කට් පේස්ට් සහ කොපි පේස්ට්
(Cut Paste & Copy Paste)
" නුඹලා ඔවුන් (මුෂ්රීක් වරුන් ) දුටු තැන මරා දමනු "
"මුසල්මානුවන්ගේ ශුද්ධවූ කුරානය මුස්ලිම් නොවන්නන් දුටුතැන මරා දමන්න නියෝග කරයි" (අල්කුරණය 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය) මෙයට - කට් පේස්ට් සහ කොපි පේස්ට්

මෙම ලිපිය ලියන්නට මා අදහස් කලේ වර්තමානයේ විශාල පිරිසක් කිසිම අනුදැනුමකින් තොරව මුහුණු පොතේ හෝ වෙබ් අඩවිවල පලවන ඕනෑම දෙයක් එලෙසින්ම විශ්වාස කර එය පතුරුවා හැරීමට පටන්ගෙන් ඇති නිසාය. අද මෙය විලාසිතාවක් (Fashion) නැත්නම් ලැදිකමක් (Trend) බවට පත්වී අවසන්ය. මෙහි ඉතාම භයානක තත්වය වන්නේ සමහර ආගම්බේදවාදීන් මෙය අවස්ථාව කර ගෙන ඔවුන්ගේ සුපුරුදු සුදුව තව දුරටත් දෙගුණ තෙගුණ කර ඔවුන්ගේ පිලට මැටි ඔළුගෙඩි එකතු කරමින් සිටීමයි. මෙවැනි කට් පේස්ට් සහ කොපි පේස්ට් (Cut Paste & Copy Paste) කාරයන්ගේ ගොදුර බවට අද පත්ව ඇත්තේ මුස්ලිම් වරුන්ගේ මාර්ගෝපදේශකය වන ශුද්ධවූ අල්කුරානයයි. ශුද්ධවූ කුරානයේ සමහර වාක්‍යයන්වලින් කොටසක් කපා ගන්නා මොවුන් එය තමන්ගේ වෙබ් අඩවියේ හෝ මුහුණු පොතේ අලවා එයට තමන්ගේම වැරදි අදහස් එකතු කර ඉතා ශුක්ෂම ලෙස අල් කුරානය අභියෝගයට ලක් කරයි. මේවා දකින අපේ කාඩ්බෝඩ් වීරයන් ඒ ආකාරයෙන්ම එය අනුකරණය කර තමන්ගේ මුහුණු පොතේ අලවති. මෙහි ඉතාම සෝචනීය තත්වය වන්නේ සමහර විශ්වවිද්‍යාල සිසුන් පවා මෙය තමන්ගේ විනෝදාංශයක් හැටියට කරගෙනයාමයි.
.jpg)
එනම් ඉහත අල්කුරණයේ 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය දෙස අවදානය යොමු කරමු. මෙය යුධමය අවස්ථාවක පහලවූ පරිච්ඡේදයේ කොටසකි. රෝමානුවන්ට විරුද්ධව මුස්ලිම් හමුදාවක් සුදානම් පිටත් වූ අවස්ථාවකි. මෙයට තබුක් යුද්ධය යනුවෙන් කියනු ලැබේ. එනම් මුස්ලිම් හමුදාව තබුක් නැමැති ස්ථානයේ රෝම හමුදාව සමඟ යුධ කිරීමට සැරසුණු අවස්ථාවයි. මෙම පරිච්ඡේදය
"අත්තව්බා" යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙහි සිංහල පරිවර්ථනය පසුතැවිල්ල, පශ්චාත්තාපය යන්නවේ. එනම් යම් පුද්ගලයකු යම් පවක් කලවිට ඒ පිළිබඳව පසුතැවිලි වී එය නැවත නොකරන ලෙසට අල්ලාහ්ට දිවුරා පශ්චාත්තාපවීම මෙයින් කියවේ. මුස්ලිම් වරුන් අන්ත අසරණ තත්වයේ සිට ජයග්‍රාහී මාවත කරා ලඟා වූ අවදියයි මේ. මුළු අරාබිකරයම ඔවුන්ගේ අණසකට නතුවිය. යම් කෙනෙකු ජයග්‍රහණය කල අවස්ථාවක ඔහු තුල උඩඟු භාවය ඇතිවීම ස්වභාවිකය. සමහර විට ඔහු තමාව අධි තක්සේරු කරගනී. නීතියට ඉහලින් කටයුතු කිරීමට එය අවස්ථාවක් කර ගනී. එදා අරාබිකරය තම අධිපත්‍යයට යටවූ අවස්ථාවක මුස්ලිම් වරුන්ව නීති ගරුක හා නිහතමානී පුද්ගලයන් කිරීමට අල්ලාහ් මෙම පරිච්ඡේදය මගින් පුහුණුවක් ලබා දුන්නේය. අරාබිකරයේ ඉස්ලාමීය අධිරාජ්‍යයක් ගොඩනැගුණ මෙම කාලවකවානුවේ මුස්ලිම් වරුන් සමඟ ගිවිසුම් ඇතිකළ සමහර ගෝත්‍ර ඒ ගිවිසුමට පිටුපා, මුස්ලිම් වරුන්ගේ සතුරන්ට උදව් උපකාර කරන්නට වුහ. සමහරු ඉස්ලාමය වැළඳ ගත්තා සේ පෙන්වා සතුරු හමුදාවට මුස්ලිම් වරුන්ගේ රහස් හෙළිකරන්නට වුහ. මෙය මෙම කුතුහලයට ලක්වූ වාක්‍යයට පෙර වාක්‍යය එනම් 4 වැනි වාක්‍යයේ ඉතා පැහැදිලිව කියවේ.
"මුෂ්රීක් වරුන් (ආදේශ තබන්නන් )ගෙන් නුඹලා ගිවිසුම් ඇති කර ගත් පසුව ඔවුන් නුඹලාට (එය සුළුවෙන් වුවත්) කඩකර නොමැති හා නුඹලාට විරුද්ධව කිසිවකුටත් උපකාර කර නැති අය හැර. (ඔවුනට) නියමිත කාලය තෙක් ඔවුන්ගේ ගිවිසුම නුඹලා ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දැහැමි ජනයා ප්‍රිය කරයි." (අල්කුරාණයේ 9 පරිච්ඡේදය 4 වන වාක්‍යය). මෙහිදී අප කල්පනා කල යුතු වැදගත් දේ නම්, ගිවිසුම් කඩ කලඅය වුවත් ඔවුන්ටත් එක්තරා කාල වකවානුවක් ලබාදී ඔවුන්ව නැවත නිවැරදි මාර්ගයට යොමු කිරීමට අවස්ථාවක් සලසා දී සාධාරණය ඉටු කිරීම මෙම වාක්‍යයේ අරමුණයි. එම නිසා මොවුන්ට මාස පහක් ලබා දෙන ලදී. තවද මුස්ලිම්වරුන්ට දෙන උපදෙස නම්, මෙවැනි අවස්ථාවන් වලදී. ඔබ ගිවිසුම් කඩ කිරීම දැහැමි බවට පටහැනි නිසා ගිවිසුම් කඩ නොකර එවැනි ජනයා සමඟ ඔබ ඇති කරගෙන තිබෙන ගිවිසුම් පිළිපැදිය යුතුය යන්නය. අල්ලාහ් දැහැමි ජනයා පමණක් ප්‍රිය කරන නිසා සියලු අවස්ථාවන් යටතේ මුස්ලිම්වරු දැහැමිව සිට කටයුතු කල යුතුය.
ඉහත සඳහන් කුතුහලයට තුඩු දී ඇති අල්කුරණයේ 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය සම්පුර්ණයෙන්ම මෙසේය.
"(සටන් කිරීම) තහනම් මාස අවසන් වුවාට පසුව නුඹලා ඔවුන් (මුෂ්රීක් වරුන් ) දුටු තැන මරා දමනු. තවද ඔවුන් අත් අඩංගුවට ගනු. ඔවුන් වටලනු. තවද ඔවුන් සැඟවී සිටින සෑම තැනකින්ම ඔවුන් අසුකර ගැනීමට රැක සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලිවී සලාත් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවනවා නම් ඔවුනට ඔවුන්ගේ මාර්ගයහි ඉඩ හරිනු නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලී සහ අසමසම කරුණාන්විතය."
මෙසේ මුස්ලිම්වරුන් සමඟ ගිවිසුම් ඇති කර පිටුපා මුස්ලිම්වරුන්ට විරුද්ධව ඔවුන්ගේ සතුරන්ට උදව් කරන ආදේශ තබන්නන් පමණක් මෙම වාක්‍ය මගින් කියවෙන අතර මෙහි සඳහන් වන
"නමුත් ඔවුන් පසුතැවිලිවී සලාත් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවනවා නම් ඔවුනට ඔවුන්ගේ මාර්ගයහි ඉඩ හරිනු" යන්නට හේතුව උදෙක් ඔවුන් පසුතැවිලි වීම පමණක් ප්‍රමාණ වත් නොවන අතර එය ඔප්පු කිරීමට ඔවුන් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවිය යුතුය.
ඕනෑම යුදමය වාතාවරණයකදී තම සතුරාට විරුද්ධව හැකි සෑම දෙයක්ම කිරීම ලොව පිළිගන්නා ධර්මතාවයකි. නමුත් කාරුණික අල්ලාහ් දෙවියන් වහන්සේ හතුරාට ඔවුන්ගේ ක්‍රියාව වැරදි බව ඒත්තු කරදී ඔවුන්ට යහමඟ පැමිණීමට අවස්ථාවක් ද ලබාදේ. මෙයට පසුව එන 6 වැනි වාක්‍යය දෙස අවධානය යොමුකර බැලීමේදී තවත් වටිනා යුද්ධමය අවස්ථාවකදී ඉතා සුවිශේෂ මානුෂික ක්‍රියාමාර්ගයක් පිලිබඳ කියවෙයි.
"මුෂ්රීක් වරුන් (ආදේශ තබන්නන්)ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පතනවා නම් ඔහු අල්ලාහ්ගේ වචනයට සවන්දෙන තුරු ඔහුට ආරක්ෂාව සලසා දෙනු. ඉන්පසුව ඔහුගේ ආරක්ෂක ස්ථානය වෙත ඔහුව ගෙන යනු මන්ද යත්, ඔවුන් නියත වශයෙන්ම සත්‍ය නොදන්නා ජනයින් වන නිසාය." (අල්කුරණයේ 9 පරිච්ඡේදය 6 වන වාක්‍යය). සටනක සාමය අගයන අයෙක් සිටී නම් ඔවුන්ට සාමය ලබා දීම පමණක් නොව ඒ පිළිබඳව සහතිකයක් ලබාදී ඔවුන්ව ආරක්‍ෂිත ස්ථානයකට ගැන ගොස් ඉස්ලාමය කියාදිය යුතුය. ඉන්පසු ඔවුන් ඉස්ලාමය වැලඳ ගන්නේ නොමැති නම් ඔවුන්ව ආරක්‍ෂිතව ඔවුන්ගේ ස්ථානයකට රැගෙන යා යුතුය. ඉස්ලාමය හැර ලොව කිසිම ධර්මයක මෙවෙනි මානුෂික ක්‍රියාදාමයන් දැකිය නොහැක. මෙම කොපි පේස්ට් කාරයන් ගැන බැලීමේදී ඔවුන්ගෙන් බොහෝ දෙනකු මුහුණු පොත්වල තමන්ගේ රූපය වෙනුවට සිංහයකුගේ රූපයක් දමාගෙන ගොරවන මන්දබුද්ධිකයන් නැත්නම් මානසික රෝගයෙන් පෙළන අය ලෙස ඉතා පැහැදිලිය. නමුත් මේ කාඩ්බෝඩ් වීරයන් බියගුළු කමට සිංහයකුගේ රූපයක් දමාගෙන කරන්නේ බලු කෙඳිරියක් බව මෙය මධ්‍යස්තව හා බුද්ධිමය වශයෙන් බලන අයට පැහැදිලිව පෙනීයන කරුණකි. සිංහයා ලොව ඇති කම්මැලි සතා වන අතර සිංහයා යැපෙන්නේ තනිකරම උගේ ගැහැණු සතාගෙනි. ඌ ඉතාම භයානක මුර්ගයකි. මෙම සතකුගේ රූපයෙන් පෙනී සිටින මොවුනුත් තමන්ගේ බිරිඳ පරදේශක්කාරයන්ගේ රටවල්වලට මෙහෙකම් කිරීමට යවා සිංහ නාද දෙන අයවන අතරම සමහර අය තමන්ගේ අහිංසක දෙමව්පියන්ගේ මුදලින් ඔවුන්ගේ ඕනෑ එපාකම් කරගන්නා අයයි. සමහරු පිටරටවල් වල සිට ලාංකිකයන්ගේ අසරණ භාවයෙන් වීරයන් වෙන්න හදන කොටසකි. මෙහිදී මා විසින් අන්‍ය ආගමිකයින්ගේ හැඟීම් වලට පහරදීමක් කිසිසේත් නොකරන අතරම උදෙක් ලාකික ජනතාවගේ අවබෝධය අවදි කිරීම සඳහාම සඳහන් කර ඇත්තෙමි. සමහර අවස්ථාවාදීන් මෙය ප්‍රයෝජනයට ගෙන රටතුල ලොකු විනාශයක් ඇතිකිරීමට මානබලමින් සිටී. දැනටමත් දමිල ත්‍රස්තවාදීන්ගේ බලල් අතක් එක්සත්ජාතීන්ගේ මානවහිමිකම් කමිටුවට අප රටගෙන බොරුචෝදනා එල්ලකර එය බටහිර රටවල්වල අනුසාරයෙන් උප්පුකිරීමට පිඹුරු පත් සකස්කරමින් සිටින මෙවන් අවස්ථාවක මෙවැනි කට් පේස්ට් සහ කොපි පේස්ට් අඥාණයන්ට අසුනොවී බුද්ධිමත්ව ක්‍රියා කරන ලෙස බුද්ධිමත් පාඨකයන්ගෙන් හා මුහුණු පොතේ මිත්‍රයන්ගෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම මේවා බලන මුස්ලිම් සහෝදර සහෝදරියන් දැහැමිව හා ඥාණාන්විතව ක්‍රියාකළ යුතුය. අන්‍ය ආගම් වලට හෝ ඔවුන්ගේ දේවත්වයට පාත්‍රවූ චරිත අපහස නොකළ යුතය. අවසන් වරට මුස්ලිම් සහෝදර සහෝදරියන් වෙනුවෙන් අල්කුරානයේ පාඨයක් මතක් කර දීමට කැමැත්තෙමි. එනම්
"දීන්හි (අල්ලාහ් විසින් පහළ කරන ලද ජීවන මාර්ගය වන ඉස්ලාම්හි) බල කිරීමක් නොමැත. වැරදි මාර්ගයේ (අවිශ්වාස භාවයේ) සිට නිවැරදි මාර්ගය (විශ්වාස භාවය) පැහැදිලිය. එබැවින් තාඝුත්ව (සාතාන්ව) ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ගැන විශ්වාස කරන කවරකු හෝ වේවා ඔහු (කිසිම කලක) නොසැලන, මිට මොලවා ගත්තේ වෙයි. එය නොබිඳුණු ඇත. අල්ලාහ් සර්වඥය, සර්වඥානීය."
(අල්කුරණයේ 2 පරිච්ඡේදය 256 වන වාක්‍යය).
No comments:
Post a Comment