Wednesday, May 29, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka):

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail
May 29th 2013, 11:38



ඩිලන්ත විතානගේ මහතාට අනුව – 2012මැයි 07 දින ආරම්හ කරන ලද බොදු බල සේනා සංවිදානයේ සම්බන්දීකාරක මෙන්ම එකම ගිහි විදායක කමිටු සාමාජිකයා ද ඔහුය. අපිට මෙම සංවිදානයේ පලමු වසර සැමරීමට තවත් මසක පමන කලයක් ඉතිරිව ඇති මොහොතක ලංකාව තුල සිදුවන බොහෝ දේ සම්බන්දව බොදු බලසෙනා සම්බන්ද ව ලොව තුල ඉහලම තැනකට බොදු බල සේනා පත්ව තිබේ.

ඩිලන්ත විතනගේ මහතා ඇතුලු බොදු හිමිවරු අතලොස්සක් මෙම සංවිදානය පසුපස සිටින අතර , ඔවුන් මෙය පිහිටුවා ගනු ලැබුවේ කෙසේද?

බොදු බල සේනා නායක පූජ්‍ය කිරම විමල ජොති හිමි, බොදු බලසේනා ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමි සහ අනෙකුත් විධායක කමිටු සාමාජිකයන් වන්නේ පුජය.හපුතලේ පංඥාසාර හිමි ,,පූජ්‍ය විතරන්දෙනියේ නන්ද හිමි සහ ගිහි සාමාජික ඩිලන්ත විතානගේ මහතා බොදු බල සේනාවේ ප්‍රධනින් ද වෙයි , ආණ්ඩුවේ සමහර නායකයන් පවා මොවුන් ගැන කතා කිරීමට පවා තැති ගනි .

බොදු බල සේනා සංවිධනය පිහිටු වීමට පෙර මෙම හිමි වරුන් ගෙන් බහුතරය ක් සහ ඩිලන්ත විතනගේ මහතා නෝර්වෙ බලා ගොස් ඇත.

මෙම සංචාරය වර්ල්ඩ් විවු ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් Arne Fjortoft මහතා සහ ඩිලන්ත විතානගේ මහතා විසින් සංවිදානය කොට ඇත.

ශ්‍රි ලංකාවේ නෝර්වීගියනු තානාපති තුමිය වන Ms. Grete Løchen, මහත්මිය ට අනුව ,' 2011 අප්‍රෙල් මස දිනයක පූජ්‍ය ගලගොඩත්තෙ ඥාණසාර හිමියන් නෝර්වේ දෙමල ඩයස්පොරා නියොජිතයන් හමුවීමට අවස්තාව සලස් වා ගැනීමේ හැකියාව පිලිබදව ව්ර්ල්ඩ් වීවු ජත්‍යන්තර අරමුදල Worldview International Foundation සමග සාකච්ච කොට ඇත. මෙම හමුවෙ අරමුන ලෙඅස ඔවුන් දක්වන්නෙ , ශ්‍රි ලංකාව තුල පවතින වාර්ගික හා දෙශපලණික අභියොග වලට විසදුම් සෙවීමේ ක්‍රියාමාර්ග හා හැකියාවන් පිලිබදව පොදු ගිවිසුමක් ඇතිකර ගැනීමයි.

අවසන් සැලෙඅස්මේ ප්‍රතිඑලයක් ලෙස , ඔක්තෝම්බර් 20-26 කාලයතුලදි සමගි සන්ධානය ඇතිකිරීමේ සමුලුවක් නෝර්වේ රටේ දී NOREF සංවිදානයෙ හවුල් කාරීත්වයෙන් පැවැත්වීමට තීරනය විය.

තවදුරටත් ඇය සදහන් කරසිටියේ , " මෙම වියපෘතියේ නොර්වේ දායකත්වය වන්නේ වරක් පමනක් කරන ගෙවීමක් පමණි"

එමනිසා තානාපති තුමිය ගේ ප්‍රකාශයට අනුව මෙම සංචාරයේ වියදම නොර්වේ විසින් දරනලද අතර මෙම හිමිවරු 2011 – ඔක්තෝම්බර් – 20/ 26 කාලයතුල නොර්වේ සංචාරය කරන ලදී .

මෙම සංචරයෙන් කෙටිකලකට පසුව හිමිවරු බහුතරය හා ඩිලන්ත විතානගේ මහතා ගේ සැලසුම් හා සංවිදානයෙන් 2012 මැයි මස 07 දින බොදු බල සේනා සංවිදානය කල එලි දක් වන ලදී .

සත්‍ය වශයෙන් ම , නෝර්වේ කුමක් සිදු වුනිද කාට නම් අනුමාන කලහැකිද , නමුත් ඔවුන්ගේ සංචාරය අවසන බොදු බල සේනා නම් සංවිදානය බිහිවිය.

නොර්වේ කොටි හිතවාදී බව හා ඔවුන් ගේ සාම ක්‍රියාවලියට බරපතල ලෙස විරුද්ද මේ අය තමතමුන් ගැන තිබුනු ආකල්ප වෙනස් කොටගෙනද , බරපතල ලෙස මතුවන සැකයනම් මෙය ලංකාවේ නයකයන් දිනා ගැනීමේ නෝර්වේ බලල් අතක්ද? මට නොතේරෙන දෙයනම් එයයි.

පහතින් දක්වා ඇත්තේ ඩිලන්ත විතානගේ මහතා සමග Asian Tribune කරන ලද සාක්ච්චාවයි.

———————–

Asian Tribune- ඔබට කිසියම් හදිස්සි කරනාවක් පැහැදිලි කිරීමට තියෙනවාද ?

ඩිලන්ත - මා කාර්‍ය බහුල නමුත් ,,ඔබට මා හා කතාකල හැකීයි .

Asian Tribune - ඔබ සංවිදානය විසින් 2 වනි දා ස්විලන්ත වෙලාවෙන් මද්‍යම රත්‍රි ඔබ සංවිදානය විසින් නිකුත් කරනලද මාද්‍ය නිවේදනය සම්බන්ධව පැහැදිලි කිරීමක්

ඩිලන්ත - විනාඩි කීපයකට කලින් මම ඔබතුමාට sms මාර්ගයෙන් එය ලබා දී ඇති .

Asian Tribune .- එම ඊ මෙල් එක ලැබුනා ඔබලාගේ ලෙටර් හෙඩ් එකක.

ඩිලන්ත – අපි කිසිම කෙනෙකුට මාධ්‍ය නිවේදන ලබාදී නැහැ. අදහස් කරන මාද්‍ය නිවෙදනයෙ මුස්ලිම් කාන්තාවන් ගේ පර්දා ඇදුම ගැනත් සදහන් වෙනව කියලා මට දැන ගන්න ලැබුනා. අපිට මෙම ඇදුම ගැන කිසිම ගැටලුවක් නෑ. අපි අප්‍රේල් 01 කිසිදුම හමුවීමක් සන්විදානය කොට නැ. මම මෙය දෙශිය මාද්‍ය හා ඔබට sms මගින් පැහැදිලි කර ඇති.

Asian Tribune - කනගාටුයි , ඔබගේ sms මට ලැබී naethaනැත. කරුනාකර නැවත මට එය එවන්න

ඩිලන්ත - අපි වටා බොහෝදේ සිදු වෙමින් පවතිනවා ඔබ ඒ ගැන අවදියෙන් සිටින්න . පසුගිය සතියෙ එක්තරා මුස්ලිම් පල්ලියකට ඉන් ඉවත් වන ලෙස කිසියම් පිරිසක් දැනුම් දී තිබුනා . රූපවහිනී නාලිකාවක මිතුරකු මගෙන් මෙය විමසාසිටියා . අපි අපෙ මතය මෙගැන පැහැදිලි කරලා පොලිසිය දැනුවත් කලා . පොලීසියෙන් අපි ඉල්ලාසිටිය පරීක්ශණයක් කර මෙවැනි දේකරන අය අතඩන්ගුවට ගන්නා ලෙස

Asian Tribune – මමත් එම පනිවුඩය පොලිස් පති තුමාට යොමුකලා , පරීක්ශණයක් කරන ලෙස ඉල්ලා

ඩිලන්ත - ඒක හොදයි , අපි මේ වැරදි කරුවන් සොයා ගෙන ඔවුන් හදුනා ගත යුතුයි .

Asian Tribune – තව එක දෙයක් Arne Fjortoft මහතා ගැන ඔබගෙන් අහන්න ඕනි . කොලබ නෝර්වේ තානාපති කාර්‍යලය හරහ ඔබට අරමුදල් ලැබෙනවාද සහ නෝවීජියනු තානාපති Grete Løchen මහත්මිය සහ Arne Fjortoft මහතා ඔබලාගේ තුම්මුල්ල හංදියේ පිහිටි බොදුබල සේනා කර්‍යලයට පැමිනි කරනය , සහ හිමි වරු 5නමකගේ නොර්වේ සංචාරය පිලිබදව . මෙම කාරනා අසාත්සාලි මහත max රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මතු කලද ඔබ ඊට නිසි පිලිතුරු ලබා දුන්නේ නැ යන්න මගේ මතකයයි .

ඩිලන්ත - මම ම්තු වු කාරනා වලට පිලිතුරු දුන්නා

Asian Tribune – මොකක්ද ඔබ කිවුවේ. ? කවුද මේ නෝර්වේ වල සංචාරය කල හිමි වරු ?

ඩිලන්ත - මට එය කියන්න පුලුවන් . එය සිදු වුනේ 2010 මට මතක හැටියට …..

Asian Tribune…..- නැ … නැ එය 2011 ඔක්තොම්බර් මස සිදු වුනේ .

ඩිලන්ත - මට මගේ පාස්පෝට් එක බලන්න ඔනි , මට මතක් නැ . 2011 ඔක්තිම්බර් වෙන්න ඇති නමුත් 2012 නෙවෙයි . මට ස්තිරවම මතකයි නෝර්වේ සන්චාරයෙ න් පස්සේ 2012 මැයි 07 තමයි අපි බොදු බල සේනා සංවිදානය ආරම්බ කලේ .

Asian Tribune – ඔබත් එම නියෝජිත කන්ඩායමේ සාමාජිකයකු ලෙස නොර්වේ බලා ගියා නෙද ?

ඩිලන්ත - ඔවු , මට පුලුවන් නොර්වේ ගිය නියෝජිත පිරිසේ නම් ලබා දෙන්න . ඔවුන් නම්

1 ගලගඩත්තේ ඥාණසාර

2 විතරන්දෙනියේ නන්ද

3 අලුත්වැව ආනන්ද

4 දාපනේ සුමනවන්ස

5 වැලිමඩ ශාන්ත යන හිමිවරු සහ පූජිත විජෙසිංහ , මාර්ක් ඇන්ටනි පෙරේර යන මහත් වරු .

මෙඅය බොදු බල සේනා නොවෙයි , ඔවුන් විවිද සංවිදානවලට අයත් අය . බොදු බල සේනා සංවිදානය එවකට පිහිටුවා නෑ .

Asian Tribune- ඔබත් එක්ක මේ අට දෙනා තමයි නෝර්වේ සංචාරයට සහබාගී වුනේ . මොනවද ඔබලා නෝර්වේ වල දී කලේ ?

ඩිලන්ත - අපි නෝර්වේ ගියෙ ජාත්‍යන්තර සංවිදානයක අරාදනයෙන් . ඒක නොර්වේ සංවිදනයක් මට නම මතක නැ . අපි එහිදී දෙමල මිතුරන් මුනගැසුණා ..අපි ඔවුන් සමග සාකච්ජා කලා , මේ අය දෙමල ඩ්‍යස්පොරව ට සම්බන්දයි කියල දැන සිටියෙ නැ. අපි හහුවුනු සමහර දෙමල අය ltte අදාරකරුවන් බව දැන ගත්තා. හිටපු නොර්වේ ඇමති එරික් සෝල්හයිම් මහතා සමග හමු වක් පැවතුන .සමාජ සේවා සංවිදාන කීපයක් කටයුතු බලන්න ගියා . නොර්වේ පාර්ලිමේන්තුව නැරබුවා. දෙමල මිතුරන් කීපදෙනෙකුගේ නිවාස වලට ගියා .

Asian Tribune.- Arne Fjortoft මහතා ඔබ සමග මේ සංචාරයට එක් උනාද ?

ඩිලන්ත - ගමනට එක් නූනත් , ඔහු අපිට නොර්වේ වලදි හමූවුනා .

Asian Tribune – නෝර්වේ සංචාරයකට ඔබලට ආරාදනා කිරීමට හේතුවක් තිබුනද ?

ඩිලන - අන්ත ගමි සංවිදාන extreme groups 2ක් සමග සංවදයක් ඇතිකර ගැනීමට .

Asian Tribune. – අන්තගාමි සංවිදාන යනුවෙ න් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?

ඩිලන්ත - දෙමල ඩයස්පොරව හා අපි අතර අවබොදයක් නිර්මානය ගැනීමට ..උදාහරනයක් ලෙස ඥානසාර හාමුදුරුවෝ ප්‍රබල සිංහල සංවිදානයක් නියෝජනය කලා . මීටපෙර අප දෙපිරිසගේ ගැටලු පිලිබදව මෙවැනි අවබොදාත්මක් සාකච්චා නිර්මනය වීතිබුනේ නැ . ඉඩම් ගැටලුව , අධි ආරක්ශක කලාප හා විවිද ගැටලු ගැන කතා කලා .

Asian Tribune – ඔබ කන්ඩායම රජය නියොජනය කලාද ? මේම හිමිවරු ඔවුන්ගේ සංවිදාන නියොජනයකලාද තනි පුද්ගලයන් ලෙඅස ඔවුන්ගේ මතය නියොජනය කලාද ?

ඩිලන්ත - මමත් පුජිත විජෙසිංහ මහතාත් භාශා පරිවර්තකයන් ලෙස තමයි සහබාගි උනේ . නමුත් හිමිවරු

එකම හෝ විවිද සංවිදනවලට අයත් අයතමයි මේම සංචාරයට අපි තෝරා ගත්තේ .

Asian Tribune – කවුද මේ නොර්වේ සංචරය සැලසුම් කලේ ?

ඩිලන්ත - මම සංවිදනය කලේ . මම සංවිදානයකලේ Arne Fjortoft මහතාත් සමග .

Asian Tribune – නොර්වේ තනාපති කාර්‍යාලය මේ ගමනට මුදල් ලබාදුන් නාද ?

ඩිලන්ත - නැ , මම හිතන්නේ නැ මේ ගමනට මුලු මුදලම නොර්වේ තානපති කාර්‍යලය සැපයුවකියලා .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා සදහන්කරලා තිබුනා මේ ගමනට නොර්වේ තනාපති තුමත් නොර්වේ තානාපති කාර්‍යලය මුදල් සැපයු බව , මා කියනව ඔබලා මේ ගමනට අමාත්‍ය රජිත සේනරත්න මහතා ගේ අනුමැතිය ගත් බවට ?

ඩිලන්ත - එතුමත් සමග ගනුදෙනුවක් තිබුනේ නැ . මම ඔහු හමුවුණේ නැ . මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා කියසිටියා ඔහු මේගමනට රජයේ බලදාරීන් ගෙන්න් අවසර ගත බවට , රජ්ත සේනාරත්න මහතා මාසමග සදහන්කලා Arne Fjortoft මහතා මේ ගමන ගැන ඔහුව දැනුවත් කලබව .

.ඩිලන්ත - කොහේ හරි යන්න අපිට කාගේ වත් අවසර මොනාටද ? මට ලාංකිකයකු ලෙස ලොව ඔනැම තැනකට ගිය හැකියි . අපි එහේ ගියෙ කුමකටද කියා අපි දන්නවා . අපිට සාකජ්ච කීපයක් තිබුනා , අපි ස්වීඩන් , ඊට පස්සේ පැරිස් ආය ආපසු කොලබට

Asian Tribune – ඔබ නෝර්වේ දින කීයක් හිටියද ?

ඩිලන්ත - හරියටම මතක නැ . දින 07 ක් නෝර්වේ වල . 1ක් දිනක් ස්වීඩන්වල .

Asian . – ඔබට ස්වීඩන් වල දි ඔබට මුනගැහුනේ කවුද ?

ඩිලන්ත - ස්වීඩනයේ අපි දෙමල ඩයස්පොරාව හමුවුනා , සිවිල් සමාජ නියෝජිත්‍යන් , සහ සංස්කෘතික උත්සව කීපයකට සහබාගී වුණා .

Asian Tribune – කහෙද ?

ඩිල්න්ත - හරියටම මට කියන්න බැ . නමුත් එය නොර්වේ දේශසීමාව ලග නගරයක් . සංගීත ප්‍රසන්ගයක් හා බණ දේශනයකුත් තිබුනා .

Asian Tribune – ඔබ ස්වීඩනයේ පන්සල් වැද පුදා ගත්තාද ?

ඩිලන්ත - අපිට ඒ සදහා කාලය ප්‍රමනවත් වුනේ නෑ .

Asian Tribune.- ඔබ ස්වීඩනයේ ලංකා තනාපති කාර්‍යලයට ගියා ද .

ඩිලන්ත - නැ . අපිට හැකි වුනේ නෑ එහේ යන්න .

Asian Tribune – නෝර්වේ තනාපති කාර්‍යාලයට වත් ඔබල ගියද ?

ඩිලන්ත - නැ .. නැ .. අපි ඔස්ලෝ වලට ලගා වු විගසම අපිව ඔස්ලෝවලින් පිට තැනකට රැගෙන ගියා . අවසන් දවසෙත් අපි ඔස්ලෝ වලින් ඉක්මනින්ම පැරිස් බලා පිටත්වුණා .

Asian Tribune- අවසන් දවසේ ඔබලා එරික් සෝල් හයිම් මහතා හමු වුණාද ?

ඩිලන්ත - ඔවු , එම හමුව අවසන් දවසේ තමයි තිබුනේ.

Asian Tribune- පැරීසියේ දී ඔබලා මොනවද සිදු කල ක්‍රියාකාරකම්.

ඩිලන්ත - හමුවීම් කිපයක් හා පන්සලකට අපි ගියා .

Asian Tribu – නෝර්වේ තානාපති තුමිය Ms. Grete Løchen මහත්මිය සමග කල හමුවීම ගැන කතාකලොත් .

ඩිලන්ත - Arne Fjortoft මහතා මාහට දුරකතනයෙන් කතා කොට Gulf News හා Asian Tribune යන වෙබ් අඩ්විවල බොදු බල සේනා සංවිදානය ත්‍රස්තවාදී සංවිදානයක් ලෙස දක් වමින් ලිපි පලවී ඇතිබව දන්වා සිටියා , තවත අපට නෝර්වේ හා ඇමරිකන් තනපති කාර්‍යල වලින් දුරකතන මගින් මේ ගැන විමසා සිට්‍යා .

Arne Fjortoft මහතා දන්වාසිටියා නොර්වේ තනාපතිතුමියට ත්වත් තොරතුරු අවශ්‍යබව , ඉන්පසු අපි ඔවුන්ට ආරාදනය කලා අපගේ කාර්‍යාලයට පැමිනෙන ලෙස වැඩිදුර තොරතුරු ලබා ගැනීමට . මෙලෙසම අපි ඇමරිකන් තානාපති කාර්‍යාලයටද ආරාදනා කලා . Arne Fjortoft .මහාතාට අපි කියාසිටිය බොදුබල සේනා සංවිදානය ඉතාකුඩා එකක් බවත් එහි අරමුන බුදු දහම හා බොදු සංකල්ප වර්දනයකිරීම බව සහ තානාපතිතුමියට ආරාදනා කිරීමත් සිදු විය . එසේ තානාපතිතුමිය අප කර්‍යාලයට පැමිනියහොත් ,,අපි අපේ සංකල්ප ,,අරමුනු ඉතා හොදින් අපට පැහැදිලිකිරීමට හැකිබව ඔහුට දන්වා සිටියා .

පසුව නොර්වේ තානාපතිතුමිය තවත් මහමියක් සමග අප ගේ මූලස්තානයට පැමිනියා . ඇය බුදු දහම ගැන විශේශ කැමැතක් ද පලකරසිටියා . හමුව තුලදි ඇය අසා සිටිය මෙවැනි දහමක් ප්‍රචන්ඩත්වය කරා ගෙනයන්නේ ඇයි කියා .

අපි ඇයට පැහැදිලිවම කියා සිටියා අපි ප්‍රචන්ඩක්‍රියා වල නෙයෙදෙන බව .

තවදුරටත් ඇය කියා සිටියා , මුස්ලිම් නයකයන් හා මුස්ලිම් සන්විදාන ලිපි , දුරකතන ඇමතුම් මගින් ඇය ට කියා සිටියලු බොදු බල සේනා සංවිදානය මුස්ලිම් වරුනට පුරාම කරදර කරනබව . ඇයි එහෙම කරනේ කිය ඇය අසසිටියා ?

අපි ඇයට පැහැදිලි කරසිටියා , බොදු බල සේනාව එවැනි ක්‍රියාවල නොයේදෙන බව . තිස්වසරක ජාතීන් අතර ගැටලුවකට මුහුනදුන් රටක් නිසා බොහෝ පරිස්සමෙන් කටයුතුකරන ලෙස හා මුස්ලිම් විරෝදී ක්‍රියා මාර්ග වල නොයෙදෙන ලෙසට ඇය අපගෙඅන් ඉල්ලාසිටියා. අපි ඇයට පහදා සිටියා මුස්ලිම් නායකයන් හා සංවිදාන ඇයව නොමගයවා ඇතිබව . වැඩි දුරට අපි පවසා සිටියෙ මුස්ල්ම් ව්රෝදයක් අප තුල නොමැති බවත් බුදු දහමට පටහැනි හලාල් ආහාර වර්ජනය කරන බවත්‍ය

මෙම හමුව අතරතුර සමහර අවස්තා වලදි තානාප්තිතුමිය අපගේ කරුනු පැහැදිලි කිරීම් හමුවේ නොසතුටින් සිටින බව අපට දැනුනි . . නමුත් අවසන ඇය පිටවීමට මොහොතකට පෙර ජමිතුල් උලමා සංවිදානයෙ නියොජිතයන් අප කාර්‍යාලයට පැමිනි අතර ඔවුන්ටද තානාපතිතුමිය හමුවීමට හැකිවිය . මෙය හොර රහසේ කරනලද හමුවක් නොවේ එය සියලු දෙනාම තේරුම් ගත යුතුයි . බොදු බල සේනා කාර්‍යාලය පැය 24 ම ඔනෑම කෙනෙකුට එන්න යන්න පුලුවන් තැනක්.

Asian Tribune ; තානාපති කෙනෙක් ආගමික සංවිදානයක් කාර්‍යලයට පැමිනීම

ඩිලන්ත - නැ .. එහෙම නෑ . ඇමරිකන් තානපතිතුමන් වෙනුවෙන් එම කාර්‍යාලිය දේශපාලන නිලදාරී මහතකු පසුදා අප කාර්‍යාලයට පැමිනියා .

Asian Tribune – ඔහු ගේ නම කුමක්ද ?

ඩිලන්ත - මට ඔහුගේ නම මතක නෑ. ඔහු ඇමරිකන් තානාපති කාර්‍යාලීය නිලදාරියෙක් . ඔහු අප හමුවීමෙන් පසු බොදු බලසේනා සන්විදානය ගැන බොහෝ දේ දැන ගත්තා .

Asian Tribune – මේ හමුවීම් වලදී ඔබ පාර්ශවය නියොජනය කලේ කවුද ?

ඩිලන්ත - කිරම විමල ජොති හාමුදුරුවො , ගලගොඩත්තේ ඥාණසාර හාමුදුරුවෝ සමග මම . ඔහුද පැමින අර ප්‍රශ්ණ ටිකම වගේ යොමුකලා,,අපි ඒවට පිලිතුරු දුන්නා .

Asian Tribune – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අප ලද චන්ද 13න් 7ක්ම මුස්ලිම් රටවල ඒවා . බවුද්ද රටක්වන තායිලන්තය පමනයි අපත් සමග හිටියේ තත්වය එසේ තිබියදීත් ඔබ සංවිදානය මුස්ලිම් කාන්තාවන්ගේ පර්දාව ගැන තර්ජනයක් එල්ල කරනවා නේද ?

ඩිලන්ත - අපි එහෙමකරන්නෙ නෑ . එය සම්පූර්නයෙන්ම වැරදියි . අප මුස්ලිම් අයත් සමග බොහෝ දේ කතා කරනවා . අපි ඔවුන්ව දැනුවත් කලා ඔවුන්ගේ විශ්වාස හා ඇදුම සම්බන්දව අපිට ගැටලුවක් නැතිබව , ඔවුන් අපිව විශ්වාස කලා . සමහර දේශපාලණ කන්ඩායම් මේ වගේ විහිලු කරල අපිට ගැටලු නිර්මනය කරන්න හදනවා .

Asian Tribune – ඔබගේ බැරකිරීම් අපි පිලිගන්නාසේ තව 1ක දෙයක් අහන්නම ඔනි ,,අපිට තොරතුරු ලැබීතියෙනවා බොදු බල සේනාවට නොර්වේ රටින් අරමුදල් ලැබෙන බවට , එය සත්‍යක්ද ?

ඩිලන්ත - ඇත්තටම නැ . අපි එය ප්‍රතික්ශේප කරනවා.

Asian Tribune – ඔබලාට අරමුදල් කොහෙන්ද ?

ඩිලන්ත - දුප්පත් මිනිසුන්ගෙ ආදාර වලින් තමයි අප සන්විදානය ක්‍රියත්මක වෙන්නේ . වෙන කිසිම අරමුදල් ලැබෙන ක්‍රමයක් නෑ .

Asian Tribune ඔබත් හිමිවරුත් නොර්වේ සංචාරයෙන් පසුවතමයි බොදුබල සේනා සංවිදානය බිහිවුනේ . මේසදහා නොර්වේ හෝ වෙනත් බටහිර බලපෑමක් තියෙනවා ද ?

ඩිලන්ත - නැ ..ඒක සම්පුර්න යෙන්ම වැරදි . නොර්වේට බොදු බල සේනා සමග ගනුදෙනුවක් නෑ. මම එය තරයේ ප්‍රතික්ශේප කරනවා

- Asiantribune සම්මුඛ සාකච්චාවක සිංහල පරිවර්තනයයි / පරිවර්තනය – අරුණ විතාරණ

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ගව ඝාතන විරෝධය අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ගව ඝාතන විරෝධය අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්
May 29th 2013, 11:23


ගව ඝාතන විරෝධය අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්
පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තබා ගෙන දිවි නසා ගැනීම සාධාරණ නොවන අතර කිසිදු අවස්ථාවක අවසන් මොහොතේ කල යුතු දේ මුලින් කිරීම සුදුසු නොවන බව දේහාභිමානී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පුජ්‍ය ගුණවංශ හිමියෝ පවසති.

උන් වහන්සේ පවසන්නේ ගව ඝාතනයට එරෙහිව හදිසියේ මතයක් ඇතිවීමද අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වියහැකි බවයි.

හාමුදුරුවරුන් දිවිනසාගන්නේ නම් මීට පෙර එවන් අවස්ථා ඕනෑ තරම් තිබූ බවත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය, අරන්තලා භික්ෂු ඝාතනයල ශ්‍රී දළඳා මාළිගයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අවස්ථාව ඒවාට උදාහරණ වශයෙන් දැක්විය හැකි බවත් උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දෙති.

LANKACNEWS 29/05/2013

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ගවයන් ඝාතනය නොවෙනවා නම් ඇතිවිය හැකි ප්‍රතිවිපාකයන් කුමක්ද?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail ගවයන් ඝාතනය නොවෙනවා නම් ඇතිවිය හැකි ප්‍රතිවිපාකයන් කුමක්ද?
May 29th 2013, 08:35

සත්ව ඝාතන තහනම් නීතිය යටතේ ඝවයන් ඝාතනය කිරීම වහා තහනම් කළයුතු බවත් එය විකිනීම තහනම් කළයුතු බවත් යන්න විශාල ඝෝෂාවන් නැවත නැවතත් අප රටේ ඇතිවෙමින් පවතින බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම ප්‍රශ්නය අළුයට ගිනිපුපුර මෙන් අප සමාජය තුල එදිනෙදා විවිධ මට්ටමින් කථාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්ව හමාරය. ආගමික වශයෙන් පමණක් නොව දේශපාලන වශයෙන්ද ආන්දෝලනාත්මක විෂයක් බවට මෙම ගව ඝාතනය විටින් විට ජලයේ එබූ රබර් බෝලයක් සේ සැමවිට ඉපිලෙමින් මතුවෙන ප්‍රශ්නයක් බවටද අප සැම පිළිගෙන හමාරය.

මෙම ප්‍රශ්නයට ප්‍රධාන හේතුවක් ලෙස අපට දැක්විය හැක්කේ ආගමික වශයෙන් ගව මාංශ කෑම ඉස්ලාම් දහමට අනුව අනුමත කරන ලද ආහාරයවන අතර බුද්ධාගම සහ හින්දු ආගමට අනුව මෙය තහනම් ආහාරයක් බවට කියවෙන බැවිනි. ඒ නිසාම විවිධ ආගමික කොටස් අතර වාද විවාදවලටද මෙය තුඩුදී තිබෙන හෙයින් ජාතීන් අතර පවතින සමගියටද බාධා එල්ල කළහැකි තත්වයටද අද අප රටේ පසුබිමක් සකස්වෙමින් පවතින බව නොකියාම බැරිය. මෙම මාතෟකාව ආගමික ඝට්ටනයකට ඇද නොදමා සාකච්ඡා මාර්ගවලින්ම විසඳුම් සොයාගැනීමට වගකිව යුත්තන් කටයුතු කරන්නේ නම් රටේ සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරන සමගිය අගයන සියළු අපගේ බලාපොරොත්තුවන් ඉටුවන බව කිව යුතුයි. පොදුවේ ගත්කල ඝව ඝාතනයට පමණක් හඬ නගන ඝෝෂා කරන ඇතැම් පිරිස් ‍රටේ පවතින අනෙකුත් බරපතල ආගම් විරෝධී සමාජ විරෝධී ක්‍රියාවන්වලට විරුද්ධව හඬක් නොනගන්නේ මන්දැයි යන්න අපට නම් ප්‍රහේලිකාවකි.

මේ වනවිට මෙම ඝව ඝාතනයට විරුද්ධතාවය දැක්වීම සඳහා යැයි කියමින් චීවරධාරියෙකු විසින් තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත. අපි නම් මෙය දකින්නේ ආදරයට පැටළුනු තරුණ යුවලගේ පෙමට සිය දෙමව්පියන් විරුද්ධවූ නිසා සිත් තැවුලක් ඇතිකරගෙන සියදිවි නසාගැනීමට තරුණයෙකු හෝ තරුණියකු විසින් ගන්නා මෝඩ තීරණයකට සමාන තීරණයක් මේ අහිංසක හෝ මෝඩ චීවරධාරියා විසින් ගන්නා ලද බවයි. ඉස්ලාම් දහම පිළිකුල් කර තහනම් කර තිබෙන මිනිසුන්ගේ සොඛ්‍යටද හානිකරන සූකර මස් අප රටේ විවිධ ජනකොටස් පරිභෝජනය කිරීමට විරුද්ධව මුස්ලිම් පූජකවරයෙකු හෝ ලබ්ධිකයෙකු තම ජීවිතය හානි කරගන්නවා නම් ඔහු අමුම අමු මෝඩයෙකුවිය හැකිය. තමන් අකැමැති ආහාරයක් අනෙකෙකු විසින් පරිභෝජනය කරනවා නම් එයට විරුද්ධව සියදිවි නසාගත යුතු බවට බුද්ධාගම දේශනා කර තිබෙනවාදැයි අපි නම් නොදනිමු.

බෞද්ධ රටක් යැයි කියනු ලබන ශ්‍රී ලංකාවේදී සියළුම දහම් විසින් අනුමත නොකරනවා පමණක් නොව පවුල් සංස්ථා කිහිපයක්ම බිඳ වැටීමට පවා ප්‍රධාන හේතූන් ලෙස සැලකිය හැකි මත්පැන් සහ සූදුව නීතියේ අනුග්‍රයෙන් අද රටේ බහුලව සිදුවෙමින් පවතිනවිට මානව ප්‍රේමීන් ලෙස එයට විරුද්ධව හඬක් අවදි කිරීම වෙනුවට මධ්‍යම සහ දුප්පත් අයගේ එකම එක සුඛෝපබෝගී ආහාරයවන මෙම මස් මාංශ ආහාරයට ‍එරෙහිව පමණක් කඩු අමෝරාගෙන යුද්ධ ප්‍රකාශ කිරීමට මෙම සත්ව ප්‍රේමී මහත්වරු සහ චීවරධාරීන් පෙලඹෙන්නේ ඇයිදැයි අපට නම් තේරුම් ගැනීමට අපහසු කාරණයකි. මෙය හුදෙක් එක ජාතියකට හෝ දහමකට එරෙහිව කුහකකමෙන් පහර ගැසීමට සුළු පිරිසක් විසින් කරන කූට ව්‍යායාමයක් හැර මෙහි ඇති ප්‍රයෝගික වෙනයම් අභ්‍යන්තර සැබෑ කරුණු කිසිවක් අඩංගුවී නොමැති බව අපගේ විශ්වාසයයි.

බුද්ධාගමට අනුව පළමුවෙන්ම අපි තෝරාබේරා ගතයුතු ප්‍රශ්නය නම් බුදු රජාණන් දේශනා කලේ ගව ඝාතනය කිරීමට විරුද්ධව පමණක් ද? එසේත් නැතිනම් සකල සත්ව ඝාතනයන්වලටම විරුද්ධවද ? එසේ මෙම ප්‍රශ්නයට පලමුවෙන් පිළිතුරු සොයාගැනීමට හැකිවේ නම් මෙම මස් මාංශ අනුභව කිරීම අරඹයා විසඳුමක් සොයාගැනීම එතරම් අසීරුවන්නේ නැත. බුදු රජාණන් කිසිවිටෙකත් ගව ඝාතනය ගැන කථා නොකල අතර එතුමන් වදාරා ඇත්තේ පොදුවේ ප්‍රාණයන් ඝාතනය නොකළයුතු යන්න බව නමුත් මේ ලෝකයේ කිසිදු ප්‍රාණයක් ඝාතනය නොකොට ආහාරයක් සකසා ගැනීම කිසිවිටෙකත් සිදුකළ හැකි කාරියක් නම් නොවේ.

බුදු රජාණන් විසින් උන්වහ්සේගේ කාලයේ ජීවත්වූ ජනයාගේ පැවැත්ම අනුව තම දේශනයන් සිදුකරන්නට ඇත. කැලෑවදිමින් දඩයම් කර තම බඩවියත රැකගත් යුගයක විසූ බුදු රජාණන් එම දඩයක්කරුවන් එම දඩයමින් මිදීම සඳහා කළ දේශනයක්ද විය හැක. දහමක් හෝ චින්තනයක් යනු ලොව සියළු ජනතාවම කිසිදු බේදයකින් තොරව සමානව අනුගමනය කළ හැකි සාධාරණ ධර්මයක්විය යුතුය. එය කාලයෙන් කාලයට දේශයෙන් දේශයට වෙනස්විය නොයුත්තකි.  ඉස්ලාමයට අනුව මුස්ලිම්වරයෙකුට තම ජීවිත කාලය පුරාම මස් මාංශ අනුභව නොකර ශාකභක්ෂයෙකු ලෙස පමණක් ජීවත්වීමට අවශ්‍ය නම් ඔහුට එසේ කළහැකියි. එයට කිසිදු වාරණයක් හෝ තහනමක් ඉස්ලාමය පණවා නොමැත. ඒ නිසාම ඔහු මස් මාංශ බුදින අනෙක් අයට එසේ නොකරන ලෙස ඉල්ලීමට කිසිදු අයිතියක් නොමැති බව කිව යුතුයි. එමෙන්ම දරුණු සීත හිමේ ජීවත්වන එස්කිමෝවරුන් වෙත ගොස් බුද්ධාගමේ සත්ව ඝාතන පිළිබඳව දේශනා කළ නොහැකිය.  මන්ද ඔවුන්ගේ ආහාරය සඳහා විකල්ප ආහාරයන් බුද්ධාගම විසින් ඔවුන්ට සපයා නොදී ඇති බැවිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදී මෙසේ විවේචනයට තුඩුදී ඇති ගව මස් ආහාරයට ගන්නා මුස්ලිම්වරුන් සහ අනෙකුත් මස්බුදින්නන් විසින් සම්පූර්ණයෙන්ම මස් ආහාරය නතර කරනු ලැබුවා යැයි මෙහොතකට අපි උපකල්පනය කරන්නේ නම් රටට ඇතිවිය හැකි භයානක ප්‍රතිවිපාකයන් සහ උවදුරන් පිළබඳව මෙනෙහි කිරීම අප කාගේත් සෞඛ්‍යයට හොඳ බව මතක් කිරීමට කැමැත්තෙමි.

නිරෝගී කිරි ගවයෙකු සාමාන්‍යයෙන් අවුරුදු 25 – 30 දක්වා ජීවත්වන බව කියවෙන අතර මෙසේ ජීවත්වන එලදෙන වයස අවුරුදු තුනකින් පැටවුන් දැමීමට පටන්ගන්නේය. එක ගවයෙකු පුරා අවුරුදු 25ක් තුල අඩුම වශයෙන් පැටවුන් 22ක් බිහි කිරීමට සමත්වන බව කියනු ලබන්නේය. එසේ බිහිකරන ලද පැටවුන්ගෙන් ජීව විද්‍යා න්‍යායට අනුව හරි අඩක් පිරිමි ගවයන් යැයි අනුමාන කරනවා නම් ඉතිරි එලදෙනුන් අවුරුදු තුනෙන්ම පැටවුන් දමන්නට පටන්ගත්තා නම් තම ජීවිත කාලය පුරාම (එනම් 25 අවසානයවනවිට) පැටවුන් 122 ක දරු පරම්පරාවකට හිමිකම් කියන තැනත්තියක් බවට මෙම මුල්ම එලදෙන හෝ කිරි ගවයා පත්වෙනවා.  

මෙසේ අවුරුදු තුනෙන් තුනට උපදින එලදෙනුන් සහ පිරිමි ගවයින් 122ක දරුමල්ලන් මේ
ගණනය අනුව රටේ ජනගහනයට සාපේක්ෂව අඩුම ගණ‍නින් නිවාස ලක්ෂ දහයක් මෙම ගවයින් ඇතිකරනවා යැයි අනුමාන කර බැලුවා නම් දොලොස් කෝටි 20 ලක්ෂයක දැවැන්ත හරක් පට්ටියක් බිහිවීම වැලක්විය නොහැකියි. මෙය සෑම අවුරුද්දකම ප්‍රගුණවී දෙගුණ තෙගුණවී පාර තොටේ වාහන ගමනාගමනය කෙසේ වෙතත් සාමාන්‍යයෙන් මිනිසුන්ටම පාරේ ගමන් කිරීමට මහා උවදුරක් වනවා නොඅනුමානයි. මෙම උවදුරට යම් විසඳුමක් මෙහි ඝවයන් ඝාතනය කළ යුතු නැහැ පිටරටෙන් හෝ මස් ආනයනය කර මස් කන්නන්ට ලබාදෙන්න යැයි යෝජනා කරමින් බහුබූත දොඩවන අය හෝ බුදු දහම විසින් ලබාදී ඇතිනම් එය දැනගැනීමට අපිද කැමැත්තෙන් සිටින්නෙමු. එක ගවයෙකු දිනපතා පස් වතාවකට පානීය ජලය පානය කරන්නේය. එක් වතාවකට ඇය ලීටර් පහක් පමණ එසේ පානය කරන බවද කියැවේ. මේ ගණනය අනුව ඉහත ගව ප්‍රමාණය ජලය පානය කරන්නේ නම් අප රටේ පරාක්‍රම සමුද්‍රය මෙන් කොපමණ සමුද්‍රයන් ගව පට්ටියට පමණක් දවසකට අවශ්‍යවේදැයි ගණන් බලන්නට ඔබට අමුතු කැල්කුලේටරයක් අවශ්‍ය නැත.

මේ ආකාරයටම ගවයන්ගෙන් රට පිරී පවතී නම් ජලය බෙදාහැරීම ඔවුන්ට සීමාවුවා නම් අප රටේ සියළු වැව් ගංගා අමුණු ජල හිඟය පටන්ගෙන ඒවා හි‍ඳිනවා පමණක් නොව පොලොව වියලිවී යෑම වලක්වා ගැනීමට අපට ක්‍රමවෙදයන් තිබේද? එපමණක්ම නොව මේසා දැවැන්ත රටේ ගව පට්ටියක් දිනපතා තම ආහාරයන් සඳහා තනකොල ඇතුළු සියළු කොල වර්ග බුදින්නට පටන්ගත්තා නම් දැනට එලවළු පමණක් කමු යැයි යෝජනා කරන මෝඩ හාදයින්ගේ දිනපතා එලවළු ආහාරය සොයාගන්නේ කොහෙන්ද කොහොමදැයි මදක් සිතා බැලුවා නම් එහි බරපතලකම කෙසේදැයි මෙනෙහි කරන්නට පුළුවන් නොවේද? ලස්සන කොල පාටින් බැබලෙන සරුසාර අප මව්බිමේ මෙම සත්වයින් ඝාතනය නොවූවා නම් මහ පොලොව මෙම සතුන් විසින් ආක්‍රමණය කොට සියළු කොල පලා වර්ග බුදීමෙන් මහ පොලොවේ නියඟය පමණක් ඉතිරිවීමෙන් පොලොවට සිදුවීමට යන හානිය පිළිබඳව "පශු සම්පත් ප්‍රේමීන්" කල්පනා කර බලනවාදැයි අපි නම් නොදනිමු.  

එපමණක් නොව මෙසේ ගවයන් ඝාතනය නොවේ නම් සිදුවීමට යන මහා ඛේදවාචකය නම් මෙම අති දැවැන්ත ගව් පට්ටිය දෛනිකව පිටත් කරන සත්ත්ව කසල නොහොත් ගොම දිනපතා එකතු කිරීම සහ අපවිත්‍රවූ රටතොට පවිත්‍ර කිරීම ආදී කාර්ය කරන්නේ මෙම සත්ත්ව ප්‍රේමීන්දැයි අපට අහන්නට සිදුව තිබේ. තත්වය එසේනම් දැනට පවතින මහනගර සභා නගර සභා හෝ ප්‍රාදේශීය සභාවලින් මෙම සත්ත්ව කසල පාලනය කිරීමට නොහැකිව අනාගතයේදී වෙනම "ගොම අමාත්‍යාංශයක්"  පිහිටුවීමට සහ ජේෂ්ඨ ඇමැතිවරයෙකුද පත්කිරීමට රජයට සිදුවේ. රටේ සැමදා ඇතිවීගෙන යන ප්‍රශ්න ගොන්නට එක්වන මෙම ගොම උවදුර විශේෂ ප්‍රශ්නයක්වීම කිසිම ජගතෙකුටත් වැලක්විය නොහැකිය. තවද, ඉහත කියන ලද ආකාරයේ දැවැන්ත ගව් පට්ටියෙන් පිටවෙන එම ගොම කසල තුලින් මිතේන් (methane) නැමැති අමිල වායුවද පිටවෙන බැවින් තොගපිටින් බුරුතුපිටින් මෙසේ වායු පිටත්වීමේ හේතුවෙන් ඕසෝන් (Ozone) පටලයටද එමගින් බරපතල හානි සිදුවී සිදුරු ඇතිවන බැවින් විශාල පරිසර දූෂණයකට මහපොලොව පාත්‍රවීම වැලක්විය හැකි කරුණක් නොවන්නේය. මෙසේ ඉල්ලං කන්න සමහරුන්ට රුදාවක් සෑදී දඟලනවා නම් අපි ඔවුන්ට කුමක් කියන්නද?

ඉහත පෙන්වා දෙනු ලැබූ ප්‍රතිවිපාකයන් ජාතික මට්ටමෙන් සහ ජාත්‍යන්තර මට්ටමෙන් සිදුවිය හැකි විපාකයන් බිඳක් නමුත් දේශීය වශයෙන් පංසල්වල බෙර වාදනයට අවශ්‍ය සුදුසුම හම් වර්ගයවන ගව හම් නොලැබීමෙන් බෙර වාදනය කිරීමට නොහැකිවීම සහ හරක් මස් කඩය නිසා ලැබෙන ලක්ෂ ගණනක්වූ ටෙන්ඩර් මුදල් නොලැබීමෙන් පලාත් පාලන ආයතනයන්වලට පාඩු සිදුවීම ආදී කරුණුද විශේෂයෙන් ප්‍රතිවිපාකයන් ලෙස සැලකිය හැක. එබැවින් ශ්‍රීලංකාවේ මුස්ලිම්වරුන් සහ අනෙකුත් ගව මස් අනුභව කරන්නන්ගෙන් රටට සිදුවන්නේ සේවයක් මිස අගතියක් නොවන බව කව්රු කවුරුත් මතක තබාගැනීම වැදගත්වේ.

පශුසම්පත් පිළිබඳව ඉස්ලාම් දහම දරන මතය ඉතාම පැහැදිලිය. ලොව මවා පාලනය කරන්නාවූ දෙවියන් වහන්සේ විසින් තමන්ගේ මැවීම්වන මිනිසුන්හට (මුස්ලිම්වරුන්ට පමණක්නොවලොව වාසී සියළු ජනයාට) ආහාරය සඳහා සුදුසුවන්නේ කුමක්දැයි දන්නේ දෙවියන්ම පමණක් බැවින් ඒ පිළිබඳව අල්-කුර්ආනය විස්තරව පැහැදිලි කර කියාදී ඇත්තේය. මිනිස් රුචිකත්වය අරුචිකත්වය සම්බන්ධ ප්‍රශ්නය වෙනම එකකි. නමුත් ආහාර අනුමැතිය සම්බන්ධව තීරණය කිරීමේ බලයක් දෙවියන් වහන්සේ විසින් සාමාන්‍ය පුද්ගලයන්ට ලබාදී නොමැත. මන්ද එම සතුන් නිර්මාණය කර ඇත්තේ මිනිසුන් විසින් නොව සර්ව බලධාරී දෙවියන් විසින් බැවිනි.  එම නිසා කටට එන පලියට බහුබූත දොඩවන කාගෙන් හෝ කුලියට ලබාගත් චින්තනයක්වන ගව ඝාතන සිතුවිල්ලට මුවාවී මුස්ලිම් විරෝධී ආකල්පය පමණක් සිතේ දරාගෙන ක්‍රියාකිරීමට සැරසීම නිසා මේ ප්‍රශ්නය තවදුරටත් දිග්ගැසෙමින් පවතින බවත් එසේ දිග්ගැසීම සමහරුන්ගේ පැවැත්මට අවශ්‍යවන බවත් අපි ප්‍රකාශ කරසිටින්නේ ඉතා වේදනාවකින් බව කිව යුතුය.

M. Ossan Salam – Doha

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Tuesday, May 28, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ඉන්දරතන හිමි ජීවිතය පූජා කළේ හරකෙකුටද?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail ඉන්දරතන හිමි ජීවිතය පූජා කළේ හරකෙකුටද?
May 28th 2013, 14:06



ඉන්දරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති.

'මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනිතබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්. මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස ඇති තරුණ භික්ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්. ඒ නිසා මෙවැනි උගුල්වලට හසු නොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා.

බෝධි සත්වයන් වහන්සේ ජීවිතය පූජා කළේ සතුන්ගේ ආහාරය පිණිසයි. එය පාරමිතාවක්. මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජිවිත පූජාවක් ලෙස සලකන්න බෑ. මෙතනදී වී ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් නොවේ. තමන්ගේ දිවිය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක් ලෙස හැඳින්විය හැකියි. යමෙකු මෙය ජීවිත පූජාකිරීමක් ලෙස හඳුන්වනවා.

උන්වහන්සේ ජීවිත පූජාකළේ කාටද? හරකෙකුටද? අනෙක් කාරණය තමන්ගේ ජීවිතය හානිකර ගන්නාවිට උන්වහන්සේට සතුන් ගැන කරුණාවක් නොව තමන් ගැන වෛරයක්, ක්‍රෝධයක් ඇතිවෙනවා.

තමන්ගේ ජීවිතය හානිකර ගැනීමෙන් ගව ඝාතන හෝ සත්ව ඝාතන නතර කරන්න බෑ. එසේම එය නීතියෙන් පමණක් කරන්නත් බෑ. ඒ සඳහා මිනිසුන්ට ප්‍රාණභීතියේ විපාක කියාදිය යුතුයි. ඔක්කෝම භික්ෂූන් කොළඹට ඇවිත් පෙට්‍රල් වත්කරගෙන ගිනිතියා ගත්තත් සත්ව ඝාතන නතර කළ හැකි යැයි මා සිතන්නේ නෑ.

මේ භික්ෂුව කර ඇත්තේ සීමාව ඉක්මවා යාමකි. මේ භික්ෂුව දුන් නරක පූර්වාදර්ශය ආදර්ශ පාඨයක් කරගනිමින් ඇතැමුන් විවිධ මත පළකරන බව පෙනෙනවා. එය කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ හරහා නැති ප්‍රශ්න ඇති නොකළ යුතුයි' යැයිද මේධානන්ද හිමියෝ පැවැසූහ.

- Lakbima 28/05/2013

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Sunday, May 26, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): Monk Accuses BBS As US Faults Govt

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail Monk Accuses BBS As US Faults Govt
May 26th 2013, 09:06


A Buddhist monk has accused the Bodu Bala Sena (BBS) of violating his right to freedom of expression just two days after the US State Department released a report accusing the government of failing to curb attacks on religious minorities.
The venerable Malawwe Kalyana Dhamma thero said that members of the Bodu Bala Sena verbally abused and then assaulted him when he attempted to stage a peaceful protest outside the Bodu Bala Sena headquarters at Thunmulla last Wednesday.
He said that the protest was over a request he had made to the BBS for a house to keep several orphans under his care.
The monk said that he had had to return a house at Kalapaluwawa he had on rent and as a result the children there were stranded.
He had then made a request from the Bodu Bala Sena for a place and the Bodu Bala Sena had initially given a positive response.
The venerable Malawwe Kalyana Dhamma thero however said that the Bodu Bala Sena had then reneged on its commitment.
Disappointed over the move the monk attempted to stage a protest outside the Bodu Bala Sena headquarters but was prevented from doing so by the BBS general secretary, ven. Galagoda Aththe Gnanasara thero.
The venerable Malawwe Kalyana Dhamma thero claimed that he was verbally abused by the venerable Galagoda Aththe Gnanasara thero and also later assaulted.
Eye witnesses
The thero claimed that eyewitnesses had said that he was unconscious for approximately 10 minutes following the assault.
He was then taken away by the police and he later lodged a complaint with the police over the assault.
The venerable Malawwe Kalyana Dhamma thero said that he had every right to stage a peaceful demonstration and that right was violated.
The incident came just two days after the US State Department said intolerance of, and discrimination against, Muslims by some Buddhists saw an increase in Sri Lanka last year.
The International Religious Freedom Report for 2012 released by the US State Department on Monday, also said that last year, U.S. embassy officials conveyed U.S. government concerns about religious freedom, particularly attacks on churches, to government leaders and urged them to arrest and prosecute the perpetrators.
The report which looks at religious freedom, or the lack of it in all countries for 2012, noted that in certain instances, local authorities in Si Lanka failed to respond effectively to communal attacks, including attacks on members of minority religious groups.
The report said that there were reports of societal abuses and discrimination based on religious affiliation, belief, or practice.
"Sporadic violent attacks on Christian churches by Buddhists and some societal tension due to ongoing allegations of forced or "unethical" conversions (i.e., the use of bribes to persuade people to convert) continued, although the number and scale of attacks were reportedly fewer than in recent years. Intolerance of, and discrimination against, Muslims by some Buddhists increased during the year," the report said.
The US report said that there were reports of societal abuses and discrimination based on religious affiliation, belief, or practice last year. Although discrimination based on religious differences was much less common than discrimination based on ethnicity, societal discrimination based on religious belief increased during the year. In general, members of different religious groups tended to be tolerant of each other's religious beliefs, although there was at times an atmosphere of distrust. Incidents such as the destruction of places of worship by Buddhist monks exacerbated such tensions.
Religious tension
A survey by the Asia Foundation, an international NGO working in the country, found that religious tension continued to be a problem among Muslim, Tamil, Christian, and Buddhist groups. Sixty-four percent of those surveyed believed that attempts to convert people from one religion to another should not be tolerated, a perception that was relatively consistent across all religious groups. The survey also found that religious minorities considered themselves free to express religious opinions in their local areas; however, higher percentages of Muslims and Hindus did not feel free to express religious opinions in public.
Christians, particularly those from evangelical denominations, sometimes encountered harassment and physical attacks on property and places of worship by local Buddhists who were opposed to conversion and believed Christian groups threatened them. The number and severity of the attacks reportedly diminished somewhat during the year. The National Christian Evangelical Alliance of Sri Lanka (NCEASL) reported attacks on Christian churches, organisations, religious leaders, and congregants; many of the attacks were reported to the police. Credible sources confirmed some of these attacks.
Last December in Weeraketiya (Hambanthota District), a mob of approximately 350 persons led by up to 80 Buddhist monks stormed a church and attacked during services. The mob caused serious damage to furniture and equipment within the building, as well as to vehicles belonging to church members. The attackers injured the pastor and reportedly assaulted two police officers when they attempted to stop the violence. Authorities deployed additional police and soldiers to control the mob. However the US report noted that the police made no arrests.
One day prior to the Weeraketiya violence, a group of Buddhist monks and laypersons had visited the church and informed the pastor that he could not conduct Christian worship in the town without permission from the Buddhist clergy. The monks issued an ultimatum to the pastor to stop the church services, and threatened to destroy the church.
Governmental protection
Buddhist monks were under the protection of the ruling coalition government. Some monks, particularly outside the capital of Colombo, operated with impunity in trying to eliminate Christian and Muslim places of worship. At least 50 incidents of violence against Christians were recorded by Christian groups during the year. On August 9, for example, a mob attacked the pastor of an Assembly of God church, as well as his wife and a female worker of the Methodist church in Deniyaya.
The US report also noted that on August 19, independent media reported that Buddhist monks forcibly occupied the premises of a Seventh-day Adventist church in Deniyaya town in Southern Province's Matara District and converted it into a Buddhist temple. On August 27, a mob of about 100 people assaulted two church leaders outside the Deniyaya police station for reporting the incident to the police. The case was under investigation at year's end.
NGOs reported several incidents of discrimination against Muslims. On April 20, Buddhist monks attacked a Dambulla mosque during Friday prayers, claiming the mosque was an illegal structure built on sacred Buddhist land. Reportedly, the government ordered the removal of the mosque.


http://www.thesundayleader.lk/2013/05/26/monk-accuses-bbs-as-us-faults-govt/

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Friday, May 24, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): Is Terrorism a Muslim Monopoly? - Dr. Zakir Naik

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
Is Terrorism a Muslim Monopoly? - Dr. Zakir Naik
May 24th 2013, 10:59




Published on May 15, 2013


Dr. Zakir Naik said that historic records proved that a large number of terrorist acts in the 20th and 21st century were committed by non-Muslims. The so-called global phenomenon of "Islamic terrorism/militant Islam" was a creation of the western governments and their media outlets, he said.

"Politics lies at the heart of labeling Muslims across the globe as perpetrators of terror acts, " he added.

Dr. Zakir, who is one of the Muslim world's leading and most prolific speakers, quoted from the scriptures of other religions and proved that associating killing with Islam is incorrect.

"It says in the Book of Numbers that whoever worships other than God should be killed, " he said, referring to the Bible, yet such militant verses were conveniently ignored by the Western media.

"In every religion there are black sheep and the media keep putting these people forward. This is a media conspiracy and a way of pushing people away from Islam." he added.
Dr. Zakir Naik said, "No religion encourages terrorist acts or violence. The word 'Islam' itself means 'Peace, obtained by submitting yourself to the Almighty'. Anyone, be it Muslim or non-Muslim, who kills an innocent Muslim or a non-Muslim, kills the entire humanity. However, Islam goes a step further to say that if one saves innocent lives, the whole of humanity is saved. Injustice is the root cause of terrorism..."

He continued, "Palestinians are called terrorists just because they are fighting to get their land back." By citing examples of LTTE (in Sri Lanka), IRA (in UK), Lord's Salvation Army, which trains the young children to conduct terrorist attacks, and many other non-Muslim terrorist outfits he further said that, the lives claimed by these outfits are more than the ones by the Muslim terrorists.

Dr. Zakir said Naxalites/Maoists across India and the LTTE in Sri Lanka were non- Muslim terror organisations, which had had developed pan regional bases beyond national boundaries. Other such non-Muslim terror outfits included the United Liberation Front of Asom, National Democratic Front of Bodoland and All Tripura Tiger Force in the Northeast, Naik noted.

Drawing on international examples, Dr. Zakir said that the Japanese Red Army, Lord's Salvation Army and the ETA in Spain were also non-Islamic in character and composition.

"So nothing is more removed from truth as to suggest that Muslims have monopolized terrorism, " said Dr. Naik. He said the Irish Republican Army, which was considered to be terrorist group, has a history of 100 years of violence against the British, but the British government doesn't seem to be scared about them as they are about radical Islamic groups.

Besides, he also mentioned, "Even a single killing by a Muslim is condemned by Islam, whatsoever the reasons."

On the Media, Judiciary and Politicians

Dr. Zakir appreciated the Indian media for being unbiased and upright while reporting the communal riots. He further expressed that it is the plot of the Western media to destroy Muslims.

He also said that the media controlled by the political authorities is biased and does not portray the truth or reality. He stated, "Islam does not justify using wrong means to reach the right goals. People should not take the law in their hands."

"India has seen maximum number of communal riots in recent years. Politicians have been using the 'Divide and Rule Policy' to secure their vote banks. However, the masses should not get instigated by them. Terrorism is a monopoly of politicians. People, regardless of their religion, wish to live harmonious lives, but politicians feed the feeling of hatred amongst them, " he opined while speaking about the role of politicians in the society today.
We should learn how to turn the tables and convey the real meaning, " said Dr. Zakir, while calling on Muslims to dispel the media's vilifying of Muslims and the importance of having Muslim television channels and newspapers.

Took place in Mumbai in front of a jam packed crowd, at the Shanmukhananda auditorium on 11th Sept 2006.
____________

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Wednesday, May 22, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ආගමට, සමාජයට ගරු කරන රටක්‌ නිර්මාණය කළ යුතුයි - ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail ආගමට, සමාජයට ගරු කරන රටක්‌ නිර්මාණය කළ යුතුයි - ජනාධිපති මහින්ද රාජපක්‌ෂ
May 23rd 2013, 05:40



මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

සෑම පුද්ගලයකුටම නිදහසේ තම ආගම ඇදහීමේ පසුබිම තිබිය යුතු බවත්, ආගමට, සමාජයට ගරු කරන සමාජයක්‌ නිර්මාණය කළ යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පෙරේදා (21 දා) මාතලේ දී පැවසීය.

මාතලේ විහාර පාර, ශ්‍රී බෝධිමළු පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන්ගේ කොත නිරාවරණය කිරීමෙන් අනතුරුව පැවැති ආගමික උත්සවයේ දී මේ බව සඳහන් කළ ජනාධිපති රාජපක්‌ෂ මහතා, වෙසක්‌ දිනයේ දී දන්සල්, වෙසක්‌ තොරණ ප්‍රදර්ශනයට කිසිවකු තහංචි දමා නැතැයිද පැවසීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය. වෙසක්‌ දිනවල පවත්වන දන්සල්වලට සහ වෙසක්‌ තොරණ බලන්න මමත් යනවා. බුදු දහම වෙනුවෙන් හැම දෙයක්‌ම කරන්නේ තවත් ආගමක්‌ හෝ ජාතියකට පීඩාවක්‌ ඇති නොවන අන්දමටයි.

පන්සලින් ගමක්‌ හදන්න, රටක්‌ හදන්න පුළුවන්. ගමේ පන්සල විහාරස්‌ථානය සංවර්ධනය කිරීම රජයේ වගකීමක්‌. වෙනත් ආගමික ස්‌ථාන සංවර්ධනය ද සිදු කරනවා. ඒ කරන්නේ වෙනත් ආගමක්‌ පීඩාවට පත් කරමින් හෝ වෛර කරලා නොවෙයි.

රජයක්‌ ලෙස මේ රටේ සියලුම ආගම්වලට, ජාතීන්වලට ගෞරවය කරනවා. මේ සියලුම ජාතීන්ගේ සහයෝගය ලැබුණ නිසා අපි ත්‍රස්‌තවාදය මේ රටෙන් තුරන් කළා. ත්‍රස්‌තවාදය තුරන් කිරීම සියලුම ජනතාවගේ අපේක්‍ෂාව වූ නිසා ඊට ජනතාවගේ සහයෝගය ලැබුණා.

දැයේ දරුවන්, අනාගත පරපුර සදාචාර ගුණගරුක පිරිසක්‌ ලෙස හදන්න අවශ්‍යයි. මේ සඳහා දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ සහයෝගය අවශ්‍යයි. මේ රටේ යටිතල පහසුකම්, භෞතික සම්පත් සංවර්ධනය කළාට වැඩක්‌ නැහැ, සදාචාර දරුවන් පිරිසක්‌ නැති වුණොත්. පන්සලෙන් මේ සඳහා ලැබෙන දායකත්වය සමාජයට ශක්‌තියක්‌.

ශ්‍රී බෝධිමළු විහාරාධිපති සියම් මහා නිකායේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්‌ගොල්ලේ සීලරතන හිමිද මෙහිදී අදහස්‌ පළ කළහ.

මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමි ඇතුළු මහා සංඝරත්නය, මධ්‍යම පළාතේ මහ ඇමැති සරත් ඒකනායක, ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක, උසස්‌ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අළුවිහාරේ, මාතලේ පුරපති හිල්මි කරීම් යන මහත්වරුද මේ අවස්‌ථාවට එක්‌වූහ.


http://www.divaina.com/2013/05/23/news18.html

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions