Wednesday, January 9, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): හලාල් මිථ්‍යාව - මෙය මව්බිම පුවත් පතෙහි පලවු ලිපියකි

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
හලාල් මිථ්‍යාව - මෙය මව්බිම පුවත් පතෙහි පලවු ලිපියකි
Jan 9th 2013, 12:53




හලාල් මිථ්‍යාව
    "පාකිස්තානයේ ජනගහනයෙන් 50%ක් අයඩීන් උෟනතාවයෙන් පෙළෙනවා. එහෙත් ජනතාව අයඩීන් මිශ්‍ර ලුණු පරිභෝජනය කරන්නේ නැහැ" -පුවතක්.

    ඔව්! පාකිස්තානය ජනගහනයෙන් 50%ක්ම අයඩීන් උෟනතාවයෙන් පෙළෙනවා. නමුත් ජනතාව විශ්වාස කරන්නේ අයඩීන් ලුණු ආහාරයට ගතහොත් කාන්තාවන් වඳ භාවයට පත්වන බවයි. අයඩීන් උෟනතාවයෙන් පෙළෙන ගැහැනු අයඩීන් නැතිකම නිසා බෙල්ලේ ගෙඩි ඇති කරගෙන මන්දබුද්ධික දරුවන් බිහි කරනවා. අයඩීන් ආහාරයට ගත් විට කාන්තාවන් වඳ භාවයට පත්වේ යැයි කියන අදහස් ජනතාවට දෙන්නේ කවුද?

    ආගමික නායකයෝ! යුනිසෙෆ් වැනි එක්සත් ජාතීන්ගේ ආයතන සහ බටහිර රටවල ඇත්තෝ අපට අයඩීන් කවන්න හදන්නේ ඇයි දැයි ඔවුන් අසනවා. ඒ වගේම ඊට හේතු විදියට ඔවුන් කියන්නේ එය කරන්නේ බටහිර රටවල් ඔවුන්ට කරන කුමන්ත්‍රණයක් බවයි. ඒ කුමන්ත්‍රණය වන්නේ අපේ ගැහැනුන්ට අයඩීන් කවා ඔවුන් වඳ කාන්තාවන් බවට පත් කරවීමයි! ඔන්න පාකිස්තානයේ ආගම් නායකයෝ ජනතාවගේ චින්තනය පාලනය කරන විදිය.

    • මිථ්‍යාව තුළින් ජනතා චින්තනය පාලනය කිරීම

    රටක බලය ලබා ගැනීමට නම්, නම් කළ යුතු දේ වන්නේ ජනතා චින්තනය පාලනය කිරීමයි. එනම් ජනතාවට තම කල්ලියේ හෝ පක්ෂයේ චින්තනය ආදේශ කිරීම තුළින් තමන්ට යා යුතු මාර්ගයේ ජනතාව ගමන් කරවීම. ඔය විදියට මුළු ඉතිහාසයේම සෑම ආගම් නායකයාම ඔය දේ කළා.

    රජවරුන්ද කළේ එයයි. නමුත් මෑතකදී ද්වේෂ සහගත අන්තවාදී විදියට වර්ගවාදී චින්තනයක් ජනතාවට පෙවූ පුද්ගලයා සහ කල්ලිය තමයි හිට්ලර් සහ ඔහුගේ නාසිවාදී පක්ෂය. එදා කාර්මික අතින්, අධ්‍යාපනය අතින් සහ සිවිල් නිදහස අතින් අපට වඩා බොහොම ඉදිරියෙන් සිටි ජර්මනිය පවා ඔය විදියට හිට්ලර්ගේ වර්ගවාදී චින්තනයට යටත් කර ගත්තා නම් අපේ වැනි දුර්වල සිවිල් සමාජයක් යටත් කර ගැනීම කෙතරම් පහසුද?

    අපේ රටේ එදා දේශපාලන බලය ලබා ගත්තේ වර්ගවාදී චින්තනය තුළින්. උතුරේ දෙමළ නායකයෝ සිංහල විරෝධී සටන් පාඨ කියලා 50-50 බලය ඉල්ලන විට දකුණේ බණ්ඩාරනායකලා සඟ, වෙද, ගුරු, ගොවි කම්කරු යන පංච මහා බලවේග ගැන කතා කොට සිංහල වර්ගවාදී චින්තනය ගෙන ආවා. ඔය කියන සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය යනුවෙන් හඳුන්වන්නේ වෙනත් වචනවලින් කියන්නේ නම් සිංහල බෞද්ධ බලවේග කියලයි. වෙනත් ආගමික පූජකතුමන්ලා නැහැ නොවැ. වෙද මහත්තුරුත් සිංහල බෞද්ධයෝනෙ. ගොවියෝ සහ කම්කරුවොත් ඒ වගේම තමයි. කොළේ වහලා වර්ගවාදී ආගම්වාදී චින්තනයක් ඇති කළේ එහෙම තමයි. එහි ප්‍රතිඵල අපි දැක්කා නොවැ ඇති වුණ යුද්ධයෙන්.

    • දැනට ඇති හලාල් පිස්සුව

    එදා දෙමළ විරෝධී චින්තනය දැන් ගෙනැවිත් තිබෙන්නේ මුස්ලිම් විරෝධී චින්තනයක් විදියටයි. ඔය මුස්ලිම් විරෝධී චින්තනය පටන් ගත්තේ ගව ඝාතනයට විරුද්ධවයි. එසේ ගව ඝාතනයට විරුද්ධ වුණේ ගවයන්ට තිබෙන ආදරය නිසා නොවෙයි.

    ගවයන්ට ආදරේ නම් අර වැලි පාර දිගේ යන හරකුන්ට තණකොළ ටිකක්, පුන්නක්කු ටිකක් දෙන්න පුළුවන් නොවැ. ගව ඝාතනයට විරෝධය කියා ගෙන ආවේ මුස්ලිම් විරෝධයක්. හේතුව ගව ඝාතනය කරන්නේ මුස්ලිම් ජනතාව නිසයි. දැන් දැන් එදා වහෙන් ඔරෝ භාෂාවෙන් පටන් ගත් මුස්ලිම් ජාතිවාදය අද වන විට එළිපිටම රඟපාන්න පටන් අරන් තිබෙනවා. මුස්ලිම් සාප්පු වර්ජනය කරන්නැයි කියා ඊමේල් පණිවුඩ බෙදා හරිනවා.

    ජාතිවාදී සංඝයා වහන්සේ කොටසක් මුස්ලිම් ජනතාව බෝවීම වැඩියි කියා එළිපිටම පවසනවා. බොදු බළසේනාව දැන් සිංහල කාන්තාවන් පවුල් සංවිධාන වැඩකටයුතුවලට පවා ඉඩ නොදෙන තැනට පැමිණ තිබෙනවා. මේ බෞද්ධයා ආරක්ෂා කරගන්න ඉදිරිපත් වී සිටින සඟ සංවිධානය පවසන ලොකුම බොරුව වන්නේ සිංහල බෞද්ධ ජනතාව ජනගහනයෙන් සුළු කොටසක් බවට පත්වී ගෙන යනවා කියන එක.

    • සිංහල ජනතාව අඩු වෙලාද?

    එදා 1912 දී ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව සිටියේ 67% යි. නමුත් 2001 වන විට එම සංඛ්‍යාව 76% දක්වා වැඩි වෙලා. 2001 වන විට ලංකාවේ සිටි හින්දු ජනතා ප්‍රතිශතය 7.8%ක්. මුස්ලිම් ජනතාව සිටියේ 8.5%ක්. මෙම සංඛ්‍යාවලින් පෙන්වන්නේ සිංහල බෞද්ධ ජනතාව අඩුයි වගේද? මෙදා 2011 දී පෙන්වන තව වැදගත් සංඛ්‍යාවක් තිබෙනවා. එනම් දිස්ත්‍රික්කවල ජනගහනය වැඩිවීමේ ශීඝ්‍රතාවයි.

    මෙන්න 1%ක් හෝ ඊට වඩා වැඩි ජනගහනය වර්ධනය ශීඝ්‍රතාවන් දක්වන දිස්ත්‍රික්ක, පිළිවෙළින්, අනුරාධපුරය, මොනරාගල, පොළොන්නරුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කයි. මෙම දිස්ත්‍රික්කවල වැඩියෙන්ම සිටින්නේ සිංහල බෞද්ධ ජනතාවයි. දැන් මුස්ලිම් ජනතාව වැඩියෙන් සිටින දිස්ත්‍රික්ක දෙක දෙස බලමු. එනම් අම්පාර සහ පුත්තලමයි. අම්පාරේ ජනගහන වර්ධන වේගය 0.81%යි. පුත්තලමේ එම වේගය 0.66% යි.

    දැන් ඔබට පෙනෙනවා නොවේද ඔබේ චින්තනය ඉදිරියට ගෙන යෑමට සිටින සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඔබේ චින්තනය නොමඟ යවන විදිය!

    • ආගම් අන්තවාදය

    ආගම් අන්තවාදය ඇතිවීම අද ඊයේ වුණු දෙයක් නොවෙයි. යුදෙව් ජනතාව එක් දෙවියකු වටා යුදෙව් ආගම තනා ගත් පසුව ඊජිප්තුව වහලුන් කර ගත් දා සිට ආගම් අතර තරගයක් තිබුණා. 16 වැනි ශත වර්ෂය වන විට ක්‍රිස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම අතර කෘෘෂේඩ් නමැති යුද්ධය පැතිර ගියා.

    මෙම ආගම් අතර යුද්ධය ඇතිවීම නිසා සියලු ආගම්වල පරිවර්තනයක් සහ පරිහානියක් ඇතිවුණා. එනම් ආගමික අන්තවාදය ඇතිවීමයි. ආගම්වලට ඇති වන තර්ජනවලට මුහුණ දීම සඳහා යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම යන ආගම් අන්තවාදය කරා ගියා. යුදෙව්වෙක් නම් හීබෘෘ භාෂාව කතා කරන්න ඕනෑ. රැවුල සහ කොණ්ඩය වවන්න ඕනෑ.

    ක්‍රිස්තියානි භක්තිකයෙක් නම් පල්ලියෙන් කියන සෑම දෙයක්ම විශ්වාස කරන්න ඕනෑ. ගැලිලියෝ නිවාස අඩස්සියේ තබන්න හේතු වුණේ, පෘථිවිය හිරු වටා යනවා විනා, හිරු පෘථීවිය වටා දුවන්නේ නැහැ කියා ඔහු කී නිසයි.

    එදා යුරෝපයේ කතෝලික පරීක්ෂණ සභාව විශ්වාසය කඩ වුණු බොහෝ කිතුනුවෝ මරා දැමුවා. අද ඉස්ලාම් ධර්මය සිතන්නේ ඔවුන්ට බාහිර ලෝකයෙන් තර්ජන තිබෙන බවයි. ඒ නිසා ඔවුන් අන්තවාදය කරා ගොස් තිබෙනවා මෙවැනි අන්තවාදයක් ඇති වන විට, ආගම් ආරක්ෂා කරන්න එහි භයානකකම වන්නේ අන්‍යාගමිකයෝ එම ආගම දෙස බලන්නේ අන්තවාදී ඇසින්. ඔවුන් හිතන්නේ එම ආගම කියන්නේ අන්තවාදී එකක් කියලයි. එහි ඇත්තක් නැහැ. ක්‍රිස්තියානිවාදය මිනිස්සු මරණ ආගමක් නොවනවා වාගේම ඉස්ලාම් ධර්මය වෙඩි තබා, ගල් ගසා ගැහැනු මරණ ආගමකුත් නොවේ. නමුත් ඉස්ලාම් ධර්මය වෙනුවෙන් අන්තවාදී ක්‍රියා කරන කණ්ඩායම් සිටිනවා.

    • බෞද්ධ ධර්මය

    බෞද්ධ ධර්මය කවදාවත් අන්තවාදී නොවුණු ධර්මයක්. එයට හේතුව වන්නේ බුද්ධාගමේ මූලික න්‍යායක් වන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. මධ්‍යම ප්‍රතිපදාව මුල් ගලක් වූ ආගමකට කවදාවත් අන්තවාදය කරා යන්න බැහැ. බෞද්ධාගම ලෝකයේ බලවත් ආගමක් නොවුණේ ඒ නිසා වෙන්න ඇති. ලංකාවේ බුද්ධාගමට ක්‍රිස්තියානි ආගමෙන් හෝ ඉස්ලාම් ආගමෙන් තර්ජනයක් ඇති වන්නේ නැහැ. මා ඉහත සංඛ්‍යාත්මක දත්ත තුළින් පෙන්වූයේ එයයි. නමුත් දැන් නම් තර්ජනයක් තිබෙනවා. ඒ තමයි බුද්ධාගම රකින්න කියා ඉදිරිපත් වී සිටින මේ අන්තවාදී බෞද්ධයන්ගෙන්! ඔවුන් තමයි ලොකුම මිථ්‍යා දෘෂ්ටිකයෝ!

    http://www.mawbima.lk/89-11789-news-detail.html

    You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

    If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

    Monday, January 7, 2013

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ශ්‍රී ලාංකිකයකුගේ හෘද සාක්ෂිය කතා කරයි

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
    ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka

    thumbnail ශ්‍රී ලාංකිකයකුගේ හෘද සාක්ෂිය කතා කරයි
    Jan 7th 2013, 17:46


    අගම්භේද ඇතිකර ලංකාව නැවත අගාතයකට තල්ලුකරන අපරාධ කාරයන්ට කරන ආයාචනයක් පහත දැක්වේ. 
    අප කිසිවිටකත් ඔබ අදහන ධර්මයට පටහැනිව ක්‍රියා කරන මෙන් කිසිම අවස්ථාවක කියන්නේ නැත. ඔබට හරාම් එනම් අනුමැතිය නොමැති දේ නොකරන්න. නමුත් ඔබටත් අනුමැතිය තියෙන අන්‍ය අගමිකයකුටත් අනුමැතිය තියන දෙයක් බොරු තර්ක ඉදිරිපත් කර දෝෂාරෝපණය කරන්න එපා.
    ටික කලක් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියලා සමහර ආගම්භේදවාදීන් පැවසුවා ඊට පසු එය හලාල් වර්ජනය වුනා. දැන් ඒකට ත්‍රස්තවාදී මුහුණුවරක් යොදලා.
    අවුරුදු තිහක යුද්ධයක් තිබු රටක් ශ්‍රී ලංකාව. ඒ අවුරුදු තිහ තුල හලාල් භාණ්ඩ පිලිබඳ කිසිම කතාවක් තිබුනේ නැත. නමුත් සමහර දුෂ්ටයන්ගේ අරමුණු ඉෂ්ට කරන්න සමහර බෞද්ධයන් වක්‍රව හෝ දායක වන බව නොදැන ක්‍රියාකරමින් සිටි.
    යුද සමයේ මුස්ලිම්වරු සිංහල රජයත් සමඟ සිටි බැවින් එරාවුර් පොතුවීල් වැනි ප්‍රදේශවල මුස්ලිම් ජනයින්ව විවිධ වද හිංසා වලට භාජන කලද ඔවුන් කොටීන්ගේ අරමුණුවලට විරුද්ධව ක්‍රියා කළා. පල්ලියතුල නැමදුම් කරමින් සිටි මුස්ලිම්වරුන්ව කපා කොට ඉතා මිලේච්ච ලෙස ඝාතනය කරනු ලැබුවා. එසේ වුවත් ඔවුන් කොටීන්ට උදව් කලේ නැති බව කවුරුත් දන්නා දෙයකි. කිසිම දෙයක් නොමැතිව විශාල මුස්ලිම් ජන කොටසක් උතුරු නැගනහිර පෙදෙස්වලින් පිටමන් කරනු ලැබුවා. ඔවුන්ගේ ගේදොර යාන වාහන ඇතුළු සියලුම දේ අතහැර හිස් අතින් සරණාගත කඳවුරු වල නානාවිද දුක් කම්කොටෝලු මැද ජීවත්වන්න සිදුවුණා. ඔවුන්ට තවවන තුරුත් දුක් විඳිනවා.
    මේ සියලු දේ ඉවසා දරාගත් මුස්ලිම් වරු කිසි විටක ආයුධ අතට ගෙන ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුනේ නැතිබව සියලු දෙනා දන්නා සත්‍යයකි.
    එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන හා මානව හිමිකම් චෝදනාවෙදී ලංකාවට පක්ෂව චන්ද ලබා ගැනීමට මුස්ලිම් රටවල් ගානේ ගොස් අපට සහයෝගය දෙනමෙන් ඉල්ලා සිටියේ ඔබ දැන් ත්‍රස්තවාදීන්ට උදව් දෙන අය කියා බොරු චෝදනා කරන ජමියතුල් උලමා සංසදයේ උලමා වරුන්ය.
    අද වනවිට මුස්ලිම් ලෝකයේ එනම් අරාබි රටවල්වල රැකියාවේ නියුතු අපේ ශ්‍රී ලාංකිකයන් කොපමණ සිටිනවාද? ඔවුන්ගේ පවුල් යැපෙන්නේ මේ අරාබි රටවල්වල සේවයකර යවන මුදලින් නොවේද? එපමණක් නොව එයින් ලැබෙන විදේශ විනිමය?
    පෙබරවාරි මස නැවත එක්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකාව අසීරු තත්වයට පත් කිරීමට කොටි හිතකාමීන් දැනටමත් පිඹුරුපත් සකස් කර අවසන්ය. ඔවුන්ට ඇති එකම අභියෝගය මුස්ලිම් රටවල්ය. මෙසේ මුස්ලිම් විරෝධී රැල්ලක් තුලින් ඔවුන් මාන බලන්නේ මුස්ලිම් රටවල් තුල ලංකාව පිලිබඳ වැරදි ආකල්පයක් ඇති කිරීමටය. මෙය නොදන්නා සමහර බෞද්ධයන් හා මුස්ලිම්වරු වෛරය වපුරන ක්‍රියාවල නියුතුවීම මහා පාපයකි. අලුතෙන් පහලවූ බෞද්ධ සංවිධාන ඉතා තීව්ර ලෙස මෙම ක්‍රියාදාමයට දායක වෙලා. මොවුන්ට මේ සඳහා මුදල් ආධාර ලැබෙන්නේ කොයින්ද කියන ප්‍රශ්න අද අපට මතු වෙනවා.
    බෞද්ධ දර්ශනයේ මෛත්‍රියෙන් කියා දෙන්න කියූ දේ ඉස්ලාම් ධර්මයෙන් යහපත්ව කියාදෙන්න කියූ දේ වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් කියන්න යන්න එපා. එසේ කිරීමෙන් අප යකෂයාගේ තත්වයටයි වැටෙන්නේ. අද අපෙන් බොහෝ අය කරන්නේ තමන් සිතන පතන සියලුම් දේ ධර්මය කියලා සිතා සිටීමයි. ප්‍රායෝගිකව ධර්මය අදාහරන අය ඉතා අල්පයි.
    මේ අපේ උදාර මාතෘ භූමියට වින කරන සියලු දෙනා බෞද්ධ අපාය වේවා ඉස්ලාම් කියන අපාය වේවා කුමන හෝ අපායක අපාගතවීම අනිවාර්යයි.
    මෙයට ලංකා මාතාවගේ පුත්‍රයෙක්.
    You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

    If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

    Tuesday, January 1, 2013

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): වස්ත්‍රය පිලිබඳ ප්‍රශ්නය

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
    ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
    thumbnail වස්ත්‍රය පිලිබඳ ප්‍රශ්නය
    Jan 1st 2013, 20:00


    වස්ත්‍රය පිලිබඳ ප්‍රශ්නය


    වස්ත්‍රය වූ කලි බාහිරව තමන්ව හදුන්වා දෙන මාධ්‍යයකි. දුප්පත්, පොහොසත් - සිංහල, දෙමළ, මුස්ලිම් - උඩරට, පහත රට - ලංකාව, ඉන්දියාව පකිස්ථානය, - තමන් සේවය කරන සේවා ස්ථානය - රාජ්‍ය සේවා වර්ගීකරණය - ආරක්ෂක සේවා වර්ගීකරණය යනාදී වශයෙන් දීර්ග ලැයිස්තුවක් ඉදිරිපත් කල හැකිය.  මේ වර්ගීකරණය තුලද විවිධ මත ගැටුම් තිබෙන අවස්ථා බොහෝය.

    කෙසේ වෙතත් තමන්ගේ අනන්‍යතාවය හා ගෞරවය රකින අකාරයෙන් කිසියම් පුද්ගලයකු තම වස්ත්‍රය සකස් කරගැනීම වැරැද්දක් ලෙස දැකිය නොහැකිය. එය ඔවුන්ට ආවේනික ජාති කුල පවුල සමාජය විසින් මෙහෙයෙවූ එකකි. මෙයට පිටුපා වෙනත් සංස්කෘතිවලට ඇබ්බැහි වෙච්ච අයද අප සමාජය තුල සිටිති. කෙසේ වෙතත් සමාජ සම්මතයට අනුව එනම් තමන් අයිති සමාජ සම්මතයට අනුව ඇඳුම් නැත්නම් තම වස්ත්‍රය සකසා ගැනීම් වැදගත්ය. සිංහල කාන්තාවක් ඔසරියක් ඇඳීම කාටවත් ප්‍රශ්න කල නොහැක. ඒ වගේම මුස්ලිම් කාන්තාවක් තමගේ ශරීරය පිටතට නොපෙනෙන පරිදී වසා සිටීමද ප්‍රශ්න කල නොහැක. කෙසේ වෙතත් අසීලාචාර ලෙස තමන්ගේ ශරීරයේ වැසිය යුතු කොටස් පිටතට පෙනෙන විදිහේ ඇඳුම් ඇදීම අනුමත කල නොහැක.

    තමන්ගේ ඇදුම් තමන්ගේ කැමැත්තට විය යුතු වුවත් සමාජ සම්මතයට විරුද්දව කටයුතු කිරීම කිසිම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් නිවැරදි කරන්නේ නැත. ආශාව කාටත් පොදුය. තමන්ගේ ආශාව ඉෂ්ට කරගැනීමට කිසිම තහනමක් නැත. නමුත් එය ඉටුකිරීමේදී වෙනත් පුද්ගලයකුට හෝ පවුලකට හෝ සමාජයට හානියක් වෙනවා නම් ඒ පිළිබඳව කතා කිරීමට කරුණු පහදා දීමට සෑමදෙනාටම අයිතියක් තිබේ. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ සමහර හින්දු ගෝත්‍රයට අයත් පිරිමි අය කරාබු පැළඳීම සාමාන්‍ය සිරිතකි. ඔවුන් ඔවුන් කන් යුගලයටම එසේ කරාබු පැළඳ ගනී. නමුත් මුස්ලිම්වරයකු එසේ නොකරයි. එය ඔහුගේ ධර්මයට අනුව තහනම්. එනිසා හින්දු සහෝදරයට එසේ නොකරන ලෙස මුස්ලිම් වරයකුට කිව නොහැකිය. එසේ නීතියක් ගෙන එන ලෙස අන්‍ය සමාජයට බලකල නොහැක. බෞද්ධ භික්ෂුන්ට ඔවුන්ගේ වස්ත්‍ර සම්ප්‍රදායක් තිබේ. තමන් බෞද්ධ භික්ෂුවක් කියා ගැනීමට නම් නැත්නම් ඔහුව පිළිගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම සිවුර තමන්ගේ වස්ත්‍රය ලෙස තෝරාගත යුතුය. නැත්නම් එම පුද්ගලයාට භික්ෂුවක් විය නොහැකිය. ඔවුන්ගේ වස්ත්‍රය හා සම්බන්ධ නීතිරීති බොහොමයක් තිබේ. ඔවුන්ගේ වස්ත්‍රයේ අඩුපාඩු ඔවුන් විසින්ම විසඳා ගනු ලබනවා. නමුත් එය වෙනත් ආගමිකයකුට විමර්ශනයට ලක් කල යුතු කාරණයක් නම් නොවේ.
    එමෙන්ම මව් තෙරේසා තුමිය, ක්‍රිස්තියානි කන්‍යා සොයුරිය, අපේ ගමේ උපාසිකා අම්මාගේ වස්ත්‍රය ගෙන ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත. මේ ආකාරයෙන් මුස්ලිම් කාන්තාවක් තමන්ගේ ගෞරවය රැක ගැනීමට දෙවියන්ගේ අණට කීකරුව තමන්ගේ වස්ත්‍රය සකසා ගැනීම් පිළිබඳවද අවලාද නැගීමට කිසිම කෙනෙකුට අයිතියක් නොමැත.

    නමුත් ශිෂ්ට සම්පන්න සමාජයක අශිෂ්ට ලෙස ඇඳුම් ඇඳීම නිසා නොයෙකුත් ප්‍රශ්න මතුවීමට ඉඩ ප්‍රස්තා වැඩිය. උදාහරණයක් ලෙස අප පෙර කියූ පරිදී හින්දු පුද්ගලයකු කරාබු ජෝඩුවක් පැලඳීම ප්‍රශ්න කල නොහැකි අතර තමන්ගේ දරුවෙක් යුරෝපනුවන් තමන්ව සමලිංගිකයන් යනුවෙන් හඳුන්වා දීමට පැළඳ සිටින එක කනකට පමණක් කරාබුවක් පැළඳීම තහනම් කිරීමට පියෙකුට කල හැකිය. එය අපේ සංස්කෘතිය අදාළ නොවන අපගේ ජීවන ක්‍රමයට අදාළ නොවන අපෙන් වැඩි පිරිසක් අනුමැත නොකරන දෙයක් හැටියට සැලකිය හැකිය. ඒ ආකාරයෙන්ම තරුණ කාන්තාවක් බිකිනියක් ඇඳගෙන ප්‍රසිද්ධියේ ගමන් කිරීම ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. හේතුව අපේ සමාජයට එය නොගැලපෙන දෙයකි.

    කෙසේ වෙතතත් සමාජ සංස්කෘතිය හැදියාව පිලිබඳ කිසිම තැකීමක් නැති තමන් ගෙන පමණක් සිතන අයටනම් අප පෙන්වාදුන් කරුණුවලට එකඟ විය නොහැක. එයට ඔවූන්ගේ බුද්ධි මට්ටම, පවුල, වටාපිටාව, ඔවුන් ආශ්‍රය කරන පුද්ගලයන් හා සමාජය බලපාන බව අපේ අදහසයි. ඒ වගේම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මුල්කරගෙන ක්‍රියාකරන්නන්ටද මෙය ජීරණය කල් නොහැකි බවද අපි දනිමු.

    අප රැකියා කරන ස්ථානයේ ඔවුන්ට ආවේනික වූ ඇඳුම් විලාශය එනම් ඩ්‍රෙස් කෝඩ් (Dress Code) අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුය. එය පුරුෂයන් වේවා ස්ත්‍රීන් වේවා සියල්ලන්ටම පොදුය. එසේ එය පිළිගනු නොලබන්නේ නම් එයට පටහැනිව ඇඳුම් අඳින්නේ නම් ඔවුන්ට ප්‍රථමයෙන් උසස් නිලධාරියකුගේ අවවාදයට සවන් දීමට සිදුවන අතර නැවත නැවත එයට විරුද්ධ වූ විට අවවාදාත්මක ලිපියක් ලැබෙනු ඇත. ඔහු විසින් ආයතනයේ නීති රීතිවලට අවනත වීමට නොහැකිනම් ඔහුට එම ආයතනයේ තවදුරටත් රැකියා කල් නොහැකි තත්වයක් උදාවනු ඇත. කෙනෙකුට මෙය තමන්ගේ පෞද්ගලිකත්වය යනුවෙන් කිව නොහැකිය.

    මේ ආකාරයෙන්ම අසෝබන ලෙස ඇඳුම් පළඳින්නන්ව සමාජය විසින් නිවැරදි කිරීමක් කල් හැකි අතර එසේ ඔහු හෝ ඇය අවනත නොවන කල සමාජය විසින් ඔවුන්ව බැහැර කරනු ලැබීම සාමාන්‍ය දෙයකි.
    දිනක් අපගේ මිත්‍රයකුවන A බසයක නැගී වැල්ලවත්ත සිට කොල්ලුපිටියට ටිකට් පතක් ගෙන ඉදිරියට පැමිණ සිටගෙන ගමන් ගත්තේය. ඔහු අසල අසුන් ගෙන් සිටි තරුණ කාන්තාවක් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන් සිටි අතර එතුලින්  ඇයගේ ළැම ප්‍රදේශය ප්‍රදර්ශන වන ආකාරයට විශාල ලෙස කර පෙදෙස පහලට වන සේ ඇඳුම සකස්වී තිබිණ. විටින් විට ඇය ළැම ප්‍රදේශය වසා ගැනීමට තෙත් කල අතර එසේ නොහැකි වූ කල එම  A ගේ මුහුණ රවන්නට පටන් ගත්තේය. මේ කිසිවක් නොදන්නා A පුදුමයට පත්විය. නැවතුම් පොළවල් දෙකක් පමණ පසුවෙත්ම මෙම කාන්තාව A දිහා බලා මෙසේ පැවසුවා.

    "මොකෝ තමුසෙට ඉස්සරහට යන්න බැරිද" මෙය ඇසු විට A තවතවත් විශ්නුම්භුත විය. සිදුවන දේ වටහා ගත නොහැකි විය. A පුදුමයෙන් එම කාන්තාව දිහා බැලුවේය. එවිට එම කාන්තාව

    "තමුසෙට ලේජ්ජ් නැද්ද මෙතනම බල බල ඉන්නේ" යනුවෙන් පැවසූ විටයි ඔහු සිදුවන දේ වටහා ගත්තේ.
    එවිට එක පාරටම ක්‍රියාත්මක වූ ඔහු ශබ්ද නගා මෙසේ පැවසුවා.

    "ඇඳගෙන ඉන්නේ XX (ගණිකාවක්) වගේ කතා කරන්නේ පත්තිනි අම්මවගේද"

    එයින් ලැජ්ජාවට පත් ඇය වහාම එම ස්ථානයෙන් නැගිට ඊළඟ නැවතුම් පොලේ බසයෙන් බැස ගියාය. එවිට එම බසයේ ගමන් කල මගීන් ඕකිට හොඳ වැඩේ යනුවෙන්ද තවත් සමහරු අසභ්‍ය වචනවලින්ද ඇයට බැනවදින්නට විය.


    මෙහිදී අප මිත්‍රයා කතා කල විලාශ නිවරදි යනුවෙන් එය සාධාරණිකරණය නොකරන අතර මේ සිදුවීමට හේතුව ඇයගේ ඇඳුම් විලාශය බව නම් ඉතා පැහැදිලිය. ඒ ආකාරයෙන්ම සමහර ස්ත්‍රී දුෂණ විශ්ලේෂණ කර බැලීමේදී පුරුෂයාගේ කාමාශාව උද්දීපනය වන ආකාරයට නැත්නම් උසි ගන්වන ආකාරයට දුෂණයට ලක්වූ එම ස්ත්‍රීය ඇඳුම් ඇඳගෙන සිටීම යනුවෙන් පැහැදිලිව පෙනී යන කරුණකි.

    නමුත් මුස්ලිම් කාන්තාවට නම් එවැනි ප්‍රශ්නයක් නැත. ඒ වගේම එසේ තමන්ගේ ශරීරය අන්‍යය පුරුෂන්ට නොපෙන්වා සිටීම ඇයගේ උරුමයකි.

    You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

    If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

    Sunday, December 30, 2012

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): භික්ෂුවක් හමුවුණෙමු

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
    ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
    භික්ෂුවක් හමුවුණෙමු
    Dec 30th 2012, 19:19


    භික්ෂුවක් හමුවුණෙමු

    සෙනසුරාදා දිනකි. කිහිපවිටක්ම මගේ ජංගම දුරකථනය නාදවෙන්නට විය. අමතක කරන්න්නෙපා අද අහවල් තැන සාදු කෙනෙක් හමුවෙන්න තිබෙනවා. (අප ව්‍යවහාරයේ හිමිනමක් අමතන්නේ සාදු යනුවෙනි). බෞද්ධ සහෝදරයකුගේ ආරාධනාවක් මත අප තේ පැන් සාදය සඳහා එක්ෂුබිෂන් පාරේ ඇති ජාෆර් ෆාමසිය අසල රැස්වූ අතර එම සහෝදරයා පැමිණ ඔහුගේ නිවසට අපව රැගෙන ගියා.

    අප එම නිවසට ඇතුළුවීමත් සමග එන්න ජිෆ්රි මහත්තයා යන හඬ සාලයේ සිට ඇසෙන්නට විය. ඉතා හොඳ පෙනුමකින් යුත් හිමිනමක් එසේ ජිෆ්රි සහෝදරයාව ඇමතීම මා තුල කුතුහලයක් ඇති කරන්නට විය. හේතුව මා කුඩා කාලයේ පාසල් හැර ගෙදර පැමිණ දවල් ආහාරය ගත්විගස දුවන්නේ අපේ පන්සලටය.
    අවු 25 කට පෙර අතීතයට මගේ මතකය දුවන්නට විය. අපේ පන්සලේ තරුණ හිමි නමක් අප සමග ඉතා ආදරයෙන් සිටියා. පන්සල් මිදුලේ අප සමග ක්‍රිකට් සෙල්ලම් කළා. මා මුස්ලිම් ජාතිකයකු වුවත් ඒ බවක් කිසිම අවස්ථාවක අංශුමාත්‍රයක ඉඟියක් පන්සලේ සිටි කිසිම හිමි නමකගෙන් කිසි විටක දකින්නට නොලැබුණි. මා අපොස සාපෙළ දක්වා අමතර පන්ති ගියේ එම පන්සලේය.

     එම පන්සලේ නම ගුණවර්ධනාරාමය පන්සලයි. පොහොය දවසට ශබ්ද විකාශන මගින් පිරිත් අසන්නට ලැබේ. පන්සල පිටුපස මුහුණට මුහුණලා විශාල මුස්ලිම් පල්ලියයි. දිනකට පස් වතාවක් අදාන් (බාංගු) ශබ්ද විකාශන මගින් අසන්නට ලැබේ. පල්ලියේ දකුණු පසට වෙන්න ලොකු හින්දු කෝවිලකි. මහා විශාල ඝාන්ඨාරයක් එම කෝවිල සතුව ඇති අතර එමගින් උදේ සවස නාද කරනු ලබනවා. පන්සලත් සමග මීටර පනහක් පමණ ඉදරියට ගියවිට විශාල ක්‍රිස්තියානි පල්ලියකි. එහි ආගමික වතාවත් ශබ්ද විකාශන මගින් විසුරුවා හරිනු ලබනවා. කිසි විටක කිසිම සුළු ප්‍රශ්නයක් මොවුන් අතර දක්නට ලැබුනේ නැත. එකිනෙකා පරස්පරව හඳුනා ගෙන සිටීම මෙයට හේතුවයි. ඒ වගේම ඔවුන් අතර සර්වාගමික එක්මුතුවක්ද තිබේ. මෙම ප්‍රදේශයේ 60% මුස්ලිම්වරු සිටීම විශේෂයකි.

    මා හා එම පන්සල අතර ලොකු බැඳීමක් තිබුණි. සිංහල භාෂාව පිලිබඳ දැනුම මා වර්ධනය කලේ මෙම පන්සලෙනි. අපොස සා පෙළ විභාගයෙන් පසු මාද එම පන්සලේ අමතර පන්ති ගුරුවරයකු ලෙස සේවය කලෙමි. මාසික ගාස්තුව වශයෙන් රු.500/-ක මුදලක්ද මට ලැබුණි. සමහර වෙසක් කාලවල එම පන්සලේ භක්ති ගී මෙන්ම විනෝදාංශ එනම් සොහොන් පිටිය වගේ දේ සංවිධානය කරනු ලැබුවා. ඒ දවස්වල සමහර අංග සඳහා ප්‍රචාර කටයුතුවලට මා අනිවාර්යයෙන් සහභාගී වන්නෙමි.

    මෙසේ මගේ සිතුවිල්ල අතීතයකරා යමින් සිටියදී යමකු මා ඇමතීමෙන් එය බිඳී ගියේය. ඒ අවස්ථාව වන විට අප සමග පැමිණි අය එකිනෙකා තම තමන්ව එම හිමි නමට හඳුන්වා දුන්හ. මගේ අවස්ථාව වන විට මා ගැන තතු පැවසූ අතර මා එම පන්සල පිළිබඳවද පැවසුවෙමි.

    එවිට එම ස්වාමින්වහන්සේ, එක ගුනවර්ධනාරාමයද මාත් ඒ පැත්තට කිහිප විටකම ඇවිල්ලා තියෙනවා යනුවෙන් පැවසුවා.

    මහත්තයලා මේ එවිල්ලා කොච්චර කලද ? යන්වෙන් අසා නැවත එතුමා කතාව පටන්ගත්තා.
    අපි මේ කාන්තාර පෙදෙසට එවිල්ලා යමක් කමක් හම්බකරන්නේ අපිත් ජීවත් වෙලා අපේ පවුලේ උදවියත් ජීවත් කරවන්න. අන්න ඒවගේ මේ ලෝකයේ සිටින සියලුම අය ජීවත් වෙන්න කැමති. අපි ජීවත් වෙනවා වගේම අනිත් අයත් ජීවත් වෙන්න ඕන. අනුන්ගේ ජීවිතයට හානි කරන එක නැත්නම් අනුන්ව රිදවන්න ඉස්සර අපිට කවුරු හරි රිදෙව්වොත් දැනෙන වේදනාව කොයිතරම් ද කියලා බලන්න ඕන.

    එවිට අපෙන් කෙනෙකු, අල්කුරානයේ අල්ලාහ් දෙවියන් පවසනවා යම් කෙනෙකු නීතිමය පියවරක් නොමැතිව යම් පුද්ගලයකු ඝාතන කරයි ද ඔහු මුළු මිනිස් සමාජයම ඝාතනය කරා හා සමානයි. කවුරු යමකු මරණයෙන් බේරා ගන්නේද ඔහු මුලුමිනිස් සමාජයටම ජීවිත දානය දුන්නා හා සමානයි.(5:32) යනුවෙන් පැවසුවා. එවිට එතුමා අන්න හරි. සියලු දෙනා මේක හිතේ තියාගෙන වැඩ කලයුතුයි යනුවෙන් පවසා අපට පන්සිල් පද පිළිබඳව කරුණු කීපයක් කියා දුන්නා.

    මේ රටේ මොකුත්ම නැහැ එහෙත් ඔක්කොම ලැබෙනවා. අපේ ලංකාවේ ඔක්කොම තියනවා නමුත් අපිට මුකුත් නැහැ. මෙහෙ මාස හයක් ගිනි අව්ව එලියට යන්න බැරි තරම් උෂ්ණ අධිකයි. මාස හයක් සීතලේ ගැහි ගැහි ඉන්න වෙනවා. කාන්තරය මැද නගර නිර්මාණ කරලා තියෙන්නේ. මුහුද පුරවලා අහස උසට මහා ගොඩනැගිලි හදලා තියෙනවා. නමුත් ලංකාව කොච්චර ලස්සන රටක්ද, යනුවෙන් කෙනක් පැවසුවා.
    එවිට එම ස්වාමින්වහන්සේ, දැන් ලංකාව හොඳයි, ජනාධිපති තුමාත් ළඟදී, මේ රටේ සියලු දෙනා මගේ දරුවන් කියලා ප්‍රකාශ කරලා තියනවා. සියලු දෙනා මගේ දරුවන් කියන්නේ සිංහල වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා. සියලුදෙනා පිළිබඳවයි එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ යනුවෙන් අප සමඟ පැවසුවා.
    තාරික් සහෝදරයා අපගේ නැමදීමේ වේලාව පැමිණ ඇතිබව මතක් කළා. එවිට අපව අරාධනා කල සහෝදරයා සහ ඔහුගේ පවුලේ අය අපට නැමදුම් කිරීමට ඉඩ සලසා ඒ සඳහා අපට පැදුරක්ද ලබා දුන්නා. එවිට ඒ පිලිබඳව තාරික් සහෝදරයා මුහම්මද් තුමාගේ මස්ජිදයට ක්‍රිස්තියානි පුජකයන් කිහිපදෙනෙකු පැමිණ සිටියා. ඔවුන් දින තුනක් තිස්සේ එම මස්ජිදයේ රැඳී සිටි අතර ඔවුන්ගේ ආගමික වතාවත්ද මස්ජිදයතුලම ඉටු කළා යනුවෙන් පැවසුවා.

    කි සැරයක් ඔයගොල්ලෝ දෙවියන් නමදිනවාද යනුවෙන් එම ස්වාමින් වහන්සේ  මගෙන් විමසූ අතර පස් වතාවක් යනුවෙන් මා පවසනවාත් සමගම මේ අපි කරන්න යන්නේ දවසේ හතරවන නම්දුම් යනුවෙන් සල්මාන් සහෝදරයා පැවසුවා. තවදුරටත් ඔහු පස් වතාවේ නැමදුම් කාලය පිලිබඳ කරුණු කිහිපයක් පවසන අතරතුර, ඇයි පස් වතාවක් නමදින්නේ යනුවෙන් එම සවමින් වහන්සේ අපෙන් ඇසුවා. එවිට මා, නැමදුම මගින් අල්ලාහ් දෙවියන්ට කිසිම යහපතක් සිදුවන්නේ නැහැ. යහපත අල්ලාහ්ගේ ගැත්තන් වන අපටයි. එනම් මිනිසා ස්වභාවයෙන්ම වැරදි කරන සුළු අතරම ඉක්මනටම යමක් අමතක කර දමනවා. නියමිත ආකාරයට පස් වේලක් නමදින අය අල්ලාහ් පිලිබඳ මතක තියාගන්නා අතරම දුශ්ශීල හා පාප ක්‍රියාවන්ගෙන් දුරස් වෙලා සිටිනවා. එක සැරයක් නැමැදුම් කරලා පාප ක්‍රියා කරන්න ඉතා පහසුවන අතර දිනකට පස් සැරයක් දෙවියන් හමුවන අය පාප ක්‍රියාවන් ගෙන් ඈත්වෙලාම ඉන්නවා.

    මෙය ඇසු එම ස්වාමින් වහන්සේ, කොච්චර හොඳ දෙයක්ද යනුවෙන් පැවසුව අතර අප නැමදුම අවසන් කර තේපැන් සංග්‍රහයට එක්වුනෙමු. ශ්‍රී ලංකික ආගන්තුක සත්කාර කිසිම අඩුවකින් තොරව අපට ලැබුණී. ශ්‍රී ලාංකිකයින් වශයෙන් සහයෝගයෙන් හා සහජීවනයෙන් අපට මේ වගේම ජීවත් වීමට ලැබුනා නම් මේ ලංකාව අපට සුරලොවක් වෙනවාට සැකයක් නැත.

    You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

    If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

    Thursday, December 20, 2012

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
    ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
    thumbnail අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස
    Dec 20th 2012, 22:03

    අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස ගෝත්‍ර වාදය, මමත්වය හා මේ කෙටි කාලීන ජීවිතය සඳහා වස්තු තණ්හාව ඇති කරගෙන  මේ ලෞකික් ජීවිතයට අසීමිත ලෙස ප්‍රේම කරන වෛරයෙන් හා ක්‍රෝධයෙන් පිරිචච මනසිකත්වකින් යුක්ත මනුෂ්‍යයන් රජකරන කාලයක ජීවිතයේ අර්ථය පහදාදීම යනු සුළු පටු කාර්යයක් එනම් නොවේ. සමාජ සෝදකයන්, දාර්ශනිකයින්, හා බුද්ධිමතුන් කොපමණ සිටියත් ජිවිතයේ යථාර්තය පටු හදහස්වලින් අන්ධකාර වූ සමාජ තලයක සිටින්නවුන්ට පහදා දීම අහසට පොළොව මෙන්ය. (අඳුරෙන් ආලෝකයට පළමු කොටස - http://islaamaya.blogspot.com/2012/07/blog-post_5832.html ) මිනිස් සංහතියේ උන්නතිය හා යහ ජීවනය තකා අල්ලාහ් දෙවියන්ගෙන් ලැබුණු අල්කුරානයේ ප්‍රථම වාක්‍ය එනම් කියවනු යන ශබ්දය ඇසීමත් සමඟ තිගැස්සුණු මුහම්මද් තුමා හැරී බලනකල එතුමාට දර්ශනය වුයේ මහා විශාල රූපයකි. තවදුරටත් භීතියට පත් මෙතුමා අසලට මෙම විශාල රුපය ලංවීමට පටන්ගත් අතර මෙම විශාල පුද්ගලයාගේ රූපය දෙස විශ්මයෙන් බලන්නට විය. මෙම නුපුරුදු කිසිදාක නොදුටු මෙම විශාල මිනිසා ලංවී පැවසුවේ කියවන්න යනුවෙනි. ලිවීමට හෝ කියවීමට නොදත් මෙතුමා තමන්ට කියවීමට නොදන්නා බව පැවසුවද එම පුද්ගලයා නැවත නැවත කියවනු යනුවෙන් පැවසීමත් සමඟ මුහම්මද් තුමා කියවීමට නොදනිමි යනුවෙන් පිළිතුරු දුන්හ. එවිට එම පුද්ගලයා මෙතුමාව තදකර අල්ලාගෙන පහත අල්කුරානයේ වාක්‍යයන් කියවන්නට පටන් ගත්හ. 96.1 (සියලු දෑ) මැවූ ඔබේ රක්ෂිතයාගේ නාමයෙන් කියවන්න.
    96.2 ලේ කැටියකින් (අලක්) මිනිසා මැවුවේය. *1 96.3 – 4 කියවන්න! පෑන මගින් ඉගැන්වූ ඔබේ රක්ෂිතයා මහත් පරිත්‍යාගශීලීය. 96.5 මිනිසාට නොදන්නා දෑ ඔහු ඉගැන්වූයේය. ඉන්පසු එම මිනිසා නොපෙනී ගිය අතර මේ අලුත් අත්දැකීමෙන් බියට පත් මුහම්මද් තුමා තමන්ගේ ආදරණීය බිරිඳගේ නිවසට ගොඩවිය. බිරිඳ අමතා තමාව පොරවන ලෙස ගැහි ගැහි අයදින්නට විය. කිසිදිනක නොදුටු තමන්ගේ ආදරණීය සැමියාගේ හැසීරීම වටහා ගත නොහැකිව කතීජා තුමිය තුෂ්නිම්භූත විය. එවිට තමන්ට මුහුණ පාන්නට සිදුවූ දේ පිලිබඳ ඇයට විස්තර කළහ. බොහෝ විට පිරිමියකුගේ සියලු ගති පැවතුම් හා ක්‍රියා කලාපයන් බිරිඳ හොඳාකාරව දැන සිටින අතරම ඒ හා සමානව  ඇයගෙන් උපදෙස් ද ලැබීම සාමාන්‍ය දෙයකි. ඒ ආකාරයෙන්ම මුහම්මද් තුමාවද ආදරණීය බිරිඳවන කතිජා තුමිය පහත ආකාරයට දිරිමත් කලාය. "ඔබ යහපත් පුද්ගලයකුගේ යහපත් පුතෙක්. කිසිදාක අනුන්ට අයහපතක්වීම අනුමත නොකරන ඔබ අනුන්ට උදව් කිරීමෙහිලා ප්‍රමුකව කටයුතු කරන්නෙකි. අමුත්තන්ට සංග්‍රහ කරන ඔබ අසල්වසියන්ටද උදව් කරන්නේය. එනිසා ඔබට අයහපතක් සිදු නොවේ. අල්ලාහ් දෙවියන් ඔබව රකීවි" යනුවෙන් පැවසුවාය. කෙසේ වෙතත් කතිජා තුමිය තමන්ගේ ඥාතියකුවන ක්‍රිස්තියානි ධර්මය පිලිබඳ මනා දැනුමක් ඇති වරකා ඉබ්නු නව්ෆල් තුමාගෙන් මේ පිළිබඳව ඇසූ විට  වරකා ඉබ්නු නව්ෆල් තුමා මෙසේ දෙවියන්ගෙන් පණිවුඩ ලබන්නේ වක්තෘවරුන්ට පමණක් බැවින් අල්ලාහ් දෙවියන් විසින් මුහම්මද් තුමාව වක්තෘ වරයකු ලෙස තෝරාගෙන තිබෙන බව පැවසුහ. මෙසේ කාලය ගෙවෙත්ම වසර තුනක්ම මුහම්මද් තුමා සර්වඥය අල්ලාහ් දෙවියන්ගෙන් තමන්ට ලැබෙන පණිවුඩ ඉතා සීමිත අයට පමණක් එළිදරව් කළහ. තමන්ගේ කල්‍යාන මිත්‍රයා වන අබුබක්කර් තුමාද තමාගේ ඥාති පුත්‍රයකු වන අලි තුමාද මෙය ඇසු විගස මුහම්මද් තුමාව විශ්වාස කළහ. දිනක් මෙම සත්‍යය සියල්ලන්ටම දැනුම් දියයුතු බවට අල්ලාහ් දෙවියන්ගේ අණ ලැබිණි. ඒ අනුව සියල්ලන්ම රැස්වසිටින ක:බාව ඉදිරිපිට ඇති කන්දකට නැගගත් මෙතුමා හඬ නගා සියල්ලන් ඇමතුහ. "මේ කඳු පේලියට පිටුපසින් ඔබට පහර දීමට සේනාවක් පැමිණ සිටිනවා යනුවෙන් මා පැවසුවහොත් ඔබලා එය විශ්වාස කරනවද" යනුවෙන් ඇසුහ. එවිට ඔවුන් "ඔබ අපගේ ගෞරවයට පාත්‍රවූ අයකි. ඔබ කිසිදිනක බොරු පවසන්නේ නැත. අප ඔබව විශ්වාස කරන්නේමුයි" පැවසුහ. එවිට එතුමා " එයටත් වඩා භයානක මතු ජීවිතය ජයගැනීමට මා සමග එක්වන්න. අල්ලාහ් දෙවියන්ට පමණක් අවනත වෙන්න, අයහපත් දේ අතහැර යහපත කරා පැමිණෙන්න යනුවෙන් පැවසුහ. මෙයත් සමගම මෙතෙක් කාලයක් අස්සාදික් අල්අමීන් එනම් සත්‍යවන්තයා විශ්වස්වන්තයා යනුවෙන් ගරුනාම ලබපු මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) තුමාගේ දිවියේ ඉතාම භයානක කාල පරිච්චේදය ආරම්භ විය. මෙතුමාගේ මාර්ගයට පැමිණියහොත් තමන්ගේ මහන්තත්වය, සැප සම්පත් සුඛෝපභෝගී ජීවිතය නැති වේ යන බිය නිසා මෙතුමාට හැකිතරම් විරෝධය පෙන්වීමට මෙම නින්දිත ජනයින් වග බලා ගත්හ. ශාරීරික හා මානසික වශයෙන් නොයෙකුත් වධබන්ධානයන්ට ලක්වීමට මෙතුමාට හා මෙතුමාගේ අනු ගාමිකයන්ට සිදුවිය. මෙසේ දිනෙන් දින මුහම්මද් තුමාගේ අනුගාමික සංක්‍යාව වර්ධනය වීම නොරූස්සු මොවුන් මෙතුමාව හා මෙතුමාගේ පවුලේ සාමාජිකයන්ව සමාජයෙන් වෙන්කර ඔවුන්ට ආර්ථික තහංචිද පැනවූහ. මේ නිසා මෙතුමාට අනේකවිද දුක් කම්කොටලුවලට මුහුණපාන්නට සිදුවුවත් තමන්ගේ ප්‍රචාර කටයුතු එලෙසම කරගෙන ගියහ. ඉස්ලාමීය ප්‍රචාරය නවතා දැමීමට නොහැකි මක්කා නගරයේ කුරයිස්වරු මෙතුමා සමග අන්‍යෝන්ය සම්බන්දතාවයක් ගොඩනැගීමට තෙත් කළහ. ඒ අනුව මනා දැනුමක් ඇති අය ලවා මෙතුමාට පහත පරිදී යෝජනා මාලාවක් යොමු කළහ. 1. ඔබට අවශ්‍ය පරිදි වස්තුන් අප නොමිලයේ ලබා දෙන්නම් 2. ඔබ කැමති රූමත් තරුණියක් විවාහ කරගන්න 3. ඔබ අපේ නායකයා ලෙස පිළිගන්නම් ඒ වෙනුවෙන් ඔබ ඔබේ ප්‍රචාරය නවතාදමන්න. අපේ දෙවි වරුන්ව දිනක්ද ඔබේ දෙවියන්ව දිනක්ද නමදින්න ඉඩ හරිය යුතුය යන්න පැවසුහ. එවිට අල්ලාහ් විසින් පහත සඳහන් අල්කුරන් වාක්‍ය පහල කරන ලදී.  (නබියේ! ප‍්‍රතික්ෂේප කරන මක්කාවාසීන්ට) ඔබ මෙසේ පවසනු: ප‍්‍රතික්ෂේප කරන්නෙනි! ඔබ නමදින දැය මා නමදින්නේ නැත. මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත. (ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා නමදින්නෙකු නොව. මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව. ඔබගේ (අපරාධයන්ට අයත්) ඵලවිපාක ඔබටත්, මගේ (ක‍්‍රියාවන්ට අයත්) ඵලවිපාක මටත් ලැබෙන්නේය.
    මෙම සිදුවීමත් සමගම මුහම්මද් තුමාගේ අධිශ්ඪානය ලෞකික ජීවිතය නොවන බව වටහා ගත් මොවුන් අවසන් වරට මෙතුමාව ඝාතනය කිරීමට තීරණය කළහ. (ඉතිරි කොටස ළඟදීම බලාපොරොත්තු වන්න)

    You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

    If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

    Tuesday, December 4, 2012

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද?

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
    ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
    thumbnail ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද?
    Dec 4th 2012, 21:22

    ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද? ලොව ප්‍රබලම සමාජ වෙබ් අඩවියක් වන ෆේස් බූක් වෙබ් අඩවිය අද වන විට අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවිවල ඒකාධිකාරීතත්වයක් පතුරුවා ඇති බව රහසක් නොවේ. මෙහි සාමාජික ගිණුම් බිලිනය ඉක්මවයි. සෑම ලෝකවාසී හයෙන් එක් කෙනෙකු මෙහි සමජිකයකි. ලොව හොඳම ප්‍රචාරක මාර්ගයද මෙම ෆේස් බූක් වෙබ් අඩවියම වේ. එපමණක් නොව ලොව විශාල රාජ්‍යයන්වල බිඳ වැටීමටද මෙයම හේතුකාරක වූ බව අරාබි කරයේ සිදුවූ පුටු මාරුවීම්වලින් පැහැදිලිවිය. නමුත් මේ ප්‍රසිද්ධිය සමගම තවත් අහිතකර දේද මේ හා බැඳුනු භායනක් සිදුවීම්ද විශාල ලෙස වාර්තා වෙන්නට පටන්ගෙන ඇත. ඒවායින් සමහරක් පහත දැක්වේ. 1. සෑම මිනිත්තු 40කට වරක් බ්‍රිතාන්‍ය තුළ Face Book හා බැඳුණු අපරාධයක් සිදුවන බවට එහි බුද්ධි අංශය අනාවරණය කරගෙන් ඇත. 2. මෙම ගණන නිවැරදි නොවන බවත් මෙයටත් වැඩ වැඩි විය හැකි බවත්  තවත් පාර්ශ්වවලින්    චෝදනා එල්ලවෙමින් පවතී 3. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, හා පැහැර ගැනීම් ෆේස්  බුක් හා ඈඳුනු අපචාර අතර ප්‍රධානයි. මේ හා බැඳුනු කතා බොහෝය. ඒ අතරින් සමහරක් පමණක් අප මෙහි සඳහන් කරන්නෙමු. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි අමන්දා ටොඩ් දියණිය ජීවිතය පටන් ගැනීමටත් පෙර ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කළා ය. ඇගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස නීතිය හමුවේ තීරණය වුව ද, සමාජ විද්‍යාත්මක ඇසින් බැලුවොත් එය මිනී මැරුමකි මිනීමරුවා පැමිණයේ අන්තර්ජාලය ඔස්සේය ඒ අනුව අමන්දාගේ මරණය, අන්තර්ජාලය නිසා සිදු වී ඇති ජංජාල ලැයිස්තුවට තවත් අංගයක් එකතු කර ඇත. අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සමග වීඩියෝ සංවාද පවත්වන විට අමන්දා ටොඩ් හතේ පන්තියේ ඉගෙන ගන්නා (වයස අවුරුදු 12) දැරියකි. එසේ සංවාද පැවැත්වූ එක් පුද්ගලයෙකු ඇයට උඩුකය නිරාවරණය කරන්නැයි ඉල්ලීමක් කර ඇය එසේ කළ විට ඡායාරූපයක් ගත්තාය. එය යොදාගෙන ඇගෙන් අයුතු ප්‍රයෝජන ගන්නට බැලුවේ ය. ඊට ඇය එරෙහි වන විට අදාළ පුද්ගලයා විසින් ඇය දන්නා හඳුනන සියලු දෙනාට එම ඡායාරූපය යැවීම නිසා ඇය බොහෝ දෙනාගේ විහිළුවට සහ ශාරීරික මෙන්ම මානසික පීඩාවට ලක් විය. අවසානයේදී මෙයින් කලකිරී තමාව බේරා ගැනීමට එයට දිවි නසා ගැනීමට සිදුවිය. (උපුටා ගැනීම : ලක්බිම) මාක් සූකර්බර්ග් ෆේස් බුක් සමාගමට තමන් පිළිබඳවම තක්සේරුවක් ලෝකයාට ඉදිරිපත් කරන්නට සිදු වූයේ ෆේස් බුක් වබේ අඩවියේ ඇති ව්‍යාජ ගිණුම් හරහා සිදුවන සමාජ අපරාධ පිළිබඳව බොහොමයක් පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ල වීමත් සමගය. එනම් ෆේස් බුක් සමාගම මෙවැනි හෙළිදරව්වක් කළේ "බැරිම තැන හන්දියට" පැමිණීමෙන් පසුවය. එමෙන්ම මේ වසරේදීම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන්ද ෆේස් බුක් වබේ අඩවියට රතු එළියක් දැල්වුණි. ඒ එරට ආරක්ෂක අංශ මගින් නිකුත් කෙරුණු වාර්තාවක් නිසාය. ෆේස් බුක් සමාගම කලබල කළ එම වාර්තාවෙන් කියැවුණේ දළ වශයෙන් ගතවන සෑම මිනිත්තු 40කට වරක් ෆේස් බුක් හා ගෑවුණු අපරාධයක් බ්‍රිතාන්‍ය තුළ කොතැනක හෝ සිදුවන බවයි. පසුගිය වසර තුළ එරට ආරක්ෂක අංශවලට කිනම් අයුරකින් හෝ ෆේස් බුක් සමග ඈඳුනු අපරාධ පිළිබඳව පැමිණිලි 12300ක් වාර්තා වී ඇති බවද අනාවරණය විය. මේවා අතරින් බහුතරයක්ම වූයේ මිනීමැරුම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර හා පැහැර ගැනීම් ආදියයි. එමෙන්ම පුද්ගලයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණ ඇතිව නිරුවත් ඡායාරූප ඇතුළු කිරීම කුඩා දරුවන් හා මිතුරු වී ඔවුන් රවටා විවිධ අපචාර ක්‍රියා සඳහා යොදා ගැනීම වෙනත් අයකුගේ නමින් ෆේස් බුක් තුළ පෙනී සිටිමින් ඔවුන් අපහසුතාවයට පත් කිරීම ආදී කරුණුද එහි අඩංගු වී තිබුණි. ඒ එංගලන්තයේ තත්ත්වයයි. සුද්දාගේ රටේ තරමටම නොවුණත්, අපේ රටෙන්ද ෆේස් බුක් නිසා සිදුවුණු අපරාධ ඕනෑ තරම් වාර්තා වී තිබේ. වරක් කොළඹට ආසන්න ප්‍රදේශයක ගුරුවරියක් ෆේස් බුක් හරහා හඳුනාගත් තරුණයෙක් සමග හාදකමක් ඇති කර ගත්තේය. කෙසේ වුවද වැඩි යාළුකම නපුරට ගොස් අවසානයේ ඇයට නීතියේ පිහිට පතන්නට සිදුවිය. ඒ, පෙර කී තරුණයා ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරන්නට පටන් ගැනීමත් සමගය. ගාල්ල නගරයේ එක්තරා ජනප්‍රිය බාලිකා පාසලක සාමාන්‍ය පෙළ පන්තියක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකගේ නිවසේ ඇය පමණක් සිටි අවස්ථාවක මහා කලබගෑනියක් හටගෙන තිබුණි. විපරම් කර බැලූ අසල්වැසියන්ට දැකගන්නට ලැබුණේ මිදු‍ලේ ‍පොරබදමින් වහසි බස් දොඩමින් සිටින තරුණයින් තිදෙනෙකි. අවසානයේ හෙළි වූයේ අපූරු කරුණකි. මෙම ළාබාල සිසුවිය ෆේස් බුක් හරහා හඳුනාගත් තරුණයන් ගණනාවක් සමගම විවිධාකාරයෙන් සබඳතා පවත්වාගෙන ගොස් තිබුණි. දෙමාපියන් නැති මොහොතක ඇය හමුවීමට අහම්බෙන් එකම මොහොතක පැමිණි තරුණයන් තිදෙනෙකු තරුණියට ඇති තම තමන්ගේ අයිතිවාසිකම් කියන්නට උත්සාහ කිරීම නිසා පෙර කී ගැටුම හටගෙන තිබුණි. තවත් අවස්ථාවක ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක සේවය කළ තරුණියකට ඇගේ ජංගම දුරකථනයට පමණක් නොව නිවසේ සහ රාජකාරි ස්ථානයේ දුරකථනයට පවා ඉතාමත් පහත් මට්ටමේ ඉල්ලීම් රැගත් පණිවුඩ ලැබෙන්නට විය. ඇයට මෙය මහත් පීඩාවක් වූ අතර අවසානයේ හෙළි වූයේ මෙසේ වීමට හේතුව ඇගේ නමින් අන්තර්ජාලයේ පැවැති ෆේස් බුක් ගිණුමක් බවය. මෙම තරුණිය සැබවින්ම ෆේස් බුක් වබේ අඩවියේ සිටියේ නැත. එනමුදු වෙනත් කිසිවෙකු ඇගේ නමින් ඇගේ ඡායාරූප කිහිපයක් යොදාගෙන ඉතා පහත් මට්ටමේ ෆේස් බුක් ගිණුමක් සාදා තිබුණි. කෙසේ හෝ මේ කරදරය විසඳාගත්තද, එම ෆේස් බුක් ගිණුම සකස් කළ පුද්ගලයා නම් අදටත් රහසකි. එම තරුණිය අනුමාන කරන්නේ රාජකාරිමය කටයුත්තකදී සිදු වූ අමනාපවීමක් නිසා එම අදාළ පුද්ගලයා මෙය සිදුකරන්නට ඇති බවය. මේ අපට අහම්බෙන් මෙන් වාර්තා වූ සිදුවීම් කිහිපයක් පමණි. සත්‍ය තත්ත්වය මීට වඩා දරුණු නොවෙතැයි පැවැසීමට හැකියාවක් අපට ඇත්තේ නැත. (උපුටා ගැනීම : ලක්බිම) පසුගිය දිනක, ලොව සුප්‍රකට සමාජ ජාල වබේ අඩවිය වන "ෆේස් බුක්" වබේ අඩවිය හිමි "ෆේස් බුක් සමාගම" අපූරු හෙළිදරව්වක් කළේය. අන්‍යයන් පිළිබඳව නොව තමන් පිළිබඳවම සිදුකළ මේ අනාවරණයෙන් ඔවුන් පැවසූයේ මේ වන විට බිලියනයකට ආසන්න තම සාමාජිකයන් අතුරෙන් මිලියන 83ක්ම සැබවින් සිටින්නන් නොවන බවය. එනම් ෆේස් බුක් ගිණුම් අතුරෙන් මිලියන 83ක්ම සැබවින්ම පවත්වාගෙන යන්නේ සැබවින්ම එහි සඳහන් පුද්ගලයන් විසින් නොවන බවය. ඒවා විවිධාකාර නාඳුනන පුද්ගලයන් හෝ ආයතන විසින් විවිධ අරමුණු උදෙසා පවත්වාගෙන යන ගිණුම්ය. නැතහොත් විවිධ නරක අරමුණු උදෙසා භාවිතා වන ගිණුම්ය. තරමක පුදුම සහගත වුවත් මේ කතාව කියන්නේ වෙන කිසිවෙක් නොව, ෆේස් බුක් සමාගමම නිසා එය ඇත්තක් බවට වාද විවාද ඇත්තේ නැත. එසේ නමුදු වෙනත් ස්වාධීන සමීක්ෂණ ආයතන හා අන්තර්ජාල විශේෂඥයන් පවසන්නේ ෆේස් බුක් සමාගම ලෝකයාට පෙන්වන මේ ඉලක්කම "සැර බාල කර" සාදාගත් කතාවක් මිස සැබවින්ම පවතින ව්‍යාජ ගිණුම් සංඛ්‍යාව නොවන බවය. මාක් සූකර්බර්ග් ෆේස් බුක් සමාගමට තමන් පිළිබඳවම තක්සේරුවක් ලෝකයාට ඉදිරිපත් කරන්නට සිදු වූයේ ෆේස් බුක් වබේ අඩවියේ ඇති ව්‍යාජ ගිණුම් හරහා සිදුවන සමාජ අපරාධ පිළිබඳව බොහොමයක් පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ල වීමත් සමගය. එනම් ෆේස් බුක් සමාගම මෙවැනි හෙළිදරව්වක් කළේ "බැරිම තැන හන්දියට" පැමිණීමෙන් පසුවය. අපේ ලංකාවේ වුවද මෙම ෆේස් බූක් හරහා නොයෙකුත් අපරාධ මුදා හරිණු ලබයි. මෙහි අද ප්‍රධාන වන්නේ ආගම සම්බන්ධයි. බොහෝ ජාතිවාදී අදහස් හා බොරු ප්‍රචාරයන් ඉතා ඉක්මනින් පතුරුවා හැරීමේ මාර්ගයක් ලෙස මෙය පවිච්චිවේ. සමහරු සිංහ රූප වලින්ද තවත් සමහරු ආගමික නාමයන් වලිද පෙනී සිට මෙම ජාතික ව්‍යසනය ගජ වාසියට කරගෙන් යයි. කිසිම ඉරිකිතයක් නැතුව අන්‍ය ජාතීන්ට හා  ආගමික නායකයන්ට අසැබි වචන වලින් බැන වැදීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. සමහරුන්ට තමන්ගේ මානසික ආතතිය මුදවාගැනීමට මෙවනි ආකාරයේ ආගම් හා ජාතීන් අතර ගැටුමක් ඇති කරන අකාරයේ දේවල් මෙම ෆේස්බුක් ගිණුම් මගින් මුදා හරිනු ලබයි.
    මේ වන විට ෆේස් බුක් වබේ අඩවියේ සාමාජිකයින් සංඛ්‍යාව බිලියනයකටත් වඩා වැඩි අගයක් ගනී. ආරම්භයේ සිට මේ දක්වා යෙදුණු "ෆේස් බුක් ලයික්"  සංඛ්‍යාව ට්‍රිලියන 1.13කි. හුවමාරු වී ඇති ඡායාරූප මිලියන 220ක් පමණ වෙයි. ඊට අමතරව ඡායාරූප මිලියන 300ක් අලුතෙන් ෆේස් බුක් වෙත එකතුවෙයි. මේ යෝධ සංඛ්‍යාවලින් ෆේස් බුක් වෙත කෙතරම් පිරිසක් වහ වැටී ඇත්දැයි සිතා ගැනීම අපහසු නොවේ. ෆේස් බුක් වබේ අඩවිය තුළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ නමින් පවත්වාගෙන යන ගිණුම් 20ට අධිකව අපට හමුවිය. ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශාගේ නමින්ද ෆේස් බුක් ගිණුම් 20ට අධිකව පවතී. උපේක්ෂා ස්වර්ණමාලි ගේ නමින් ගිණුම් 15කි. රන්ජන් රාමනායකගේ නමින්ද ගිණුම් 15ක් පමණ හමුවේ. යොවුන් ගායිකා නටාෂා පෙරේරාගේ නමින් පවත්වාගෙන යන ගිණුම් 10ක් පමණ හමු විය. (උපුටා ගැනීම: ලක්බිම) කෙසේ වෙතත් ඊජුප්තුව වැනි ඒකාධිපති පාලකයන් සිටී රටක ඔවුන් පලවා හැර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අත්පත් කරගැනීමට ෆේස්බූක් මගින් සිදුවූ සේවය අති මහත්ය. සෑම සමාජයකම හොඳ මෙන්ම නරක අය සිටිනවා වගේ ෆේස්බූක් සමාජයේත් එය එසේමය. මිතුරා සතුරු කරගැනීමත් සතුරා මිතුරු කරගැනීමත් තමන්ගේම ස්වබුද්ධියෙන්ම සිදුවන්නක් බව කවුරු කවුරුත් සිතට ගෙන ක්‍රියාකළ යුතුව ඇත.

    You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

    If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

    Saturday, December 1, 2012

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): නවීන අබු ජහීල් වරු ( Modern Abu Jahal)

    ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
    ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
    thumbnail නවීන අබු ජහීල් වරු ( Modern Abu Jahal)
    Dec 1st 2012, 08:31

    නවීන අබු ජහීල් වරු 
    ( Modern Abu Jahal)
    අබු ජහීල්  යනු ඉස්ලාමීය ඉතාහාසයේ විශේෂයෙන් මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා  සමාදානය ඇති වේවා) කාල වකවානුවේ මුස්ලිම් වරුන්ට විරුද්ධව කැරලි ගැසූ හා මුස්ලිම්වරුන්ට විරුද්ධව මහා පරිමාණ බොරු ප්‍රචාරයේ නියැලුනු චරිතයකි.
    එදා මක්කා නගරයේ විශේෂ තැනක් උසුළු රදල පරම්පරාවෙන් පැවතෙන්නන්ගෙන් කෙනෙකි අබු ජහල්. එපණක් නොව ඔහු   මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) ආශිම් කුලයට  අයත්ය.
    මොහු එදා මුස්ලිම්වරුන්ට විශාල තර්ජනයක් වූ අතර මුස්ලිම්වරුන්ව නානාවිද හිංසන පීඩනයන්ට පත් කල පුද්ගලයකි. නබිතුමාගේ සියලුම කාර්යයන්ට මොහු බාධා කල අතරම නබි තුමාගේ අනුගාමිකයන්ව ඝාතනයද කරන්නට විය. මොහු මොහුගේ අපරාධයන් ආරම්භ කලේ මුස්ලිම් කාන්තාවක් ඝාතනය කිරීමෙනි. 
    මේසා විශාල අපරාධ හා කූට උපක්‍රම යෙදුවත් ඔහුට ඉස්ලාමය ජයගැනීමට නොහැකි වූ අතර අවාසනා වන්ත අවසානයකට ඔහුට මුහුණ දීමට සිදුවූ බව සියලුම අය දන්නා කාරණයකි.
    මොහුගේ සත්‍ය නම උමර් බින් හිශාම්වේ. මොහු එදා අඳුරු යුගයේ (අයියාමුල් ජාහිලියා) අඥානයන්ගේ නායකයා වූ බැවින් ඔහුට අබු ජහල් හෙවත් අඥානයන්ගේ පියා (මෝඩයන්ගේ පියා)යනුවෙන් ඔහුව ආමන්ත්‍රණය කරන ලදී. 
    මොහුගේ මෙම තත්වයට හේතුව ලෙස ඉතිහාසඥයයින් දක්වන්නේ පහත කරුණුය.
    * ඔහු සාතාන්ගේ මිත්‍රයකි එනිසා ඔහු සියලුම අංශයන්හි ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට විරුද්ධව     ක්‍රියා කළා
    * සත්‍ය දැන දැන එයට විරුද්ධව කැරලි ගැසූ නම්රූද්, ෆිරවුන් වැනි භයානක පුද්ගලයකි.
    * ඔහුට ඉස්ලාමය නිසා ඔහුගේ නායකත්වය අහිමිවේ යන බිය තිබු බැවින් ඉස්ලාමයට විරුද්ධ වුනා.
    * බොරු ආටෝපය සහ ගෞරවය
    * වෛරය, ක්‍රෝධය, මානසික ආතතිය.
    * ඔහුගේ වස්තු තණ්හාව
    * වහල්භාවයේ සිටින්නන්ට සහන සැලසීමට සිදුවීම
    * තවදුරටත් දුප්පතුන්ට හා පීඩිතයන්ට අයුක්ති සහගතව ක්‍රියා කල නොහැකි වීම හා ඔවුන්ගේ ශ්‍රමය     සුරා කෑමට නොහැකිවීම.
    * අසික්කිත හා අසීලාචාර ක්‍රියාවන් නතර කිරීමට සිදුවීම. (මත්පැන් වැනි)
    මෙහිදී අප පෙන්වාදීමට අදහස් කරන්නේ අද නවීන යුගයේ වුවද නොයෙක් ආකාරයේ අබු ජහල් වරු ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට විරුද්ධව ක්‍රියාකරන අතර ඔවුන් නවීන අබුජහීල් වරු වන නිසා ඔවුන්ගේ ස්වරුපය වෙනස් විය හැකිය. එනම් මෑතකදී ලක්ෂ ගණනින් මුස්ලිම් වරු මරා දැමු ජෝජ් බුෂ් වුවද නවීන අබුජහල්ය. ඔහුගේ බල තණ්හාව හා වස්තු තන්හාවම මෙයට හේතුවයි. 
    මීට අමතරව මුස්ලිම් වරුන්ගේ දියුණුව නොරුස්සන සමහර නවීන් අබුජහල් වරු මුස්ලිම්වරුන්ගේ ගෞරවය කෙලසන විදිහේ බොරු ප්‍රචාර කරගෙන යයි. තවඳ එය ඔප්පු කිරීමට කූට උපක්‍රම යොදා මුස්ලිම්වරුන්ව උසිගන්වයි. 
    ඉතා සමීපව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුවන රන්ජන් රාමනායකද එවන් චරිතයක් විය හැකිය. තමන්ගේ අඥානභාවය ප්‍රදර්ශනය කරමින් සවුදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටින කාන්තාවන් ලිංගිකව අපයෝජන කිරීමට එහි ඇති ෂරීයා නීතිය ඉඩ සලසා ඇතිබවට පාර්ලිමේන්තුව තුල පට්ටපල් බොරු චෝදනාවක් කළේය. එසේ නම් ශ්‍රී ලංකාවේ වැඩිම විදේශ අදායමක් ලබා දෙන අපේ අම්මලා අක්කලා නංගිලා ලක්ෂ ගණන් ලිංගිකව දුෂණය කරන බව දැන දැනම අපේ රජය ඔවුන්ට අරාබි රටවල් වලට යාමට අවසර දී තිබේද? යන ප්‍රශ්නය ගොඩ නැගෙන අතර විදේශ සේවා කාර්යාංශය ඒ සඳහා අපේ කාන්තා පක්ෂයට පාඨමාලා මගින් පුහුණු කරනවද?. මෙයින් ඔහුගේ බුද්ධි මට්ටම ඉතා පැහැදිලිය. ඔහු චිත්‍රපටි තුලින් යථාර්තය දකින්න උත්සහ කිරීම මෝඩකමක් ලෙස දැනගැනීමට තරම් මොහුට ඥානයක් තිබේද යන්න ප්‍රශ්නයකි.
    ශ්‍රී ලංකාවේද මෑතකදී සිට මුහුණු පොතේ හා වෙබ් අඩවි වල ඉස්ලාම් විරෝධී බොරු ප්‍රචාර විශාල සංඛ්‍යාවක් දකින්නට ලැබෙන අතර සමහරු මෙය තමන්ගේ විනෝදාංශයක් ලෙසද හරවා ගෙන ක්‍රියා කරයි. මුහුණු පොතේ හෝ වෙබ් අඩවිවල ඉතා නින්දිත ලෙස ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට බොරු චෝදනා එල්ල කරන සමහර නවීන අබුජහල් වරු සිංහයකුගේ රූපයෙන් හෝ යම් දහමක සංකේතයක් යොදා මුස්ලිම්වරු කුපිත කරන ආකාරයට ක්‍රියා කරමින් සිටීම අති භයානක තත්වයකි. මොවුන්ගේ බොරු ප්‍රචාරයන් නිසා යහපත් අන්‍ය ආගමිකයන්ගේ ප්‍රශ්නාර්ථයන්ට මුස්ලිම් වරුන්ට මුහුණ පෑමට සිදුවෙයි.
    අවාසනාවකට මෙන් අපගේ සමහර නාමික මුස්ලිම් වරු හෝ උපතින් මුස්ලිම් බවට පත් අය මේවා දැක ආවේගවන අතර  කුමක් කලයුතුද යන්න නොදැන මෙම නවීන අබු ජහල්වරුන්ගේ ක්‍රියා කලාපය අනුගමනය කරයි. පෙරලා ඔවුන්ට හා ඔවුන්ගේ ආගමික නායකයන්ට අසික්කිත ලෙස බැනවදින අතරම ඔවුන් මෙන් බොරු නම්වලින් පෙනී සිටියි. මෙය ඉස්ලාම් විරෝධී ක්‍රියාවන්ය. ඉස්ලාමයට අනුව බොරු කීම එකට එක කිරීම කෙනෙකුට අපහස කිරීම් පාපක්‍රියාවන්ය.
    මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) හදීසයකින් මෙසේ කියවෙයි
     "අල්ලාහ් හා පරමාන්තය ගැන විශ්වාස කල මිනිසා හොඳ දෙයක්ම කතා කරන්න. නැත්නම් නිශ්ශබ්දව සිටින්න" (බුහාරි)
    අල්ලාහ්ට කීකරුව ජීවත්වන විශ්වාස වන්තයෙක් තමාගේ ජීවිතය හැඩ කිරීමට අවශ්‍ය ගති ගුණාංගවලින් "සත්‍ය කතාකිරීම" ඉතාමත් උතුම් ගතිගුණයකි. මෙය මිනිසාව තැන්පත්භාවයට පත්කරන කුසලකි. සත්‍ය කතාකරන විශ්වාසවන්තයින් තුල අවංකකම, නීතිගරුකබව ඇතිවේ යන්න පැහැදිලිය.  සත්‍ය කතාකිරීම විශ්වාසවන්තයෙකුගේ ගතිගුණයක් සේම  අසත්‍ය කතාකිරීම මුනාෆික් (කුහකයා) වරයකුගේ ගතිගුණයකි. 
    "බොරු කියන්නා විනාශ වන්නේය" (අල් කුරාන් 51:10) 
    මිනිසාගේ සියලු දුර්චරිතයන්ට පාදක වන්නේ බොරුකීමය. එය විශ්වාසවන්තයකුගේ හදවත අන්ධකාරයට ලක්කරයි. බොරු දෙඩීම නැවැත්වීම පව්වලින් නිදහස් වීමට හේතුවේ.
    "ඔබ සත්‍යයම පිළිපදින්න. එය ඔබව කුසල් පිරී මගකට යොමුකරයි. ඒ මග ඔබව ස්වර්ගය කරා යොමුකරයි." (අල් කුරානය)
    එසේ නම් අප මොවුන් සමග ක්‍රියා කලයුත්තේ කෙසේද?
    අප මෙහිදී පෙන්වාදීමට උත්සහ කරන්නේ මේ සියලු දෙනා අබු ජහල්ගෙන් පැවත එන්නන් අතර මුහම්මද් තුමා හා සහභාවරු ක්‍රියාකළ ආකාරයෙන්ම ඔවුන්ගේ විෂයෙහි ක්‍රියාකළ යුතුය යන්නය. අල්කුරානයේ මෙසේ සඳහන්වේ.
    " තවද නිෂ්පල කතා ඔවුන් ශ්‍රවණය කලේ නම් ඔවුහු එයින් තුරන්ව, අප කළ කම් අපටය. නුඹලා කළ කම් නුඹලාටය. නුඹලාට සාමය වේවා! අඥානයින්ගේ මඟ අපි නොපිලිපදිමුයි කියති"  (28:55)
    අසභ්‍ය වචන පාවිචි කරන්නන් අඥානයින් බව ඉතා පැහැදිලිව මෙහි අල්ලාහ් සඳහන් කර ඇති අතර අප කල යුත්තේ ඔවුන්ට පිළිතුරු නොදී සිටීමය. මුස්ලිම් සහෝදරයකු ඔහුගේ ආවේගයට ඉඩදී අබුජහල් වරයකුට ඔහු මෙන්ම පිළිතුරු දීමට තැත්කිරීම අල්කුරණයට විරුද්ධව යාම වන අතරම මුස්ලින්වරුන්ව අපහසුතාවයට පත්කිරීමද වේ. 
    මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) තවත් හදීසයකින් මෙසේ කියවෙයි.
    "නිරයේ වාසීන් වර්ග පහකට වෙන්වේ. ඔවුන්ගෙන් සමහරු ලෝබයන්, බොරුකාරයන් හා කවුරු වෙනත් පුද්ගලයන්ව නින්දාවට පත් කිරීමට අසික්කිත ලෙස අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ ඔවුන්ය." (මුස්ලිම් ග්‍රන්ථයෙන්) 
    තවත් හදීසයක් මෙසේද සඳහන්වේ.
    මතක තියා ගන්න, විනිශ්චය දිනයේ අල්ලාහ් ඉදිරියේ සිට ගන්නා ඉතා නින්දිතම පුද්ගලය වන්නේ, අසභ්‍ය හා නින්දිත වචන කතා කරන අයයි. ඔවුන් කවුරුන්ද යත් ඔවුන්ගේ මුවින් අපරාධ කරන්නන්ය එනම්, ඔවුන්ගේ මෙම නින්දිත අසභ්‍ය වචන පාවිචිය නිසා අන් අය ඔවුන්ගෙන් දුරස් වනු ඇත."    (බුහරී ග්‍රන්ථය)
    කෙසේ වෙතත් අප කාරුණික මුහම්මද් නබි තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) අබුජහල් වෙනුවෙන් ඔහුගේ යහපත වෙනුවෙන් ප්‍රර්ථනා කළහ. ඔහුටද යහමඟ ලැබිය යුතුය යන්න ඒ උත්තම සත්පුරුශයානන්ගේ කැමැත්ත විය. එවැනිම මුහම්මද් තුමාව මරා දැමීමේ චේතනාවෙන් පැමිණි අයකි උමර් තුමා. නමුත් මුහම්මද් තුමාගේ ප්‍රාර්ථනාව හේතුවෙන් උමාර් තුමාට යහමාර්ගය ලැබුණි. එසේනම් අපෙන් කියෙන් කී දෙනාද මෙම නවීන අබු ජහල්ලා වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නේද?
    ඊළඟ වැදගත්ම දේ වන්නේ ඔබ නොදන්නා දෙයක් ගෙන ඔවුන් අසනවා නම් ඒ පිළිබඳව මනා දැනුමක් නොමැතිව එයට පිළිතුරු නොදිය යුතුය. ඔවුන් විසින් යොමු කරන සියලුම ප්‍රශ්න අලුත් ප්‍රශ්නයන් නොවේ. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ඇති අතර එය සොයාගත යුතුය. ඒ සඳහා වැඩි වැඩියෙන් අල් කුරානය සහ හදීස් කියවීම පුරුද්දක් හැටියට ගත යුතුය.  අද  අපට බොහෝ වෙබ් අඩවි මාර්ගයෙන් ඉස්ලාමිය අදහස් හා ප්‍රශ්නවලට පිළිතුරු සිංහල මාධ්‍යයෙන්ම තිබෙන අතර ඒ තුලින් ඔබේ ඉස්ලාමීය ඥාණය දියුණු කල හැකිය.
    එයින් සමහරක්.
    * http://www.anvermanatunga.com
    * http://yahamaga.com
    * http://www.yayuthumaga.com 
    * http://islaamaya.blogspot.com
    එසේ ඔබට යමක් සොයාගැනීමට නොහැකි වූ විට ඔබ දුක්විය යුතු නැත. ඔබේ උත්සාහයට අල්ලාහ්ගේ දායාදය අනිවාර්යයෙන්ම ඔබට ලබනු ඇත.
    "අල්ලාහ් හා පරමාන්තය ගැන විශ්වාස කල මිනිසා හොඳ දෙයක්ම කතා කරන්න. නැත්නම් නිශ්ශබ්දව සිටින්න" (බුහාරි)
    "ඔබ සත්‍යයම පිළිපදින්න. එය ඔබව කුසල් පිරී මගකට යොමුකරයි. ඒ මග ඔබව ස්වර්ගය කරා යොමුකරයි." (අල් කුරානය)
    මැවීම් අතරින් ශ්‍රේෂ්ටතම මැවීම මිනිසාවේ. නමුත් සමහර මිනිස්සු ඒ  ශ්‍රේෂ්ටත්වය තමන්ගේ දිව නිසා අහිමිකරගනී. ඒ නිසා සීමාව ඉක්මවා යාමෙන් වැලකී සිටිය යුතුය. අවසාන වශයෙන් කිව යුත්තේ අප කොතෙක් කරුණු පහදා දුන්නද මොවුන්ගෙන් සමහරුනට පිළිගැනීමට අපහසුවන අතර අප කුපිත කිරීම සඳහා නැවත නැවත ඒ ආකාරයටම මොවුන් ක්‍රියා කරයි.
    අල් කුරානය ඔවුන්ව පහත පරිදි සඳහන් කර ඇත. 
    "ඔවුන්ට හෘදයන් ඇත, නමුත් ඔවුන් එමගින් අවබෝධ කර නොගනිති. ඔවුන්ට නෙත් ඇත නමුත් එමගින් ඔවුහු අවධානයෙන් නොබලති. ඔවුන්ට සවන් ඇත නමුත් ඔවුන් එමගින් ශ්‍රවණය කර නොගනිති.ඔවුහු තිරිසන් මනි, නැත, ඔවුහු එයටත් වඩා පහත්ය." (ශු අල් කුරානය 7:179).

    You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

    If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions