Thursday, April 25, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): නායක කාරකාදීන්ගේ පිළිම වඳුරු පැටව් වගේ තැන් තැන්වල

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail නායක කාරකාදීන්ගේ පිළිම වඳුරු පැටව් වගේ තැන් තැන්වල
Apr 25th 2013, 20:20

-හිටපු ජනපතිනිය කියයි

2013 අප්‍රේල්  25  01:20 a.m
"අද මේ රටේ මහා සිංහල බෞද්ධ කියා ගන්නා සුළුතර පිරිසක් බිහිවෙලා ඉන්නවා. සුළුතරය ඉතා භයානකයි. අන්තවාදීව අනෙකුත් අයගේ ජීවන රටාවන් වෙතත් ඇඟිල්ල දිගු කරන මේ අන්තවාදී සුළුතර පිරිසගේ ක්‍රියාකලාපය දැනටමත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙනදී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය (04/23) දා මතුගමදී කීවාය.

මතුගම බටමුල්ලකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීමට යෝජිත දකුණු ආසියාවේ විශාලතම බුදුපිළිම වහන්සේ සඳහා මුල්ගල තැබිමේ උත්සවය පසුගිය (04/23) දා බටමුල්ල කන්දේදී සිදු කෙරුණි.
මුල්ගල තැබිමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ අදහස් ප්‍රකාශ කළාය.

වසර දෙදහස් පන්සීයක ඉතිහාසයේ මේ රට පාලනය කළ රජවරු කවදාවත් කියල නැහැ මේක සිංහල බෞද්ධයින් සඳහා පමණක් වෙන්වූ රටක් කියල. ඔවුන් සටන් කළේ යුද කරලා අන්‍ය රටවැසියන් ගෙන් මේ රට බේරා ගැනීමටයි. රාජ්‍යයට සතුරු ප්‍රහාර පැමිණි විට පහර දුන්නා මිස ජාති භේදයෙන් මත් වෙලා මේ රටේ සෙසු ජාතීන්ට, ආගම්වලට, සංස්කෘතීන් වලට පහර දුන්නෙ නැහැ. මේ රට තුළ අන්‍ය ජාතීන්ට රාජධානී පවා ලබාදීල තිබුණ. මේ රට බහු ආගමික බහු ජාතික එකමුතුවක්. සහෝදරත්වයෙන් සමගියෙන් සාමයෙන් එකමුතුව ජීවත් වූ රටක්. නමුත් වර්තමානයේ සුළුතර පිරිසක් ගෙන යන මේ අන්තවාදී වැඩපිළිවෙල මේ ආකාරයට දිගටම ගියොත් මේ රටට විශාල, විනාශයකට හානියකට හේතු වෙනවා. මෙවැනි අන්තවාදී පිරිස් නැගී සිටින අවස්ථාවලදී රජය මැදිහත්ව එය මැඩ පැවැත්විය යුතුයි. ඒක ආණ්ඩුවේ රජයේ පාලකයින්ගේ වගකීමක්. එසේ නැතිව ඔවුන්ට උඩගෙඩි දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් සිදුවන්නේ විශාල හානියක්. අද මේ සිදුවෙමින් තියෙන කටයුත්තේ හානිය ඉතා විශාලයි. දැනටමත් ආර්ථික හා ජාත්‍යන්තර වශයෙන් විශාල හානියක් සිදුවී හමාරයි. රටේ පාර්ලිමේන්තු මැති ඇමැති වරුන්ට වගේම රටේ ජනතාව විදිහටත් මේ සඳහා විශාල අයිතියක් යුතුකමක් හා වගකීමක් අපටත් තියෙනවා. බෞද්ධයන් හැටියට අපි ඒ අපේ වගකීම ඉටු කළ යුතුයි.
Chandrika-Agalawaththa-24-(1)
මම ඉගෙනගෙන තියෙන බෞද්ධ දර්ශනය අනුව නම් බුදු දහම තරම් කරුණාව මෛත්‍රිය ගැන කතා කරන වෙන මොනම ආගමක්වත් නැති තරම්. සියලු කුල භේදයන්ට එරෙහිව ජාතිවාදයට එරෙහිව නැගී සිටින ආගමකි. අද මේ රටේ එන තරම්  ඉන්නව. නමුත් දානපතියො ඉන්නෙ බොහෝම කලාතුරකින්. ඇයි එහෙම වෙන්නෙ නැත්තෙ කියලයි ප්‍රශ්නය. පුළුවන් තරම් රජයෙන් නිකං ගන්න බලනව. මිසක් තමන්ගෙන් ගමට, රටට යමක් කරන්න බලන පිරිස ඉතා අඩුයි.

මේ රටේ හිටපු අපේ නායකයින්ගේ පිළිම නෙලීමත් ඉතා අඩුයි. මේක ඉතා අපහසු කලාවක්. වෙනත් කලා මාධ්‍යයකටත් වඩා පිළිම නෙලීම දුර්ලභ කටයුත්තක් මේ රටේ බොහෝම නායක කාරකාදීන්ගේ පිළිම තැන තැන  හදල තියෙනව ඒව වඳුරු පැටව් වගෙයි. බුදු පිළියමක් නෙළීම ඉතාම භාරදූර කටයුත්තක්.

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි 

අදට වඩා හෙට හොඳයි කියලයි ඉස්සර කිව්වෙ. නමුත් දැන්  එන්නම අනාගතය අඳුරු සහගත තත්ත්වයකුයි තියෙන්නෙ. ලබන මාසෙ ලයිට් බිල ජනතාව අතට ලැබුණමයි ඔවුන්ට කරන්ට් වදින්නෙ. මිනිසුන් සතුටින් ජීවත් වෙන්න ඕන. සතුට තමයි පරම ධනය. උපයන ධනයෙන් දනට පිනට දීල සතුටින් ජීවත්වීමයි කළ යුත්තේ.

ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ පැල්‍පොල විපස්සි හිමි මතුගම මහානාම හිමි, යටදොල වත්තේ චන්ද්‍රසිරි හිමියෝ සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග අජිත් පී. පෙරේරා මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

වෙළඳ ව්‍යාපාරික ජගත් පින්නගොඩ විතාන මහතාගේ පනස් පස් (55) උපන්දිනය සමරා සිය පුද්ගලික ධනය රුපියල් ලක්ෂ නවසියයක් (900) වැයකර ඉදිකරන මෙම පිළිරුව ලබන වසරේ අප්‍රේල් මාසයේදී වැඩ නිමවීමට නියමිතය. අඩි 135ක් උස මෙය දකුණු ආසියාවේ විශාලතම හිටි පිළිම වහන්සේ බවටද පත්වෙයි.

 සරත් කුමාර ‍පොද්දෙණිය - අගලවත්ත 

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ලංකාවේ ආශ්චර්ය මහ ගුටිකෙළි

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ලංකාවේ ආශ්චර්ය මහ ගුටිකෙළි
Apr 25th 2013, 07:25

විදුලි බිලට මැති සබේ මහ ගුටිකෙළි
වතුර බෝතල් උඩින් යයි
අතින් පයින් ප්‍රහාර
පාසල් සිසුන් වහා ඉවතට 

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

විදුලි ගාස්‌තු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් ඉටිපන්දම් දල්වමින් ඝෝෂා කිරීමත්, දෙපාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් එකිනෙකාට වතුර බෝතල්වලින් සහ අතින් පයින් පහර එල්ල කිරීමත් නිසා ඊයේ (24 දා) සවස පාර්ලිමේන්තුව යුද පිටියක්‌ බවට පත්විණි.

මන්ත්‍රීවරුන්ගේ මෙම හැසිරීම දෙස ගැලරියේ සිට බලාසිටි පාසල් සිසුන් වහා එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙම ගාලගෝට්‌ටිය මධ්‍යයේ ආණ්‌ඩු පක්‌ෂය විවාදයකින් තොරව මුදල් පනත් කෙටුම්පත් හතරක්‌ සහ නියෝග හයක්‌ සම්මත කර ගන්නා ලදී.

පනත් කෙටුම්පත් සහ නියෝග දහයක්‌ සම්මත කරගැනීම සඳහා ආරම්භ වූ විවාදය නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මහතාගේ මුලසුන යටතේ පැවැත්විණි.

මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ පසුව එජාප මන්ත්‍රී පී. හැරිසන් මහතා කතා කළේය. ඒ මහතාගේ කතාව පස්‌වරු 4.20 ට පමණ අවසන් වූ පසුව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා නැගිට රීති ප්‍රශ්නයක්‌ මතු කළේය. විදුලි ගාස්‌තු ඉහළ නැංවීම පිළිබඳ එක්‌ දිනක විවාදයක්‌ තමන් ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටි මුත් එය ප්‍රතික්‌ෂේප කළ බව ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරද්දී එජාප මන්ත්‍රීවරු ඉටිපන්දම් දල්වා ගත්හ. දල්වා ගත් ඉටිපන්දම් සහිතව එජාප මන්ත්‍රීවරු ඝෝෂා කරමින් සභාගැබ මැදට පැමිණ සෙංකෝලය සහ මුලසනට ආසන්න වූහ. මේ අවස්‌ථාවේදී මුලසුන විසින් සභාවේ කටයුතු විනාඩි කිහිපයකට අත්හිටුවන ලදී. ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුද පසුව එජාප මන්ත්‍රීවරුන් අනුගමනය කරමින් ඉටිපන්දම් දල්වා ගෙන මෙම විරෝධතාවයට එක්‌ වූහ.

සභාව කල්තැබූවද ඉටි පන්දම සහිතව විපක්‌ෂ මන්ත්‍රීවරු ඝෝෂා කරමින් සභාව මැද සිටිද්දී ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රීවරුන්ද කෑගසමින් විපක්‌ෂ මන්ත්‍රීවරුන්ට විරෝධය එල්ල කළහ. මේ අවස්‌ථාවේදී පසු පස අසුනක සිටි ආණ්‌ඩු පක්‌ෂයේ ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයා වතුර බෝතල් කිහිපයක මූඩි ගලවා ඝෝෂා කරන විපක්‌ෂ මන්ත්‍රීවරුන් දෙසට එල්ල කළේය. එම වතුර බෝතල් ප්‍රහාරයෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ කබාය වතුරෙන් තෙමී ගිය අතර චන්ද්‍රdනි බණ්‌ඩාර මන්ත්‍රීවරියගේ පිට ප්‍රදේශයට ඉන් එක්‌ බෝතල් ප්‍රහාරයක්‌ එල්ලවිණි. සරත් කුමාර ගුණරත්න ඇමැතිවරයා මූඩිය ගැලවූ වතුර බෝතලයක්‌ රැගෙන විත් විපක්‌ෂ මන්ත්‍රීවරුන්ට ජල ප්‍රහාරයක්‌ එල්ල කළේය.

මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන්ද සභා ගැබ මැදට පැමිණ කෑ ගසමින් විපක්‌ෂ මන්ත්‍රීවරුන් අත තිබූ ඉටි පන්දම් නිමා දමන්නට උත්සාහ කළහ.

මේ අවස්‌ථාවේදී ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයා යළි වතුර බෝතලයක්‌ අතැතිව ආණ්‌ඩු පක්‌ෂ පැත්තේ සිට ඉදිරියට එනු දුටු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තම අත තිබූ ඉටි පන්දම නිවා දමා රත්වත්ත මන්ත්‍රීවරයා අත තිබූ වතුර බෝතලයට තදින් පහරක්‌ එල්ල කළේය. වතුර බෝතලය උඩින් විසි වී බිම වැටෙන්නටත් පෙර තම දැත් අමෝරා ගත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා රත්වත්ත මන්ත්‍රීවරයාට පහර දීමට සැරසුනේය. එය දුටු වාසුදේව නානායක්‌කාර ඇමැතිවරයා වහා ඉදිරියට අවුත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හදිසි ප්‍රහාරයෙන් රත්වත්තේ මන්ත්‍රීවරයා වළකා ගෙන පසෙකට කැඳවාගෙන ගියේය. කෝපයෙන් රත්වත්තේ මන්ත්‍රීවරයාට බනිමින් සිටි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ඇතුළු විපක්‌ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් පසෙකට කැඳවාගෙන එනු ලැබීය

http://www.divaina.com/2013/04/25/news36.html

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Tuesday, April 23, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ‘I am sorry, O Prophet…’

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail 'I am sorry, O Prophet…'
Apr 24th 2013, 05:40

Last updated: Tuesday, April 23, 2013 6:13 PM

Arnoud Van Doorn (extreme left), former leader of the Dutch rightist Freedom Party, prays at the Prophet's Mosque in Madinah. — Okaz photo

Majed Al-Sugairi 
Okaz/Saudi Gazette

MADINAH – Former Dutch Islamophobe and a former leading member of far-right Dutch politician Geert Wilders' party Arnoud Van Doorn visited the Prophet's Mosque in Madinah to pray and say sorry for becoming part of a blasphemous film.

Doorn was among the Freedom Party leaders who produced the blasphemous film, Fitna. Last month he reverted to Islam after an extensive study about the religion and the Prophet (peace be upon him).

He said that the worldwide outrage against the film made him study about the Prophet (pbuh) and that eventually led to his conversion.

He headed for Makkah to perform Umrah after meeting the two imams of the Prophet's Mosque, Sheikh Ali Al-Hudaifi and Sheikh Salah Al-Badar, who enlightened him on how to lead the life of a good Muslim and confront challenges facing Islam in the West.

A member of the Dutch parliament and The Hague City Council, Doorn announced his decision to accept Islam on his Twitter profile. He also posted a tweet in Arabic declaring that "there is no god but Allah and Muhammad is his Prophet."

At first, other users took the news as a joke. After all, an active supporter of a notorious Dutch hater of Islam, Wilders, he repeatedly approved Islamophobic statements and public actions, and personally participated in them.

But Doorn, who now serves as a regional adviser at the City Hall in The Hague, personally confirmed his decision to practice Islam in an official letter to the city mayor.

Most recently, the politician filed a formal application to the mayor of the city to allow him to perform prayers obligatory for Muslims during his working hours.

"I can understand people are skeptic, especially that it is unexpected for many of them," Doorn told Al-Jazeera English satellite channel.

"This is a very big decision, which I have not taken lightly."

"In my own close circle people have known that I have been actively researching the Qur'an, Hadith, Sunnah and other writings for almost a year now," he said.

"In addition, I have had numerous conversations with Muslims about the religion."

Driven by his party's anti-Islam discourse, Doorn decided to dig in for the truth about the religion himself.

"I have heard so many negative stories about Islam, but I am not a person who follows opinions of others without doing my own research," he said. "Therefore, I have actually started to deepen my knowledge of Islam out of curiosity."

The 46-year-old has continued on The Hague Council as an independent candidate since splitting from Wilders's party. Doorn's decision to embrace Islam has won mixed reactions in the Netherlands.

"According to some people I am a traitor, but according to most others I have actually made a very good decision," he told Al-Jazeera.

"The reactions are generally positive and I also received quite some support via twitter.

"It feels good that people who do not know me personally have understanding of my situation and support me in my choice."

Asked if he now regretted joining the Freedom Party, he replied: "I have learned that every experience in life has a purpose. However, with the knowledge I have today, I would have undoubtedly made a different choice."

For the Dutch politician, finding Islam was finally guiding him to the true path in his life. "I have made mistakes in life as many others. From these mistakes I have learned a lot," Doorn said.

"And by my conversion to Islam I have the feeling that I finally found my path. I realize that this is a new start and that I still have much to learn as well."

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): Rise Of Islam & Ethnic Crisis In Srilanka

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
Rise Of Islam & Ethnic Crisis In Srilanka
Apr 23rd 2013, 18:57

Rise Of Islam & Ethnic Crisis In Srilanka

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): බොදූ බල සේනාවේ රෙදි ගැලවේ! නෝර්වේ බළල් අතක් සහ එල්ටීටීඊ හාදකම් ගැන ඩිලන්ත විතානගේම හෙළිකරයි!

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
බොදූ බල සේනාවේ රෙදි ගැලවේ! නෝර්වේ බළල් අතක් සහ එල්ටීටීඊ හාදකම් ගැන ඩිලන්ත විතානගේම හෙළිකරයි!
Apr 23rd 2013, 16:13

බොදූ බල සේනාව යනු නෝර්වේ බළල් අතක් බව එහි ප්‍රධානියෙකු වන ඩිලන්ත විතානයේ විසින්ම පිළිගෙන තිබේ. ඔහුගේ මුවින් එය එළියට පනින්නේ ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීය. ඒ අනුව බොදූ බල සේනා පිහිටුවීමට පෙර ගලගොඩ අත්තේ ඥානසාර ඇතුළු අන්තවාදී චීවරධාරීන් සමග ඩිලන්ත නොර්වේහි සංචාරයක යෙදී තිබේ. සම්මුඛ සාකච්ඡාවේ තොරතුරු ගෙන ඒමට පෙර ඩිලන්ත නොකී සත්‍යයෙන් බිඳක් මෙසේය.

බොදූ බල සේනාවට නෝර්වේ රටින් මුදල් ලැබුනේ නෝර්ජෙස් ගොටෙම්ප්ලාර් අන්ඩෝම්ස් ෆෝබන්ඩ් නම් නෝර්වීජියානු රාජ්‍ය නොවන සංවිධානය මගිනි. එම සංවිධානයේ ඉංග්‍රීසි නාමය නම් නෝර්වේ ගෝඩ් ටෙම්ප්ලර් යූත් ඇසෝසියේෂන් යන්නයි. මෙහි අරමුණු ලෙස කියන්නේ ආගම් වලින් ඈත් වන තරුණයින් සුමගට යොමු කිරීමයි. මෙම සංවිධානය එක්දාස් අටසිය ගණන් වලදී ඇමරිකාවේ ආරම්භ වූ සංවිධානයක් වන අතර පසුව ඇමරිකාවේ කණ්ඩායම සහ නෝර්වේ කණ්ඩායම ලෙස දෙකට කැඩී තිබේ. නෝර්වේ කණ්ඩායම 1967 වැනි ඈත කාලයේදීම ලංකාවට ආධාර කිරීමට යැයි පැමිණේ. පැමිණ උතුරේ බෝට්ටු හැදු මේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සී-නොර් ව්‍යාපෘතිය ඇරඹුවේය. විශාල ධීවර පිරිසක් දකුණේ ද සිටියදී උතුරේ ඇරඹුවේ මන්දැයි ගැටළුවකි. කෙසේ වෙතත් ඊට වසර කිහිපයකට පසු උතුරේ තරුණයන් වෙනම රාජ්‍යයක් සඳහා සන්නද්ධ අරගලයක් ඇරඹුවේ ය. පසු කලෙක ශ්‍රී ලංකාවේ ආණ්ඩු මෙම සී-නොර් ව්‍යාපෘතිය රජයට පවරා ගන්නා ලදී.

1967 දී සී-නෝර් ඇරඹීමට ආර්නි ෆියර්ටෝෆ් නම් නොර්වීජියානු පුද්ගලයෙක් ලංකාවට පැමිණෙන අතර අද දක්වාම ඔහු ශ්‍රී ලංකාවේ හොල්මන් කරයි. පසුකලෙක ආර්නි ෆියර්ටොෆ් ඉහත කී නෝර්ජෙස් ගොටෙම්ප්ලාර් අන්ඩෝම්ස් ෆෝබන්ඩ් සංවිධානයේ මුදල් වලින් දැනට පවතින යන්ග් ඒෂියා ටෙලිවිෂන් නම් රාජ්‍ය නොවන සංවිධානය ආරම්භ කරන අතර ඩිලන්ත විතානගේද ඊට සම්බන්ධ වේ. පසුකලෙක එහි ඇති වූ ගැටුමක් හේතුවෙන් ආර්නි ෆියර්ටොෆ් ඉන් විසිවී යන අතර වෙනත් කණ්ඩායමක් එහි බලය ලබාගනී. ආර්නි ෆියර්ටොෆ් විසිවෙද්දී ඩිලන්ත විතානගේ ද ඔහු සමග ඉවත් වේ. මේ අනුව ආර්නි ෆියර්ටොෆ් නම් නෝර්වේ මුදල් ලබා දෙන්නා ඩිලන්තගේ විශ්වාසදායී මිතුරෙක් බවට පත් වේ. රුසියාවේ පැරණි අයිටී අධ්‍යාපනය ලැබූවෙක් වන ඩිලන්ත විතානගේ කොහෙන් හෝ මුදල් කඩාගෙන ව්‍යාපෘති ආරම්භ කර මුදල් හම්බ කරගන්නා පුද්ගලයෙක් වන අතර පළමුවෙන්ම ඔහු අන්දවා ඇත්තේ එජාප ආණ්ඩු කාලේ තරුණ සේවා සභාවයි. පරිඝනක දැනුම තරුණයන්ට ලබා දීමේ ව්‍යාපෘතියක් අරඹා පසුව සල්ලි අහවර වන විට අතහැර දමා තිබේ.

කෙසේ වෙතත් යන්ග් ඒෂියා ටෙලිවිෂන් ව්‍යාපෘතියෙන් ආර්නි ෆියර්ටොෆ් සමග විසිවීමෙන් පසු කල් යල් බලා බොදූ බල සේනා ඇරඹීමට නොර්වේ රටින් මුදල් ලබාගෙන ඇත. සල්ලි දෙනවා නම් ඕනෑම දෙයක් කරන මොවුහු නොර්වේ මුදල්ද පසුව රජයේ ප්‍රබල නායකයෙක්ගෙන්ද මුදල් ලබාගෙන ඇති බව පැවසේ. නෝර්වේහිදී ස්වීඩනයේදී සහ ප්‍රංශයේදී එල්ටීටීඊ සාමාජිකයන් හමුවී සාකච්ඡා කර තිබේ. ලංකාවේදී බොදූ බල කාරයෝ කොටි කොටි කියමින් පට්ටා ගැසුවද යුරෝපයේදී ඔවුන් පූස් පැටව් වී තිබේ. නොර්වේ ගමනේදී පන්සලකටවත් නොගොස් එල්ටීටීඊ නායකයන් හමුවූ බව ඩිලන්ත විතානගේ විසින්ම ඒෂියන් ට්‍රිබියුන් සාකච්ඡාවේදී පිලිගන්නේය. එම සාකච්ඡාවේ බළලා මල්ලෙන් එළියට පණින වැදගත් කරුණු මෙසේ පලකරමු.

ඒෂියන් ට්‍රිබියුන්: තව එක දෙයක් ආර්නි ෆියර්ටොෆ් මහතා ගැන ඔබගෙන් අහන්න ඕනි. කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය හරහා ඔබට අරමුදල් ලැබෙනවාද සහ නෝවීජියානු තානාපති මහත්මිය සහ ආර්නි ෆියර්ටොෆ් මහතා ඔබලාගේ තුම්මුල්ල හංදියේ පිහිටි බොදූබල සේනා කාර්යාලයට පැමිණෙන කාරණය සහ හිමි වරු 5 නමකගේ නෝර්වේ සංචාරය පිලිබඳව. මෙම කාරනා අසාත්සාලි මහතා මැක්ස් රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මතු කලද ඔබ ඊට නිසි පිලිතුරු ලබා දූන්නේ නෑ යන්න මගේ මතකයයි

ඩිලන්ත: මම මතු වු කාරනා වලට පිලිතුරු දූන්නා

ඒෂියන් ටි්‍රබියුන්: මොකක්ද ඔබ කිවුවේ. කවුද මේ නෝර්වේ වල සංචාරය කල හිමි වරු

ඩිලන්ත: මට එය කියන්න පුලුවන්. එය සිදූ වුනේ 2010 මට මතක හැටියට

ඒෂියන් ට්‍රිබියුන්: නෑ නෑ එය 2011 ඔක්තෝම්බර් මස සිදූ වුනේ.

ඩිලන්ත: මට මගේ පාස්පෝට් එක බලන්න ඕනි" මට මතක් නෑ . 2011 ඔක්තෝම්බර් වෙන්න ඇති නමුත් 2012 නෙවෙයි. මට ස්ථිරවම මතකයි නෝර්වේ සංචාරයෙන් පස්සේ 2012 මැයි 07 තමයි අපි බොදූ බල සේනා සංවිධානය ආරම්භ කෙළේ.

ඒෂියන් ට්‍රිබියුන්: ඔබත් එම නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස නොර්වේ බලා ගියා නේද?

ඩිලන්ත: ඔව් මට පුළුවන් නෝර්වේ ගිය නියෝජිත පිරිසේ නම් ලබා දෙන්න. ඔවුන් නම්

1 ගලගොඩත්තේ ඥාණසාර
2 විතාරන්දෙනියේ නන්ද
3 අළුත්වැව ආනන්ද
4 දැපනේ සුමනවංස
5 වැලිමඩ ශාන්ත යන හිමිවරු සහ පූජිත විජේසිංහ මාර්ක් ඇන්ටනි පෙරේරා යන මහත්වරු. මේ අය එවකට බොදූ බල සේනා නොවෙයි ඔවුන් විවිධ සංවිධානවලට අයත් අය. බොදූ බල සේනා සංවිධානය එවකට පිහිටුවා නෑ.

ඒෂියන් ට්‍රිබියුන්: ඔබත් එක්ක මේ අට දෙනා තමයි නෝර්වේ සංචාරයට සහභාගී වුනේ. මොනවද ඔබලා නෝර්වේ වල කළේ?

ඩිලන්ත: අපි නෝර්වේ ගියේ ජාත්‍යන්තර සංවිධානයක අරාධනයෙන්. ඒක නෝර්වේ සංවිධානයක් මට නම මතක නෑ. (නෝර්ජෙස් ගොටෙම්ප්ලාර් අන්ඩෝම්ස් ෆෝබන්ඩ් නම් සංවිධානයේ නම මොහු සඟවයි) අපි එහිදී දෙමල මිතුරන් මුනගැසුණා. අපි ඔවුන් සමග සාකච්ජා කළා. මේ අය දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධයි කියල දැන සිටියෙ නෑ. අපි හමුවුනු සමහර දෙමළ අය එල්ටීටීඊ අධාරකරුවන් බව දැන ගත්තා. හිටපු නෝර්වේ ඇමති එරික් සෝල්හයිම් මහතා සමග හමුවක් පැවතුනා. සමාජ සේවා සංවිධාන කීපයක කටයුතු බලන්න ගියා. නෝර්වේ පාර්ලිමේන්තුව නැරඹුවා. දෙමළ මිතුරන් කීපදෙනෙකුගේ නිවාස වලට ගියා.

ඒෂියන් ට්‍රිබියුන්: ආර්නි ෆියර්ටොෆ් මහතා ඔබ සමග මේ සංචාරයට එක් වුනාද?

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ආගමික සමගිය

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ආගමික සමගිය
Apr 23rd 2013, 07:06

පානදුර වදුරා මුල්ලේ ශ්‍රී පුන්යෝධා රාමයේ වැඩ විසු අපවත්වූ කෝදා ගොඩ ගුණරතන හිමියන්ගේ දේහය අද්දහනය සඳහා වදුරා මුල්ලේ සිට පානදුර නගර සභා භූමියට ගෙනයමින් සිටියදී පානදුර එළුවිල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෝ පැරහැරේ ගමන් කල අයට පැන් ලබාදුන්හ.

Lankadeepa  - 22/04/2013

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Monday, April 22, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ඇමරිකානු මානව හිමිකම් වාර්තාවෙන් ශ්‍රී ලංකාව වරදකරු වේ

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
ඇමරිකානු මානව හිමිකම් වාර්තාවෙන් ශ්‍රී ලංකාව වරදකරු වේ
Apr 23rd 2013, 06:00

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ ආරම්භ කිරීමේ මුල් පියවර ලෙස ඇමරිකානු රජය 2012 මානව හිමිකම් වාර්තාවෙන් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන වරදකරු කර ඇත.

මේ වාර්තාව පෙරේදා (21 දා) රාත්‍රි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එකී මානව හිමිකම් වාර්තාව තුළින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අභිබවා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වීමට ඇමරිකාව සැලසුම් කර ඇත.

කොටි ක්‍රියාකාරීන් ගැන විමර්ශනයේ යෙදීම, විදේශ තානාපතිවරුන් සමග සබඳකම් පවත්වන්නන් ගැන සෙවීමද මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ ලෙසද එකී වාර්තාවේ දක්‌වා තිබේ.

මෙම ඇමරිකානු වාර්තාවේ අතිශයොක්‌තියෙන් යුත් කරුණු දැක්‌වෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

http://www.divaina.com/2013/04/23/news16.html

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions