Wednesday, November 6, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): සිංහල, දෙමළ, මුස්ලිම් ගැටුමක් ඇති කරන්න පිරිසකට වුවමනා වෙලා තිබෙනවා - අමාත්‍ය ගුණරත්න වීරකෝන්

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka 
thumbnail සිංහල, දෙමළ, මුස්ලිම් ගැටුමක් ඇති කරන්න පිරිසකට වුවමනා වෙලා තිබෙනවා - අමාත්‍ය ගුණරත්න වීරකෝන්
Nov 6th 2013, 07:33, by noreply@blogger.com (Srilankan Harmony)

අපේ රටේ සමහර භික්ෂූන් වහන්සේලා කරන්න හදන්නේ මේ රටේ අනාගතය යළිත් අඳුරු කිරීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් ගැටුමක් ඇති කරන්න පිරිසකට වුවමනා වෙලා තිබෙනවා යැයි නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ කරන්දෙණිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදීය. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

සමහර භික්ෂූන් වහන්සේලා වෛරය පතුරුවමින් ඉන්නවා. මට ඡන්දේ බින්දුවට වැටුනත් මම මේ කතාව කියනවා. අපි ජාතිවාදී අරගල ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. බටහිර රටවල ඩොලර් වලින් යැපෙන හාමුදුරුවොයි මේවා කරන්නේ. මම මුස්ලිම් ජනතාවගේ කකුල් දෙක අල්ලලා හෝදන්න වුණත් ලෑස්තියි. මේක ජනවාර්ගික සංහිඳියාවක් ඇතිවෙන කාලයක්. පොදුරද මඩුළු සමුළුව පවත්වන කාලයක ඒවා කඩාකප්පල් කරන්න කරන වැඩ මේ.

සමාජයේ විනය හොඳින් තිබිය යුතුයි. නිලධාරීන්ට රාජකාරි කිරීමේදී යම් යම් බලපෑම් ඇති වෙනවා. නීතිය හරියට කරන නිලධාරීන්ට අන්චි අදින අයත් අපේ රටේ ඉන්නවා. විවිධ බලවේග හදාගෙන ජාතිවාදය ඇවිස්සීමට යළිත් කටයුතු කරන අය ගැන, ආගමික අන්තවාදීන් ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුයි.


ඥානසාර චිවරදරියාගේ බොරු සහ සත්‍ය එළිදරව්http://islaamaya.blogspot.com/2013/09/blog-post.html

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment