Wednesday, November 14, 2012

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): අත හරින්න, වෙනස් වෙන්න!!!!!!!!!! ( හිජ්රත්)

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail අත හරින්න, වෙනස් වෙන්න!!!!!!!!!! ( හිජ්රත්)
Nov 15th 2012, 06:29

මිනිස් ජීවිතය අස්ථාවරය, කෙටි කාලීනය, කරදර කම්කොටුලුවලින් පිරී දුෂ්කර ගමනකි. මෙය මනුෂ්‍යයන් අතර පොදුවූ මතයකි. සමහරු වර්තමානයේ අප සමඟම සිටී, නමුත් ඔවුන් ජීවත් වන්නේ නැත. ඔවුන්ව කිසි කෙනෙකු නොදනී ඔවුන්ට ජීවිතයේ කිසිම අරමුණක් නැත. සමහරු අප සමග සිටීමත් කරුමයකි. "ඔවුන්ට හෘදයන් ඇත, නමුත් ඔවුන් එමගින් අවබෝධ කර නොගනිති.  ඔවුන්ට නෙත් ඇත නමුත් එමගින් ඔවුහු අවධායෙන් නොබලති. ඔවුන්ට සවන් ඇත නමුත් ඔවුන් එමගින් ශ්‍රවණය කර නොගනිති.ඔවුහු තිරිසන් මනි, නැත, ඔවුහු එයටත් වඩා පහත්ය." (ශු  අල් කුරානය 7:179) මිනිසා තම ජීවිතය වරදවා තේරුම් ගත්තා පමණක් නොව ඔහු ජීවිතය ශාපයක් කොට සලකයි. හේතුව ඔහු තුල ඇති අත්තොමතිකත්වය, නොහැකියාව, කම්මැලිකම, බියගුලුකම, ප්‍රතිවිරුද්ධ බව, ඉවසීම නැතිකම හෝ අඥණභාවය සඳහන් කල හැකිය. නමුත් ජීවිතය සුන්දර කිරීමටත්,  ජීවිතය ප්‍රයෝජනවත්ව ගත කිරීමටත් මනුෂ්‍ය ආත්මයක් ලැබූ අපට කලහැකිය. අපට පෙර ජීවත්වූ සමහර යහපත් මිනිසුන් තවමත් අප සමග කතා කරයි, සිනාවෙයි, අවවාද අනුසාශනා කරයි, කෙටියෙන් සඳහන් කරනවා නම් ඔවුන් අප සමග ජීවත් වෙයි. ජීවිතයේ අරමුණක් ඇති දුරදර්ශීව සිතන අයට මෙය පැහැදිලිව තේරුම් ගත හැකිය. "විශ්වාසවන්තයිනි, ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් අල්ලාහ්ගෙන් උදව් පතන්න. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටී." (ශු අල්කුර්ආනය 2: 153). මගේ මිත්‍රයෙක් කියූ කතාවක් මෙය තේරුම් ගැනීම සඳහා කෙටියෙන් පහත සඳහන් කරමි. ඔහු නමින් හුසෛන්ය. හුසෛන් අවු 5ක් පමණ විදේශයක රැකියාව කරමින් යමක් කමක් ඉතුරු කරමින් කාලය ගෙවීය. දිනක් ඔහුගේ මිත්‍රයෙක්වූ අසාද් ඔහුට අදහසක් ඉදිරිපත් කළේය. එනම් කොපමණ කලක් විදේශයන්වල සිට කාලය ගත කරන්නද, ඇයි අපිට ලංකාවේ යමක් කරලා දියුණු වෙන්න බැරි? මේක ඇසු හුසෛන් කල්පනා කරන්නට විය. මෙහි යම් සත්‍යයක් තිබෙන බව හුසෛන්ටද වැටහුණී. නැවත අසාද්ට දුරකතනයෙන් කතා කල හුසෛන් යමක් ලංකාවේ කරන්න පුළුවන් නම් දන්නවන ලෙසද ඔහුට‍ ඒ සඳහා මුල් මුදලක් සොයාගත හැකි බව ද පවසන ලදී. ටික කලකින් අසාද් යම් ව්‍යාපාරයක් පිළිබඳ දැනුම් දුන් අතර හුසෛන් ඊට එකඟව තම රැකියා ස්ථානයට අස්වීමේ ලිපිය බාර දුන්නේය. ප්‍රථමයෙන් රැකියා ස්ථානයේ එයට එකඟ නොවූ අතර හුසෛන් දැඩි ප්‍රතිපත්තිය මත ඔවුන් ඔහුට ලංකාවට යාමට ඉඩ දුන්හ. මෙය අරංචිවූ ඔහුගේ අනිත් සියලුම මිත්‍රයන් ඔහුට නැවත වාරයක් සිතා බැලීමට අවවාද දුන් නමුත් හුසෛන්ගේ දැඩි කැමැත්ත ලංකාවේ යමක් කිරීම වූ නිසා ඔහු සියල්ලන්ගේම අකමැත්ත මැද ලංකාවට පැමිණ අසාද් සමඟ ව්‍යාපාරයක් ආරම්භ කලා. මෙසේ මෙම ව්‍යාපාරය කරගෙන යන අතරතුර දිනක් ඔහුගේ ගනුදෙනු කරුවකු චෙක් පතක් පෙන්වා එය බැංකුවෙන් හරවා යැවු බවටත් ඒ සඳහා මුදල් ගෙවන ලෙසටත් හුසෛන්ට දැනුම් දෙනා ලදී.  මේ බව විමසීමට අසාද්ට දුරකතනයෙන් කතා කලවිට එය වීසන්දී කර ඇති බව හුසෛන් දැනගත්තේය. සතියක් ඇතුලත තවත් ගනුදෙනු කරුවන් කිහිප දෙනෙකුම බැංකුවෙන් හරවා යැවු චෙක් පත් ඉදිරිපත් කරන්නට විය. අසාද්ව විශ්වාස කර චෙක් පත් කිහිපයකට හුසෛන් අත්සන් කල බවට පසක්වුයේ එවිටය. අසාද් ආගිය අතක් නැත. සියලුම ගනු දෙනු කරුවන් වහාම මුදල් ගෙවන ලෙසත් නැත්නම් පොලිසිය යනබවත් තර්ජනයා කළහ.  කරකියාගත නොහැකි තැන හුසෛන් තමන්ගේ සියලුම දේ ගනුදෙනු කරුවන්ගේ චෙක්පත් සඳහා ගෙවීය. අවසානයට හුසෛන් නතර වුනේ හිස් අතිනි. තිබුණු හොඳ රැකියාවත් අහිමිකරගත් හුසෛන් අතේ තිබුණු සියලුම මුදල් ව්‍යාපාරයට යොදවා බංකොලත් විය. තම බිරිඳයි දරුවන් දෙදනයි සමඟ හුසෛන් තමන්ගේ මාමන්ඩිගේ නිවසේ වෙසෙන්නට විය. දවසින් දවස හුසෛන්ගේ තත්වය බරපතල විය. කා  සමගත් කතා නොකර පවුලේ අය සමග රණ්ඩු දඹර කරගෙන කිසිම දෙයක් නොකර ජීවිතය කලකිරී පිස්සෙක් මෙන් අවුරුදු දෙකක් පමණ ගෙවන්නට විය. ඔහුගේ හිස මත ඉසිලිය නොහැකි බරක් තිබෙන බව ඔහුට දැණුනී. ඔහු පැවසුවා අවසානයට මා හිජ්රත් කරන්න තීරණය කලා. සියල්ලම අත්හැර මගේ හිත සැහැල්ලු කර ගත්තා. ඒ පීඩාකාරී ජිවිතයෙන් සමු ගෙන අලුත් ජීවිතයකට යොමුවුණා. මෙය ඇසු මා විමතියට පත් වුනෙමි. හිජ්රත් යනු මුහම්මද් නබි තුමා (ඔහුට ක්ෂාන්තිය හා සමාදානය අත්වේවා) මක්කා නගරය අතහැර මදීනා නගරයට යෑම නොවේද? නමුත් හුසෛන් තමන්ගේ ප්‍රශ්ණ, කරදර හා මානසික ආතතියෙන් මිදීමට ඔහු හිජ්රත් කල බවට පවසනවා. මේ පිලිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමේදී ඔහු පැවසූ දේ සත්‍ය බව මට වැටහුණී. එනම් මුහම්මද් නබි තුමා (ඔහුට ක්ෂාන්තිය හා සමාදානය අත්වේවා) අවුරුදු 40ක් මක්කා නගරයේ කිසිම ප්‍රශ්නයක් නොමැතිව ජීවත් වූ අතර සත්‍ය ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමේදී එතුමාට නොයෙක් විද හිංසා පීඩනවලට මුහුණ පාන්නට සිදුවිය. එතුමාගේ අනුගාමිකයන්ට හා ඔවුන්ගේ පවුලේ අයටද කුරෛශී ගෝත්‍රිකයන්ගේ තාඩන පීඩනවලට ලක්වෙන්නට සිදුවිය. වසර 13 ක කාලයක් තිස්සේ මෙසේ දරුණු වදහිංසාවන්ට ගොදුරුවූ ඔවුන් අල්ලාහ්ගේ අණ අනුව තමන්ගේ දේපල යානවාහන නෑදෑයින් සියල්ලන්ව අත්හැර යහපත් වෙනසක් උදෙසා වෙනත් අලුත්ම ප්‍රදේශයකට නික්ම යෑම හිජ්රත් වේ. අධිෂ්ඨානය හා අරමුණ නොවෙනස් විය. සියල්ල අත්හැර දැමුවේ අලුත් වෙනසකටය. එය ප්‍රථමයෙන් ඉතා කටුක යයි බැලු බැල්මට තිබුනද එය ජයග්‍රාහී මාවතේ ආරම්භය විය. මෙසේ මක්කාවෙන් මදීනා නම් නගරයට යෑම ඉස්ලාමීය ඉතිහාසයේ ඉතා විශාල වෙනස්වීමකට තුඩුදුන් හේතුවක් විය. එනම් මදීනා වාසීන් මෙම අලුත් දහම එකසිතින් පිළිගත් අතර මක්කාවෙන් පැමිණි මුස්ලිම් වරුන්ට උදව් උපකාරද කළහ. මදීනාවේ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගුණි. අනේක විද හිංසා පිඩාවට ලක් කල මක්කාවසින්ව කිසිම යුද්ධයකින් තොරව කිසිම ලේ ගැලීමකින් තොරව ජයග්‍රහණය කිරීමට මුස්ලිම් වරුන්ට හැකිවිය. මේ හේතුව මත දෙවන කලීෆා හෙවත් දෙවන ඉස්ලාමීය අධිරාජ්‍යයා  මුහම්මද් නබිතුමාගේ (ඔහුට ක්ෂාන්තිය හා සමාදානය අත්වේවා) හිජ්රත් අවස්ථාව සිහිවීම උදෙසා ඉස්ලාමීය වසරට හිජ්රි වසර යන නාමය දුන්හ. මා මිත්‍ර හුසෛන් ද දැන් ඉතා දියුණු තත්වයක සිටින අතරම අන් අයද දැනුවත් කිරීමේ ආයතනයක් පිහිටුවාගෙන සමාජ සේවයක්ද කරයි.  ඒ පීඩාකාරී ජිවිතයෙන් සමුගෙන අලුත් මාවතක් නිර්භීතව තෝරාගත හැක්කේ??????? එනම් හිජ්රත් කල හැක්කේ අපෙන් කීයෙන් කීදෙනාටද ?????????????

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment