රිසානා නෆීක් සහෝදරියගේ අවාසනාවන්ත ඉරණමට වග කිවයුත්තේ කවුද? (කාලීන විමසුමක්)නොයකුත් ආගමික හා සමාජමය ප්‍රශ්න රාශියකට තුඩුදුන් සවුදි අරාබියිය රාජාණ්ඩුව විසින් රිසානා නෆීක් නම් තරුණියට ලබා දුන් මරණ දඬුවම් පිළබඳව මධ්‍යස්ත දෘෂ්ටි කෝණයකින් පහත අප විසින් පහත කරුණු සමාලෝචනයකට ලක් කර ඇත්තෙමු. මධ්යස්තවාදීව සිතන කෙනෙකුට මෙහි කරුණු රාශියක් උගත හැකිය.
සවුදි අරාබිය මෙම දඩුවම ක්‍රියාත්මක කිරීම අවු 8ක් පමණ දීර්ග කරන ලදී. හේතුව සවුදි රාජ්‍යයට අවශ්‍ය වුයේ රිසානා සොහොයුරිව බේරා ගැනීමටයි. මෙහිදී අප කල්පනාකර බැලිය යුතු තවත් කාරණයක් නම් මෙය ශ්‍රී ලාංකික යන්නට වඩා ඔබ්බට ගිය ප්‍රශ්නයක් බවට පත්ව තිබුණි. එක්සත් ඇමරිකාව ඇතුළු යුරෝපා සංවිධාන රිසානා වෙනුවෙන් හඬ නැගුහ. යුනිසෙව් ආයතනය පවා මෙයට විරුද්ධව ක්‍රියාකළහ. රජයක් හැටියට ජාත්‍යන්තර වශයෙන් පැමිණි මේ සා විශාල විරෝධතා මැද සවූදී අරාබිය මෙම දඬුවම ඉෂ්ට කරන කාලය කෙමෙන් කෙමෙන් දීර්ග කලහ.
(http://en.wikipedia.org/wiki/Execution_of_Rizana_Nafeek)
Nafeek was imprisoned and sentenced to death on 16 June 2007. The President of Sri Lanka twice personally requested a pardon for Nafeek from the King of Saudi Arabia. Human rights activists held many demonstrations calling for her release.[12] In October 2010, according to a senior official of Sri Lanka's External Affairs Ministry, Charles, Prince of Wales, appealed to the Saudi King, seeking clemency for Nafeek.[13] The Hong Kong-based Asian Human Rights Commission appealed for Queen Elizabeth II to intervene and plead for clemency for Nafeek on Her Majesty's diamond jubilee.[14])

මේ අතර තුර අබ්දුල්ලහ් රජු විසින් රියාල් තිස් ලක්ෂයක් මෙම පවුලට ලබා දෙන බවද ඒ වෙනුවෙන් රිසානාට සමාව දෙන ලෙස ඉල්ලීමක් කල අතර මෙම පවුල මෙය ප්‍රතික්ෂේප කරන ලදී. අමීර් නායිෆ් බින් අබ්දුල් අසීස් එනම් විදේශ කටයුතු ඇමති කිහිප විටක්ම මෙම පවුල සම්බන්ධ කර සියලු පහසුකම් සපයන බව පවසා මෙය අතහරින ලෙසත් රිසානාට සමාව දෙන ලෙසත් ආයාචනා කරන ලදී නමුත් එම මව මෙම දඬුවම ඉටු කල යුතුයි යනුවෙන් දැඩිව පැවසුවාය. අද මෙම අමීර් නායිෆ් බින් අබ්දුල් අසීස් ජීවතුන් අතරද නැත.
දරුවාව නිරපරාදේ මරණයට පත්කළ බවට උසාවියෙන් ඔප්පුවී වරදකරු වූ රිසානාට එම දඬුවම දිය යුතුය යන්නෙහි දරුවගේ මව දැඩිව සිටි අතර ඇයට ලබා දුන් සියලු පහසුකම් පතික්ෂේප කලාය. මෙය ඇයගේ දරු සෙනෙහස නැත්නම් දරු කැක්කුම විය හැකිය. හේතුව රියාල් තිස් ලක්ෂයක් ලබාදෙන බව කියු විට කුමන හෝ කෙනෙක් වුවත් එයට එකඟවන අතර මෙම මව එය ප්‍රතික්ෂේප කලාය. රිසානා හා මෙම මරණයට පත්වූ දරුවාගේ මව අතර කිසිම පෞද්ගලික ආරවුලක් තිබුනේ නැත. රිසානා ලාංකික ගෘහ සේවිකාවකි. පැමිණ මසක් පමණ කාලයක් තුල මෙතරම් දුරට රිසානා පිලිබඳ මෙම මවට එදිරිවාදිකමක් ඇතිවීමට නොහැකිය.සවුදි රජයේ මරණ පරීක්ෂණයද පවසන්නේ මෙය දරුවාගේ ගෙල බාහිරව තදකිරීම නිසා ඇතිවූ මරණයක් ලෙසයි.
http://www.newsfirst.lk/news1st/node/20035
http://edition.cnn.com/2013/01/13/world/meast/saudi-arabia-beheading/index.html?eref=rss_mostpopular&utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+rss%2Fcnn_mostpopular+(RSS%3A+Most+Popular)
මෙම මවට තවත් දරුවකුද සිටින අතර එම දරුවා අසනීප ගතියෙන් පසුවෙයි. මෙම දරුවා පිටරටක ගෙනගොස් වෛද්‍ය ආධාර ලබා දීමට මොවුන්ට එතරම් ආර්ථික ශක්තියක් නොමැත. මෙය ප්‍රයෝජනයට ගත් සවුදි රජයේ නව විදේශ ඇමති සල්මාන් කුමාරයා මෙම පවුල සම්බන්ධකර අසනීපයෙන් ඉන්න දරුවාට ජර්මානු රටේ ඉස්පිරිතාලයකින් ප්‍රතිකාර ලබා දෙන බවද සියලු වියදම් සවුදි රජය විසින් භාර ගන්න බවද දෙනුම් දෙන ලදී. නමුත් මෙම මව තම තීරණය වෙනස් කිරීමට එකඟ නොවීය. මෙම පවුල අයත් වන්නේ හුදෙයිබයා යන කාණ්ඩයටය. ලංකා රජයේ දැඩි බලපෑම මත නැවත වතාවක් ලංකාවේ සිට පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම කාණ්ඩයේ නායකයින් සමග සාකච්චා කරන ලදී. නායකයන්ගේ කීමටද මෙම මව ප්‍රතිචාර දැක්වුයේ නැත. අවාසනාවන්ත විදියට සවුදි රජයට අවුරුදු අටකට පසු මෙම නීතිය ක්‍රියාත්මක කරන්නට සිදුවිය. මෙහිදී මෙම මවට මවගේ අයිතිය ඒ ආකායෙන්ම ලැබුණි. නමුත් මෙය සාමාන්‍යයෙන් උඩින් ගොඩින් බලන අය මවගේ පැත්තෙන් නොබැලීම සඳහා සියලුම මාධ්‍ය වගබලා ගත්හ.
ශරීයා නීතිය.
ඉස්ලාමීය සංකල්පයක් වන ශරීයා යන්නට ප්‍රයෝගික ජීවන ක්‍රමය යන්න වේ. මෙය ඉස්ලාමයේ කොඳු නාරටිය ලෙස හැඳින්විය හැකිය. මිනිස් ක්‍රියාකාරකම් පිලිබඳ සියලු අංශයන් කෙරෙහි විහිදෙන මෙහි අපරාධ දණ්ඩ නීතිය අඩංගු වන අතර එය 10% ක් පමණවේ. එනම් විවාහය, දරු උපත, පිරිසිදුකම, ආගන්තුක සත්කාර, නැමදුම, දුගීබද්ධ බෙදා දීම, ආගමික වතාවත් ඉටු කිරීම හා ප්‍රාණ භුක්තිය බෙදාදීම යනාදී සියලුම අංගයන් ශරීහා මගින් ආවරණය වේ.
වීශේෂයෙන් ඉස්ලාමීය දණ්ඩ නීතිය ක්‍රියාත්මක වන්නේ ඉස්ලාමීය ජීවන ක්‍රමයක් ස්තාපීත කිරීමෙන් පසුය. නීතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම සමාජයේ පුද්ගලයන් එම නීතියට ගරු කරන මානසික පසුබිමක් සකස් කල යුතු අතර ධාර්මික ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩ නැගිය යුතුය. එසේ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමෙන් පසුත් එනම් සියලුම පෙළඹවීම් දුරු කල පසුත් යම් පුද්ගලයෙක් වැරදි කරයිද එවිට ඔහුට එරහිව නිතිය ක්‍රියාත්මක වේ. උදාහරණයක් හැටියට යමෙකු සොරකමක් කල විට ෂරියා නීතිය ක්‍රියාත්මක කල යුතුනම් ඔහු සොරකම කිරීමට හේතුකාරකයන් කුමක්ද යන්න සොයා බැලිය යුතු වන අතර ඔහු තම දරිද්‍රතාවය නිසා සොරකම් කලේ නම් වගකිව යුතු වන්නේ එම පාලන බලය තිබෙන රජයයි. සියලුම ලිංගික හා කාමුක පෙළඹ වීම දුරු කල රටක කවුරු හෝ කෙනෙකු අනාචාරයේ ඇසිරීම එම පුද්ගලයාගේ වැරැද්ද වන අතර එය එම ක්රමයේ වැරැද්ද නොවේ. ස්ත්‍රී දුෂණයකදී ස්ත්‍රී දුෂණය කල පුද්ගලයාට මරණ දඬුවම ලැබේ. මෙහිදී උදෙක්ම අපරාධයට ලක්වූ පුද්ගලයාට මුලිකත්වය දෙනු ලැබේ.
ශරීහා නීතියට අනුව මිනිස් ඝාතනයක් යනු මහා පාපයකි
"මිනී මැරුමකට දඬුවමක් ලෙසින් මිස හෝ මහා පොළොවේ අවුල් වියවුල් පැතිරවීම සම්බන්ධයෙන් මිස හෝ (වරදකරුවකු වන්නන් හැර) අන් කෙනෙකු ඝාතනය කරන්නා සකල මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කළා සේය. එහෙත් යමකු ජීවත් වීමට සැලසු වුවොහොත් ඔහු සකල මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනිය" (අල්කුරානය 5:32, 6:151)
මෙම වාක්‍යවලින් මනුෂ්‍ය ජීවිතයේ පුජනීයත්වය අවධාරණය කරන අතර සෑම කෙනෙකුම අන් කෙනෙකුගේ ජීවිතය පුජනීය බව සලකා එය ආරක්ෂා කිරීමට සහයවීම අත්‍යවශ්‍යයි. යුක්තියක් නොමැතිව අන් අයකුගේ ජීවිතයට හානි කරන්නෙකු එම ජීවිතක්ෂයට පත් පුද්ගලයාට අයුක්තියක් කළා පමණක් නොව තමන්ට මිනිස් ජීවිතයේ පුජනීත්වය පිලිබඳ හැගීමක් නොමැති බවත් අන්‍යයන් කෙරෙහි දයලුභාවයක් තමා තුල නොමැති බවත් ප්දර්ශනය කිරීමක්වේ. එනිසා ඔහු නිසැකයෙන්ම මුළු මිනිස් සංහතියේම සතුරා වේ.
"විශ්වාස වන්තයිනි, මිනීමැරුම් සම්බන්ධයෙන් පලිගැනීම (නීතිය) නුබලාට පනවා ඇත්තේය. නිදහස් මිනිසකු මැරූ නිදහස් මිනිසාද වහලකු මැරූ වහලාද ගැහැණියකු මැරූ ගැහැණියද (ඝාතනය කලයුතු වන්නේය) (අ) එහෙත් පීඩාවට පත් ඔහුගේ සොයුරා (එනම් ලේ ඥාතීන්) විසින් ඔහු මිනි මරුවාට බුරුලක් දක්වන්න කැමැත්තේ නම් යුක්ති සහගතව (නිර්ණය වූ වන්දිය) ඔහුට ඉටු කරමින් යහපත අනුගමනය කරන්න. මෙය නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන් ලැබෙන සහනයක් හා දායාදයක් වේ. එසේ නම් මින් පසු (මෙම සීමා නියමයන්) කවරකු හෝ උල්ලංගනය කරන්නේද ඔහුට වේදනීය දඬුවමක් (ලැබෙනු) ඇත.
(අ) සියලුම මනුෂ්‍ය ජීවිත සමාන අගයකින් යුතුය යන යන පතිපත්තිය මෙහි නියම කොට ඇත්තේ යුක්තිය ඉටු කිරීමෙහිලා උසස්ම තත්වයක් පවත්වා ගැනීම සඳහාය. රුධිරයේ අගයත් ඒ අනුව ඊට ගෙවිය යුතු වන්දියත් නිශ්චය කල යුත්තේ මැරුම් කෑ තැනැත්තාගේ හෝ මිනී මරුවාගේ සමාජ තරාතිරම අනුව නොවේ. එබැවින් තමා විසින් ඉහිරවූ ලේ වෙනුවෙන් මිනී මරුවාම වන්දි ගෙවිය යුතු යයි පැහැදිලිවම නියම කොට තිබේ.
ඉස්ලාමයට පෙර තමන්ගේ ගෝත්‍රයේ සාමාජිකයකුගේ රුධිරය වෙනුවෙන් ඔවුන් වැඩි අගයක් නියම කළහ එසේ කොට මිනී මරුවාගේ ගෝත්‍රයෙන් එම තරාතිරමේම කෙනෙකුගේ ජීවිතය ඉල්ලා සිටියහ. එසේ නැතහොත් ඊට අඩු තත්වයක අය නම් එවැන්නක් තිස් හතලිස් දෙනෙකුගේ හෝ ඇතැම් විට සිය ගණනකගේ පවා ජීවිත ඉල්ලා සිටියහ. අනිත් අතට මිනි මරුවා මැරුම් කෑ අයට වඩා ඉහල තත්වයේ අයෙක් වී නම් ඔවුන්ගේ නඩු තීන්දුව වුයේ මැරුම් කෑ අයගේ ජීවිතය වෙනුවට මිනීමරුවාගේ ජීවිතය අවසන් නොකළ යුතු බවයි. රුධිරයේ උස් පහත් කම අනුව කල මේ වෙනස් කම ඒ අවිද්‍යා (ජාහිලිය්යා) යුගයට පමණක් සීමා වුවක් නොවේ. අද වුවද ඊනියා ශිෂ්ටාචාර අනුව එක ජාතියකට අයත් වුවකුගේ ජීවිතය හානි කරනු ලැබුවහොත් මිනී මරුවාගේ ජාතියෙන් මිනිසුන් පස් දෙනෙක්ගේ දිවි තොර කරන බව කීමට ඔහුවූ ලැජ්ජා නොවති.
මෙම අසාධාරණ නීතිවලි ආරක්ෂාව සැලසීම සඳහා අල්ලාහ් විසින් නියම කර ඇත්තේ මිනීමරුවාගේ හා මැරුම් කෑ අයගේ තරාතිරම හෝ ජාතිය කුමක් වුවත් මිනී මරුවාගේ ජීවිතය වන්දි වශයෙන් ගත යුතු බවයි.
එනම් කවුරු හෝ කෙනකු සිතා මතාම මිනිස් ඝාතනයක් සිදුකල අවස්ථාවක එය ඔප්පුවූ විට පහත පරිදි නීතිය ක්‍රියාත්මක වේ.
1. මරණ දඬුවම. (ප්‍රාණයට ප්‍රාණය)
2. කිට්ටුම පවුලේ අයගේ කැමැත්ත පරිදී වන්දි මුදලක් ලබා දී නිදහස් වීම. (ස්වාමි පුරුෂයා ඝාතනයට ලක්වූ කල බිරිඳගේ කැමැත්ත අනුව ඝාතකයා ගෙන් වන්දි මුදලක් ලබා සමාව ලබා දීම)
3. කිට්ටුම පවුලේ අයගේ කැමැත්ත පරිදී සමාව ලබා දීම.
ශරීහා නීතියට අනුව දඬුවම් පැමිණවීමේ අරමුණු පහත පරිදීවේ.
1. සමාජයේ තිබෙන අපරාධ හා දුෂණ දුරුකිරීම.
2. සමාජයේ පොදු යහපත ආරක්ෂා කිරීම.
3. මිනිසාව වැරදි කිරීමේ පෙළඹවීම් වලින් හා වැරදි කිරීමේ ස්වභාවයෙන් අරක්ෂා කිරීම.
http://www.islamproject.org/education/D01_IslamicLaw.htm
මෑතක මුම්බායි නගරයේ අවුරුදු 17ක් වයසැති පුද්ගලයකු විසින් නිවසකට ඇතුළුවී වයසක කාන්තාවක් 19 සැරයක් උල් ආයුධයකින් ඇන ඝාතනය කර ගර්භනී කාන්තාවක් දුෂණය කර පලාගොස් තිබිණ. ටික කලක් ගතවෙත්ම මෙම පුද්ගලයාව පොලිසියෙන් අත් අඩංගුවට ගත අතර අපරාධය උසාවියේදී ඔප්පුවිය. ඝාතනයට ලක්වූ කාන්තාවගේ පුතා හා දුෂණයට ලක්වූ ගර්භනී කාන්තාවගේ ස්වාමිපුරුෂයා කොතරම් නීතිමය මාර්ගයේ සටන් කලද එම අපරාධ කරුට ලැබුණු දඬුවම් අවුරුදු 3ක සිර දඬුවමකි.හේතුව එම අපරාධ කරු අපරාධය සිදුකරන අවස්ථාවේ වයස අව 17ක් වීමයි. මෙයම ශරීයා නීතියට අනුව නම් එම අපරාධකරුට ලැබෙන්නේ මරණ දඬුවමයි.
(ගර්භනී කාන්තාවක් දුෂණය සම්බන්ධ පුවතක්)
http://articles.timesofindia.indiatimes.com/2013-01-06/india/36173448_1_pregnant-woman-sandesh-abhang-death-penalty
http://www.peoplesdaily-online.com/index.php/news/9-uncategorised/4701-17-year-old-boy-rapes-pregnant-woman
මෑතකදී නව දිල්ලි නුවර බස් රථයක් තුල සිදුවූ ස්ත්‍රී දුෂණයට අසුවූ අපරාධ කරුවන්ට විරුද්ධව ශරීහා නීතය ක්‍රියාත්මක කල යුතුය යන්න එහි මුස්ලිම් හා මුස්ලිම් නොවන අයගේ අදහසයි.
ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ වගකීම පැහැර හැරීමක්.මුස්ලිම් සමාජයක් ලෙස ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව හා ආගමික නායකයන් මෙයට වගකිව යුතුය. හේතුව මුස්ලිම් සමාජයක මෙවැනි අකරතැබ්බක් ඇතිවීමට මුලික කාරනාව වන දරිද්‍ර තාවයට වගකිව යුත්තේ මුස්ලිම්වරුන්ය. ඉස්ලාමීය වගකීම් වලින් තුන්වන වගකීම වන සකාතය එනම් දුගී බද්ධ නියමාකාරයෙන් එක්රැස් කර බෙදාහැරීමට කටයුතු කිරීම වගේම මුස්ලිම් ජනතාවගෙන් විශාල කොටසකට නිසි මාර්ගය පෙන්විය යුතු අයගේ වැරදි ආකල්ප මෙම අකරතැබ්බට මුල බව කිවයුතුය. මුස්ලිම් ස්ත්‍රියක් මහරම් හෙවත් තමන්ගේ කිට්ටුම පවුලේ සාමාජිකයකු සමඟ හැර තනියම වෙනත් රටකට ගමන් කිරීම තහනම්ය. මේ බව කිසිම කෙනකු සඳහන් නොකිරීම තුලින්ම මොවුන්ගේ මුනිවත රැකීම ප්‍රශ්නයක් බව අප තේරුම් ගත යුතුය.
සකාත් : අවුරුද්දක් මුළුල්ලේ තමන්ගේ හා තමාගේ පවුලේ අයගේ අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු ඉතිරිවන ධනයෙන් නියමිත ප්‍රමාණයක් දුප්පත් ජනතාව අතර බෙදා දීම ලෙස සකාතය යන්න කෙටියෙන් හැඳින්විය හැකිය.
මහ්රමි : විවාහ විය නොහැකි පවුලේ ඥාතීන් මහ්රම් යනුවෙන් හඳුන්වනු ලැබේ.
ශ්‍රී ලාංකා රජය.රිසානා නෆීක්ව බේරා ගැනීමට රජය ක්‍රියා කලද මෙවැනි දෙයක් සිදුවීමට පාදක වූ අවස්තාව හෙවත් ක්‍රියාදාමය සිදුවුයේ රජයේ තිබෙන දුර්වලතාවය ලෙසම සඳහන් කල යුතුය.
1. මරදාන ප්‍රදේශයේ නවාතැන් එනම් ලොජ් - ඉතා අඩු වයසේ ගැහැණු දරුවන් පිට පළාත්වලින් බොරු ආටෝප පෙන්වා කොළඹ මරදාන ලොජ් වල ඒජන්ත තැරැව් කරුවන් (සබ් ඒජන්ට්) නවාතැන් ලබාදෙනු ලැබේ. මෙහිදී සමහර ගැහැණු දරුවන්ගේ ගෞරවය මෙම පාදඩ තැරැව් කරුවන්ගේ කාමාෂාවට බිලිවන අතර ඔවුන්ගේ මිතුරන්වත් සතුටු කිරීමට මේ අයට සිදුවීම ඉතාමත් අසික්කිත ක්‍රියාවකි. මෙහි පොලිසිය මගින් වැටලීම් සිදුවුවත් නීතියේ රැහැනට මොවුන් අසු නොවන්නේ මන්ද යන්න වගකිවයුත්තන් ඉතා හොදින් දන්නා කාරණයකි. මෙසේ මානසික හා කායික වධ හිංසනයට ගොදුරුවූ කුඩා වයසේ කාන්තාවන්ගේ හැසිරීම කෙසේ තිබේ දැයි අප කල්පනා කල යුතුව ඇත.(සියලුම ගෘහ සේවිකාවන් නොවේ. නමුත් ප්‍රයෝගිකව සිදුවන සිදුවීම් ඇසුරෙනි)
2. උප්පැන්න සහතික - මෙම තැරැව් කරුවන්ට බොරු උප්පැන්න සහතික ලබාදීමට ක්‍රියාකරන්නේ රජයේ කුමන නිලධාරින්ද යන්න සොයා බැලීමක් සිදුවනවාද?
3. ආගමන විගමන නිලධාරීන් - බොරු වයස යොදා හෝ බොරු නම් යොදා (මුහුණ වෙනස්කර) දහස් ගණන් ගමන් බලපත්‍ර (පාස් පෝට්) නිකුත්වන අතර මෙය කාගේ අනුමැතිය අනුව සිදුවනවාද, මේ සඳහා තැරැව් කරුවන්ට උදව් උපකාර කරන්නේ කවුද යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති අයට වටහා ගත හැකිය.
4. රජයේ ලියා පදිංචි එජෙන්සි කාර්යාල - සමහර ඒජන්සි කාර්යාල හා මෙම තැරැව් කරුවන් අතර මනා සම්බන්ධයක් තිබෙන අතරම නීති විරරෝධි බව හොඳාකාරවම දැන දැන මොවුන් ක්‍රියාකිරීම.
5. මෙඩිකල් සෙන්ටර් - ඕනෑම විදේශ රැකියාවක් සඳහා විසා බලපත්‍ර නිකුත් කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් රජයේ ලියාපදිංචි වෛද්‍ය ආයතනයක් මගින් වෛද්‍ය සහතිකයක් නිකුත් කල යුතුය. එම වෛද්‍ය පරීක්ෂණයේදී මෙම අඩු වයසේ අයගේ වයස පිලිබඳ සොයා බැලීමක් සිදුවනවාද යන්න ප්රශ්නයකි.
6. විදේශ සේවා නියුක්ති කාර්යාංශය - විදේශ ගත රැකියාවක් සඳහා පිටවීමට අනිවාර්යයෙන් විදේශ නියුක්ති කාර්යංශයට විශාල මුදලක් ගෙවිය යුතුය. මෙසේ ගෙවීමේදී විදේශ කාර්යංශයට මොවුන්ව ගෙන්වා පුහුණුවක් ලබා දෙන අතර මොවුන්ට අකරතැබ්බක් සිදුවූ විට ක්‍රියා කල යුතු ආකාරයද පැහැදිලි කරදෙනු ලැබේ. මෙහි ප්රශ්නය මොවුන් සහතික ලබා ගන්නේ මෙම පුහුණුවීම සාර්ථකව අවසන් කල පසුද යන්න ප්රෂණයකි. හේතුව මෙම පුහුණු වීමේදී අන්වාර්යයෙන්ම පුහුණුකරුවන්ට මොවුන්ගේ වයස සඳහන් කල යුතුය.
7. කොළඹ කටුනායක ගුවන්තොටුපල - විදේශ ගත වීමේදී අනිවාර්යයෙන්ම ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මුද්‍රාව ගමන් බල පත්‍රයේ සටහන් කල යුතුවන අතර මෙහිදීද පෙර සැලසුමක් මේ තැරැව් කරුවන් සමඟ සිදුවන බව රහසක් නොවේ.
මෙම ක්‍රියාදාමය තුල කොතෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සිදුවනවාද යන්න මොලයක් තිබෙන ඕනෑම කෙනකුට තේරුම් ගත හැකිය.
පිරිමි පක්ෂයතමන් විසින් රැකිය යුතු ආරක්ෂාව දිය යුතු තමන්ගේ දුවරුන්ව, බිරිඳව, සහෝදරියන්ව මෙසේ තනි පංගලමේ කොළඹ නගරයට යවා අනතුරට පත් කරන්නේ අපේ පිරිමි පක්ෂයයි. මන්ද බුද්ධික හෝ අංගවිකල පිරිමින් නොවන බොහෝ කම්මැලි සිංහයන් අප අතර සිටින අතර. ගැහැණු සතා අහාර ගෙන දෙන තුරු සිංහයා නිදා සිටි. නමුත් තමන්ගේ මහන්තත්වය හා පුරුෂ ආධිපත්‍ය අසරණ කාන්තාවන්ට පෙන්වන මොවුන් සැබවින්ම නපුන්සකයන් ගණනට වැටෙන බව ඔවුන් නොදන්නා විය හැකිය.
ආගම් භේදවදීන් හා දේශපාලකයන්මෙම සිදුවීම් මුල් කරගෙන කිඹුල් කඳුළු හලන මොවුන් කිසිම සිදුවීමක් අප රටතුල සිදු නොවන්නක් මෙන් දැවැන ගින්නට පිදුරු දමන්නක් මෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මේ අවස්ථාවාදීන්ට කියන්න තිබෙන්නේ ඉස්සාගේ කතාවයි. එනම්.
1. එකම පක්ෂයේ අය අමාත්‍ය දුර දරන මන්ත්‍රීවරුන් මහා මග වෙඩි තබාගෙන එකිනෙකා මරාගන්නා රටක අප ජීවත්වන්නෙමු.
2. ඉතා සීමිත ප්‍රමාණයක් අධි සුකොපබෝගී ජීවිතයක් ගත කරන අතර අධි විශාල ජනතාවක් එදාවේල කරගහගන්න බැරිව ලතවන රටක අප ජීවත්වන්නෙමු.
3. දිනෙන් දින ළමා අපරාධ ස්ත්‍රී දුෂණ දෙගුණයකින් වැඩිවන රටක අප ජීවත්වන්නෙමු.(දෙසැම්බර් 31 රාත්‍රියේ ගුවන් හමුදා භටයන් හා තවත් දෙදෙනකු එක්වී එක්දරු මවක් දුෂණය කරනු ලැබුවා. මෙයම අරාබිය නම් මේ හතර දෙනාව ගල් ගසා මරා දමනු ලබයි. පියා තම දුවරුන්ව දුෂණය කල මහා අපරාධ මේ ආශ්චර්යමත් ලංකාව තුල සාමාන්‍ය දේවල්ය.)
.jpg)
4. කැලණියේ මහා පාරේ මන්ත්‍රී වරුන්ව ඝාතනය කරනු ලැබුවා. එකම පක්ෂයේ අය බව සාක්ෂි තිබියදීත් කැබිනට් ඇමතිවරයාව අත් අඩංගුවට නොගත් රටක අප ජීවත්වන්නෙමු.
5. දුප්පතාගේ පාත්‍රයට ගහන බඩුමිල කිසිම පාලනයකින් තොරව ඉහල දමන, මාස හතක කාලයක් තුල ගෑස් මිල රුපියල් 750/- වඩා ඉහලා දමා,
තමන්ගේ පුත්‍ර රත්නයන් විනෝද වීමට රුපියල් කොටි දෙකක තරම් බදු සහනයක් දී කොළඹ පාරවල් වසා ලම්බෝගනී කාර් රේස් දුවන ඒ සඳහා ඉන්දියානු රුසියානු නළඟනන් ගෙන්වා අනාචාරයේ ඇසිරීම මහා ගෞරවයක් ලෙස සලකන පාලකයන් සිටින රටක මෙය ගෙන විමසුවිට මගේ පුතාටත් ලම්බෝගනියක් අරන් දෙනවා මාත් ගන්නවා පුලුවන්නම් මා සමඟ රේස් දුවන්න එන්න යනුවෙන් කිසිම වගකීමක් නැතිව කයිවාරු ගහන අමත්‍ය වරුන් පාලනය කරන රටක අප ජීවත් වන්නෙමු.
6. අවුරුදු ගණනක් දෙමළ ත්‍රස්තවාදය කියා ලක්ෂ ගණන් මිනිස්සු මරා දැමු. සේගුරා කියා දහස් ගණන් තරුණයින් ඝාතනය කල රටක අප ජීවත් වන්නෙමු.
මේ සියලුම සිද්ධීන් අපට අමතක වී ගොස් තිබෙන අතර නැවතත් අපේ මව් බිමේ ලේ ගංගා ගැලීමට කෙසේවත් ඉඩ දිය නොහැකිය. අනුන්ගේ දේ බලා ඊර්ෂ්‍යා වී කාලය නාස්ති කළා හොඳටම ඇති අතර ලංකාවේ දියුණුව තකා මේ රට තුල ජීවත් වන සියලුම ජාතින් එක්සත්ව එක්සිත්ව ජීවත්වීමේ කාලය පැමිණී ඇති බව කවුරැ කවුරුත් වටහා ගත යුතුය.
(ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව - http://islaamaya.blogspot.com/)
No comments:
Post a Comment