අගම්භේද ඇතිකර ලංකාව නැවත අගාතයකට තල්ලුකරන අපරාධ කාරයන්ට කරන ආයාචනයක් පහත දැක්වේ.
අප කිසිවිටකත් ඔබ අදහන ධර්මයට පටහැනිව ක්‍රියා කරන මෙන් කිසිම අවස්ථාවක කියන්නේ නැත. ඔබට හරාම් එනම් අනුමැතිය නොමැති දේ නොකරන්න. නමුත් ඔබටත් අනුමැතිය තියෙන අන්‍ය අගමිකයකුටත් අනුමැතිය තියන දෙයක් බොරු තර්ක ඉදිරිපත් කර දෝෂාරෝපණය කරන්න එපා.
ටික කලක් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියලා සමහර ආගම්භේදවාදීන් පැවසුවා ඊට පසු එය හලාල් වර්ජනය වුනා. දැන් ඒකට ත්‍රස්තවාදී මුහුණුවරක් යොදලා.
අවුරුදු තිහක යුද්ධයක් තිබු රටක් ශ්‍රී ලංකාව. ඒ අවුරුදු තිහ තුල හලාල් භාණ්ඩ පිලිබඳ කිසිම කතාවක් තිබුනේ නැත. නමුත් සමහර දුෂ්ටයන්ගේ අරමුණු ඉෂ්ට කරන්න සමහර බෞද්ධයන් වක්‍රව හෝ දායක වන බව නොදැන ක්‍රියාකරමින් සිටි.
යුද සමයේ මුස්ලිම්වරු සිංහල රජයත් සමඟ සිටි බැවින් එරාවුර් පොතුවීල් වැනි ප්‍රදේශවල මුස්ලිම් ජනයින්ව විවිධ වද හිංසා වලට භාජන කලද ඔවුන් කොටීන්ගේ අරමුණුවලට විරුද්ධව ක්‍රියා කළා. පල්ලියතුල නැමදුම් කරමින් සිටි මුස්ලිම්වරුන්ව කපා කොට ඉතා මිලේච්ච ලෙස ඝාතනය කරනු ලැබුවා. එසේ වුවත් ඔවුන් කොටීන්ට උදව් කලේ නැති බව කවුරුත් දන්නා දෙයකි. කිසිම දෙයක් නොමැතිව විශාල මුස්ලිම් ජන කොටසක් උතුරු නැගනහිර පෙදෙස්වලින් පිටමන් කරනු ලැබුවා. ඔවුන්ගේ ගේදොර යාන වාහන ඇතුළු සියලුම දේ අතහැර හිස් අතින් සරණාගත කඳවුරු වල නානාවිද දුක් කම්කොටෝලු මැද ජීවත්වන්න සිදුවුණා. ඔවුන්ට තවවන තුරුත් දුක් විඳිනවා.
මේ සියලු දේ ඉවසා දරාගත් මුස්ලිම් වරු කිසි විටක ආයුධ අතට ගෙන ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුනේ නැතිබව සියලු දෙනා දන්නා සත්‍යයකි.
එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන හා මානව හිමිකම් චෝදනාවෙදී ලංකාවට පක්ෂව චන්ද ලබා ගැනීමට මුස්ලිම් රටවල් ගානේ ගොස් අපට සහයෝගය දෙනමෙන් ඉල්ලා සිටියේ ඔබ දැන් ත්‍රස්තවාදීන්ට උදව් දෙන අය කියා බොරු චෝදනා කරන ජමියතුල් උලමා සංසදයේ උලමා වරුන්ය.
අද වනවිට මුස්ලිම් ලෝකයේ එනම් අරාබි රටවල්වල රැකියාවේ නියුතු අපේ ශ්‍රී ලාංකිකයන් කොපමණ සිටිනවාද? ඔවුන්ගේ පවුල් යැපෙන්නේ මේ අරාබි රටවල්වල සේවයකර යවන මුදලින් නොවේද? එපමණක් නොව එයින් ලැබෙන විදේශ විනිමය?
පෙබරවාරි මස නැවත එක්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකාව අසීරු තත්වයට පත් කිරීමට කොටි හිතකාමීන් දැනටමත් පිඹුරුපත් සකස් කර අවසන්ය. ඔවුන්ට ඇති එකම අභියෝගය මුස්ලිම් රටවල්ය. මෙසේ මුස්ලිම් විරෝධී රැල්ලක් තුලින් ඔවුන් මාන බලන්නේ මුස්ලිම් රටවල් තුල ලංකාව පිලිබඳ වැරදි ආකල්පයක් ඇති කිරීමටය. මෙය නොදන්නා සමහර බෞද්ධයන් හා මුස්ලිම්වරු වෛරය වපුරන ක්‍රියාවල නියුතුවීම මහා පාපයකි. අලුතෙන් පහලවූ බෞද්ධ සංවිධාන ඉතා තීව්ර ලෙස මෙම ක්‍රියාදාමයට දායක වෙලා. මොවුන්ට මේ සඳහා මුදල් ආධාර ලැබෙන්නේ කොයින්ද කියන ප්‍රශ්න අද අපට මතු වෙනවා.
බෞද්ධ දර්ශනයේ මෛත්‍රියෙන් කියා දෙන්න කියූ දේ ඉස්ලාම් ධර්මයෙන් යහපත්ව කියාදෙන්න කියූ දේ වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් කියන්න යන්න එපා. එසේ කිරීමෙන් අප යකෂයාගේ තත්වයටයි වැටෙන්නේ. අද අපෙන් බොහෝ අය කරන්නේ තමන් සිතන පතන සියලුම් දේ ධර්මය කියලා සිතා සිටීමයි. ප්‍රායෝගිකව ධර්මය අදාහරන අය ඉතා අල්පයි.
මේ අපේ උදාර මාතෘ භූමියට වින කරන සියලු දෙනා බෞද්ධ අපාය වේවා ඉස්ලාම් කියන අපාය වේවා කුමන හෝ අපායක අපාගතවීම අනිවාර්යයි.
මෙයට ලංකා මාතාවගේ පුත්‍රයෙක්.
No comments:
Post a Comment