩයක්‌. ඒක මිලදී ගන්න නගරයට යන්න ඕන. ටියුෂන් ව්‍යාපාර තියෙනවා. ඒ වගේම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන තියෙනවා. අද ළමා ලිංගික අපචාරවලට ටියුෂන් ව්‍යාපාරය නිසා රුකුලක්‌ ලැබෙනවා. බාලක බාලිකාවන්ට කාමර කුලියට දීම අද ප්‍රධාන නගරවල ඕන තරම් දකින්න තියෙනවා. අද ගුරුවරයා වුණත් මේ සමාජ පසුබිමේම නිර්මිතයක්‌. හැම කෙනෙක්‌ම මේ දුවන සමාජයට කැමැතියි. මේ දුවන දිවිල්ල කාම ලෝකයට අතවැනිල්ලක්‌ වන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම අද තරුණයාගේ විවාහ වීමේ වයස කල් යන ප්‍රවණතාව පේනවා. විවාහ කල් පමාව බරපතළ ලෙස තරුණයන්ට බලපානවා. මේ තත්ත්වය තුළ ලිංගික උත්කර්ෂණය සමනය කරගැනීමට ක්‍රමෝපායන් අවශ්‍ය වී තිබෙනවා. මෙබඳු තත්ත්වයක්‌ යටතේ අද කාම වෙළෙඳපොළේ ශීඝ්‍ර ව්‍යාප්තියක්‌ තිsබෙනවා. අසැබි චිත්‍රපට අද නැරඹීමේ පහසුකම් වැඩියි. අන්තර්ජාලය තුළ ඒවාට වඩාත් ඉඩකඩ පැතිර තිබෙනවා. ෙµaස්‌ බුක්‌ හරහා අපිට අහන්න ලැබුණ සිදුවීම් බොහොමයක්‌ නතර වී තිබුණේ කොතනද? ලිංගික ලෝකයක.

දෙවනුව මේ අපරාධවලට සමාජය තුළ ලැබෙන වැරැදි පූර්වාදර්ශයන්ද තදින්ම බලපාන බව මගේ අදහසයි. අද අප දකින බොහෝ ජනකාන්ත චරිත ඇත්තෙන්ම සදාචාරාත්මක නෑ. ඔවුන්ගේ ලිංගික ජීවිතය අප්‍රසන්නයි. ඔවුන් බොහෝ විට මාධ්‍යවලින් තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව කියන දේවල් අසත්‍යයයි. එහෙත් මේ අය වටා අන්ධානුකරණ සමාජයක්‌ ඉන්නවා. අද සමාජය ඉල්ලා සිටින චරිත මේවායි. මේ අයගේ ජීවිතවල වැරැදි තැන් සුළුවෙන් හිතන අය තමාගේ ජීවිතය ගැනත් තියෙන වගකීම සුළුකොට ගැනීමක්‌ කරනවා.

අපේ රටේ අපරාධ හා කාම අපරාධ වර්ධනයට බලපෑ වෙනත් ප්‍රධාන හේතු මොනවාද?

මා හිතනවා ලංකාවේ දිගු කාලයක්‌ පැවැති යුද්ධය මෙයට බලපෑ එක්‌ ප්‍රධාන සාධකයක්‌ කියල. බලන්න මෙයට සම්බන්ධ වූ ප්‍රධාන කණ්‌ඩායම් දෙකම සිදු කළ පුද්ගල ඝාතන සමග ප්‍රචණ්‌aඩත්වය සමාජගත වී සාමාන්‍ය දෙයක්‌ බවට පත්වුණා නේද? ඒ වගේම යුද සමයේ සිදුවුණ මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ වෙළෙ¹ම, ඒවායේ අනිsසි භාවිතාවන් අදටත් මුළුමනින්ම නැවතී ඇද්ද? මේ හැර ආරක්‍ෂක අංශ අතහැර ගිය අවි පුහුණුව ලත් සොල්දාදුවන් සමාජයෙන් වසන් වී පැහැදිලි ජීවනෝපායක්‌ නැතිව පිපාසිතව සිටින තත්ත්වයක්‌ අපට හඳුනා ගත හැකියි. මේ අය හුඟාක්‌ කාම අපරාධවලට සම්බන්ධ බව අපට කියවන්න ලැබුණා. පීඩනය කළකිරීම, සමාජ වෛරය කොතැනින් හෝ පුපුරා යැමක්‌ හැටියට එය සැලකිය හැකියි. ඒ වගේම අද ග්‍රාමීය සමාජය සතු අනන්‍යතාව ගිලිහිලා. ගම ස්‌වයංපෝෂිත ඒකකයක්‌ නෙමෙයි. නගර සහ උප නගරවල ප්‍රාදේශීය දේශපාලන බලවතුන් ගම පාලනය කරනවා. ගමේ තරුණයන් ගමට නායකත්වය දෙන්නේ නැහැ. හැම කෙනෙක්‌ම බලන්නේ නගරයට එන්න. මේක හරියට නගරය විසින් ගම සූරා කෑමක්‌ වාගේ. ගම පිළිබඳ කොපමණ ව්‍යාපෘති තිබුණත් ගැමියන් අද ස්‌වයංපෝෂිත නෑ. මෙබඳු පසුබිමක්‌ තුළ අපරාධ සඳහා හොඳ තෝතැන්නක්‌ බවට ගම පත්වෙලා.

අද ආගමත් එක්‌තරා විදියකට වාණිජකරණයට ලක්‌වීම මේ තත්ත්වයට බලපාන්නෙ කොහොමද?

ආගම - පන්සල කියන්නේ ප්‍රබල සමාජ ආයතනයක්‌. එදා සමාජයේ එය බහු කාර්ය ආයතනයක්‌ වුණාට අද එහෙම නෑ. අද පන්සලේ කාර්යය මොකක්‌ද කියා හිතා ගන්න අමාරුයි. හැමතැනම පුද පූජා සහ චාරිත්‍ර විශාල වශයෙන් තියෙනවා. දහම් පාසල් බෝධි පූජා හැම ගමකම දකින්න තිබෙනවා. ඒත් අපරාධවල අඩුවක්‌ තිබෙනවාද? මේකට හේතුව මේ 'ජනප්‍රිය බුද්ධාගමින්' අපගේ ජීවිතවල හැඩගැස්‌වීමට ප්‍රබල බලපෑමක්‌ සිදු නොවීමයි. මේ තරගය, බල අරගලය භික්‍ෂු සමාජය තුළත් තියෙනවා. මෙහෙම තත්ත්වයක්‌ යටතේ අපට දැහැමි සමාජයකට ආගම උපකාරී වෙතැයි සිතීම අමාරුයි.

අපරාධ හා කාම අපරාධවල වර්ධනය ගැන මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවලටත් යම් චෝදනාවක්‌ එල්ල වී තිබෙනවා නේද?

ඔව්. මා හිතනවා. බොහෝ විට මාධ්‍ය මගින් අපරාධ ප්‍රතිනිර්මාණය කිරීමක්‌ කරන තැන් මා දකිනවා. පුවත් මැවීම, සඳහා තියුණු වෙළෙඳපොළ තරගයක්‌ ඇති සමාජයක, අපරාධ ආකර්ශනීයව ජනතාව වෙත ගෙන යාමත් පෙනෙනවා. අනෙක්‌ අතට දරුණු අපරාධකාරී හැසිරීම්, එපරිද්දෙන්ම ප්‍රතිනිරූපණය කොට පෙන්වන රූපවාහිනී වැඩසටහනක්‌ද අපි දකිනවා. මේවායින් සමාජයට සිදුවන බලපෑම සංවේදීව සිතනවාට වඩා සිතන්නේ සිද්ධිය සවිස්‌තරාත්මකව හා ආකර්ශනීයව පෙන්විය යුතුය යන අදහසයි. අපරාධ, කාම අපරාධ ඉතාම සුළු සාමාන්‍ය සිදුවීම් සාමාන්‍ය පුවත් බවට අද සාමාන්‍යකරණය වීම තුළ ඒ පිළිබඳ ප්‍රබල හඬක්‌ නැඟීමට නොහැකි වී තිබෙනවා.

අද සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිරී යන මේ ව්‍යසනකාරී තත්ත්වය පාලනය කිරීම කළ හැක්‌කේ කෙසේද?

පොදුවේ ගතහොත් මේ වේගවත් පාරිභෝජන සමාජය අපි හොඳින් තේරුම් ගැනීම වැදගත්. මේකෙන් අපට ඇති කරන මහා කම්පනයත්, බලාපොරොත්තු කඩවීමෙන් ලබන උද්වේගයත් අප තේරුම් ගත යුතුයි. අනික ආගම වැනි සමාජ ආයතන අද හුදෙක්‌ ජනප්‍රිය පුද පූජා චාරිත්‍රවලට පමණක්‌ සීමා වෙලා. එම තත්ත්වය වෙනස්‌ වීම වැදගත්. ආගම අපේ ජීවිතයට සම්බන්ධ කර ගත හැකි වැඩසටහන් අවශ්‍යයි. තුන්වෙනුව අපි වැඩිහිටියන් දරුවන් විදිහට දුරස්‌ථ නොවිය යුතුයි. පරම්පරා පරතරයක්‌ අප අතර ඇතිවීමට අපේ සංස්‌කෘතියෙන් ඉඩක්‌ දී නැහැ. එදා තිබූ එම තත්ත්වය අපි යළි ඇති කරගත යුතුයි. මනුස්‌සකම කියන එක තරම් වටිනා තවත් දෙයක්‌ අපට නැති බව තේරුම් ගත යුතු තැනට අද සමාජය පත් කළ යුතුයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Thursday, January 31, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): කාන්තාව පිටරට ගොස් සොයන මුදලට වඩා විශාල හානියක් ඇගේ පවුලට සිදුවෙනවා

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
කාන්තාව පිටරට ගොස් සොයන මුදලට වඩා විශාල හානියක් ඇගේ පවුලට සිදුවෙනවා
Jan 31st 2013, 08:08












කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ස්වර්ණා ඉහළගම


කාන්තාව විදේශගත වීම අද වන විට සමාජ පුරුද්දක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයෙන් වැඩිම මුදලක් උපයන්නේ විදේශ රැකියා සඳහා යොමු වී සිටින අපේ කාන්තාවන් විසින්. එම නිසා කාන්තාව විදේශගත වීම ආර්ථික වශයෙන් ප්‍රධාන ආදායමක් බවට පත්ව තිබෙනවා.
නමුත් සාම්ප්‍රදායික පෙරදිග සමාජ ක්‍රමය අනුව දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ කාර්යයේදී කාන්තාව සතු වගකීම වැඩියි. පවු‍ලේ ප්‍රධානියා පුරුෂයා වුවත් දරුවන් හැදීමේ කාර්යයේදී කාන්තාවට වැඩි වගකීමක් තිබෙනවා. එම නිසාම කාන්තාව විදේශ ගතවීම පවුල් ඒකකයේ පරිහානියට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. පවුල පරිහානියට පත්වීම නිසා විශාල සමාජ පරිහානියකුත් සිදු වෙනවා.
කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන විට පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ වැඩි ප්‍රතිශතයක් ඉහළ අධ්‍යාපනයක් නොලැබූ කාන්තාවන් බවයි. සමහර කාන්තාවන් උපාධිය තිබියදීත් රජයේ රැකියා අවස්ථා නොලැබිම හේතුවෙන් විරැකියාවට මුහුණ දෙනවා.
මෙවැනි තත්ත්වයන් මධ්‍යයේ ආර්ථික දුෂ්කරතා හමුවේ අසරණ වන බොහෝ කාන්තාවන් මැදපෙරදිග රැකියා සඳහා යොමුවීම සාමාන්‍යයි. නිසි පුහුණුව, උගත්කම හා පළපුරුද්ද පිළිබඳව සුදුසුකම් ගෘහ සේවය සඳහා නොසලකා හැර තිබිමත්, වැඩි වැටුපක් ලබා ගැනීමට හැකිවීමත් මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
අනෙක් පැත්තකින් කරුණු සෙවීමේදී විදේශගත ශ්‍රී ලාංකික කාන්තාවට එම රටවලදී ලංකාවේ රැකියාවක නිරතවන විට තිබෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. තමුන්ට සුපුරුදු පරිසරය, කෑම බිම, සංස්කෘතිය පැවැත්ම ආදී සියල්ලටම වඩා වෙනස් පරිසර තත්ත්වයක රැකියාවක නිතරවන කාන්තාව ඉතා අසරණයි.
ඒ වගේම යම් පවුලක මව, බිරිඳ, සහෝදරිය විදේශගතවීම නිසා පවුලකට විශාල හානියක් සිදුවෙනවා. විදේශගතවීම මගින් හරි හම්බ කරන මුදලට වඩා විශාල හානියක් පවුලට සිදුවිය හැකියි.
විශේෂයෙන් වියළි කලාපයට අයත් හොරොව්පතාන, අනුරාධපුරය වැනි ප්‍රදේශවල කාන්තාවන් ආර්ථික අපහසුතාවයන්ට පත්වන අවස්ථාව වැඩියි. කෘෂිකර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්කර ගත් එම ප්‍රදේශවල නියඟය හෝ ගං වතුර වැනි තත්ත්වය ඇති වුවහොත් සියලු වගා හානියට පත් වෙනවා. සමහර අවස්ථාවන්වලදී ඔවුන්ගේ ගේදොර උකස් තබා බිජ වී ‍පොහොර ආදිය මිලදීගෙන වගා කටයුතු කරගෙන ආවත් හදිසි තත්ත්වයක් මත වගාව විනාශ වූවොත් ඔවුන් ඉතාම අසරණ වෙනවා. මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන නිසාම වියළි කලාපයේ බොහෝ කාන්තාවන් විදේශ ගත රැකියාවන්වල නිරත වීමට උත්සාහ දරන බව පෙනෙනවා.
විදේශගත කාන්තාව විසින් පවු‍ලේ දියණුවට කියා එවන මුදල් නිකරුනේ නාස්ති වන අවස්ථා අපි දකිනවා. ස්වාමියා තැබෑරුම්වලට ලෝබ නැතිව වියදම් කරනවා. එවැනි විදේශගත කාන්තාව මුහුණ දෙන, ඒ කාන්තාවගේ පවුලට විය හැකි ගැටලු, දුවා දරුවන් මුහුණ පාන අනපේක්ෂිත සිදුවීම් සම්බන්ධයෙන් කතා කරන නවකතා, කෙටිකතා, රූපවාහිනී නාට්‍ය, සිනමා බිහි කළ හැකියි.
හරසුන් ටෙලි නාට්‍ය මේ දිනවල ඕනෑ තරම් රූපවාහිනී මාධ්‍යයෙන් දැක ගැනීමට හැකියාව තිබෙනවා. ඒ හරසුන් නාට්‍ය වෙනුවට මෙවැනි සමාජයට බලපෑම් කරන මිනිසුන්ට දැඩිව බලපාන මාතෘකා තේමා කරගනිමින් නිර්මාණ බිහි කළ හැකියි.
විශේෂයෙන් වියළි කලාපයේ පවුල් මුහුණ පාන ප්‍රබල ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඉන් එකක් වන අලි ප්‍රහාරයන්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවීම, අනෙක පවු‍ලේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන මව විදේශගතවීම.
මෑතකදී රූපවාහිනී නාට්‍යයක කාන්තාව විදේශගතවීම නිසා පවුල විනාශ වන ආකාරය තවත් පැති කිහිපයක් ඔස්සේ කතා කරමින් විකාශනය කෙරුනා. නමුත් ඊට වඩා ප්‍රබල විදියට මෙම මාතෘකාව පිළිබඳව කතා කළ යුතුයි.
විදේශගත වන කාන්තාව වෙනුවෙන් කාන්තාවගේ පවු‍ලේ ආරක්ෂාව හා කාන්තාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි නීති රීති යෙදීම වගේම කලාකරුවන්ගේ දායකත්වයෙන් ඒ ප්‍රශ්න නිවස ඇතු‍ලේදීම ඔවුන්ට දැනෙන්නට සැලැස්විය හැකියි.
මැද පෙරදිග ගෘහ සේවයට ගිය රිසානා අද හොඳ මාතෘකාවක්, අඩු වයසේ සිටියදීත් වැඩි වයස් යොදා සියලු සහතික හොරාට නිර්මාණය කරන විදේශ රැකියා නියෝජිත ආයතන, මුහුණ පාන ගැටලුව සිනමාව ඔස්සේ කතා කළ හැකියි.
රිසානා අඩු වයස් දැරියක් වශයෙන් විදේශගත වීමත්, ඇයට මරණ දඬුවම වැනි අමානුෂික තත්ත්වයක් හිමිවීමත් නිසා ජනතාවගේ සිත් දැඩි ලෙස කම්පා කළා. නමුත් මැදපෙරදිග ගෘහ සේවය සඳහා විදේශගත වන බොහෝ කාන්තාවන්ගේ ඉරණම කණගාටුදායකයි.
අපේ කාන්තාවන් සෑහෙන වද හිංසාවලට මුහුණ දෙනවා. ඇණ ගසනවා. ගුටි කනවා. බොරු චෝදනා මත ‍පොලීසි ගෙන යනවා. සමහර කාන්තාවන්ට කන්න බොන්න දෙන්නෙත් නෑ. කිසිදු අනුකම්පාවකින් තොරව උදේ පාන්දර සිට මහ රාත්‍රිය වන තුරු පැය 18ක් පමණ සේවය කරන්න සිදු වෙනවා. රිසානාගේ සිදුවීම තරම් මෙම සිදුවීම් වාර්තා වන්නේ නැහැ. මේ සිදුවීම් වාර්තාවීම සිදුවුනා නම් සමහර විට කාන්තාව විදේශගත වීමට පෙර දෙවරක් සිතීමට පෙළඹිය හැකියි.
අත දරුවන් සිටින කාන්තාවන් මෙන්ම වැඩිවියට පත් දැරියන් සිටින කාන්තාවන් විදේශගත වීමට පෙර දෙවරක් සිතිය යුතුයි. ආර්ථිකමය වාසිය තකා විදේශගත වුවත් නැවත ලංකාවට පැමිණෙන විට තමන්ගේ දරුවන් වැරදි කටයුතු සඳහා යොමු වී තිබුණොත්, හිරගෙවල්වල දඬුවම් විදිනවා නම් හෝ තමන්ගේ දියණිය පියා අතින්, ඥාතියෙකු අතින් හෝ අසල්වැසියෙකු අතින් අතවරයට පත්ව තිබුණොත් මවකට දරාගත නොහැක. මිල මුදල් කොපමණ හරි හම්බ කරගෙන පැමිණියත් ඒවායින් කිසිදු ඵලක් නැති වෙනවා.
මෙවැනි තත්ත්වයන් අවධානයට ගනිමින් මැද පෙරදිග හෝ වෙනත් රටක ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂාවට අදාළව නීතිමය ප්‍රතිපාදන, රක්ෂණ ආවරණ, වගකිව යුතු නිලධාරීන් හා ආයතන විසින් සකස් කිරීමට පියවර ගත යුතුයි.
ඒ වගේම අඩු වයස් දැරියන් හා විවාහ ජීවිතයට ඇතුළත් නොවූ කාන්තාවන් විදේශගත වීමේදීත් දැඩි නීතිරීති අවශ්‍යයි. විශේෂයෙන් තමන්ගේ ආදායම ගැන පමණක් සිතා කාන්තාවන් විදේශගත වීමට ‍පොළඹවන, අනුබල දෙන විදේශ රැකියා නියෝජිත ආයතන, තැරැව්කරුවන් සම්බන්ධයෙන්ද දැඩි නීති රීති යෙදිය යුතුයි.
එවැනි තත්ත්වයන් සමාජයේ සුබ සිද්ධියට සහ යහපැවැත්මට අවශ්‍යයි. පෙරදිග රටක් වශයෙන් කාන්තාව පවුලෙන් වෙන්වීම සුදුසු බව කෙසේවත් කිව නොහැකියි.
ඒ වගේම ශ්‍රී ලංකාවේ දුප්පත් පවුල් නගා සිටුවීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. ගෘහ ආශ්‍රිත ස්වයං රැකියා ව්‍යාපාර ඇති කිරීමට අවශ්‍ය දැනුම, උපකරණ හා ප්‍රාග්ධනය ලබා දී නිරන්තර අධීක්ෂණය යටතේ ඔවුන් නගා සිටුවිය යුතුයි.
කාන්තාව මුහුණ දෙන ආර්ථික ගැටලු නිරාකරණය නොකර විදේශගත වීම වැළැක්විය නොහැකියි. ආර්ථික ගැටලු නිරාකරණය වුවහොත් කාන්තාව විදේශගත වීමත් වැළැක්වෙනවා. දුවා දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, ඔවුන්ට හොඳ ආරක්ෂාවක් තිබිම නිසා පවුල් සංස්ථාව ශක්තිමත් වෙනවා. ඒ වගේම අනෙක් පසින් සමාජය පරිහානියට පත්වීම වෙනුවට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැගීමත් සිදු වෙනවා.

සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන්ම අයෙක් වධ හිංසාවට ලක්වෙනවා

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සභාපතිදිමුතු ආටිගල

කාන්තාවන් මැද පෙරදිග යාම ප්‍රධාන තැනකට ඇවිත්. නමුත් ඔවුන් විදේශ ගතවන්නේ ඇයි යන්න සිතිය යුතුයි. ඈත ගම්වල ජීවත්වන කාන්තාවන්ට තමන්ගේ නිශ්චිත රැකියාවකට යොමුවිය හැකි මාර්ගයක් නැහැ. අධ්‍යාපනයකුත් නැහැ.
අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන්නේ විදේශගත ශ්‍රමිකයන් මාර්ගයෙන් උපයන විදේශ විනිමය. ඔවුන් මැදපෙරදිග රටවල විනෝදයෙන් සහ පහසුවෙන් කරන රැකියාවක් මගින් නොවෙයි මේ ආකාරයට විදේශ විනිමය සොයන්නේ. විදේශගත ශ්‍රමික ප්‍රජාවෙන් 2/3ක් කාන්තාවන්. මෑතකදී කළ සමීක්ෂණයකට අනුව තහවුරු වී තිබෙනවා විදේශගත සෑම කාන්තාවන් හතර දෙනකුගෙන්ම එක් අයෙක් ශාරීරික වද හිංසනයට ලක්වෙනව බව.
ඒ වගේම විදේශගත කාන්තාවන්ගෙන් සියයට තිහක ප්‍රමාණයක් සඳහා වැටුප් ලැබෙන්නේ නැහැ. 2005 වසරේ සිට 2013 වනතුරු සිර ගෙදරට වී සිටි රිසානාට ඒ කාලය තුළ ඩිනාර් 1ක් ලැබුණේ නැහැ. අපි නොදන්න අපට වාර්තා නොවන තවත් ඕනෑතරම් සිදුවීම් අප අතර තිබෙනවා.
ඒ දේවල් ගැන කතා කරන්න කිසිසේත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. මෙය සුළුකොට තැකිය නොහැකි බරපතළ තත්ත්වයක්. නිෂ්පාදන ආර්ථිකය වැඩි කරනවා යන්නෙන් අදහස් වන්නේ භාණ්ඩ නිෂ්පාදනය වැඩිකිරීමයි. අද වනවිට ඇඟලුම්
නිෂ්පාදන කෝටාවක් අපට අහිමි වෙමින් තිබෙනවා.
එවැනි වටපිටාවක ආදේශකය වශයෙන් කාන්තාව යොදාගෙන විදේශ විනිමය සෙවීමට උත්සහා කිරීම අනුමත කළ නොහැකියි.
අපේ ජනාධිපතිවරයා අයවැය කතාවේදී කියනවා ඩොලර් බිලියන 6ක් වන විදේශ විනිමය ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයන් විසින් උපයන බව සහ 2014 වර්ෂය වනවිට එය ඩොලර් මිලියන 10ක් බවට පත්කරගැනීම ඉලක්කය බවත්.
ආණ්ඩුව එය කරන්න හිතාගෙන සිටින්නේ තවතවත් අපේ රටේ සිටින කාන්තාවන් පිටරට වහල් සේවය සඳහා යෙදවීම මගින් ආණ්ඩුවේ සංදර්ශනවලටත්, පාරවල් නිර්මාණයට පිහිණුම් තටාක ඉදිකිරීමටත් මුදල් සොයන්නේ අපේ කාන්තාවෝ විසින්. ආණ්ඩුව මෙහි තිබෙන ඛිෙදජනක තත්ත්වය ගැන හොඳින්ම දැන සිටියත් පියවර ගැනීමට පසුබට වන්නේ ඒ නිසයි.අපේ රටටත් වඩා දුප්පත් ඉතියෝපියාව, බංගලාදේශය, සුඩානය වැනි රටවල් පවා සෞදියට කාන්තාවන් රැකියා සඳහා යැවීම සිදු කරන්නේ නැහැ. ඒ වගේම පිලිපීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල කාන්තාවන්ද ගෘහ සේවය සඳහා සෞදියට යැවීමක් කරන්නේ නැහැ.
පිලිපීන ජාතික කාන්තාවකට මැදපෙරදිග රටක ගෘහ සේවයේ යෙදී සිටියදී එහි ගෙහිමි ස්වාමියා විසින් අතවර කිරීමට උත්සාහ කිරීමේදී ඊට විරුද්ධ වන කාන්තාව විසින් පිහියකින් ඇන එම ස්වාමියාව මරණයට පත්කරනවා. එම සිදුවීමේදී පිලිපීනය වහා මැදිහත් වී සටන් කර තම රටෙන් ගිය ගෘහ සේවිකාව ඉක්මනින්ම ගෙන්වා ගත්තා. ඒ වගේම ඔවුන් ඇයට විශාල වන්දියකුත් ලබාගත්තා.
නැවතත් ඉන්දුනීසියානු කාන්තාවකගේ හිස ගසා දැමීමක් සෞදියේදී සිදුවුණා. ඒ අවස්ථාවේ ඉන්දුනීසියාවේ රටේ පාලකයා වහාම ඉදිරියට ඇවිත් ඉන්දුනීසියානු කාන්තාවන් නැවත ගෘහ සේවය සඳහා සෞදියට යැවීම නොකරන බව කියනවා. ඒ වගේම අදත් ඉන්දුනීසියානු කාන්තාවන් ගෘහ සේවය සඳහා සෞදියට යන්නේ නැහැ.
නමුත් අපේ රටේ රිසානා වෙනුවෙන් බලධාරීන් මැදිහත් වුණේ නැහැ. හොර ඒජන්සිකරුවන්ට රිසානා රට යවන්න හොර ලියවිලි හදන්න හැකි වාතාවරණය රටේ බිහිවීමට මේ වගකිව යුත්තන් වගකිව යුතුයි.
රිසානා මරා දමා තිබියදීත් අපේ රටේ වගකිව යුතු අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේ කියනවා අපි රිසානා මුදාගන්නවා කියලා. තර්කානුකූල බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකුට අවබෝධ වෙනවා මෙතැන ක්‍රීඩාවක් සිදුවෙන බව. රිසානාට තමන්ගේ ප්‍රකාශය තමන්ගේ භාෂාවෙන් කරන්නවත් මැරෙන තුරු තමන් මැරෙන බවවත් දැනගැනීමට නොහැකි වුණා.
රිසානා කියන්නේ මේ ඛිෙදවාචකයේ එක පැතිකඩක් පමණයි. තවදුරටත් කාන්තා ශ්‍රමය මගින් මුදල් සෙවීමට සිතන ආණ්ඩුවක් පවතින තුරු රිසානාලා මියයාම, ආරියවතීලාට ඇණ ගැසීම, සුරේඛලාගේ මිනිය මෙරටට ඒම සිදුවීම වළක්වන්න බැහැ. 2012 වර්ෂයේදී මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටි කාන්තා මළ සිරුරු 436ක් මෙරටට ආවා. විදේශගත වන කාන්තාවගේ වයස අවුරුදු 25ට වැඩිවිය යුතුයි කී පමණින් ආණ්ඩුවට ඇඟ බේරාගැනීමට බැහැ. අවුරුදු 25ට වැඩි කාන්තාව සෞදි ගියත් කාන්තාවන් ලක්වන පීඩාවන්වල වෙනසක් සිදුවෙන්නේ නැහැ.
1988 ලෝක ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ළමයින් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට සෞදි රජය එකඟවී තිබියදීත් රිසානා ළමා වියේදී මරණ දඬුවමට ලක්වෙනවා. අපේ බලධාරීන්ට බැරි වුණා රිසානාගේ පාස‍ලේ තිබුණු උප්පැන්න සහතිකය රැගෙන ඒ රටට ගිහින් රිසානාගේ වයස ඔප්පු කරගන්න.
කාන්තාවන් විදේශගත වන්නේ ඇයි කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අසනවා. ඒ වගේම කාන්තාවන් විදේශගත වන්නේ ඇයි කියන හේතුව සොයා බලා විසඳුම් ලබාදිය යුතුව තිබෙන බවත් අප පෙන්වා දෙනවා. තවදුරටත් කාන්තා ශ්‍රමයෙන් ජීවත් නොවී මිනිසුන්ගේ ජීවිත සාර්ථක කරන වැඩපිළිවෙළක් අවශ්‍යයි.
අපේ රටේ යහපාලනයේ සැබෑ ස්වරූපය මෙයින් හෙළිදරවු වෙනවා. විදේශ ශ්‍රමිකයන්ගේ අවධානය හා රැකවරණය කෙරෙහි ඔවුන්ගේ ජීවිත කෙරෙහි තිබෙන අවතක්සේරුව මින් පිළිබිඹු වෙනවා.

මැදපෙරදිගින් සෙවූ මුදලින් සතුටින් ජීවත්වන පවුල් තිබෙනවා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර

කාන්තාවන් මැදපෙරදිග සේවයට යාම නිසා ඔවුන්ගේ පවුල්වල පවතින ආර්ථික දුෂ්කරතා මගහැරී සතුටින් ජීවත්වන අවස්ථා තිබෙනවා. එවැනි පවුල් පිළිබඳව වාර්තා වන්නේ නැහැ. නමුත් මැදපෙරදිග රටවලට සේවයට ගොස් නොයෙක් වදහිංසාවලට ලක්වන කතුන් සම්බන්ධයෙන් විශාල වශයෙන් වාර්තාවීමට පටන්ගෙන තිබෙනවා.
තමන්ගේ පෞද්ගලික ආර්ථික
දුෂ්කරතා හේතුවෙන් මැදපෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යොමු වුවත් එමගින් විශාල සමාජයීය ප්‍රශ්න සංඛ්‍යාවක් උද්ගතවීමට පටන්ගෙන තිබෙනවා. නුපුහුණු, භාෂා දැනුමකින් තොර ශ්‍රමිකයෙකුට සිය ආර්ථික දුෂ්කරතාවලට පිළියමක් වශයෙන් තෝරාගත හැකි එකම විකල්පය බවට පත්ව තිබෙන්නේ මැදපෙරදිග ගෘහ සේවයට යොමුවීමයි.
තමන්ගේ දරුවෝ බඩගින්නේ සිටින විට, පාසල් උපකරණ නැතිව පාසල් යැවීමට නොහැකිවූ විට, ලස්සනට අඳින්න ඇඳුමක් නැති වුණාම, හිසට වහලක් තනාගන්න තියන ඕනෑකම වැනි තත්ත්වයන් නිසා කාන්තාවන් ගෘහ සේවය සඳහා යොමුවෙනවා.
මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කිරීමට කැමැති කාන්තාවන් වෙනුවෙන් හොඳ ඉල්ලුමක් පවතිනවා. කාන්තාවන් මැදපෙරදිග සේවය සඳහා යොමුවීම එකවරම නුසුදුසුයි කියන තීරණයට එළැඹීම සුදුසු නැහැ.
තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් ඉටුකරගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදාවූ විට එම කාන්තාවන් වෙනුවෙන් ඔවුන් නගාසිටුවීමේ විකල්ප ක්‍රමවේදයක් සකස්කර නැතිනම් හැකි එකම ක්‍රමයට ඔවුන් යොමුවීම සාමාන්‍යයි. ආර්ථික තත්ත්වය පිරිහීම නිසා ජීවිත අවදානම ගැන පවා නොසිතා කටයුතු කිරීමට
පෙළඹෙනවා.මැදපෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යොමු කිරීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් සිදුකෙරෙන වැඩපිළිවෙළ ප්‍රමාණවත් නැහැ. තමන් ගෘහ සේවයට පිටත් වන රටේ පවතින නීතිය, ඔවුන් සේවය කරනතුරු වගකීමට බැඳෙන ගිවිසුම ගැන මෙන්ම සේවය කරන අතරතුර සිදුවන අනතුරකදී හෝ හදිසි තත්ත්වයක් මත ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දැනුවත් කළ යුතුයි.විශේෂයෙන් කාන්තාව මැදපෙරදිග සේවය කර උපයා ගන්නා මුදල්, ආර්ථික සවිමත් භාවය ගැන වගේම ඔවුන් මැද පෙරදිග ගෘහ සේවයට යාම නිසා ඔවුන්ගේ පවුල්වල ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව දැනුවත් කළ යුතුයි.
සාමාන්‍යයෙන් වැඩිවිය පත් දියණියක් පියා සමග තනිකර යාම නිසා ඇතිවිය හැකි තත්ත්වය, ස්වාමියා වෙනත් කාන්තාවන් ඇසුරට යොමුවීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, දරුවන් නොයෙකුත් නීතිවිරෝධී ක්‍රීඩාවලට යොමුවීම, දරුවන්ගේ භාරකරුවන් විසින් දරුවන්ට තාඩනපීඩන සිදුකිරීම ආදිය සිදුවිය හැකි බවට ඇයට ඒත්තු ගැන්විය යුතුයි. එවැනි සිදුවීම් ඕනෑතරම් වාර්තා වන නිසා පුවත්පත් සිරස්තල යොදා ගනිමින් ඔවුන්ගේ සිත්තුළ තම පවුල පත්විය හැකි අවදානම පිළිබඳ දැනුවත් කළ යුතුයි.
එවැනි දැනුවත් භාවයක් ලැබිම නිසා සමහර විට කාන්තාවන් විදේශගත වීම වෙනුවට වෙනත් විකල්ප ආර්ථික වැඩපිළිවෙළකට යොමුවිය හැකියි. නොඑසේ නම් තමුන් තම රටෙන් බැහැරව සිටින තුරු පවු‍ලේ ආරක්ෂාව දරුවන්ගේ ආරක්ෂාව සහ එකිනෙකා අතර බැඳීම් දුරස්ථ නොවන ආකාරයෙන් කටයුතු කිරීමට පෙළෙඹෙයි.
මැදපෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන්ට වසරකට වරක් හෝ නැවත තම මව්රටට පැමිණ යාමට හැකිවන ලෙස කටයුතු යෙදිය හැකි නම් එය වඩාත් සුදුසුයි. එවැනි ක්‍රමවේදයක් යෙදීමෙන් පවුල් අතර සබැඳියාව බිඳී යනවා වෙනුවට සබැඳියාව වැඩි විය හැකියි. ස්වාමියාත් දරුවාත් සිය භාර්යාව, මව ඉතා ඉක්මනින් තමන් වෙත එන බව දැන සිටින නිසා සමාජයේ අද පවතින තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් දැකගැනීමට හැකියාව උදාවිය හැකියි. කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යොමුවුණු බොහෝ පවුල් අද වනවිට බිඳුණු පවුල් බවට පත්ව තිබෙනවා.මෙහිදී සමාජ සේවා අමාත්‍යංශය සමග සම්බන්ධ කර මව, බිරිඳ මැදපෙරදිග ගෘහ සේවයට පිටත් වුණු පවුල්වල තත්ත්වය නිරන්තරයෙන් සොයා බැලෙන ක්‍රමවේදයක් සකස් කෙරෙනවා නම් එයද වැදගත් විය හැකියි. තමන්ගේ රටේ ජීවත්වීම සඳහා සුදුසු ආර්ථික තත්ත්වයක් ගොඩනංවාගැනීමට නොහැකි නම් ඔවුන්ට වෙන ගත හැකි පියවරක් නැහැ.
නගරබද ප්‍රදේශයෙන් තරමක් ඈතට යනවිට හමුවන නිවෙස්වල සිටින සමහර කාන්තාවන් පවසන්නේ හිසට වහලක් ඇතිව ඉන්නේ මැදපෙරදිග ගෘහ සේවයට ගිහින් සොයා ගත්ත මුදල් නිසා බවයි.රිසානා නෆීක් තරුණිය දරුණු ඛිෙදවාචකයකට මුහුණපෑවේ අරාබි නීතියේ තිබෙන දැඩි දරදඬු ස්වභාවය නිසයි. තමන් සේවය කරන රටේ නීතිය ගැන විශේෂයෙන්ම දැනුවත් භාවය තිබිය යුතුයි. අපේ සමහර කාන්තාවන් ගෘහ සේවය සඳහා වෙනත් රටකට පිටත්ව ගිය අවස්ථාවල ඒ රටවල අනාචාරයේ යෙදෙනවා. ඔවුන්ගේ පවුල් අමතක කර දමා තමන් ජීවත්වූ සංස්කෘතිමය වටපිටාව සම්පූර්ණයෙන්ම අමතක කර දමනවා. තවත් සමහරෙක් මැදපෙරදිග රටවල වසර ගණනක් ගෘහ සේවයේ යෙදී නැවත ලංකාවට පැමිණීමෙන් පසු අවුරුදු ගාණක් තමුන් ජීවත් වූ වටපිටාව අමතක කර වසර කිහිපයක් සේවය සඳහා ගොස් සිටි රටේ ජීවන රටාව අනුව ජීවත්වීමට උත්සාහ කරනවා. වෙනස්ම සංස්කෘතියක් අපේ සංස්කෘතිය තුළ අනුකරණය කිරීමේ උත්සාහයක යෙදෙනවා.මෙවැනි තත්ත්වයන් නිසාත් සමහර කාන්තාවන්ගේ පවුල් ජීවිත විනාශ වෙනවා. වැටුප ගැන පමණක් දැනුවත් නොකර මැදපෙරදිග රටකට යාමට පෙර ඒ නිසා ඇතිවිය හැකි තත්ත්වයන් දැනුවත් කළ යුතුයි.විශේෂයෙන් මැදපෙරදිග ගෘහ සේවයට යවන කාන්තාවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි.




http://lakbima.lk/index.php?option=com_content&view=article&id=6729:2013-01-30-05-33-46&catid=48:2012-04-02-08-50-52&Itemid=75

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Wednesday, January 30, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය තුංගසිරි ගැන සත්‍ය හෙළිකරයි..

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය තුංගසිරි ගැන සත්‍ය හෙළිකරයි..
Jan 30th 2013, 09:24

මා වගකීමකින් මාස කිහිපයක සිට රියාද් නුවර දී තුංගසිරි පිළිඹඳව සත්‍ය සිදුවීම කියා සිටියත් බොහෝ විට එල්ල වූයේ දරාගත නොහැකි ගල් මුල් හා ජාතිය පාවා දෙන ලේබලය පමණි..දැන් සත්‍ය කරළියට පැමින තිබේ..විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයත් තානාපති කාර්‍යාලයත් තම මතය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ..මා මාසයකට පමණ පෙර නිවැරදිව කී දේ අද මෙලෙස නිල ප්‍රකාශයක් ලෙස දැකීමට ලැබීම අපේ ශ්‍රී ලාංකික ශ්‍රමික නිදහස තහවුරු කරගැනීමට හේතු විය..

බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට සෞදියේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකිකයා පවසා ඇත්තේ බොරුවක්‌

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය කියයි

සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකකැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා කළ පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.


එම නිවේදනය මෙසේය.
සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ගොතන ලද කථාවක්‌ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය අවධාරණය කරයි. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහායෙන් සෞදියේ රියාද් තානාපති කාර්යාලය හරහා සිදුකළ පරීක්‍ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා රඳවා සිටින සෞදි අරාබියේ රියාද් නුවර මලාස්‌ බන්ධනාගාරයට ගොස්‌ එහි නිලධාරීන් හා තුංගසිරි මහතා සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව තුංගසිරි මහතා රඳවා ගැනීමට හේතුව නිලධාරීන්ට අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ තමුන් හඳුනන කාන්තාවකගේ මාස දෙකක වැටුප් ප්‍රශ්නයක්‌ කතා කිරීමට එරට කාන්තාවකට දුරකථනයෙන් කථා කළ බවයි. එලෙස හඳුනාගත් කාන්තාවට රියාද් නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානයකදී සුරයක්‌ අලෙවි කිරීමට කටයුතු කළ බවත්, එම සුරය අදාළ කාන්තාවට රියාල් 2,000 කට අලෙවි කිරීමට කටයුතු කිරීමත් සමඟ එරට ක්‍රියාත්මක ආගමික පොලිසිය වන මුතාවා පොලිසිය (පල්ලියෙන් මෙහෙයවන) මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවද සෞදියේ ක්‍රියාත්මක නීතියට අනුව ප්‍රසිද්ධ ස්‌ථානවලදී කාන්තාවන් හා මෙවැනි සබඳතාවලට නීතියෙන් අවසර නොමැති අතර මෙවැනි අවස්‌ථාවලදී එරට පොදු ස්‌ථානවල ගැවසෙන ආගමික පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් කරනු ලබයි.


කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ පෞද්ගලිකව ආගම ඇදහීමට සෞදියේ කිසිදු බාධා කිරීමක්‌ නොමැති බවයි. සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවා බුදුපිළිම තැන්පත්කර වැඳුම් පිදුම් කිරීමට අවස්‌ථාව සලසා දී තිබෙන අතර එහිදී වන්දනාමාන කිරීමට කිසිදු නීතිමය බාධාවක්‌ පමුණුවා නැත. වෙසක්‌ හා පොසොන් වැඩසටහන්ද අති විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සෞදි තානාපති කාර්යාලය අවස්‌ථා කිහිපයකදීම කටයුතු යොදා ඇත.


තත්ත්වය එසේ තිබියදී ඇත්ත කරුණු විකෘති කර බෞද්ධ ආගමික පිළිවෙතක යෙදී සිටියදී යෑයි කියා මෙවැනි වැරැදි මතයක්‌ සමාජගතකොට සෞදි රජයට විරුද්ධව බෞද්ධයන් උසිගන්වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක්‌ කිරීමෙන් දෙරට අතර සහජීවනය බිඳ දැමීමට ක්‍රියා කිරීම හෙළා දැකිය යුතුය. තම පටු අරමුණ සඳහා විකෘති තොරතුරු මාධ්‍ය වෙත වාර්තා කිරීමට තම පවුලේ අය හා සංඝයා වහන්සේලා උපයෝගී කරගැනීම කනගාටුදායක බව ද කාර්යාංශය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර පවත්නා දීර්ඝ මිත්‍ර සම්බන්ධතාවයට මෙවැනි සිදුවීම්වලින් කිසිදු ආකාරයක ගැටුමක්‌ ඇති නොවන බව ද කාර්යාංශය සඳහන් කරයි. කම්කරු හා අර්ධ පුහුණු රැකියා සඳහා විදේශගතවන සියලුම කාන්තාවන්ට හා පිරිමි ශ්‍රමිකයන්ට දැනට වසර දෙකක සිට තමන් සේවය කිරීමට පිටත්වන රටේ සංස්‌කෘතිය, නීතිය, සමාජ තත්ත්වය පිළිබඳව සිය පුහුණුවේදී මූලිකව ඉතා හොඳින් අවබෝධ කර දෙන බව ද කාර්යාංශය සඳහන් කරයි.


චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න...


http://paaradigee.blogspot.com/2013/01/blog-post_8208.html



You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions