Saturday, May 4, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): බුදුන් වඳින එක වැරදිද දන්න කෙනෙක්‌ මට කියන්න!

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
බුදුන් වඳින එක වැරදිද දන්න කෙනෙක්‌ මට කියන්න!
May 5th 2013, 06:43


පහත දිවයින පුවත් පතේ පලවූ පුවත පිලිබඳ ඔබේ අදහස් යොමු අක්රන්න. මෙය හරවත් කතිකාවක් කර ගැනීමට නම් කරුණාකර ආවේග ශීලී නොවී අන්‍ය ආගම්වලට අපහස නොවන විදියේ කතිකාවක් සඳහා අප ඔබ සැමට ඇරයුම් කරන්නෙමු. අසභ්යවචන ඇති අදහස් කපා හරිනු ලැබේ.සෞදියේදී බුදුන් වැන්දට
කස පහර දෙසීයයි... වසරක්‌ හිරේ...


තුංංගසිරි කතා කරන්නේය. තුංගසිරි පැමිණියේ සෞදියේ වසරක්‌ බන්ධනාගාරයේ සිටය. කස පහර දෙසීයක්‌ද ලැබ අච්චු විඳය. මේ තුංගසිරි කියන කතාවය.

,සෞදි අරාබියේ බුදු පහන් පත්තු කරලා හූනියම්කාරයෙක්‌ කියලා හිරේ දාලා හිටපු පදියතලාවේ තුංගසිරි මම. 2013.05.01 දින මගේ සිර දඬුවම නිමා කරලා ලංකාවට ආවේ. මම බුදුන් වැඳලා හූනියං කළා කියලා තමයි ඒ රටේ ආගමේ නායකයන් මාව හිර කරලා මට දඬුවම් දුන්නේ. අන්තිමට දඬුවම ලෙස වසරක්‌ සිර ගෙදර ඉඳලා අවසානයේ මගේ පිට ප්‍රදේශයට කස පහර 200 ක්‌ දෙන්නත් ඒ රටේ අධිකරණය නියම කළා. හූනියං කරනවා කියන චෝදනාවට තමයි ඒ රටේ අධිකරණය මට දඬුවම් දුන්නේ. ඒත් මේ අපේ රටේ විවිධ කටකතා පැතිරිලා ගියා. ඒ රටේ මම ගෑනු විකුණුවා. හූනියං කරලා මම ගෑනු වශීකර ගත්තා, සුර ගෑනුන්ට විකිණුවා කියලා විවිධ කටකතා පැතිරිලා ගියා.

නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. බුදු පහන් පත්තු කරලා මිනිසුන් වශීකරලා, බන්ධන කරනවා කියලා තමයි මම හූනියම්කාරයෙක්‌ කියලා පොලිස්‌ අත්අඩංගුවට ගත්තෙ. ආගමක්‌ ඇදහීමට මනුස්‌සයෙක්‌ විදියට අයිතියක්‌ අපට තියෙන්න ඕන මොන රටකට ගියත්. එහෙම අයිතියක්‌ නැති මුර්ගයෝ ඉන්න රටකට තමයි අපි සිය දහසක්‌ දෙනා ඉසුරු සොයා ගිහින් අනේකවිධ වද හිංසනවලට ලක්‌වුණේ.

මා හිරගෙදර හිටපු කාලය තුළ මගේ බිරිඳ, දරුවන් දෙදෙනා, මගේ සහෝදරයන්, මගේ මෑණියන් අන්ත අසරණ වුණා. දුක්‌වින්දා මාව මේකෙන් ගලවගන්න. අම්මා යන්ඩ තිබුණු හැම තැනකටම ඇමැතිවරු, මන්ත්‍රීවරු පස්‌සෙ ගිහින් අපේ පුතා නිදහස්‌ කරලා දෙන්ඩ කියලා ඉල්ලලා තිබුණා.

මගේ අම්මා වැඳවැටිච්ච නිලධාරියෙක්‌ නෑ. ඩිලාන් පෙරේරා ඇමැතිතුමාගේ කකුල් දෙක අල්ලලා මගේ අම්ම වැඳවැටිලා තියෙනවා පුතා ගෙනත් දෙන්ඩ කියලා. තානාපති කාර්යාල, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය වගේ යන්ඩ ඕන හැම තැනටම ගිහින් තිබුණා. ඒ කිසිම තැනකින් පිහිටක්‌ වුණේ නෑ. අඩුම තරමේ මෙන්න මේ මේ දේවල් අපි ඔයාගේ පුතා වෙනුවෙන් කරලා තියෙනවා කියලා කිව්වේ නෑ. අපිව සනසන්ඩ චාටු කථා අපට කිව්වාට නීතිමය වශයෙන් මාව ගෙන්නගන්ඩ කිසිම රාජකාරියක්‌ ඒ අය කළේ නෑ.

මගේ නංගි බැඳල මහරගම ඉන්නේ. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සමහර නිලධාරීන් නංගිට නම් ජොබ් එකක්‌ දෙන්ඩ කථා කරලා තියෙනවා. එයා ලස්‌සන ඇහැට කනට පේන හින්ද වෙන්ඩ ඇති එයාට ජොබ් දෙන්ඩ කථා කළේ. මගේ බිරිඳට රැකියාවක්‌ දෙන්න ඒ අය කථා කළේ නෑ. අවුරුද්දක්‌ තිස්‌සේ මගේ දෙමාපියන්, බිරිඳ, දරුවො කන්නෙ බොන්නෙ කොහොමද කියලා අඩුගානේ අහන්ඩ බලන්ඩ ඒ නිලධාරීන්ට උවමනා වුණේ නෑ. මා කතා කරන්නේ වේදනාවෙන්. මොකද මගේ ගෙදර අයට හාල් කිලෝ එකක්‌ ගන්න ඒ වෙනකොට සල්ලි තිබුණෙ නෑ.

විදේශ සේවා නියුක්‌තිකාර්යාංශය හා තානාපති කාර්යාලය මාව බේරලා දෙනවා කියලා විවිධ කතා කියලා තිබුණා. ඒ කිසිවක්‌ වුණේ නෑ. මගේ දඬුවම් කාලය ඉවරවෙලා තමයි මම ලංකාවට ආවේ. ලංකාවට එන්න මගේ ටිකට්‌ එක අනුමත කරගන්ට මට ඉන්දියන්කාරයකුට රුපියල් 20000 ක (විසිදාහක්‌) අල්ලසකුත් දෙන්න වුණා. මට සල්ලි තිබ්බේ නෑ. මම ලංකාවට කතා කරලා මෙහෙන් සල්ලි ගෙන්න ගත්තා. තානාපති කාර්යාලයේ නිලධාරීන් හරියට අපිට රාජකාරි කරනවා නම් අපිට වෙන රටවල මිනිස්‌aසුන්ට අල්ලස්‌ දෙන්ඩ වෙන්නේ නෑ.

පගාවක්‌ දීලා ගමන් බලපත්‍රය වලංගු කරගෙන මේ රටට ආපු පළවැනි මනුස්‌සයා මම නෙවෙයි. ඔය විදියට තමයි හැමදාම වෙන්නේ. මගේ නංගි සවුදි තානාපති කාර්යාලයට කතා කළාම කියනවාලු නිලධාරීන් අපට නෑ. වාහන අපට නෑ. භාෂා පරිවර්තකයො නෑ කියලා. අපි වෙනුවෙන් කවුද මෙහෙම යනකොට කතා කරන්නෙ. අනික තම ආගම අදහන්ඩ බැරි කෲර මුර්ග පිරිසක්‌ ඉන්න රටකට තමයි අද අපේ රටේ දහස්‌ ගණන් ඉසුරු සොයා මිනිස්‌සු යන්නේ. එහෙම ගිහින් නොවිඳිනා දුක්‌ විඳලා තමයි කීයක්‌ හරි හොයා ගන්නෙ. මේක තමයි ඇත්ත. ගෘහ සේවකයන්ට තමන් සිටින කාමරේ ඉඳල තමන් අදහන ආගම අදහන්ඩ, වඳින්ඩ අද අරාබි රජයෙන් උසාවියෙන් අවසර නෑ. මුස්‌ලිම් අය දිනකට අවස්‌ථා 5 කදි වඳිනවා. ඒ රටේදීත් එයාල රටින් පිට ගියාමත් ලෝකෙ කොහෙ හිටියත් එයාල ඒ සිරිත සිදුකරනවා. කවුරුත් එහෙම කරන්ඩ එපා කියල කිසිම රටකින් තහනම් කරලා නෑ.

ඒත් මිනිස්‌සු විදිහට අරාබියෙදි අපිට ඒ අයිතිය නෑ.

සෞදි අරාබියේදී බුදුන් වැඳීම නිසා අත්අඩංගුවට පත්වී, වසරක සිර දඬුවමක්‌ විඳ කස පහරවල් 200 ක්‌ පහර කෑමට ලක්‌ වී දිවයිනට පැමිණි පී. පී. තුංගසිරි (39) එසේ ප්‍රකාශකර සිටියේය. ඔහු දරුවන් දෙදෙනෙක්‌ සිටිනා පියෙකි. හේ 164 A, කැලේළිඳ, වතුයාය, පදියතලාව ලිපිනයේ පදිංචිව සිටී. ඔහු 2009 වසරේ සෞදි රියාද් නගරයේ ගෘහ රියෑදුරු රැකියාව සඳහා රැකියාවට ගියේය. පසුගිය 2012.5.17 දින ඔහු එරට ආගමික පොලිසිය (මුතව්වො) මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුගිය මැයි (01 දා) බදාදා ඔහු යළිත් ලංකාවට පැමිණියේය. ඔහුට අනුව මේ දුෂ්කර අවස්‌ථාවේ ඔහුට පිහිට වී ඇත්තේ දෙවියන් බුදුන් පමණකි.

සකුරා ලියනගේ තුංගසිරිගේ නැගණියකි. ඇය දැනට පදිංචි මහරගමය. මේ ඇය කියන කතාවය.

අයියා හිරේ ඉන්නවා කියලා ආරංචි වෙලා මම සවුදි තානාපති කාර්යාලයට කතා කළා. එතකොට එයාල කිව්වා එහෙම දෙයක්‌ අපිට ආරංචි වුණා, අපි ඒ ගැන හොයලා බලනවා, මේ විෂය ගැන වැඩ කරන මහත්තයාට මම ඔයාලාව සම්බන්ධ කරලා දෙන්නම් කියලා. පස්‌සෙ කෝල් එක වෙන මහත්තයකුට යොමු කළා. එයා අපිට කිව්වා ඔයාලාගේ අයියා කරලා තියෙන වරදට අනුව මේ රටේ ශරියා නීතිය අනුව හිස ගසා දැමීම තමයි කරන්නේ. එහෙම නොකර එයාව බේරගන්aන නම් ලක්‍ෂ 10 ක්‌ විතර වියදම් කරන්න වෙනවා කියලා. මම ඒක කොහෙන් හරි හොයලා දෙන්නම් අපිට උදව් කරන්ඩ කියලා මම එයාට කිව්වා. සකුරා ලියනගේ පවසන්නීය.

ඒ කාලය තුළ මේ කතාව ලංකාවේ මාධ්‍යවල ප්‍රචාරයවෙලා හැමදෙනාම කතාබහ කරන මාතෘකාවක්‌ බවට පත් වෙලා තිබුණා. ඉන් පස්‌සෙ ආයිමත් දවසක මම තානාපති කාර්යාලයේ ඉන්න අපි ඉස්‌සෙල්ලා කතා කළ මහත්තයාට ගත්තා. ෙµdaන් එකට කතා කළේ නෑ. දවසම ට්‍රයි කළා. පස්‌සෙ අපිට වෙන මහත්තයෙක්‌ කිව්වා දැන් ඒ මහත්තයා මෙහෙ නෑ. එයා ලංකාවට නිවාඩු ගිහින් කියලා.

අපි ලංකාවේ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට කතා කළා. අපි සභාපතිතුමා හම්බවෙන්ඩ ගියා. අපේ දුක එයාට කිව්වා. එතුමා කිව්වා ලක්‍ෂ 10 ක්‌ වගේ මුදලක්‌ වියදම් කරන්ඩ පුළුවන්නම් අයියා වෙනුවෙන් නීතිඥ මහතෙක්‌ යොදවන්ඩ පුළුවන් කියලා. ඒකත් එක්‌ නඩු වාරයකට ලක්‍ෂ 10 ක්‌ කිව්වා. ඒක අපිට ගෙවන්ඩ පුළුවන්ද කියලා ඇහුවා. මම කිව්වා සර් එක නඩු වාරෙකින් අයියා බේරනවා නම් අපි අපේ මුළු සේසතම තියලා හරි දෙන්නම්, නඩු වාර දෙකක්‌ ගියොත් අපි කොහොමද ඒක ගෙවන්නේ කියලා.

ඊට පස්‌සෙ එයා රාජ්‍ය නොවන සංවිධානයකට කතා කරලා අපට කියන්නම් කිව්වා. ඒත් එක නීතිඥයෙක්‌වත් ඉදිරිපත් කළේ නෑ. හැමෝම කළේ අපිව රැවැට්‌ටුව එක විතරයි. අපේ අයියා අවුරුද්දක්‌ හිරේ හිටියා බුදුන් වැන්දාට. අපේ අයියාට වුණා වගේ දුකක්‌ කරදරයක්‌ මින් පස්‌සේ මේ රටේ කිසිම කෙනකුට සිදු නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මිනීමරලා හොරකම් කරලා නෙවෙයිනේ අපේ අයියා හිරේ ගියේ බුදුන් වැඳලා.

තුංගසිරි බුදුන් වඳින්නේය. බුදුන් වැඳ හිරේ යන්නේය. බුදුන් වැඳ හිරේ යන මිනිහෙකු බේරා ගන්නට ඉදිරිපත් වන ගෙදර උදවිය වටේ යන්නේය. තානාපති කාර්යාල වගකීම් පැහැර හරින්නේය.

කෙසේවෙතත් තුංගසිරි බුදුසරණින් ජීවිතය බේරාගෙන ලංකාවට එන්නේය. අපට හිතෙන්නේ අප කාටත් අන්තිමේදී ඉතිරි වන්නේ බුදුසරණ පමණක්‌ බවය.

රංජිත් කරුණාවීර - මහියංගණ

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): රාජ්‍ය විරෝධීන් අත්අඩංගුවට

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
රාජ්‍ය විරෝධීන් අත්අඩංගුවට
May 5th 2013, 06:17

Hand-cup

රාජ්‍ය විරෝධී ප්‍රකාශ කරමින්, ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ දරන පුද්ගලයන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට රජය තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එදිරිවාදී ප්‍රකාශ නිකුත් කරන්නන් නීති රාමුවක් යටතට ගෙන පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත. කොළඹ හිටපු උප නගරාධිපති අසාද් සාලි පසුගිය දෙවැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේද මේ යටතේ බව රජයේ උසස් නිලධාරියෙක් ලක්බිම කළ විමසීමේ දී සඳහන් කළේය. කෙසේ වෙතත් ඇතැම් පිරිස් සන්නද්ධ කල්ලි බිහි කරගැනීමට විවිධ උත්සාහයන් දරා ඇති බවට තොරතුරු ලැබි ඇතැයිද ආරක්ෂක අංශ සඳහන් කරයි. අදාළ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.

රමේෂ් වරල්ලෙගම

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Friday, May 3, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): රහස්‌ පොලිස්‌ අත්අඩංගුවේ සිටියදී කෑම වර්ජනය කළ අසාද් සාලි රෝහලේ

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail රහස්‌ පොලිස්‌ අත්අඩංගුවේ සිටියදී කෑම වර්ජනය කළ අසාද් සාලි රෝහලේ
May 4th 2013, 06:43


රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඊයේ (3 දා) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස්‌ අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු දිගින් දිගටම ආහාර වර්ජනය කිරීම නිසා මෙසේ රෝහල් ගත කෙරුණු බව වාර්තා වෙයි.

රෝහල්ගත කළ අසාද් සාලි මහතා කොළඹ ජාතික රෝහලේ 55 වැනි වාට්‌ටුවට ඇතුළත් කෙරුණු බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.
අසාද් සාලි මහතාට අවශ්‍ය ආහාර පාන සියල්ල ලබා දුන් බවත් ඒ මහතා එම ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ රට තුළ නැවත ත්‍රස්‌තවාදය ඉස්‌මතු වන ආකාරයට ප්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

මුස්‌ලිම් තරුණයන් ආයුධ අතට ගතයුතු කාලය එළඹ ඇති බවට වෙබ් අඩවියකට සහ ඉන්දීය සඟරාවකට ප්‍රකාශයක්‌ කළ බවට ඒ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අසාද් සාලි මහතා මුස්‌ලිම් සන්නද්ධ කණ්‌ඩායම් සමග සම්බන්ධතා පවත්වන්නේද යන්න පිළිබඳව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

එහෙත් මෙවැනි ප්‍රකාශ කිසිවක්‌ තමන් නොකළ බවත් මෙම අත්අඩංගුවට ගැනීම ඉතාම අසාධාරණ ආකාරයට සිදු කර ඇති බවත් අසාද් සාලි මහතා පවසයි.

උපුටා ගැනීම : දිවයින පුවත් 

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Thursday, May 2, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අද දින උදෑසන අසාත් සාලි මහතා අත්අඩංගුවට පත්වීම විමසුමක්!

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail අද දින උදෑසන අසාත් සාලි මහතා අත්අඩංගුවට පත්වීම විමසුමක්!
May 2nd 2013, 13:27

කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු සහ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පොලිසිය විසින් අද (2013 මැයි 02) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එනම් සී.අයි.ඩී විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. තමන්ව ආන්ඩුව විසින් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවත් තමන් සැඟව සිටින බවත් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.  

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි කිහිපයක් මත ‍අසාත් සාලි මහතා අත්අඩංගුවට ගත් බවයි. කොලොන්නාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අද උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි කිහිපයක් නිසා අත්අඩංගුවට ගත් බවක් පැවසුනද ආන්ඩුව අසාත් සාලි මහතාව අත්අඩංගුවට ගන්නේ අන් කවරකටවත් නොව ඔහු නිර්භයව රාජපක්ෂ පාලනය විවේචනය කිරීම සහ රජයට සම්බන්ධ ආගම්බේධකාරීන්වද දැඩිලෙස විවේචනය කිරීම නිසා බව ජනතාව මේ වන විටත් දැනගෙන හමාරය. ආන්ඩුව විවේචනය කරන්නන් මෙලෙස මර්ධනයට ලක්කරන්නේ ඔවුන් විසින් කරන්නාවු විවේචන වලින් ආන්ඩුවට දැඩිලෙස පහර වැදී රිදීම නිසා බව පැහැදිලිය.  

කෙසේ වුවද ආන්ඩුව සිතන්නේ තමන්ට එරෙහි වන්නන් මර්ධනය කර ජනතාවට බොරු හොඳ මුහුණක් පෙන්වමින් හැමදාම ජයගත හැකි වනු ඇති බවයි. ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් බහුතරය මේ වන විටත් රජය විසින් ගෙනයන කූඨ වැඩපිළිවෙල ගැන දැනුවත් වී හමාරයි. අසාත් සාලි මහතා අත්අඩංගුවට ගැනීමෙන් සිදුවන්නේ එය තවදුරටත් මස්තකප්‍රාප්ත වීමයි. වෙනත් වචන වලින් කියනවා නම් අසාත් සාලි දෙස ජනතා ඉල්ලුම වැඩි වීමයි.

නමුත් සිංහල ජනතාවගෙන් බහුතරය වෙත මෙම පණිවිඩය ගෙනයාමට විපක්ෂය තවම අපොහොසත් වී ඇති සෙයකි. ආන්ඩුව සිතන්නේ විපක්ෂය අකර්මන්‍ය නිසා තමන් හැමදාම කරන පිස්සුව ඉදිරියටත් කරගෙන යාමට හැකි වනු ඇති බවයි. පවතින විපක්ෂය තවදුරටත් නිදිවදිමින් සිටින්නේ නම් ජනතා රැල්ලකින් නව විපක්ෂ සංධානයක් නිර්මාණය වීම වැඩි ඈතක නොවන බව මගේ අදහසයි.   

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ලංකාවේ භීෂණකාරී වාතාවරණයක් ඇති බවට ඇම්නෙස්ටි වාර්තා කරයි!

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ලංකාවේ භීෂණකාරී වාතාවරණයක් ඇති බවට ඇම්නෙස්ටි වාර්තා කරයි!
May 2nd 2013, 13:33


ශ්‍රී ලංකා රජය විවේචනය කරන්නන්ට එරහිව රජයෙන් තර්ජන සහ පීඩන ඇති බවට ඇම්නෙස්ටි (Amnesty International ) වාර්තාවකින් අනාවරණය වේ. "රජය විවේචනයට එරහිව අඩම්තේට්ටම්" ලෙසින් එළිදැක්වූ මෙම වාර්තාව පිටු 78කින් සමන්විත වේ. එය මෙතනින්ලබා ගත හැක.

ක්‍රමානුකූලව සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝනය නවත්වන්නේ නැතිනම්, ඉදිරි නොවැම්බරයේ පැවැත්වීමට නියම කර ඇති පොදු රාජ්‍ය සමුළුව (Common wealth Heads of Government Meeting -CHOGM) ලංකාවේ නොපැවැත්විය යුතු බව ඇම්නෙස්ටි සංවිධානය පවසයි. තාඩන පීඩන වලට ලක්වන්නන් අතර මාධ්‍යවේදීන්, විනිසුරුවන්, මානව හිමිකම් වේදීන් සහ විරුද්ධ පක්ෂයේ දේශපාලකයන් සිටින බවත්, එම තාඩන පීඩන සිදුවන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව බව ඇම්නෙස්ටි පවසයි.

පොදු රාජ්‍ය සමුළුව කොළඹදී පැවැත්වීමට නියමිත වන අතර ඉන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලාසනය ලංකාවට හිමිවීම, පවතින වාතාවරණය යටතේ නුසුදුසු බව ඇම්නෙස්ටි පවසයි. ඇම්නෙස්ටි සංවිධානයේ ආසියා-ශාන්තිකරයේ අධ්‍යක්ෂක පොලී ට්‍රස්කොට් (Polly Truscott ) මෙසේ පවසයි:

"ලංකාවේ දේශපාලන බලය ස්ථාපනය කිරීම සහ රජයට විරුද්ධ හඬ මැඩලීම එකට සිදුවේ."

"ඇත්තටම භීෂණ යුගයක් පවතින අතර, රජයට එරෙහිව හඬ නගන්නට තරම් එඩිතර වන්නන්ට බොහෝ විට විඳවීමට සිදුවේ."

"ක්‍රමවත් ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීම රජය විසින් නතර කරන්නේ නැතිනම් කොළඹදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය සමුළුව නතර කල යුතුයි. පුද්ගලයන්ට එරෙහිව තාඩන පීඩන ප්‍රහාර වහාම නවත්වා ඒ ගැන විධිමත් පරීක්ෂණ ආරම්භ කල යුතුයි."

රජයට එරහිව හඬ නගන්නන්ට එරහිව තාඩන පීඩන, පහරදීම් සහ ඇතැම් විට මරණයට පත් කිරීමද ඇති බව අදාළ වාර්තාවෙ සඳහන් වේ. වැඩි දුර කියවීම ඇම්නෙස්ටි වෙබ් අඩවියෙන්.


You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අසාද් සාලි අත්අඩංගුවට

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail අසාද් සාලි අත්අඩංගුවට
May 2nd 2013, 08:24


2013 මැයි 02  09:53 a.m
දෙමළ මුස්ලිම් සන්ධානයේ නායක අසාද් සාලි මහතා කොළොන්නාව පිහිටි ඔහුගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්ව විසින් සාලි මහතාගෙන් කටඋත්තරයක් ලබාගෙන තිබූ අතර ආණ්ඩුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන නිසා තමන් සැඟවී සිටින බව මීට පෙර මාධ්‍ය අමතමින්. (ලක්බිම පුවත් පත)

බොදුබල සේනාවේ හිමිවරුන්ට පමණක් අන්‍ය ජාතීන් විවේචනය කිරීමටත් ජාතිවාදී අදහස් ප්‍රකාශ් කිරීමටත් ලංකා රජය විසින් බලපත් නිකුත් කර තිබේ. එම බලපත් ලබා ඇති අනිත් සංවිධාන වන්නේ සිහල උරුමය, සිංහල රාවය සහ රාවනා සේනාව වේ. 

සිවුරු ඇඳගත් ඕනෑම කෙනකුට ඕනෑම විදියේ බෞද්ධ ආගම නොවන ඕනෑම ආගමකට විරුද්ධව කැරලි ගැසිය හැකිය. බොරු ප්‍රචාර කල හැකිය. පොලිසියට කුණුහරු පාවිච්චි කර බැන වැඩිය හැකිය. අන්‍ය දේවස්ථාන, ව්‍යාපාර ආයතන වැටලිය හැකිය. රජය විසින් පවත්වාගෙන් යන නීත්‍යානුකුල ස්ථාන වට්ලිය හැකිය.

නමුත් මෙයට විරුද්ධව කිසිම කෙනකුට කිසිවක් කතා කල නොහැකිය. එසේ කතාකලවිට ඔහු අන්තවාදිය, ත්‍රස්තවාදියා, රටේ සාමයට වින කරන පුද්ගලයාය. 

අහෝ ලංකාවට ගිය කල....................................

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Tuesday, April 30, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ආදරයේ උල්පත වූ අම්මා

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ආදරයේ උල්පත වූ අම්මා
Apr 30th 2013, 08:52

රක්‌ත වර්ණ රුධිර දහරාවෝ ශ්වේත වර්ණ ක්‌ෂීර දහරාවක්‌ බවට පත් වුණේ අප කෙරෙහි උනුන්ගේ හදවත් තුළ ඇති වුණා වූ සෙනෙහස හේතු කොට ගෙනමය. මේ මුළු විශ්වයම නිර්මාණය වී ඇත්තේද ඇගේ කිරිවල බල මහිමයෙන්මය. ඒ කිරි රසවත්ය. ඒ කිරි නැවුම්ය. එමතුද නොව ඒ කිරිවලින් වහනය වන්නේ ද නැවුම් වූ සුවඳක්‌මය. ඉදින්, කවර හෝ තැනැත්තෙකු ඒ කිරි සුවඳට පරිභව කිරීමට සැරසෙන්නේ නම්.........? නිසැකවම පැවසිය හැක. කුමක්‌ද ඒ ..........? ඒ අනෙකක්‌ නොව ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමය උපදින්නෙ........ " යන්නයි.


"වෙහෙරක්‌ වගේ පින් දුන් කෙනෙක්‌
දෙවොලක්‌ වගේ දුක්‌ ඇසූ කෙනෙක්‌
කුඹුරක්‌ වගේ බත් දුන් කෙනෙක්‌
වේ නම් ලොවේ........
නුඹයි අපෙ අම්මේ............."

කරුණාරත්න දිවුල්ගනේ නම්වන හෘද සංවේදී කලාකරුවාණන් විසින් අපූර්ව ලෙස ගයනු ලබන ඒ ගීයේ මිහිරියාව ඔබ මඳකට මුත් අත් විඳ තිබෙනවා ඇතැයි සිතමි. සැබැවින්ම, ඒ ගීය කොතරම් නම් හෘද සංවේදී වූ එකක්‌ද......? ඒ ගීතයේ ඇත්තාවූ මධුර මනෝහර හඬට ඔබ මොහොතකට මුත් සවන් යොමු කර බලන්න. සත්තකින්ම, ඒ ගීතය අප සවනත වැකෙද්දී අපේ අම්මලා පිළිබඳව අපූර්ව වූ සිත්තම් පෙළක්‌ අප දෙනෙත් ඉදිරිපිට මැවී මැවී පෙනෙනවා නොවේද? ඉදින් එසේනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඒ ගීතය වනාහී මවු ගුණයේ අසිරිය අපූර්ව ලෙස චිත්‍රණය කළ එකක්‌මැයි කීම කෙලෙසක නම් අතිශයෝක්‌තියක්‌ වේවිද......?

අම්මා යනු කවුරුන්ද...? සැබැවින්ම අම්මා යනු ආදරයේ උල්පතම නොවේද? ආදරයේ උල්පත වූ අම්මා යෑයි සඳහන් කරමින් ගීපද රචකයෝ ගීත ලියා ඇත්තේ යම් අර්ථයක්‌ සහ අරමුණක්‌ද පෙරදැරි කරගෙනමය. දසමසක්‌ අපිව කුස තුළ හොවාගෙන අම්මාවරු මොනතරම් නම් දුක්‌ වේදනා කන්දරාවක්‌ උසුලන්නට ඇත්ද? අම්මාවරු ඒ සා විසල් දුක්‌ වේදනා කන්දරාවක්‌ ඉසිලුවේ අපි වෙනුවෙන්මය. කොපමණ වේදනාකාරී වුවද කොපමණ කටුක වුවද ඒ සියලු වේදනාකාරී සහ කටුක අත්දැකීම් ගැන ඇබින්දකුදු මුවින් නොබැන ඉවසා වදාරාගෙන සිටියේද අපි වෙනුවෙන් නොවේද. අප ඇගේ කුස තුළ වැඩෙද්දී තරහා සහගත සිතුවිල්ලක්‌ සිතට පැන නැගුණහොත් එය ඉතා ආයාසයෙන් යට පත් කර ගැනීමට ඕ කටයුතු කළාය. ඇත්තෙන්ම ඇය එම වකවානුව තුළදී පය උස්‌සා හයියෙන් අඩියක්‌වත් නොතැබුවාය. එමතුද නොව දළදා මාලිගාවට ගොස්‌ මල් පහන් පූජාකොට ඉනුත් නොනැවතී පන්සලේ බෝ මැඬටද ගොස්‌ පිහිටාශිර්වාදය ලබා ගන්නට ඇත්තේ හෙට දින මෙලොව එළිය දකින්නට පෙරුම් පුරන්නාවු අපි ගැන සුබ සිහින දකිමින්ම විය නොහැකිද?

"ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා
ඒ හිරු එළියෙන් නැණමල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා......."

ගමට හිරු උදාවන්නේ බොහෝ වේලාවක්‌ ගතවීමෙන් ඉනික්‌බිතිය. එහෙත් ඒ හිරු මඬලට පෙරාතුව අම්මා නමැති හිරු මඬල අවදි වී මුළු නිවහනම ආලෝකවත් කරන්නීය. කුස්‌සියේ කටයුතුවලින්ම සිය දෛනික රාජකාරී අරඹන ඕ ස්‌වාමියා හා දරුවන් නිදියහන මතට වී සොඳුරු සිහින දකිමින් සිටියදීම ඔවුන් වෙනුවෙන් අහර පිසින්නට සැරසෙන්නීය. නිවසේ ආර්ථික කටයුතුවලට උරදෙමින් "කඩයප්පන්" තනන්නට සැරසෙන්නීය. කඩයප්පන් තනා ලැබෙන සොච්චම් මුදල වුවමනා කළමනාකරණය කොට නිවසේ අඩු ලුහුඬුකම් පිරිමසාලන්නට ඕ සමත් වන්නීය. ඉනුත් නොනවතින ඕ දූවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද අරමුදල් යොදවන්නීය. අම්මාගේ දැතේ සවියෙන් නැණ මල් පොඩි පිපෙන්නේ එලෙසිනි. ඉදින් එහෙව් අම්මාවරුන්ගේ දෙපා අපි උදේ හවස නමැද වැන්දද එහි ඇති වරදක්‌ නැතැයි කවුරු කවුරුත් එක හඬින්ම පවසනු නොඅනුමානය.

අතීතයේදී අම්මලා අපි වෙනුවෙන් දුක්‌ වේදනා ඉසිලුවේ යම් සේද වර්තමානය තුළදීද දරුවන් වෙනුවෙන් අම්මලා විඳින්නාවූ දුක්‌වේදනා කන්දරාව මෙතෙකැයි කියා කෙලෙසක නම් පමණ කරන්නද? කර බෙල්ල දිගු වන විට ඇතැම් දරුවෝ අම්මලා කියන දේවල් තඹ සතයකට මායිම් නොකර කටයුතු කළද අපේ අම්මලා නම් කවරදාකවත් දරුවන් කෙරෙහි අහිතකින් කටයුතු කරන්නේ නැත. ඔවුන් සෑම මොහොතකදීම දරුවන්ට යහපත පතති. ඔවුනගේ මතු දියුණුව පතති. දරුවෝ වෙනුවෙන්ම නැහුණු ආදරණීය අම්මාවරුන්ට ඉනික්‌බිති සිදුවන්නේ දරුවන්ගේ දරුවන් වෙනුවෙන්ද නහින්නටය. එහෙත් ඒවා කරදරයෑයි කියා බැහැරලන්නට අම්මාවරු සුදානම්ද, කොහෙත්ම නැත. සියල්ල උපේක්‍ෂාවෙන් විඳ දරා ගන්නා ඔවුහු තම මුණුපුරු මිණිපිරියන්ද රැක බලා ගනිමින් පිනක්‌ දහමක්‌ කිරීම සඳහා මිඩංගු කිරීමට ඇති ජීවිතයේ සැÄ සමයද දරුවන් වෙනුවෙන්ම කැප කරනු ලබන්නේය.

මඳකට සිතා බලනු මැන එවන් අම්මාවරු වනාහී ගෙදර බුදුන් යන වදනට සැබෑම අර්ථයක්‌ එක්‌ කරන්නෝ නොවේද? ඔව් එය නම් එසේමය. ඉදින් එසේ නම් ඒ අම්මාවරුන්ට කළ ගුණ සැලකීමට අපේ දරුවෝ පෙළ ගැසිය යුත්තේ කවරාකාරයෙන්ද? සාම කුමාරයාගේ කතාව කවුරු කවුරුත් දන්නවා ඇතැයි මම සිතමි. කුමක්‌ද සාම කුමරාගේ කතාව. එකල්හී දඹදිව සාම නම් කුමාරයෙක්‌ විසුවේය. මේ සාම කුමරාගේ දෙමවුපියන් අන්ධ අයවලුන්ය. මේ සාම කුමරා වූ කලී සතුන්ට කරුණාව දැක්‌වූ කුමාරයෙකි. කුමාරයාගේ යහළුවෝ වූයේද අන් කවුරුන් හෝ නොව වන සිවුපාවුන්මය. දිනක්‌ එනුවර රජු දඩයමේ යන අතරතුරේදී මුව පොව්වෙකුට හී පහරක්‌ එල්ල කළේය. එහෙත් එය සාම කුමාරයාට වැදුණු අතර එකෙණෙහිම ඔහු සිහි මුර්ජා විය. අනේ මගේ දෙමවුපියෝ ඔහුට කියවුණේ එපමණකි. රජු වහ වහා දිවැවිත් කරුණු විචාලීමට කටයුතු කළේය. එවිට සාම කුමරා දුන් පිළිතුරට අනුව ඔහුගේ දෙමාපියන් අන්ධ අයවලුන් බව සහ ඒ අන්ධ දෙමාපියන්ට සැලකීමට සිටින එකම කෙනා සාම කුමාරයා පමණක්‌ම බවත් තේරුම්ගත් රජු ඊතලය ඉවත්කොට ඔහු සුවපත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කළේය. සත්‍ය වශයෙන්ම, මවුපියන්ට සැලකීම වනාහී උතුම් ගුණාංගයක්‌ම බැව් කියන්නට ගෙන හැර පෑ හැකි හොඳම උදාහරණයකි ඉහතින් සඳහන් කළාවු සාම කුමරාගේ කථා වස්‌තුව.

හැරී බලමු මඳකට අපි වර්තමානය දෙසට. සැබැවින්ම බුදුන් ළඟට අපගේ දුක දන්නාවූ අපේ අම්මාවරු කෙරෙහි අපරිමිත දයාබරත්වයක්‌ තම හද තුළ දරාගෙන උනුන්ට උවටැන් කිරීමට පෙළ ගැසෙන්නට සාම කුමාරවරුද අද දවසේ නොසිටිතියි අපි කියන්නේ කෙලෙසකද? මම හො¹කාරයෙන්ම දන්නා එක්‌ කතාවක්‌ මෙහිලා සඳහම් කරමි.

(අදාළ මුලාශ්‍රවලින් නොවිමසා සැබෑ නම් ගම් සඳහන් කිරීම සදාචාරාත්මක නැතැයි හැඟෙන හෙයින් එසේ සිදු නොකරමි.) මේ අම්මා සහ පුතු අතර තිබුණේද පුදුමාකාර බැඳීමකි. ඒ පුතු පවුලේ බාලම පුතුය. වැඩිහිටි දරුවෝ සියලු දෙනාම ආවාහ විවාහ වී නිවසින් පිටමං වූවායින් අනතුරුව වයෝවෘද්ධ අම්මා සහ බාල පුතු පමණක්‌ නිවසේ තනිවිය. මේ පුතුටද පවුල් පන්සල් වී සෙස්‌සන් මෙන් තමන්ගේ පාඩුවේ වැඩක්‌ බලාගෙන සිටීමේ හැකියාව කොතෙක්‌ නම් තිබුණද?

ඔහු ඊට වඩා වෙනස්‌ මගක්‌ අනුගමනය කළේය. හෙතෙම තම මුල් දිවියම මෑණියන් උදෙසා කැප කළේය. කළ රැකියාවට පවා සමු දී නිවෙස වෙත පැමිණෙන්නට ඔහු අදහස්‌ කළේ අන් යමක්‌ නිසා නොව අම්මාව රැක බලා ගැනීම අන් සියල්ලටම වඩා වැදගත් බැව් ඒ පුතු තරයේම ඇදහු හෙයින්ම විය හැකිය.

ඔහු හැකි උපරිමයෙන්ම තම මවට සැලකුවේය. කිසිදු දෙයකින් අඩුවක්‌ පාඩුවක්‌ සිදුවන්නට ඉඩ නොතැබුවේය. සියල්ල අවසන මීට වසර එක හමාරකට පමණ ඉහතදී ඒ අම්මා මිය පරලොව ගියේය. දැන් අර පුතු තම නිවහනට වී හුදෙකලාවේ කාලය ගත කරයි. සැබැවින්ම ඔහුගේ ජීවිතයේ හොඳම කාලය මේ වන විට ගෙවී ගොස්‌ හමාරය. ඒ අනෙකක්‌ නිසා නොව අම්මාට සැලකීමේ අරමුණින්ම අන් සියලු දේ දෙවැනි තැන්හිලා සැලකීමට ඔහු කටයුතු කළ හෙයිනි. එහෙත්, ඒ පුතුට අහිමි වූ දේවල් ගැන තඹ සතයක තරම් හෝ දුකක්‌ නැත. මවට සැලකීමට ලැබුණු ඉඩහසරම දිවියේ සොඳුරුතම කාල පරිච්ඡේදයකැයි සිතා සතුටු සිතින් කාලය ගත කරන්නේය.

සැබෑ සෙනෙහසකින් යුක්‌තව අම්මාවරු රකින්නා වූ දරුවන් පිළිබඳ කතා එපරිදිය. එහෙත්, එවන් කතා අතර මෙහෙව් කුරිරු දරුවන් ගැනද අසන්නට සිදුව ඇත්තේ කවර අභාග්‍යයක්‌ නිසාදැයි යන්න සැබැවින්ම අපට නම් නොතේරේ. අප පවසන මේ මව නමින් පතිරණලාගේ මේරි මැටිල්ඩාය. ඕ පනස්‌ දෙහැවිරිදි (52) ය. ඕ අන්ධය. ඇයට 2011 වර්ෂයේ නොවැම්බර් මස එක්‌තරා සති අන්තයකදී යක්‌කල තිත්තලපිටිගොඩ ප්‍රදේශයේදී අතරමං වීමට සිදුවූවාය. අහෝ.....ෘ ඒ කවරක්‌ හේතු කොට ගෙනද?..... වත්තල එෙŒරමුල්ලේ සිට අප ඉහතින් සඳහන් කළ ප්‍රදේශයට පැමිණ අතරමංවූ ඇයට ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක්‌ එක්‌ව ආහාර පානාදියෙන්ද සංග්‍රහකොට තිබුණු අතර, ඇයට එබඳු ඉරණමකට මුහුණ පෑමට සිදු වූයේ ඇයි දැයි අපි නැවතත් විමසමූ. ඇයට ඒ ඉරණම අත් කර දුන්නේ අන් කවරෙකු හෝ නොව ඇගේම දියණියයි. පදිංචියට ගෙයක්‌ සොයාගෙන යන බවට මුසාවක්‌ පවසා තම අම්මාව රැගෙන ගොස්‌ මහ මග අතරමං කර පලාගිය එවන් දියණිවරුන්ට සැබැවින්ම අප ඉහතින් සඳහන් කළා වු සාම කුමාරවරු හමුවේ උරුම වන්නේ කවර නම් ස්‌ථානයක්‌ද..... එය ගැඹුරින් විමසා බැලිය යුතු පැනයකි.

ඇත්තෙන්ම, එවැන්නක්‌ කිරීමට තරම් ඒ දියණිය සැහැසි වන්නට ඇත්තේ කිම......? ඒ මව තමන් වෙනුවෙන් හරි හැටි යුතුකම් ඉටු නොකළ නිසාදැයි යන්න අපි නොදනිමු. නොඑසේ නම් ඒ අම්මාගේ අන්ධභාවය දියණියට නොරිස්‌සූ නිසාද යන්නද අපි නොදනිමු. ඒ කවරක්‌ වුවද ඇය සිදු කොට ඇත්තේ මිනිසත්කමට නම් කිසිසේත්ම තරම් නොවැන්නකැයි අපි එක හෙළාම කියමු. අනේ ඇත්තටම ඒ අම්මා මහ මග තනිකර දමා අර කුරිරු දියණිය පසු නොබලාම යන්නට ගිය සැටි. මේ කියෑවෙන්නේ අනෙකක්‌ නොව හෘද සාක්‍ෂියක්‌ නැති මිනිසුන්ගෙන් පිරි සමාජයක ෙ€දවාචකයම නොවේද? හෘද සාක්‌ෂියක්‌ කියා දෙයක්‌ මඳකට හෝ තිබුණා නම් අඩුම තරමින් තමන් කළ වරද ගැන පසුතැවිලි වන්නට හෝ ඕ කටයුතු කරනු නොඅනුමාන බැව් අපේ නම් විශ්වාසයයි.

අප දැන් කියන්නට යන කතාවද 2011 වර්ෂයේ නොවැම්බර් මස එක්‌තරා සති අන්තයකදී සිදු වූවකි. මහනුවර මීගම්මනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි බිසෝ මැණිකේ (72) නමැති කාන්තාවකට සිය පියවුරක තුවාලයක්‌ද සහිතව මහනුවර මහරෝහලට ඇතුළත් වීමට සිදු වුණි. ඒ ඇයි........? හේතුව අනෙකක්‌ නොව ඇගේම පුතු පදමට සූර්වී පැමිණ ඇගේ ගෙලෙන් අල්ලා මල් කපන පිහියකින් එක්‌ පියයුරක්‌ කපා බරපතළ ලෙස තුවාල සිදු කිරීම හේතු කොට ගෙනය. එලෙස තුවාල කිරීමට හේතුව වී ඇත්තේ අනෙකක්‌ නොව මව හා පුතු අතර කලක පටන් පැවැති ඉඩම් ආරවුලකි.

බිම් අඟලට, වැට මායිමට අඬදබර කර නොගන්නා මෙන් පුංචි සන්දියේ පටන්ම තම පුතුට ඉගැන්වූ ඒ මවට සියල්ල කෙළවර පුතු අතින්ම ඉඩම් ආරවුලක්‌ හේතු කොට ගෙන මෙබඳු ඉරණමකට මුහුණ පෑමට සිදුවීම කවර නම් අභාග්‍යයක්‌ ද........? සැබැවින්ම, එය කවර ෙ€දයක්‌ද යන්න පැවසීම මට නම් උගහටය. කෙසේ වතුදු අපි විමසන්නේ මෙපමණකි. අම්මා කෙනකු යනු නිකන්ම නිකන් ඇට, මස්‌, ලේ, නහර ගොඩක්‌ නොව මිල කළ නොහැකි මහා ගුණ සමුදායකින් හෙබි මානව දයාවේ අපූර්වතම ප්‍රතිමූර්තියකි. ඉදින්, එහෙව් අම්මා කෙනකුගෙන් පළිගනු තබා පළි ගැනීමට සිතීමත් මොනතරම් නම් පාපයක්‌ ද.....? දසමසක්‌ අපිව කුස තුළ හෙවාගෙන ඉසිලු වූ දුක්‌ වේදනා කන්දරාව වෙනුවෙන් හෝ අම්මාවරු අරභයා අපි ඉවසිය යුතුව තිබෙනවා නොවේද?

රක්‌ත වර්ණ රුධිර දහරාවෝ ශ්වේත වර්ණ ක්‌ෂීර දහරාවක්‌ බවට පත් වුණේ අප කෙරෙහි උනුන්ගේ හදවත් තුළ ඇති වුණා වූ සෙනෙහස හේතු කොට ගෙනමය. මේ මුළු විශ්වයම නිර්මාණය වී ඇත්තේද ඇගේ කිරිවල බල මහිමයෙන්මය. ඒ කිරි රසවත්ය. ඒ කිරි නැවුම්ය. එමතුද නොව ඒ කිරිවලින් වහනය වන්නේ ද නැවුම් වූ සුවඳක්‌මය. ඉදින්, කවර හෝ තැනැත්තෙකු ඒ කිරි සුවඳට පරිභව කිරීමට සැරසෙන්නේ නම්.........? නිසැකවම පැවසිය හැක. කුමක්‌ද ඒ ..........? ඒ අනෙකක්‌ නොව ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමය උපදින්නෙ........ " යන්නයි.
අමිල දොළපිහිල්ල

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions