Tuesday, December 4, 2012

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද?
Dec 4th 2012, 21:22

ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද? ලොව ප්‍රබලම සමාජ වෙබ් අඩවියක් වන ෆේස් බූක් වෙබ් අඩවිය අද වන විට අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවිවල ඒකාධිකාරීතත්වයක් පතුරුවා ඇති බව රහසක් නොවේ. මෙහි සාමාජික ගිණුම් බිලිනය ඉක්මවයි. සෑම ලෝකවාසී හයෙන් එක් කෙනෙකු මෙහි සමජිකයකි. ලොව හොඳම ප්‍රචාරක මාර්ගයද මෙම ෆේස් බූක් වෙබ් අඩවියම වේ. එපමණක් නොව ලොව විශාල රාජ්‍යයන්වල බිඳ වැටීමටද මෙයම හේතුකාරක වූ බව අරාබි කරයේ සිදුවූ පුටු මාරුවීම්වලින් පැහැදිලිවිය. නමුත් මේ ප්‍රසිද්ධිය සමගම තවත් අහිතකර දේද මේ හා බැඳුනු භායනක් සිදුවීම්ද විශාල ලෙස වාර්තා වෙන්නට පටන්ගෙන ඇත. ඒවායින් සමහරක් පහත දැක්වේ. 1. සෑම මිනිත්තු 40කට වරක් බ්‍රිතාන්‍ය තුළ Face Book හා බැඳුණු අපරාධයක් සිදුවන බවට එහි බුද්ධි අංශය අනාවරණය කරගෙන් ඇත. 2. මෙම ගණන නිවැරදි නොවන බවත් මෙයටත් වැඩ වැඩි විය හැකි බවත්  තවත් පාර්ශ්වවලින්    චෝදනා එල්ලවෙමින් පවතී 3. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, හා පැහැර ගැනීම් ෆේස්  බුක් හා ඈඳුනු අපචාර අතර ප්‍රධානයි. මේ හා බැඳුනු කතා බොහෝය. ඒ අතරින් සමහරක් පමණක් අප මෙහි සඳහන් කරන්නෙමු. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි අමන්දා ටොඩ් දියණිය ජීවිතය පටන් ගැනීමටත් පෙර ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කළා ය. ඇගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස නීතිය හමුවේ තීරණය වුව ද, සමාජ විද්‍යාත්මක ඇසින් බැලුවොත් එය මිනී මැරුමකි මිනීමරුවා පැමිණයේ අන්තර්ජාලය ඔස්සේය ඒ අනුව අමන්දාගේ මරණය, අන්තර්ජාලය නිසා සිදු වී ඇති ජංජාල ලැයිස්තුවට තවත් අංගයක් එකතු කර ඇත. අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සමග වීඩියෝ සංවාද පවත්වන විට අමන්දා ටොඩ් හතේ පන්තියේ ඉගෙන ගන්නා (වයස අවුරුදු 12) දැරියකි. එසේ සංවාද පැවැත්වූ එක් පුද්ගලයෙකු ඇයට උඩුකය නිරාවරණය කරන්නැයි ඉල්ලීමක් කර ඇය එසේ කළ විට ඡායාරූපයක් ගත්තාය. එය යොදාගෙන ඇගෙන් අයුතු ප්‍රයෝජන ගන්නට බැලුවේ ය. ඊට ඇය එරෙහි වන විට අදාළ පුද්ගලයා විසින් ඇය දන්නා හඳුනන සියලු දෙනාට එම ඡායාරූපය යැවීම නිසා ඇය බොහෝ දෙනාගේ විහිළුවට සහ ශාරීරික මෙන්ම මානසික පීඩාවට ලක් විය. අවසානයේදී මෙයින් කලකිරී තමාව බේරා ගැනීමට එයට දිවි නසා ගැනීමට සිදුවිය. (උපුටා ගැනීම : ලක්බිම) මාක් සූකර්බර්ග් ෆේස් බුක් සමාගමට තමන් පිළිබඳවම තක්සේරුවක් ලෝකයාට ඉදිරිපත් කරන්නට සිදු වූයේ ෆේස් බුක් වබේ අඩවියේ ඇති ව්‍යාජ ගිණුම් හරහා සිදුවන සමාජ අපරාධ පිළිබඳව බොහොමයක් පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ල වීමත් සමගය. එනම් ෆේස් බුක් සමාගම මෙවැනි හෙළිදරව්වක් කළේ "බැරිම තැන හන්දියට" පැමිණීමෙන් පසුවය. එමෙන්ම මේ වසරේදීම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන්ද ෆේස් බුක් වබේ අඩවියට රතු එළියක් දැල්වුණි. ඒ එරට ආරක්ෂක අංශ මගින් නිකුත් කෙරුණු වාර්තාවක් නිසාය. ෆේස් බුක් සමාගම කලබල කළ එම වාර්තාවෙන් කියැවුණේ දළ වශයෙන් ගතවන සෑම මිනිත්තු 40කට වරක් ෆේස් බුක් හා ගෑවුණු අපරාධයක් බ්‍රිතාන්‍ය තුළ කොතැනක හෝ සිදුවන බවයි. පසුගිය වසර තුළ එරට ආරක්ෂක අංශවලට කිනම් අයුරකින් හෝ ෆේස් බුක් සමග ඈඳුනු අපරාධ පිළිබඳව පැමිණිලි 12300ක් වාර්තා වී ඇති බවද අනාවරණය විය. මේවා අතරින් බහුතරයක්ම වූයේ මිනීමැරුම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර හා පැහැර ගැනීම් ආදියයි. එමෙන්ම පුද්ගලයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණ ඇතිව නිරුවත් ඡායාරූප ඇතුළු කිරීම කුඩා දරුවන් හා මිතුරු වී ඔවුන් රවටා විවිධ අපචාර ක්‍රියා සඳහා යොදා ගැනීම වෙනත් අයකුගේ නමින් ෆේස් බුක් තුළ පෙනී සිටිමින් ඔවුන් අපහසුතාවයට පත් කිරීම ආදී කරුණුද එහි අඩංගු වී තිබුණි. ඒ එංගලන්තයේ තත්ත්වයයි. සුද්දාගේ රටේ තරමටම නොවුණත්, අපේ රටෙන්ද ෆේස් බුක් නිසා සිදුවුණු අපරාධ ඕනෑ තරම් වාර්තා වී තිබේ. වරක් කොළඹට ආසන්න ප්‍රදේශයක ගුරුවරියක් ෆේස් බුක් හරහා හඳුනාගත් තරුණයෙක් සමග හාදකමක් ඇති කර ගත්තේය. කෙසේ වුවද වැඩි යාළුකම නපුරට ගොස් අවසානයේ ඇයට නීතියේ පිහිට පතන්නට සිදුවිය. ඒ, පෙර කී තරුණයා ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරන්නට පටන් ගැනීමත් සමගය. ගාල්ල නගරයේ එක්තරා ජනප්‍රිය බාලිකා පාසලක සාමාන්‍ය පෙළ පන්තියක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකගේ නිවසේ ඇය පමණක් සිටි අවස්ථාවක මහා කලබගෑනියක් හටගෙන තිබුණි. විපරම් කර බැලූ අසල්වැසියන්ට දැකගන්නට ලැබුණේ මිදු‍ලේ ‍පොරබදමින් වහසි බස් දොඩමින් සිටින තරුණයින් තිදෙනෙකි. අවසානයේ හෙළි වූයේ අපූරු කරුණකි. මෙම ළාබාල සිසුවිය ෆේස් බුක් හරහා හඳුනාගත් තරුණයන් ගණනාවක් සමගම විවිධාකාරයෙන් සබඳතා පවත්වාගෙන ගොස් තිබුණි. දෙමාපියන් නැති මොහොතක ඇය හමුවීමට අහම්බෙන් එකම මොහොතක පැමිණි තරුණයන් තිදෙනෙකු තරුණියට ඇති තම තමන්ගේ අයිතිවාසිකම් කියන්නට උත්සාහ කිරීම නිසා පෙර කී ගැටුම හටගෙන තිබුණි. තවත් අවස්ථාවක ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක සේවය කළ තරුණියකට ඇගේ ජංගම දුරකථනයට පමණක් නොව නිවසේ සහ රාජකාරි ස්ථානයේ දුරකථනයට පවා ඉතාමත් පහත් මට්ටමේ ඉල්ලීම් රැගත් පණිවුඩ ලැබෙන්නට විය. ඇයට මෙය මහත් පීඩාවක් වූ අතර අවසානයේ හෙළි වූයේ මෙසේ වීමට හේතුව ඇගේ නමින් අන්තර්ජාලයේ පැවැති ෆේස් බුක් ගිණුමක් බවය. මෙම තරුණිය සැබවින්ම ෆේස් බුක් වබේ අඩවියේ සිටියේ නැත. එනමුදු වෙනත් කිසිවෙකු ඇගේ නමින් ඇගේ ඡායාරූප කිහිපයක් යොදාගෙන ඉතා පහත් මට්ටමේ ෆේස් බුක් ගිණුමක් සාදා තිබුණි. කෙසේ හෝ මේ කරදරය විසඳාගත්තද, එම ෆේස් බුක් ගිණුම සකස් කළ පුද්ගලයා නම් අදටත් රහසකි. එම තරුණිය අනුමාන කරන්නේ රාජකාරිමය කටයුත්තකදී සිදු වූ අමනාපවීමක් නිසා එම අදාළ පුද්ගලයා මෙය සිදුකරන්නට ඇති බවය. මේ අපට අහම්බෙන් මෙන් වාර්තා වූ සිදුවීම් කිහිපයක් පමණි. සත්‍ය තත්ත්වය මීට වඩා දරුණු නොවෙතැයි පැවැසීමට හැකියාවක් අපට ඇත්තේ නැත. (උපුටා ගැනීම : ලක්බිම) පසුගිය දිනක, ලොව සුප්‍රකට සමාජ ජාල වබේ අඩවිය වන "ෆේස් බුක්" වබේ අඩවිය හිමි "ෆේස් බුක් සමාගම" අපූරු හෙළිදරව්වක් කළේය. අන්‍යයන් පිළිබඳව නොව තමන් පිළිබඳවම සිදුකළ මේ අනාවරණයෙන් ඔවුන් පැවසූයේ මේ වන විට බිලියනයකට ආසන්න තම සාමාජිකයන් අතුරෙන් මිලියන 83ක්ම සැබවින් සිටින්නන් නොවන බවය. එනම් ෆේස් බුක් ගිණුම් අතුරෙන් මිලියන 83ක්ම සැබවින්ම පවත්වාගෙන යන්නේ සැබවින්ම එහි සඳහන් පුද්ගලයන් විසින් නොවන බවය. ඒවා විවිධාකාර නාඳුනන පුද්ගලයන් හෝ ආයතන විසින් විවිධ අරමුණු උදෙසා පවත්වාගෙන යන ගිණුම්ය. නැතහොත් විවිධ නරක අරමුණු උදෙසා භාවිතා වන ගිණුම්ය. තරමක පුදුම සහගත වුවත් මේ කතාව කියන්නේ වෙන කිසිවෙක් නොව, ෆේස් බුක් සමාගමම නිසා එය ඇත්තක් බවට වාද විවාද ඇත්තේ නැත. එසේ නමුදු වෙනත් ස්වාධීන සමීක්ෂණ ආයතන හා අන්තර්ජාල විශේෂඥයන් පවසන්නේ ෆේස් බුක් සමාගම ලෝකයාට පෙන්වන මේ ඉලක්කම "සැර බාල කර" සාදාගත් කතාවක් මිස සැබවින්ම පවතින ව්‍යාජ ගිණුම් සංඛ්‍යාව නොවන බවය. මාක් සූකර්බර්ග් ෆේස් බුක් සමාගමට තමන් පිළිබඳවම තක්සේරුවක් ලෝකයාට ඉදිරිපත් කරන්නට සිදු වූයේ ෆේස් බුක් වබේ අඩවියේ ඇති ව්‍යාජ ගිණුම් හරහා සිදුවන සමාජ අපරාධ පිළිබඳව බොහොමයක් පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ල වීමත් සමගය. එනම් ෆේස් බුක් සමාගම මෙවැනි හෙළිදරව්වක් කළේ "බැරිම තැන හන්දියට" පැමිණීමෙන් පසුවය. අපේ ලංකාවේ වුවද මෙම ෆේස් බූක් හරහා නොයෙකුත් අපරාධ මුදා හරිණු ලබයි. මෙහි අද ප්‍රධාන වන්නේ ආගම සම්බන්ධයි. බොහෝ ජාතිවාදී අදහස් හා බොරු ප්‍රචාරයන් ඉතා ඉක්මනින් පතුරුවා හැරීමේ මාර්ගයක් ලෙස මෙය පවිච්චිවේ. සමහරු සිංහ රූප වලින්ද තවත් සමහරු ආගමික නාමයන් වලිද පෙනී සිට මෙම ජාතික ව්‍යසනය ගජ වාසියට කරගෙන් යයි. කිසිම ඉරිකිතයක් නැතුව අන්‍ය ජාතීන්ට හා  ආගමික නායකයන්ට අසැබි වචන වලින් බැන වැදීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. සමහරුන්ට තමන්ගේ මානසික ආතතිය මුදවාගැනීමට මෙවනි ආකාරයේ ආගම් හා ජාතීන් අතර ගැටුමක් ඇති කරන අකාරයේ දේවල් මෙම ෆේස්බුක් ගිණුම් මගින් මුදා හරිනු ලබයි.
මේ වන විට ෆේස් බුක් වබේ අඩවියේ සාමාජිකයින් සංඛ්‍යාව බිලියනයකටත් වඩා වැඩි අගයක් ගනී. ආරම්භයේ සිට මේ දක්වා යෙදුණු "ෆේස් බුක් ලයික්"  සංඛ්‍යාව ට්‍රිලියන 1.13කි. හුවමාරු වී ඇති ඡායාරූප මිලියන 220ක් පමණ වෙයි. ඊට අමතරව ඡායාරූප මිලියන 300ක් අලුතෙන් ෆේස් බුක් වෙත එකතුවෙයි. මේ යෝධ සංඛ්‍යාවලින් ෆේස් බුක් වෙත කෙතරම් පිරිසක් වහ වැටී ඇත්දැයි සිතා ගැනීම අපහසු නොවේ. ෆේස් බුක් වබේ අඩවිය තුළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ නමින් පවත්වාගෙන යන ගිණුම් 20ට අධිකව අපට හමුවිය. ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශාගේ නමින්ද ෆේස් බුක් ගිණුම් 20ට අධිකව පවතී. උපේක්ෂා ස්වර්ණමාලි ගේ නමින් ගිණුම් 15කි. රන්ජන් රාමනායකගේ නමින්ද ගිණුම් 15ක් පමණ හමුවේ. යොවුන් ගායිකා නටාෂා පෙරේරාගේ නමින් පවත්වාගෙන යන ගිණුම් 10ක් පමණ හමු විය. (උපුටා ගැනීම: ලක්බිම) කෙසේ වෙතත් ඊජුප්තුව වැනි ඒකාධිපති පාලකයන් සිටී රටක ඔවුන් පලවා හැර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අත්පත් කරගැනීමට ෆේස්බූක් මගින් සිදුවූ සේවය අති මහත්ය. සෑම සමාජයකම හොඳ මෙන්ම නරක අය සිටිනවා වගේ ෆේස්බූක් සමාජයේත් එය එසේමය. මිතුරා සතුරු කරගැනීමත් සතුරා මිතුරු කරගැනීමත් තමන්ගේම ස්වබුද්ධියෙන්ම සිදුවන්නක් බව කවුරු කවුරුත් සිතට ගෙන ක්‍රියාකළ යුතුව ඇත.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment