Monday, March 11, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): හලාල් මින්පසු නැහැ! නමුත් එය මුස්ලිම්වරුන්ගේ පරාජයක් නොවේ

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail හලාල් මින්පසු නැහැ! නමුත් එය මුස්ලිම්වරුන්ගේ පරාජයක් නොවේ
Mar 11th 2013, 08:55


ආචාර්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ කියති
2013 මාර්තු 11  11:35 a.m
Bellanvila-vimala-rathana-himiනිෂ්පාදන ආයතනයන්හී දැනට තිබෙන හලාල් සහතිකය ඇතුළත් ඇසුරුම් අවසන් වීමෙන් පසුව ශ‍්‍රී ලංකාවේ අලෙවි කෙරෙන භාණ්ඩවල හලාල් සහතිකය ප‍්‍රදර්ශනය නොකිරීමට තීරණය වී තිබේ. ඒ අනුව හලාල් සහතිකය ඇතුළත් ඇසුරුම් නැවත මුද්‍රණය නතර කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ශ‍්‍රී ලංකා ජාතික අපනයන වාණිජ මණ්ඩලය, ශ‍්‍රී ලංකා තරුණ ව්‍යවාසකයන්ගේ මණ්ඩලයශ‍්‍ර‍්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය යනාදී පාර්ෂව රැසක් සමඟ සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සංවිධානය කළ සාකච්ඡාවලින් පසුව එකී තීරණයන්ට එළඹි බවද පැවසේ. කෙසේ වුවද සංචාරකයන් සඳහා පවත්වා ගෙන යන විශේෂ වෙළෙඳසැල්වල හලාල් සහතිකය ප‍්‍රදර්ශනය කිරීමටත්, අපනයන භාණ්ඩ සඳහා හලාල් සහතිකය නිකුත් කිරීමත් ඉඩකඩ ලැබේ. එහෙත්ඒ වෙනුවෙන් හලාල් සහතික ගන්නට මින් ඉදිරියට මුදල් අය නොකරන බව සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සංවිධානය කියා සිටී. මේ පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාව අද(11)පෙරවරුවේ කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති අතර ඒ අවස්ථාවට සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සංවිධානයේ නියෝජිතයින්, භික්ෂූන් වහන්සේලා රැසක් ,වානිජ මණ්ඩලයේ නියෝජිතයින් ද සහභාගි වූහ. උලමා සංවිධානයේ සභාපති රිස්වි මුස්පි මහතා පැවසුවේ වෙළෙඳ භාණ්ඩවලට හලාල් ලාංඡනය සේවාවක් වශයෙන් ඇරඹූ බවත්,එමගින් රට් සහජීවනයට හානියක් වේ නම් එය ඉවත් කරන බවත් ය.
‍බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසුවේ හලාල් ඉවත් කිරීම සිංහල බෞද්ධයන් ලැබූ ජයග්‍රහණයක් හෝ මුස්ලිම් ජාතිකයින් ලැබූ පරාජයක් වශයෙන් හෝ නොසැලකිය යුතු බවයි.
 


You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment